හීනයක් දිටිමි

ncbrando

Member
Jan 31, 2014
838
115
0
හීනයක් දිටිමි


දුවන මිණිපළඟ මත නුඹ හීන මැව්වත්
ගෙවෙන සැම දහවල අරුත් සුන් වූ නමුත්
වයන හේවිසි හඬින් හද නිතර සැලුණත්...

සොයන ඒ ආදරේ බැරිය නොසොයනු තවත්

ගිම් නිවූ අතීතේ කටුකොහොල් බෝමයි
නිම් නොවූ සෙනෙහේ සොයන්නේ ඔබමයි
‍සිම්පතේ ඩුවෙල් සිම් අද යළිත් පාළුයි
පෙම්පතේ නැත්තේ නුඹේ නම පමණයි


කිසිදාක නොදුටු ඈ පතා මා විගහට
වැසිදාක කිරිකෝඩු හිතින් නිති සැලුණාට
රිසි රෑක පෙම් මලින් කවුළු දොර ඇරුණාට
ඔබ කවුද කවදාක ඒද මගෙ ගෙපැලට


සංකල්පය -මාලන් විදානපතිරණ