හිරුණිකා නායකයන්ට ඇඟිල්ලෙන් ඇන පෙන්වයි !

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හිරුණිකා නායකයන්ට ඇඟිල්ලෙන් ඇන පෙන්වයි !

    ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස පරාජය වීමේ වගකීම ආසන සංවිධායකවරුන් මත පැටවීමට සජිත් ප්‍රේමදාසගේ සමීපතමයකු ක්‍රියා කළ බවත්, එයින් දැඩි කම්පනයකට සහ කලකිරීමට පත් වී සිටින බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද (13දා) පවත්වන ලද මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළා ය.

    එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින්, සජිත් ප්‍රේමදාස ළඟ ම සිටින පිරිසක් ඔහුව නොමඟ යවා ඇතැයි ද, මෙවර සමඟි ජන බලවේගයේ අපේක්‍ෂිකාවක ලෙස ඉදිරිපත් වී සිටීම හැර අනෙකුත් සියලු ම තනතුරුවලින් ඉල්ලා අස් වන බව ද එම මාධ්‍ය හමුවේ දී ඇය විසින් ප්‍රකාශ කර තිබිණි. සජිත් ප්‍රේමදාසගේ පරාජය පිළිබඳව මේ දක්වා නිසි පසුවිපරමක් සිදු කර නැති බවට ද ඇය චෝදනා කළා ය.

    ‘සිස්ටම් චේන්ජ්’ එකක් ඉල්ලූ ජනතාවගේ අභිලාෂය ජාතික ජන බලවේගය නිසි ලෙස තේරුම් ගනිමින්, අනෙකුත් පක්‍ෂවලින් කිසිවෙකුත් සම්බන්ධ කර නොගෙන ජයග්‍රහණය කර ඇති බව ද ප්‍රකාශ කරනු ලැබ තිබේ. සජිත් ප්‍රේමදාස පසුගිය කාලයේ පිල් පැන්න සියලු දෙනා ළං කර ගැනීම පිළිබඳව ඇය මෙහි දී ව්‍යංගයෙන් චෝදනා කර ඇත. සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාසගේ උපදෙස් අනුව ලක්‍ෂ්මන් ෆොන්සේකා විසින් සජිත් ප්‍රේමදාසව මෙහෙයවන බව දේශපාලන ලෝකයේ ප්‍රකටව තිබේ.