හීන කතන්දර (යුග ගී පබැදුමක්)

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    හීන කතන්දර (යුග ගී පබැදුමක්)

    ගැ:
    හීන කතන්දර දෝත පුරෝගෙන
    රොනට ලොලේ එන බඹරින්දු
    හිතට සෙනේ ගෙන කුමට තැවෙමි මම
    තනිකම මිහිරියි ළඟ උන්නූ..
    පි:
    මුවට විඩා ගෙන දෙමින් අතෝරෙට
    කියවෙයි පෙම්‍රස කවි සිංදු
    රොනට නොවේ මල් සුවඳ සොයාගෙන
    ආවෙමි මේ දුර දුක කැන්දූ
    ගැ:
    රුවට රුවේ යස නෙතට රසාලිත
    මල් සුපිපේවී යාය පුරා
    ඒ මල් පෙති මත සැතපී සුව විඳ
    ඉගිලී යනවළු බඹර දනා
    පි:
    නුඹ දැනමුතුකම් කියනා ලෝකය
    වූවද ඒ ලෙස උදේ හවා
    දහසක් මල් ගොමු පසුකර ආවෙමි
    සත්තයි නුඹෙ පෙම් සුවඳ සොයා
    ගැ:
    පින්සර නොවුනෙමි රුවට පිපෙන්නට
    නැත මා මල් කෙමි රොනින් පුරා
    ඉන්නට ඇහැකිද දුප්පත් මල ළඟ
    මියෙනා තුරු පෙති බිම අතුරා
    පි:
    නෙත දුටු සිහිනෙක හිත තියලා මම
    නාවෙමි ඔබෙ රන් රුව සොයලා
    ඉන්නම් සදහට ඔය තුරුලේ මම
    නුඹෙ සුවඳින් මගෙ ළය පුරවා