හුළං බලයෙන් දුවන TATA මිනි කැට් රථය වෙළඳපළට

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    හුළං බලයෙන් දුවන TATA මිනි කැට් රථය වෙළඳපළට

    හුළං බලය උපයෝගී කරගනිමින් ධාවනය වන රථයක් මේ වසර අවසානයේදී ධාවනයට එක් කිරීමට ඉන්දියාවේ ටාටා සමාගම සියලු කටයුතු සුදානම් කර ඇත. ”මිනි කැට්” ලෙස නම් කර ඇති මෙම කාරය ඉන්දියානු වෙළඳපොළෙන් ඇමෙරිකා ඩොලර් 12700 පමණ මුදලකට මිලදි ගැනිමට හැකිවෙනු ඇතැයි සදහන්.

    සම්පීඩනයට ලක්කළ වාතයෙන් කාරයේ පිස්ටනය ජව ගැන්වෙන අතර පරිසර හිතකාමි රථයක් ලෙස මිනි කැට් රථය නිපදවා ඇත. ආසන 6 කින් සමන්විත වන මෙහි තවත් විශේෂත්වයක් වනුයේ රථය පණ ගැන්වීම හා දොරවල් විවෘත කිරීම පරිගණක ගත කරන ලද විශේෂිත කාඩ්පතක් මගින් සිදු කිරීමයි. පැයට කිලෝමීටර් 105ක පමණ උපරිම වේගයෙන් ධාවනය කළ හැකි මෙම රථය මගින් ඉන්ධන හලකින් පුරවාගන්නා ලද සම්පීඩිත වායු ටැංකියකින් කිලෝමීටර් 300ක් පමණ දුරක් ගමන් කළ හැකි බවත් සම්පීඩිත වායු ටැංකියක මිල ඉන්දියා රුපියල් 100 ක් පමණ වනු ඇති බවත් සදහන්.

    http://lankabizstuff.blogspot.com/2...ampaign=Feed:+sbu/blogs+(Sinhala+Blog+Reader)