හිරු ‍ටිවි 3 පායයි පළමු මෙගා ටෙලි නට්‍ය එක්&#3

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,216
    113
    අපේ ගෙදර
    හිරු ‍ටිවි 3 පායයි පළමු මෙගා ටෙලි නට්‍ය එක්&#3

    5b7910f2eb.png


    තවමත් පරීක්ෂණ තත්ත්වයේ පවතින ‘හිරු ටී.වී’එළැඹෙන මැයි 03 වනදා සිට සිය විකාශනය කටයුතු ආරම්භ කිරිමි නියමිත බැව් වාර්තාවේ . ඉන්දියානු වාණිජ්‍ය රූපවාහිනි ආකෘතියට අනුව මෙම නවතම හිරු ටිවි නාලිකාව එබිසි මාධ්‍ය ජාලය විසින් නිර්මාණය කර ති‍බේ.
    UHF සංඛ්‍යාත ඹස්සේ
    නුවර 21,රත්නපුර 21,කුරුණෑගල 22,නායබැද්ද 22, බදුල්ල 23,හුන්නස්ගිරිය 23,ගම්මඩුව 26,යාපනය 38,කිකිළියමාන 38,කොකාවිල් 45,මාගල්කන්ද 45,කොළඹ 56 යන සංඛ්‍යාත ඔස්සේ ‘හිරු ටී.වී’රටපුරා විකාශනය කෙරෙනු ඇත.

    ‘හිරු ටී.වී’වෙතින් ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පළමු ටෙලිනාට්‍ය වන්නේ ඉරේෂ් ලොකුබණ්ඩාර අධ්‍යක්ෂණය කළ ‘එක්ටැම් ගේ’ ටෙලි නාට්‍යයයි.
    මැයි 3 වනදා සිට හිරු ටී. වී. ඔස්සේ ‘එක්ටැම් ගේ’ටෙලි නාට්‍යය සතියේ දින පහේම විකාශනය කෙරේ.
    ‘හංස ගීතය’ටෙලි නිර්මාණය කළ ඉරේෂ් ලොකුබණ්ඩාරගේ දෙවන ටෙලි නාට්‍ය නිර්මාණය වන මෙහි රොජර් සෙනෙවිරත්න, අජිත් ලොකුගේ, අමිල අබේසේකර, පියුමි බොතේජු, භද්‍රා නන්දනී, නිරෝෂන් ඉලේපෙරුම, බුද්ධික ලොකුකැටිය ඇතුළු පිරිස රංගනයෙන් දායක වන අතර ‘එක්ටැම් ගේ’මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ පිටපතකට අනුව නිර්මාණය වූවකි.