~~//...හීනෙන් ඇවිදින දේශපාලකයා ..!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...හීනෙන් ඇවිදින දේශපාලකයා ..!!!

අනේ අපොයි!
තාත්තාගේ හොර වැඩ දුවට හසුවී ජරමර..!!!:confused::oo::baffled:
02-07-2012 Diwaina -ඇන්ටන් ප්‍රනාන්දු

2lthape.jpg


පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන කරලියේ මහත් ආන්දොaලනයක්‌ ඇති කළ ඔහු කොළඹට නුදුරු නගරයක වැසියෙක්‌ ලෙස හඳුන්වා දිය හැකිය.

මැදිවිය ඉක්‌මවා යමින් සිටින මෙම දේශපාලකයා ගතින් වයසට ගියත් සිතින් තාමත් තරුණයකු බව හැම විටම ක්‍රියාවෙන්ද පෙන්වන බව නගර වැසියෝද පවසති.


මත්වතුරට මෙන්ම කාන්තාවන්ටද වැඩි කැමැත්තක්‌ දක්‌වන මෙම දේශපාලකයා පිළිබඳ අපූරු කතාවක්‌ අපට කීවේ එම නගරයේම පදිංචි පළාත් සභා ජනතා නියෝජිතයෙකි.


ඔහු විස්‌තර කළ අන්දමට එම කතාව මෙසේය.


පසුගිය කාල වකවානුවකදී අප කතාවේ ප්‍රධාන නළුවා වූ දේශපාලකයාගේ නිවසේ පැවැති උත්සවයකදී ඔහුට හිතවත් මෙන්ම සහාය දක්‌වන නගරයේ කාන්තාවක්‌ද සහභාගි වූවාය.


මැදියම් රැයද ඉක්‌මවන තෙක්‌ පැවැති එම සාදය අවසානයේ ගමනාගමන අපහසුතා හමුවේ අර කාන්තාවටද දේශපාලකයාගේ නිවසේම රාත්‍රිය ගතකරන්නට සිදු විය.


පියාගේ තරම දන්නා මෙම දේශපාලකයාගේ වැඩිමහල් දියණිය තම හිතවත් සේවකයකු කැඳවා තම පියා ඇතැම් අවස්‌ථාවල සිහිනෙන් ඇවිදින බවත් යම් හෙයකින් එසේ නැගිට ගියහොත් තමාට දන්වන ලෙසත් පවසා පියාගේ නිදන කාමරයේම සේවකයාත් නිදිකරවීමට කටයුතු කළේය.


මේ කිසිත් නොදත් දේaශපාලකයා රෑ මද්දහනේ අවදිව තම සයනය අසල බිම නිදා සිටි සේවකයා අවදි වී ඇද්දැයි විපරම් කිරීමේ අටියෙන් ඔහුගේ මුහුණට ඉහළින් ගෑවෙන නොගෑවෙන තරමින් තම අත්ල එහාට මෙහාට කළේය. දේශපාලකයාගේ දියණිය ලබා දුන් උපදෙස්‌ අකුරටම පිළිපදිමින් නිදිවර්ජිතව සිටි සේවකයා මෙම සියල්ල ඉවසා සිටියේ තමාට නින්ද ගොස්‌ ඇති බව ඒත්තු ගැන්වීමටය.


එම අවසරයෙන් තම හිතවත් කාන්තාව නිදා සිටි කාමරය වෙත දේශපාලකයා පියනගන අතර සේවකයා දිව ගොස්‌ සිද්ධිය දියණියට ප්‍රකාශ කර සිටියේය.


කාන්තාවගේ නිදන කාමරය වෙත යමින් සිටි පියා, දියණියගේ අතටම හසුවීමෙන් එදින රාත්‍රියේ එම නිවසේ මහත් කලබැගෑනියක්‌ ඇති විය.


මෙම තත්ත්වය යටතේ තම දියණියට තොරතුරු සැපයූවේ සේවකයා බවට සැක ඇති කරගත් දේශපාලකයා ඔහු කැඳවා "තෝ" නේද මේ විස්‌තර දුවට කීවේ" යෑයි තර්ජනය කර සිටියේය. මෙයින් බියට පත් සේවකයා ගොත ගසමින් පැවසුවේ "අනේ සර් ඒ නෝනගේ කාමරේට යන්න ඉස්‌සෙල්ලා සර් මගේ මුහුණ උඩින් අත එහාට මෙහාට කරකවනකොටත් මට හොඳට නින්ද ගිහිල්ලයි තිබුණේ කියාය.


තම මුවගට ආ සිනහව ආයාසයෙන් මැඩගත් දේශපාලකයා තෝ හින්දා දවසක මට දිවිනහගන්න වෙනවා යනුවෙන් පවසා එතැනින් නික්‌ම ගියේය.


 
  • Like
Reactions: lakshithalcr