හුදකලාව

seesor123

Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    නොයෙක් පැතුමන්
    පරව යද්දි
    දුකක් නම්
    නොදැනුනාවේ......

    කාලයේ වැලි තල අතරේ
    බොහො දේ සැග උනාවේ
    සදකාලික අපේ ඇසුරේ
    සුවද නම් නොදැනුනවේ.....

    සුවද ගෙන දී පිපී පරවෙන
    මලක් සේ ඔබ නොහැදුවා නොවැ
    මත්ව සරන බිගුන් රවටන
    කෑල මල වේ ලදේ ඔබ නම්.....

    මලට ලන් වී
    රොන් උරා බී
    මත්ව ඉන්නට...
    ඇලුම් කල මගේ හදේ ගිනි නිවා ගන්නට,
    මදක් නැවතී බලන් මා දෙස....:love::love::love:

    මේක මගෙ පලවෙනි නිර්මාණය. හොදයිනම් බම්ප් එකක්වත් දාලා යන්න.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හුදකලා දිනයක්
    අරුමයක් නොවුන මට
    තනිව දිලෙන තාරකාවන්
    දෙස බලා හිස් දෑසෙන්
    යම් දිනයක තාරකාවක්
    තනි නොවන කාලයක්
    උදාවෙනු නැතිද
    සිත සඳාගමි මෙසේ යලිඳු
    සඳ දෙසට සිනාසෙමින් මා
    හුදකලාව කතරක් වුවද සැමට
    පරාදීසයක්ම වෙනු නොවද
    චින්තකයෙකුට එය
    එහි ඵලය ලෝක
    විප්ලවයක උපතමය
     
    Last edited: