හිරුණිකාගේ අලුත්ම වාහනේ..!
කාන්තාවන්ට විමුක්තිය ගේන්න පාර්ලිමේන්තු ගිය හිරුණිකාගේ අලුත්ම වාහනේ..! වටිනාකම කෝටි හතරක් පමණි.
මැති ඇමැතිවරුන්ගේ සැප වෙනුවෙන් වියදම් කරන්නේද මේ බදු ආදායමින් කොටසක් බව අමතක කළ යුතු නැත. පසුගිය ආණ්ඩුව ගත් සුඛෝපභෝගී වාහන විශාල ගණනක් ඇතැයි කීවේ වත්මන් ආණ්ඩුවයි. අලුත්ම අලුත් පැකිං නොකැඩූ වාහන නොවුවද සැප පහසුවට ඕනෑම දුෂ්කර ප්රදේශයක පහසුවෙන් ගමන් බිමන් යා හැකි වාහන ආණ්ඩුව සතුව තිබේ. ඒවා ගැන සැලකිලිමත් නොවී මෙවැනි නාස්තිකාර වියදමක් ගැන අප සියලු දෙනාම සිහිපත් කරගත යුත්තේ 2015 ජනවාරි අටවැනිදා වන විට අපට ඇසුණු සටන්පාඨය.
මේත් එවැනිම වූ කාන්තාවන්ට විමුක්තිය ගේන්න පාර්ලිමේන්තු ගිය හිරුණිකා ප්රේමචන්ඩ්ර මන්ත්රීතුමියගේ අලුත් වාහනයයි.
පසුගිය ආණ්ඩුව කරන ලද වැරදි නිසා රට බරපතළ ආර්ථික අර්බුදයක තිබෙන බව රටට කීවේ වත්මන් ආණ්ඩුවය. මේ ආණ්ඩුව කිසිවිටෙකත් බොරුවක් කරන්නට සිහිනෙනුදු නොසිතන නිසා අපට එය ස්ථිර වශයෙන්ම පිළිගන්නට සිදුව තිබේ. ඒ නිසාම රටේ ජනතාවට (පාර්ලිමේන්තු මන්ත්රීවරු 225 ට ද අදාළය) පටි තදකර ගන්නට යෑයි “ඉල්ලීමක්” කරමින් නහුතක් බදු පනවන්නට ආණ්ඩුව කටයුතු කළේය. මේ යන හැටියට පෙනෙන්නේ බදු ගැනීමේත්, වැඩි කිරීමේත් අමාරුව තදින්ම දැනී තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්රීවරු 225 දෙනාට පමණක් බවය.
රට ණය උගුලක සිරවී ඇතැයි කියන, එසේ කියමින් තව තවත් ලෝකයට ණය වන ජනතාවගේ බොටුවම හිර කරන ආණ්ඩුවක මැති ඇමැතිවරුන් “සනීපය” වෙනුවෙන් මෙතරම් නාස්තිකාර වියදමක් දැරීම ගැන ඇතිවන්නේ සංවේගයකි, පිළිකුලකි. අගමැති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කීවේ, මන්ත්රීවරුන්ට ලැබෙන වැටුප මදි බවය. ඇත්තෙන්ම මේ කියන කතා අහන විට හිනාවෙන්නට දැයි අඬන්නට දැයි හිතා ගන්නට බැරි තරමට මොලේ විකාරය හැදෙන බව කිව යුතුය. ඇත්තටම මේ කියන විදියට රටේ ජනතාවට මේ වන විට කිසිදු ප්රශ්නයක් ඉතිරිව තිබෙන්නට බැරිය.
බදු, බඩු මිල, තෙල් මිල, ජනතාවට එතරම්ම ප්රශ්න නොවේ. “වී” සඳහා සහතිකවම සහතික මිලක් තිබේ. ඒ නිසා හාල් මිල ගැන ප්රශ්නයක් නැත. රට සහලින් ස්වයං පෝෂිතය. ඒ නිසාම හාල් මිල සොච්චමකි. පොහොර වවුචර් ක්රමයට ලබාදෙන නිසා කෘෂිකර්මාන්තයට හොඳ කලක් පැමිණ තිබේ. ගෙවතු වගා සංකල්පය දියුණුය. ඉලෙක්ටි්රක් කාර් සඳහා බදු අඩුකර ඇති නිසා ඒ ගැන කතා කළ යුතු නැත.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ බොහොමයකට දෙවැනි ආදායම් මාර්ගයක්ද තිබේ. මේ දෙවැනි ආදායම් මාර්ග ඇත්තේ මැති ඇමැතිවරුන්ගේ නමට නොවේ. පසුගිය කාලයේ වාර්තා වූ ආකාරයට මන්ත්රීවරු 100 දෙනකු පමණ මත්පැන් අලෙවි සල් (බාර්) හිමිකරුවන් බව කියෑවිණි. එක් මත්පැන් සලකින් මසකට රුපියල් ලක්ෂ 20 ක ආදායමක් ලබන බවද සඳහන් විය. ඒ සියල්ලටම වඩා පාලම් බෝක්කු, මංමාවත්, රජයේ ගොඩනැඟිලි සෑදීමේදී විශාල කොමිස් මුදලක් හුවමාරු වන බවද අමුතුවෙන් කිව යුතු නැත.
ඇත්ත වශයෙන්ම රටේ ජනතාවගේ ඉවසීම ඉතාම පුදුමාකාරය. ඊළඟ මැතිවරණයේදී ද මේ කපටි රැළ නැවත පාර්ලිමේන්තුවට යෑවීම සඳහා ඡන්දය භාවිත කළ යුතුය.
Source:ape rata

Last edited: