හියුගෝ චාවේස් ලොවෙන් සමුගනී..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    හියුගෝ චාවේස් ලොවෙන් සමුගනී..

    උදාර නායකයාණනි ඔබගේ වියෝව.... සියලුම සමාජවාදීන්ගේ හිත සසල කර ඇත...ඇසට කදුලක් එක් කර ඇත... තව බොහෝකලක් ඔබගේ රටේ මෙන්ම ලතින් ඇමරිකානු ජනතාවටත් ඔබගේ සේවය අවැසි මොහොතක. .. අපට ඔබගේ ආදර්ශය අවැසි මොහොතක ඔබ වෙන්ව ගොස් ඇත... ඔබ නැගු හඩ සදා නොමියෙනු ඇත...සැමට යහපත් ලොවක් පතන සැමගේ සිත් තුල ඔබ සදා ජීවමාන වනුඇත... සබැ මිනිසකු ලෙස ජීවත්ව.... සබැ මිනිසකුලෙස අවසන් සුසුමත් හෙලු නුබට
    අපගේ ගෞරවනීය..උත්තමාචාරය. ..


    544362_422041334554855_1947181466_n.jpg

    ලෝක දේශපාලන කරළිය මත කැපී පෙනෙන කාගේත් කතා බහට ලක්‌වන සුවිශේෂී රංගධරයකු ලෙස චාවේස්‌ හඳුන්වා දිය හැකිය. ලතින් ඇමරිකානු රාජ්යූයක්‌ වන වෙනිසියුලාව සමාජවාදය තුළින් සංවර්ධනය කරා රැගෙන යන්නට චාවේස්‌ උත්සුක වූවායෑයි පැවසුවහොත් එය අසත්යරයක්‌ නොවනු ඇත.
    1971 වසර වන විට චාවේස්‌ගේ වයස 17 ක්‌ වූ අතර ඔහු ස්‌ව කැමැත්තෙන්ම වෙනිසියුලා හමුදා ඇකඩමියට ඇතුළත් වූයේය. 1975 දී උපාධියද ලබා ඉන් පිට වූ චාවේස්‌ හමුදා සන්නිවේදන නිලධාරියකු ලෙස තම ප්රණථම පත්වීම ලැබුවේය. 1981 වන විට කපිතාන් ධුරයට උසස්‌ වී සිටි චාවේස්‌ හමුදා සේවාව තුළින් නොයෙක්‌ ක්‍ෂේත්රනයන් පිළිබඳව දැනුම් සම්භාරයක්‌ ලබාගෙන තිබිණි. කියවීම හා ලේඛන කලාව තුළින් එම දැනුම තවත් පෘථුල කරගත් ඔහු දේශපාලනය වෙතට යොමු විණි. පවත්නා රජයේ දූෂණ හා වංචා ඔහුට අපුල විය.ඊට එරෙහිව නැඟ සිටිනු පිණිස ඔහු විප්ලවකාරී බොලිවේරියානු පෙරමුණ (Revolationary Bolivarian Movement) ආරම්භ කළේය

    1992 වසරේදී රජයට එරෙහිව තම පක්ෂතය තුළින් චාවේස්‌ දියත් කළ විරෝධතා සටන පරාජය විය. ඔහු වසර දෙකකට සිරගත කෙරිණි. එතැන් සිට වෙනිසියුලාවේ දේශපාලන ක්ෂේයත්රීය තුළ ජනප්රිගය චරිතයක්‌ බවට පත් වූ චාවේස්‌ 1998 දී පැවැති ජනාධිපති මැතිවරණයෙන් ද ජය ලබාගත්තේය.

    ප්රාේදේශීය මන්ත්රේණ සභා සේවකයන් විසින්ම කළමනාකරණය කරනු ලබන සමුපකාර ආයතන පිහිටුවමින් ඔහු එවකට පැවැති පාලන ආකෘතිය වෙනස්‌ කළේය. ප්රයජාතන්ත්රේවාදී සමසමාජය තුළින් වෙනිසියුලාවේ ආර්ථික හා සමාජ සංවර්ධනය පවත්වාගෙන යැම ඔහුගේ අරමුණ විය.
    ලෝකයේ බොර තෙල් අපනයන කරන ප්රධමාණය අතින් පස්‌වැනි ස්‌ථානය ලබා ගන්නා වෙනිසියුලාවේ තෙල් ආදායම රටෙහි සංවර්ධනය උදෙසා යොදාගැනීම පිළිබඳව ඔහු සැලසුම් සකස්‌ කළේය. ඇමරිකානු සමාගම් තෙල් අපනයන කටයුතු තුළින් ඉවත් කරන්නට ඔහු ක්රෙම සහ විධි ක්රියාත්මක කළේය.
    විරුද්ධ පාක්ෂිuකයෝ චාවේස්‌ පලවා හරින්නට නොයෙකුත් සැලසුම් ක්රිනයාත්මක කළහ. ඒ සඳහා ඇමරිකානු රජයේ සහයෝගයද ඔවුනට නොඅඩුව ලැබිණි. ඒ කෙසේ වෙතත් 2006 වසරේදී තෙවැනි වතාවටත් ජනාධිපති මැතිවරණයෙන් චාවේස්‌ ජය ලබාගත්තේ 63% ක ඡන්ද ප්රෙතිශතයක්‌ ලබා ගනිමිනි. ඔහු තමා හට සහයෝගය ලබා දුන් සියලු පක්ෂ එකම ධජයක්‌ යටතේ එක්‌ පක්ෂගයකට ගෙන ආවේය. එය නමින් වෙනිසියුලා එක්‌සත් සමාජවාදී පක්ෂ්ය විය .( United Socialist
    Party of Venezula)

    ආත්මාර්ථකාමී දේශපාලන නායකයකු නොවූ චාවේස්‌ අසල්වාසී ලතින් ඇමරිකානු රටවල්වල ප්රීගතිය කෙරෙහි ද සිත යොමු කළේය. 2007 වර්ෂයේ මුල් අට මස තුළදී වෙනිසියුලාව ඉපැයූ තෙල් ලාභයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 8.8 ක්‌ වැය කරනු ලැබුවේ අසල්වැසි රටවල සෞඛ්යය තත්ත්වය නගා සිටුවීම සඳහාය. පැරගුවේ, බොලිවියාව, බ්රඛසීලය හා ඉක්‌වදෝරය එම රටවල් අතරින් කිහිපයකි.

    වසර 2000 දී හැත්තෑ දහසක්‌ (70,000) වූ හමුදා නිලධාරීන් යොදවමින් ඔහු ගෙන ගිය සමාජ සුබසාධක වැඩපිළිවෙළ අමුතුම ආකාරයේ සද්කාර්යයක්‌ විය. ඒ සඳහා ඩොලර් 113,000,000 ක්‌ වැය කරමින් ඔහු රට පුරා මංමාවත් සහ රෝහල් පිළිසකර කරවූයේය. ජනතාවට මනා සෞඛ්ය පහසුකම් සහ අඩු මුදලකට ආහාර පාන ද සපයා දුන්නේය. මේ සියලු කටයුතු සංවිධානය කරනු ලැබුවේ හමුදා නිලධාරීන් හරහායි. "දශකයකට පෙර හමුදාවට ජනතාව ඝාතනය කරන්නට සිදු වුණා. දැන් අපි ඔවුන්ට ආදරය බෙදා දෙනවා.". Plan Bolviar 2000 නම් වූ එම වැඩසටහන සම්බන්ධයෙන් චාවේස්‌ එසේ ප්රෙකාශ කොට තිබිණි.

    2012 ජනාධිපතිවරණයද ජයගෙන චාවේස්‌ තවදුරටත් තම රටෙහි ජනපති ධුරය හොබවනු දකින්නට බොහෝ වෙනිසියුලානුවෝ කැමැත්තෙන් බලා සිටියේ සුවහසක් බලාපොරොත්තු පොඩි බැඳගෙනය. එහෙත් අද ඔබ නැත. ඔබ ඉටු කල උදාර මෙහෙය ලතින් ඇමෙරිකානු කලාපය තුල ඉදිරියටත් පැවතීම ප්‍රගතිශීලී අපගේ පැතුමයි. ඔබට විප්ලවීය ආචාරය.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Erozan, umbata chaves ta garu karanna thiyana ayithiya mokakda kukko? umba Maha Rajage paschath bhagaya lewa kana ballek ne. Maha raja samajawadi ekek newe bola, uu minissunge dewal hora kana nariyek, ehew ekekge kukkek wena umba wage ekek chaves wage yuga purushayek wenuwen kandulu seleema wihiluwak.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Libiyawe Gadaphi ta wada godak talent leader kenek. Thaman arakksha wemin country eka develop karapu eka. Specially American samagam oil production eken remove karala Americawen berila thamange country ekath develope karapu eka excellent. Venisulawata floods water apu welawe, anatha una minissunta president house eka deela, chaves giya kudaramakata padinchiyata. HONEST LEADER KENEK. WHEREVER LOT OF MERITS WITH YOU
     
    Last edited:

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Libiyawe Gadaphi ta wada godak talent leader kenek. Thaman arakksha wemin country eka develop karapu eka. Specially American samagam oil production eken remove karala Americawen berila thamange country ekath develope karapu eka excellent. Venisulawata floods water apu welawe, anatha una minissunta president house eka deela, chaves giya kudaramakata padinchiyata. HONEST LEADER KENEK. WHEREVER LOT OF MERITS WITH YOU

    :yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුගේ අඩි පාරෙලුනේ මහින්දයා යන්නේ............. මන් නම් ගරු කරන්නේ නැහැ මුන්ට. මහින්දයත් පිටරට වලට පෙන්නන් ඉන්නේ මේ වගේ. මහා ඇබිත නායකයා කියල. එත් ඇත්ත තත්වේ දන්නේ රට අතිලේ උන් තමයි