හිස්බුල්ලාට පිළිතුරු

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    හිස්බුල්ලාට පිළිතුරු

    නැගෙනහිර ශරියා විශ්ව විද්‍යාලය හෙවත් මඩකලපු කැම්පස් (පුද්.) සමාගම, එහි හිමිකරුවන්, සහ NTJ/IS ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන් අතර ඇති සම්බන්ධතාවය

    58727288_2284501081804391_1643925696348684288_n.png

    මෙහි දැක්වෙන තොරතුරු වල මුලාශ්‍රය හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා විසින්ම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවලිය වේ.​

    58669672_2284512471803252_5386946268398354432_n.png


    58659917_2284501075137725_8724565594638123008_n.png

    මෙම පුද්ගලික සමාගමේ කොටස් කරුවන් වන්නේ නැගෙනහිර ආණ්ඩුකාර එම්. ඒල්. ඒ. එම්. හිස්බුල්ලා සහ ඔහුගේ පුත් හිරාස් හිස්බුල්ලා යන පුද්ගලයින් දෙදෙනාය.

    මෙම මඩකලපු කැම්පස් (පුද්) සමාගම හිස්බුල්ලා පවුලේ පුද්ගලික සමාගමකි. මේ සඳහා රජය සතු ඉඩම් ලබාගෙන ඇත්තේ "හිරා පදනම" (HIRA Foundation) නමැති පුණ්‍ය ආයතනයක් ලෙස ලියාපදිංචි කර ඇති පදනම හරහා ය. පසුව එම හිරා පදනම විසින් මඩකලපු කැම්පස් (පුද්) සමාගම වෙත එම ඉඩම දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දී තිබේ.

    58751175_2284501118471054_4563847251050364928_n.png

    ෂරියා ඉගැන්වීමට කිසිඳු සැලැස්මක් නැත කියා 2019 අප්‍රේල් මස 30 වන දින හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළද, මේ තිබෙන්නේ ඔවුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ඉදිරිපත් කල ව්‍යාපෘති යෝජනාවේ 6 වන පරිච්චේදය යටතේ, "ෂරියා දෙපාර්තමේන්තුව" සඳහා බඳවා ගැනීමට අපේක්ෂා කරන සේවක මණ්ඩලයේ විස්තර ය​

    58787588_2284501221804377_161533977700597760_n.png

    ෂරියා ඉගැන්වීමට කිසිඳු සැලැස්මක් නැතැයිද, පිටරටවල් වලින් ඒ සඳහා කථිකාචාර්යවරුන් ගෙන ඒමට සැලැස්මක් නැතැයිද කියා 2019 අප්‍රේල් මස 30 වන දින හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළද, මේ තිබෙන්නේ ඔවුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ඉදිරිපත් කල ව්‍යාපෘති යෝජනාවේ 6 වන පරිච්චේදය යටතේ, "ෂරියා දෙපාර්තමේන්තුව" සඳහා බඳවා ගෙන ඇති සෞදි අරාබියේ මක්කම පිහිටි උම්-අල් කුරාහ් නමැති ෂරියා ඉගැන්වීම් පිලිබඳ මූලිකත්වය ගන්නා ඉස්ලාමීය විශ්ව විද්‍යාලයේ, ඊජිප්තුවේ සහ මැලේසියාවේ එවැනි ඉස්ලාමීය ෂරියා විශ්ව විද්‍යාල වල කථිකාචාර්යවරුන්ගේ විස්තර ය​

    59285784_2284501261804373_6188234149032099840_n.jpg

    නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා මෙම පුද්ගලික සමාගමේ සභාපතිවරයා ය.

    59380208_2284501291804370_7348385651261177856_n.png

    නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ පුත් හිරාස් හිස්බුලා මහතා මෙම පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ය.

    58669666_2284501558471010_8843911302591021056_n.jpg

    මෙම පුද්ගලික සමාගමේ කොටස් හිමිව ඇත්තේ හිස්බුල්ලා පවුලේ සාමාජිකයින්ට ය.

    59328181_2284501931804306_920307471719858176_n.jpg

    මේ 2017 මාර්තු 14 වන දින පළවූ පුවතකි. NTJ හෙවත් ජාතික තව්හිද් ජමාත් සංවිධානය විසින් තවත් ආගමික කණ්ඩායමක් සමඟ ඇති වූ කුප්‍රකට කාත්තන්කුඩි ගැටුම පිළිබඳව පලවූ එම ලිපියේ "ජාතික තව්හිද් ජමාත් සංවිධානය කාත්තන්කුඩි ප්‍රදේශය තුල (එවකට) අමාත්‍ය හිස්බුල්ලා ගේ අනුහසින් ක්‍රියාත්මක වන බවටද චෝදනා එල්ලවන අතර ප්‍රහාරයට පැමිණි බහුතරයක් අමාත්‍යවරයාගේ අනුහසින් තවමත් නිදැල්ලේ සිටින බව" සඳහන් කර ඇත.

    මෙයින් හෙළිවන්නේ පාස්කු ප්‍රහාරය එල්ල කළ ජාතික තව්හිද් ජමාත් සංවිධානය මඩකලපු විශ්ව විද්‍යාලයේ සභාපති හිස්බුල්ලා මහතාගේ සෙවන යටතේ වර්ධනය වී ඇති බවයි.

    59445906_2284502088470957_3353775923760463872_n.jpg

    මෙහි දැක්වෙන්නේ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ බැනරය යටතේ පවතී යම්කිසි රැස්වීමකට නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා සහභාගී වී ඇති බවට පැහැදිලි සාක්ෂියකි. හිස්බුල්ලා මෙහි අතට අත දෙන්නේ පාස්කු දින ප්‍රහාරය එල්ල කල NTJ සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහරාන් නමැති ත්‍රස්තවාදී නායකයා සමග ය.​

    58666044_2284502451804254_1403996509522886656_n.jpg

    හිරාස් හිස්බුල්ලාගේ twitter ගිණුමෙහි ඇති මෙම චයාරුපය හිස්බුල්ලා පවුල වහාබි පුජකයින් සහ රිෂාඩ් බදුර්දීන් සමඟ ඇති සබඳතා පිලිබඳ තොරතුරු කියාපායි.​
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Mun patta kapati minee maruwo relak, den mokuth danne naa wage inne. Ekek munge kada walata yanna epa.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තවදුරටත් පමා කරන්න එපා. අන්තවාදීන් සියල්ල සිරබාරයට ගනු....
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    තවදුරටත් පමා කරන්න එපා. අන්තවාදීන් සියල්ල සිරබාරයට ගනු....
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    තවදුරටත් පමා කරන්න එපා. අන්තවාදීන් සියල්ල සිරබාරයට ගනු....

    තවදුරටත් පමා කරන්න එපා. අන්තවාදීන් සියල්ල සිරබාරයට ගනු....
    පිස්සු කෙලින්න එපා.. මෙහෙන් ඊයෙත් බඩු අහුවුනා...:sorry:
    මේ පැතිවල චෙක් කෙරෙන්නේ නැහැ හරියට..:growl:. හොරට බොරුවට කරන්නේ...
    තාම කාත්තන්කුඩි අල්ලලා වත් නෑ..
    බඩු හංගන්න කල් දීලද කොහෙද...
    පස්සේ චෙක් කරයි...:growl:



    up
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    අපි මේ දවස්වල මේවා හොයනව ශෙයා කරනවා.
    පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ලා ආණ්ඩුව ලවා දූෂිත අන්තවාදීන්ව අල්ලන්න නීතියක් හදන්න බැරිද? ජනපති ආරක්ෂක ඇමති උනාට ප්‍රශ්න කරන්නෙවත් නැහැ 250 ක් මරලා දාලත් අන්තවාදීන්. ඡන්ද ලෝභයෝ