හිසකට_වෙනත් සිරුරක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,518
    16,288
    113
    හිසකට_වෙනත් සිරුරක්

    හිසකට වෙනත් සිරුරක් බද්ධ කරන ලොව ප්‍රථම ශෛල්‍යකර්මය මෙන්න

    තිස් හැවිරිදි Valery Spiridinov නම් රුසියානු ජාතිකයා සිය හිස වෙනත් කෙනෙකුගේ ශරීරයකට බද්ධ කිරීම සඳහා සූදානමින් සිටින බව විදෙස් ප්‍රකාශ කර සිටිනවා. Werdnig Hoffman නම් රෝගී තත්වයෙන් පෙළෙන ඔහු මාංශ පේශී ක්ෂය වීම නිසා කායිකව දුබල තත්වයක සිටින රෝද පුටුවකට කොන්ව සිටින පුද්ගලයෙක්.

    මේ හේතුවෙන් තම මොළය සහ හිස වෙනත් ශරීරයකට බද්ධ කරගන්න ලොව ප්‍රථම පුද්ගලයා බවට පත්වීමට වැලරි සිය කැමැත්ත පළකර සිටිනවා. ඉතාලි ජාතික ස්නායු වෛද්‍යවරයෙක් වන Sergio Canavero පවසන්නේ මේ විශ්වකර්ම ශල්‍යකර්මය දිනක් වැනි කෙටි කාලයකින් නිමකළ හැකි වුවත් ඒ සඳහා විශාල පූර්ව සූදානමක් අවශය වන බවයි.

    ඒ වගේම මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳව තමන්ට 90%ක පමණ විශ්වාසයක් ඇති මුත් ශල්‍යකර්මයේ ඇති අවධානම් තත්වයත් නොසලකා හැරිය නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

    තවත් වෛද්‍යවරු කණ්ඩායමකට මේ ශල්‍යකර්මය පිළිබඳව ඒ තරම් විශ්වාසයක් නොමැති වුවත් වැලරි නම් සිය ජීවිත අවදානම පවා නොතකා මේ ශල්‍යකර්මය පිළිබඳව දැඩි විශ්වාසයක් තබා ඇත. “මට මාගේ හිසට වෙනත් ශරීරයක් බද්ධ කිරීමට හැකිනම් මා දැනට සිටින තත්වයෙන් මිදී නිදහසේ තමන්ගේ වැඩකටයුතු කරගතහැකි වේවි”

    29810B8500000578-3117029-Journey_Valery_Spiridonov_pictured_at_Moscow_airport_on_Wednesda-a-2_1433935359137.jpg

    head-transplant_3340531b.jpg

    ශල්‍යකර්මයේ පළමු පියවර ලෙස දායකයාගේ සිරුර සහ වැලරිගේ ශරීරය ශිතකරණයට ලක්කරනු ඇත. ඒ මොළයේ සෛල මියයාම වැළැක්වීම සඳහායි. අනතුරුව ගෙල අසලින් අර්ධ වශයෙන් වෙන්කර රුධිර නාල කෘතිම නල මඟින් දායකයාගේ සිරුරට සම්බන්ධ කෙරෙනු ඇත. ඒ වගේම මේ ශල්‍යකර්මයේ සෑම පියවරක්ම දැනට වෛද්‍ය විද්‍යාෙව් ප්‍රායෝගිකව හෝ න්‍යායාත්මකව භාවිතාවේ පවතින වෛද්‍ය තාක්ෂණය ඇසුරෙන් සිදුකෙරේ.

    මොළයට සම්බන්ධ රුධින නාල ඉවත් කර කෘතිම නල මඟින් මොළයට රුධිරය සැපයීම දැනටත් බහුලව පිළිගත් වෛද්‍ය ක්‍රමයක් බව ස්නායු ශෛල්‍ය වෛද්‍ය Matthew Crocker ස්කයි නිවුස් වෙත පවසා සිටියා.

    දෙවන පියවරේදී කශේරුකාව ඉතා තියුණු තලයකින් කපා වෙන්කරන්නේ හානිය අවමවන ලෙසයි. අනතුරුව හිස දායකයාගේ සිරුර හා සම්බන්ධ කරන්නේ කශේරාකා කොටස් දෙක පොලිතීන් ග්ලයිකෝල් වලින් සමබන්ධ කිරීමෙනි. තුන්වන පියවරේ දී සිදුකෙරෙනුයේ රුධිර නාලිකා සහ ස්නායු බද්ධ කිරීමයි. අනතුරුව සිරුර සති කිහිපයක් කෝමා තත්වයට පත්කර තබන්නේ කශේරුකාව හා රුධිර නාලිකා හොඳින් සම්බන්ධ වනතෙක් නොසෙල්වී තිබියු යුතු නිසායි.

    මේ අපූරු විශ්මකර්ම ශල්‍යකර්මය 2017 වසරේදී සිදුකිරීමට නියමිතයි.

    source:

    Tech-Guru-Logo.png
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අනේ මන්ද පව් අර අසරණය නිකන් අන්වර්තයේ මැරෙන්න වෙනවා. අනේ මන්ද එහෙම කියන්නත් හොඳ නැහැ. මන් දන්නේ නැහැ ඔයි. මට පිස්සු වගේ. මට මතක් වෙන්නේ අර මහසෝනා හදුනා හැටි ජයපාලගෙන් .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ මන්ද පව් අර අසරණය නිකන් අන්වර්තයේ මැරෙන්න වෙනවා. අනේ මන්ද එහෙම කියන්නත් හොඳ නැහැ. මන් දන්නේ නැහැ ඔයි. මට පිස්සු වගේ. මට මතක් වෙන්නේ අර මහසෝනා හදුනා හැටි ජයපාලගෙන් .

    ඡයපාල නෙවෙයි ඡයසේන රිටිගල ඡයසේන
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    good post..

    එතකොට බන් දායකයා.ඌට මොකෝ

    donator widiyata ganne machan brain dead wechcha kenekwa ... meke thawa wisthara adui..

    operation eka karanna doctors la 300k withara loku staff ekak ona... original article eka net eke hoyala kiyawapan.. wal pal website wala balanna epa.. scientific ewaye balapan. meka hungak issara wandurekta karala test karapu theory ekak. operation eka sarthaka wela thiyanawa but wandura dawas dekakinda koheda merila. mata mathaka widiyata e operation eka karala thiyanne 1970 wala wage.
     
    එහෙම කියන්න එපා..දන්නේ නැති දෙයක් කවුරුහරි දැනගත්තේ උන් මේක දාපු නිසානේ..:rolleyes: