භාරත ඝාතනයට
දුමින්ද සැකකරුවෙකු නොවේ
-ලක්ෂ්මන් හුලූගල්ල
පසුගිය සතියේ රටම කතාබහ කළේ දුම්න්ද සිල්වා විසින් භාරතව ඝාතනය කිරීමේ සිදුවීම ගැනය.
නමුත් බීබීසී සන්දේශය සිංහල වැඩසටහනට විශේෂ ප්‍රකාශයක් කරන ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානී ලක්ෂ්මන් හුලූගල්ලේ කියා සිටින්නේ හතරබිහිරි කතාවකි...
ඔහු පවසන්නේ දුමින්ද සිල්වා මේ ඝාතනයට සැකකාරයෙකු නොවන බවයි. එහෙයින් හුලූගල්ලේ මහතා ඉ`ගි කරන්නේ දුමින්ද සුවය ලැබුවත් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්නොවන බවටය..
භාරත ලක්ෂ්මන්ගේ රියදුරු දුන් සාක්ෂියට අනුව දුමින්ද සිල්වා මහතා භාරතට පහරදී වෙඩිතියන්න නියෝග කළා නොවේදැයි බීබීසිය විමසන විට හුලූගල්ලේ මහතා පිළිතුරු දෙන්නේ,
‘දුමින්ද සිල්වා දැනටමත් මේ සම්බන්ධයෙන් තුවාල ලැබූ රෝගියෙක්..... ඔහු මේ ඝාතනය කළා යයි සාක්ෂි කිසිවක් මේ වනතුරු ඉදිරිපත්වී නෑ..ඔහුගේ පුද්ගලික බොඩිගාඞ්ලාත් මේ සිද්ධිය සිදුවන අවස්ථාවේ එතැන සිටියා..ඒත් අත්අඩංගුවට පත්වී සිටින අය අතර දුමින්ද සිල්වාගේ සහායකයින් කිසිවෙකු නෑ..’
එහෙනම් අල්ලාගෙන සිටින්නේ කවුදැයි බීබීසිය විමසන විට හුලූගල්ලේ මහතා කියා සිටියේ
‘මේ අය පාතාලේ අය..ඉන්දියාවෙදිත් සැකකරුවන් දෙදෙනෙකු අල්ලාගත්තා..පරීක්ෂණ අනුව පෙනී ගොස් තියනවා..ඒ දෙන්නා ඉන්දියාවෙ යන්න වීසා අරන් තියෙන්නේ මේ ඝාතනයටත් පෙර සිට බව..ඒ කියන්නේ මේක කල් ඇතිව සැලසුම්සහගතව කරපු එකක්’