හිරුණිකා + දුමින්ද සිල්වා

Dec 28, 2014
343
44
0
ගාල්ල
හිරුණිකා + දුමින්ද සිල්වා


ෆේස්බූක් ඇතුළු අන්තර්ජාලය තුළ යහපාළනය වෙනුවෙන් සටන් කල පශ්චාත් නූතන දේශපාලනික ක්‍රියාකාරීන් (මොවුන් සියල්ලන්ම ඉබේම ඔවුන්ටම අනුව දේශපාලනික චින්තකයින් වී ඇත )යහපාළනය තුළ ඉටුවිය යුතු ඉතා වැදගත් කරුණු ලෙස සඳහන් කළ කරුණු අතර අතර දුමින්ද සිල්වාට කෙළවීම හෙවත් භාරත ඝාතන‍ය වෙනුවෙන් දුමින්දට දඬුවම් දීම සහ ඔහු විසින් සිදු කරන්නා යැයි පැවසෙන මත්ද්‍රව්ය ජාවරම් වලට දඬුවම් ලැබීම වැනි කාරණාවන් ඉහළින්ම එසවී තිබුණි.
ඔවුන්ට අනුව මහින්ද සිටියා නම් සාධාරණ නඩු විභාගයක් මෙයට සිද්ධ නොවනු ඇත.දැන් ඉතිං බඩු ලැබෙනු ඇත.

ඇත්තටම භාරත ඝාතනයේදී සිද්ධ වූයේ කුමක්දැයි අපි නොදනිමු.එය උසාවිය විසින් තීන්දුකල යුතු කරුණකි.
අපි මේ ඔස්සේ කථා කරන්නට යන්නේ මහින්ද යටතේ දුමින්ද රැකෙනවා යන්නත් මහින්දගෙන් පසු දුමින්දට කෙළවෙනවා යන්නත් වැනි දේශපාලනිකව ඉතා සරළ බෙදුම් රේඛා ලකුණු කරන මේ නව චින්තකයින්ගේ දේශපාලන විඥ්ඥාණයයි.

මේ නව චින්තකයින් නොදන්නා කරුණක් වූයේ මහින්ද ගේ පරාජයට වැඩියෙන්ම කැමති පවුලක් වූයේ දුමින්ද,රෙනෝ පවුල බවයි. රෙනෝ පවුල යනු රනිල් වික්‍රමසිංහ පවුලේ සහ චන්ද්‍රිකාගේ හොඳම හිතවතුන්ය.
සිල්වලාට බිස්නස් බේරාගැනීමේ මාරාන්තික ගේමක් මහින්ද සමග තිබුනු බැවින් ඒ මොහොතේ කරන්නට තිබුණු එකම විසඳුම ලෙස ඔවුන් දුමින්ද මහින්දගේ ආන්ඩුවට සම්බන්ධ කර තිබුණි.
එම නිසා සෝමරත්න දිසානායක රූපවාහිනි සංස්ථාවේ සභාපති කරවුයේ මන්දැයි අසමින් අන්තර්ජාලය පුරා නාහෙන් ඇඬූ මේ චින්තකයින්ට ඉදිරියේදී දුමින්දට දඬුවම් ලැබීම කෙසේ වෙතත් රෙනෝ සිල්වා ඊලඟ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙනු දැකීමට ලැබුනොත් පුදුම නොවන්නට හැකි වේද?

පහුගිය මාස කීපයේ මහාර්ඝ දේශපාලන අදහස් ලෙස ගොන් කථා රාශියක් අන්තර්ජාලය තුළ වපුරමින් සිටි මේ අඳබාල චින්තකයින් අඩුම තරමේ මේ සරල සමාජ විඥ්ඥාණයෙන් වත් යුතු වූවා නම් යහපාළනය තුළ දවස ගානේ මේ විදිහට හඬා වැටෙන්නට සිදුවන්නේ නැත.
දේශපාලනය යනු තමන්ගේ ආශාව කිසිදු අඩුවකින් තොරව ඉෂ්ඨ කරවාගැනීම යැයි සිතන මේ පශ්චාත් නූතන දේශපාලනික චින්තකයින් නොදැන සිටි කරුණක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සිය කෙටි කාළින දේශපාලන ප්‍රායෝගික ජීවිතය තුළින් දැන සිටියාය.
එනම් දේශපාලනයේදී ආශාව පාවාදිය යුතු බවයි.

Posted 2 days ago by Lanka Political News
 
Last edited:

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    10404098_770133679740142_6914544962493579721_n.jpg