හිරුණිකාගේ ද්ත්ව ජීවිතය
හිරුණිකාගේ ද්ත්ව ජීවිතය
Posted on 28 April 2012.
Rating: 7.0/7 (1 vote cast)
පසුගිය දිනෙක කොළඹ අලුත් තඩේ උසාවි සංකීර්ණය අභියසදී හිටපු ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජෙනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය සහ ඇයගේ ආධාරකරුවන් විසින් දෙවියන්ගෙන් වරෙන්තුවක් ඉල්ලමින් පොල් ගැසීමක් සිදු කරණු ලැබීය. මෙහිදී හිරුණිකා අධිකරණයට චෝදනා කර සිටියේ සිය පියාගේ ඝාතකයා වන දුමින්ද සිල්වා අත් අඩංගුවට ගන්නට වරෙන්තුවක් නිකුත් නොකිරීම ගැනයි.
මේ නිසා අදාල අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා පවා දැඩි පහසුතාවයට පත්වූ බව අපට වාර්ථාවේ. සාමාන්‍යයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ වන මිනී මැරීමේ වරදකට සැක කරණු ලබන පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමේ බලය ඇත්තේ පොලීසියටයි. අපරාධ නඩු විධාන සංග්‍රහය මෙවැනි වැරදි අර්ථ නිරූපනය කර තිබෙන්නේ සංඥ වැරදිවිශයෙනි. එනම් මෙවැනි වරදක් කළ අයෙකු වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගන්නට පොලීසියට පූර්ණ බලතගල තිබේ. මේ නිසා හිරුණිකා කියා සිටින ආකාරයට මහේස්ත්‍රාත්වරයා විසින් මේ සම්බන්ධයෙන් වරෙන්තුවක් නිකුත් කිරීම යනු විහිලුවකි. අධිරණ භූමියේ ග්‍රෝත්‍රික නැටුම් නටන්නට එංගලන්තයේ අධ්‍යපනය හැදෑරූ හිරුණිකාට සිදු වීම අප සංජානනය කළ යුත්තේ කෙලෙසද? වසර ගණනක් එංගලන්තයේ විශ්ව විද්‍යාලයක නීති අධ්‍යපනය හැදෑරූ බව කියන හිරුණිකාම මෙරට නීතියේ ආධිපත්‍ය හෑල්ලුවට ලක් කරමින් මහේස්ත්රාත්වරයාගේ රාජකාරියට බාධා පමුණුවමින් තමන් අර්ථ නිරූපනය කර ගන්නා ආකාරයට නීතිය කඩමින් යළිත් නීතිය ඉල්ලා සිටියි.
නීතිය එංගලන්තයෙන් උගෙන ලංකාවට පැමිණ හොද අපරාධ නීතිඥවරියක් වන්නට තමන් සිතා සිටින බව පවසන හිරුණිකා අපරාධ නීතියේ ඇති මේ මූලික කොන්දේසී පවා නොදැන සිටීම අප මවිත කරවන කරුණකි. එක් වරම රූපසුන්දරියක හා නීතිඥවරියක වන්නට පෙරුම් පුරන හිරුණිකාගේ ද්ත්ව ජීවිත සිය පියාගේ මරණයත් සමග උඩුයටිකුරු වන්නට පටන් ගනී. තවමත් ඇයට සිය පියාගේ මරණය ක්ෂිතිමය අත්දැකීමකි. සාමාන්‍යයෙන් ලංකාව වැනි රටක කළ හැක්කේ එක්කෝ රූපසුන්දරියක් වීමයි. නැතිනම් නීතිඥවරියක් වීමයි. මේ දෙකම එකවර කරන්නට යාමෙන් සිදු වන්නේ දෙකම අසාර්ථක වීමය. ලංකාවේ බොහෝ උගත් කාන්තාවන් ලස්සන නොවීමටත් ලස්සන කාන්තාවන් උගත් නොවීමටත් හේතුව මෙයයි. රූපසුන්දරියක් වීම පසෙකලා හිරුණිකා නීතිඥවරියක් වන්නට උත්සහා කරන්නේ නම් ඇය නීතිය හරියටම උගත යුතුය. නැතිනම් ඇය රූපසුන්දරියක් වන්නේ නම් ඇයට අනාගතයේ දී රෝසි සේනානායක ඇන්ජලා සොනවිරත්න වගේ වන්නට පුලුවන. මේ දෙකෙන් එකක් හරියට කරන්නට ඇය තොරා ගතයුතුය. හිරුණිකා මේ වන විටත් දේශපාලන තාරකාවක් වන්නට පෙරමන් තනමින් සිටියි. හිරුණිකාට වූ අකර තැබිබය නිසා අවසානයේ අන්දුන් කුන්දුන් වූ පියසේන ගමගේ ඇමතිවරයාගේ පුත්‍රයාට ඇයව තව දුරටත් තේරුම් ගත නොහැකි වූ නිසා අත්හැර දමන්නට සිදු විය.
මහේස්ත්‍රාත්වරුන්ට නීතිය උගන්වන්නට උත්සහා කරන හිරුණිකා පළමුව හොදින් නීති පොත් කියවා හරියටම නීතිය උගෙන ගත යුතුය. එලෙස හරියටම නීතිය උගෙනගත් අය මෙවැනි පොල් ගැසීමේ විකාර නාඩගම් නටන්නේ නැති බව පැහැදිලිය. අනෙක් අතට හිරුණිකා වරෙක පවසන්නේ තමන් මාක්ස් ලෙනින්වාදය ගැඹුරින් හදාරා ඇති බවයි.
මේ දවස් වල සුදු ලස්සන මධ්‍යමපාන්තික මාක්ස් ලෙනින්වාදය දන්නා කාන්තාවන් සිය සංවිධානයට බදවා ගැනීමට ජන අරගල ව්‍යපාරය විසින් අයදුම්පත් කැදවා ඇති බව අපට වාර්ථා වේ.අවශ්‍ය නම් හිරුණිකා නංගියාට ජන අරගල ව්‍යපාරයේ ලසිත් අයියා මුණ ගැසී සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්නට පුලුවන. මේ වන විටත් මේ අය ස්වයං විවේචනයක් කර තිබෙන නිසා සහ දේශපාලනය කරන්නට එන ඕනෑම අයෙකු බාර ගන්නට සූදානමින් සිටින නිසා හිරුණිකාගේ පියා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට කළ කී දෑ අමතක කර හිරුණිකා නංගියාට පියා කළ වැරදි වලට සමාවක් ලබා දී සිය ව්‍යපාරයට බදවා ගනු ලබන බව අපට විස්වාසය. හිරුණිකාට වැඩිදුර නීති උපදෙස් ලබා ගන්නට අවශ්‍ය නම් ඇයට නීතිඥ නුවන් බොපගේ මහතා හමුවන්නට පුලුවන. ඇත්තටම ඔහු දක්ෂ නීතිඥවරුකු බව අප සහතික කර කියන්නෙමු. නීතිඥ නුවන් බොපගේ විසින් අප සංවිධානයට අපේ සාමාජිකයෙකුගේ ෆේස්බුක් ගිණුමක් ඔස්සේ පණිවිඩයක් එවා තිබේ. ඔහු පවසන්නේ වචන අයිති වන්නේ ඉතිහාසයට වන බවත් වචන වලට අයිතිකරුවන් නොමැති බවත්ය. තව දුරටත් ඔවුනට ඊෂ්‍යා නොකර අපගේ දේශපාලන ව්‍යපාරය ගොඩ නගා ගන්නා ලෙසත් සමාජවාදය වෙනුවෙන් අනුන්ට බැන බැන ඉන්නේ නැතිව වැඩ කරන්න යැයිද ඔහුගේ උපදෙස් මාලාවේ දක්නට ලැබේ. ඔහුට පිළිතුක් දෙන්නටත් අපි අදහස් කලේ හිරුණිකාටත් මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙතැයි සිතන නිසාවෙනි. අප මුලින්ම අසන්නේ අයිතිකරුවන් නොමැතිව නිකම්ම පහල වූ මේ වචන ඔවුන් විසින් මේ රටට ගෙන එනු ලැබූවේ හම්බන්තොට වරායෙන්ද? නැතිනම් කොළඹ වරායෙන්ද වන බවයි. අනික් අතට දක්ෂ නීතිඥවරයෙකු වන බොපගේ සහෝදරයාට දේශපාලන සම්බන්ධයෙන් ඇති මද දැනුවත් භාවය නැතිකර ඇත්තටම දේශපාලනය ඉගෙන ගන්නට අවශ්‍ය නම් අපට ඒ සදහා රත්මලානේ අප විසින් පවත්වන දේශපාලන පංතියකට ඔහුව සහභාගී කරවා ගන්නට පුලුවන. අප දන්නා දේශපාලන න්‍යායන් ඉගෙන නොගෙන තවදුරටත් මේ රටේ වාමාංශික දේශපාලනය කරන්නට බැරි බව පුබුදු ජයගොඩ සහෝදරයා නම් හොදින්ම දැන සිටින බව අපට විස්වාසය. බෝපගේ සහෝදරයා කැමති නම් අපිට මේ දේශපාලන න්‍යයන් ඔහුට උගන්වන්නට පුලුවන. නමුත් මෙිවා ඉගෙන ගන්නට හැලපයා මහත්තයා ලගට යන්නට ඔහු අදහස් කරනවා නම් අපට ඒ සම්බන්ධයෙන් වගකියන්ට බැරිය.
බෝපගේ සහෝදරයා අපෙන් විමසන්නේ ඔවුන් සම්බන්ධයෙන් අපට ඊෂ්යවක් ඇති බවයි. අප මේ සහෝදරවරු දේශපාලනය නොදන්නවා යැයි කියන්නේ මේ නිසාය. මේ ගැන අප දිගින් දිගටම පැහැදිලි කලෙමු. ඊෂ්‍යව,වෛරය, තරහව වැනි වචන දේශපාලන ශබ්දකොෂයට අයිති වචන නොවේ. ඒවා අයිති වන්නේ පවුල් සම්බන්ධතා කේෂත්රයටයි. ඊෂ්‍යව වැනි දේ ඇති වන්නේ ආදරය වැනි කේෂත්රයකදී මිස දේශපාලන කේෂත්රයකදී නොවේ. මේ බව හරියටම දැන ගන්නට බොපගේ සහෝදරයාට අවශ්‍ය නම් කුමාර් ගුණරත්නම් සහෝදරයාගෙන් ඔහු නොදන්නා ඉතිහාසය අසා දැන ගන්නට පුලුවන. සාමානයෙන් දේශපාලන කේෂත්රයේ දී සිදු වන්නේ ඊෂ්‍ය කිරීම නොවේ. දේශපාලනයේ දී අදාල වන්නේ හිංසනයයි. ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ අරගල දෙකේදීම ඊෂ්‍ය කර කර සිටියාද කියා මදක් කල්පනා කර බලන්න. මේ නිසා මේ පවුල් සංකල්ප හා දේශපාලන සංකල්ප තවමත් මේ සහෝදරවරුන් පටලවා ගෙන සිටින්නේ මොවුන් දේශපාලන න්‍යාය හා භාවිතය හරියටම නොදන්නා බැවිනි. නමුත් හිරුණිකාට අවශ්‍ය නම් නීතිය ඉගෙන ගන්නට නුවන් බෝපගේ සහෝදරයා ලගට යන්නට පුලුවන. ඔහු දක්ෂ නීතිඥවරයෙකු බව අප පිළිගන්නෙමු.
සිය පියාගේ මරණයත් සමගම දේශපාලන කරලියේ සුපර් ස්ටාර් බවට පත් වූ හිරුණිකා ගැන අපට කියන්නට ඇත්තේ අනේ පව් කියාය. මේ දවස් වල ලස්සන සුදු මධ්‍යම පාංතික ස්ත්‍රීන් සමග ස්ත්රිවාදී දේශපාලනය කරන්නට ආශාවෙන් බලා සිටින ජන අරගල ව්‍යපාරයට අවශ්‍ය නම් හිරුණිකා යොදා ගෙන එය අත්හදා බලන්නට පුලුවන. සිය පියාට වූ අසාධාරණය එරෙහිව ආධාරණය ඉෂ්ඨ කර ගන්නට හිරුණිකාට අවශ්‍ය නම් ඇය කළ යුත්තේ අධිකරණ වල වැඩ අවුල් කරන්නේ නැතිව මහින්ද අංකල්ට කියා පොලීසිය ලවා දුමින්ද අත් අඩංගුවට ගන්නට බලපෑම් කිරීමයි.
බෝපගේ සහෝදරයා අවසානයේ අපෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන වැඩ කර පෙන්වන්නට කියායි. අප දේශපාලන වැඩ කරන්නට සූදානම් බව කියන්නට කැමති අතර තවමත් අවුරුද්දට ගමේ ගිය අය කොළඹ පැමිණ නැති නිසා සහ වෙසක් උත්සවයටත් බොහෝ අය ගමේ යන නිසා මේ සියල්ලෝම යළි කොළඹ පැමිණෙනතුරු පමණක් අපට බලා සිටින්නට සිදුව තිබේ. අප අවුරුදු සමරන්නේ නැති වුනාට වෙසක් තොරණ් හදන්නේ නැති වුනාට මේ රටේ දේශපාලනය කරන බොහෝ උදවිය මේවා හරියටම කරන නිසා මේ සියල්ලන් යළි කොළඹට ඒකරාශී වූවාට පසු අප අපේ දේශපාලනය ආරම්භ කරන බව කියන්නට කැමැත්තෙමු
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය