හෙජින් හා මහබැංකු වංචා ගැන ඇත්ත කතාව

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හෙජින් හා මහබැංකු වංචා ගැන ඇත්ත කතාව

    යහපාලන රජය විසින් සිදු කර ඇති වංචා, පාඩු සහ වන්දි ගෙවීම් මෑතක සිට, අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා ඇතුළු මැති ඇමැතිවරු කීප දෙනකුම පසුගිය රජයේ - හෙජින් ගනුදෙනුව ඔස්‌සේ ශ්‍රී ලංකාවට සිදුවූ පාඩුව රුපියල් බිලියන 500 ක්‌ පමණ වී යයි පවසා ඇත. ඒ නිසා ජනතාවට වර්තමානයේදී අලෙවි කරන ඉන්ධන මිල අඩුකරන්නට රජය අපොහොසත් වන්නේ යෑයි ද ඔවුහු කියති. එහෙයින්, එම හෙජින් ගනුදෙනුව පිළිබඳව යථාර්ථය සහ සත්‍යයද, වර්තමාන යහපාලන රජයේ නිල කාලයේදී සිදුවී ඇති වංචා, පාඩු සහ වන්දි ගෙවීම් පිළිබඳ කෙටි විග්‍රහයක්‌ද, ජනතාවගේ අධ්‍යයනය පිණිස මෙම කෙටි ලිපියෙන් උපුටා දක්‌වා ඇත.

    අවදානම් සහිත ආර්ථික තත්ත්වයන් මතුවන අවස්‌ථා වලදී -හෙජින් යනුවෙන් හැඳින්වෙන රක්‌ෂණ වැනි ක්‍රමවේදයන් හරහා ආර්ථික සහ මූල්‍යමය අවදානම් අවම කර ගැනීමේ මූල ධර්මය සියලු ආර්ථික විශේෂඥයන් හොඳින් දන්නා, කරුණකි. එහෙයින්, 2006 වසරේ දෙවැනි භාගයේදී ලෝක තෙල් මිල ශීඝ්‍ර ලෙස වැඩිවෙන බව පෙනී යන අවස්‌ථාවේදී, -හෙජින් ක්‍රමවේදය අනුගමනය කරමින් මෙම අවදානම් තත්ත්වයට මුහුණදී රට තුළ ආර්ථික ස්‌ථායිභාවය රැකගත හැකි බව පෙන්වා දෙන වාර්තාවක්‌ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් මුදල් මණ්‌ඩලයට ඉදිරිපත් කරන ලදී. ඉන් පසු එම වාර්තාව පදනම් කොටගෙන මහ බැංකුව විසින් කැබිනට්‌ මණ්‌ඩලයට මේ පිළිබඳව සංකල්පය හඳුන්වා දෙන ලදී. මහ බැංකුවේ ඉදිරිපත් කිරීම (Presentation) සැළකීමෙන් අනතුරුව, මෙම විෂය පිළිබඳව වඩාත් විස්‌තරාත්මක වාර්තාවක්‌ ලබා ගැනීම පිණිස, විශේෂිත දැනුම ඇති කණ්‌ඩායමක්‌ කැබිනට්‌ මණ්‌ඩලය විසින් පත් කරන ලදී. එම කණ්‌ඩායමේ වාර්තාව අනුව, ලංකා ඛජිජ තෙල් සංස්‌ථාව විසින් -හෙජින් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම යෝග්‍ය යෑයි නිර්දේශ කරන ලදී. එම උපදෙස පිළිගනිමින්, -හෙජින් ක්‍රියාවලියේ නිරතවන්නට ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට, කැබිනට්‌ මණ්‌ඩලය විසින් අවසර ලබා දෙන ලදී.

    ඒ අනුව, 2007 මුල් භාගයේ සිට අදාළ රේ‚ය අමාත්‍යාංශයේ අධීක්‌ෂණයට යටත්ව, ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව, ඔවුනට අවශ්‍ය ඉන්ධනවලින් කොටසක්‌ මිලදී ගනිද්දී ජාත්‍යන්තර බැංකු කීපයක්‌ හරහා -හෙජින් ක්‍රමවේදය අනුගමනය කරන ලදී. ඒ වසර 1 කට ආසන්න කාලයක්‌ තුළ ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව විසින් සැළකිය යුතු වාසීන් සහ ලාභ අත්පත් කරගන්නා ලදී. එහෙත්, 2008 අග භාගයේදී, අනපේක්‌ෂිත ආකාරයට ලෝක තෙල් මිල පහළ යැම ආරම්භ වුණි. එවිට, හෙජින් ගිවිසුම් කීපයක්‌ ඔස්‌සේ, ජාත්‍යන්තර බැංකු තුනක්‌ ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවෙන් හෙජින් ගිවිසුම්වලට අනුව පැණ නැගුණායි කියන ලද ගෙවීම් ඉල්ලා සිටි අතර, ඒවා නොපියවූ නිසා, එම මුදල් ඉල්ලමින්, ජාත්‍යන්තර නීතිමය ක්‍රියාවලීන් මාලාවකට පිවිසුණහ. මෙම බැංකු තුනේ මූලික ඉල්ලීම් වල එකතුව මූල්‍යමය වශයෙන් ඇ.ඩො. මිලියන 500 ක්‌ පමණ වුණි. එහෙත්, ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා සහ අදාළ බලධාරීන්, මෙම ඉල්ලීම්වලට විරුද්ධව කටයුතු කරමින්, එම ඉල්ලීම් අතරින් විශාලතම අගය සහිත ඉල්ලීම, සිංගප්පූරුවේ උසාවියක සම්පූර්ණයෙන්ම නිශ්ප්‍රභ කර ගැනීමට සමත් වූහ. ඉතිරි ඉල්ලීම් දෙකෙන්, එක්‌ ඉල්ලීමක්‌ බ්‍රිතාන්‍ය උසාවියකින් එක්‌ බැංකුවකට වාසි වන ආකාරයේ තීන්දුවක්‌ ලබා දෙන ලද අතර, අනිත් ඉල්ලීම සිංගප්පූරු මැදිහත්කරු සංවිධානයක්‌ විසින් පවත්වන ලද ආරවුල්-විසඳුමකින් (arbitration), අනිත් බැංකුවට වාසිදායක තීරණයක්‌ ලබා දෙන ලදී. එහෙත්, මෙම නීතිමය තීන්දුවලින් අනතුරුව, එම ජාත්‍යන්තර බැංකු සමග තව දුරටත් කරන ලද නිල රාජ්‍ය සාකච්ඡා ඔස්‌සේ, ශ්‍රී ලංකා රජය සහ ලංකා ඛනිජතෙල් සංස්‌ථාව විසින් ගෙවීමට නියෝග වූ වන්දි මුදල්වලින් 70% ක පමණ ප්‍රමාණයක්‌ අඩු කිරීමකින් පසුව, අවසානයේදී ගෙවන්නට සිදුවූ සම්පූර්ණ මුදල ඇ.ඩො. මිලියන 90 කට පමණ (රු. බිලියන 12 ක පමණ) අගයකට සීමා කර ගැනීමට රජය සමත්වුණි.

    'හෙජින් ගනුදෙනුවට සම්බන්ධ වූ එක්‌ බැංකුවක්‌ ඊට අදාළ මුදල් විනිමය පාලන පනත උල්ලංඝනය කරමින් මෙරටින් පෝෂණය කළ බව අනාවරණය වීම නිසා එම බැංකුවට විනිමය පාලන දෙපාර්තමේන්තුව විසින් එසේ පෝෂණය කළ මුදල මෙන් තුන් ගුණයක දඩයක්‌ද පනවන ලදී.'

    එසේ නම්, සමස්‌තයක්‌ වශයෙන් සියලු කරුණු සලකා බලන විට, මෙම -හෙජින් ගනුදෙනු සියල්ලම හරහා ශ්‍රී ලංකාවට විඳින්නට සිදුවූ සමස්‌ත අලාභය ඇ.ඩො. මිලියන 90 ක්‌ පමණ හෝ රුපියල් බිලියන 12 ක්‌ පමණ යෑයි ගණනය කළ හැක. සත්‍ය පසුබිම මෙසේ වන විට, විවිධ අවස්‌ථා වලදී හෙජින් ගිවිසුම් හරහා ශ්‍රී ලංකා රජයට විඳින්නට සිදුවූ පාඩුව රුපියල් බිලියන 500 ක්‌ පමණ වූවායි පවසන වර්තමාන රජයේ දේශපාලනඥයන්ගේ ප්‍රකාශන අසත්‍ය ඒවා බව පැහැදිළිය.

    කෙසේ වුවත්, පසුගිය පාලන කාලයේ -හෙජින් පාඩුව වූ රුපියල් බිලියන 12 සහ වර්තමාන යහපාලන රජය විසින් සිදු කරන ලද මගඩි/වංචා/පාඩු කීපයක්‌ පිළිබඳව මේ අවස්‌ථාවේදී සන්සන්දනයක්‌ කිරීම කාලෝචිතය සහ අදාළ නිසා ඒවා ගැනත් යම් විස්‌තරයක්‌ මේවායින් කීපයක්‌ පහත සඳහන් වේ.

    1. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවී ඇති විශාලතම මගඩිය වන මහ බැංකුවේ සිදුවූ මහා බැඳුම්කර මගඩිය හේතුකොටගෙන, 2015.02.27 සිට 2015.21.31 දක්‌වා කාලය තුළදී, පොලී අනුපාතය කෘත්‍රිම සහ දූෂිත ලෙස ඉහළ නැංවීම නිසා රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන 145 ක්‌ යෑයි ආර්ථික විශ්ලේෂකයන් විසින් දැනටමත් වෘත්තීමය ආකාරයට ගණනය කොට ඇත. ඊට අමතරව, 2015.02.27 දින පමණක්‌ රජයට සිදුවූ සෘජු පාඩුව රුපියල් බිලියන 2 ක්‌ පමණ වූ බවද, විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ.

    2. 2015.02.27 මහ බැංකු මහා මගඩියෙන් පසු පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි වලදී, හිතාමතාම වෙළෙඳපොළේ පිහිටි පොලී අනුපාතවලට වඩා බෙහෙවින් ඉහළ පොලී අනුපාත (off-market rates) වලට අලෙවි කරන ලද බැඳුම්කර නිකුතු නිසා සිදුවූ පාඩුව රුපියල් බිලියන 55 ක්‌ බව මෑතකදී හෙළිවූ මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තාව හරහා පෙන්වා දී ඇත.

    3. බැඳුම්කර මගඩිය ඔස්‌සේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණාගේ සමාගම හරහා, අතිශයින් අඩු මිලකට මිලදී ගන්නා ලද භාණ්‌ඩාගාර බැඳුම්කර, ඉතා කෙටි කාලයක්‌ තුළදී, ඉහළ මිලකට සේවක අර්ථසාධක අරමුදල වෙත පවරමින්, සියලු ලාංකික වැඩ කරන ජනතාවට අයත් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 10 ක දැවැන්ත පාඩුවක්‌ සිදු කර ඇත.

    4. 2015 සහ 2016 දී, ආර්ථිකයේ දුර්වල සහ දූෂිත කළමනාකාරිත්වය නිසා, ශ්‍රී ලංකා රුපියලේ අගය දැවැන්ත ලෙස කඩාවැටීම ඔස්‌සේ, රටේ හෝ රාජ්‍ය සම්පත්වලට කිසිදු භෞතික අගයක්‌ එකතු කිරීමක්‌ නොමැතිව, රාජ්‍ය ණය බර වැඩිවූ නිසා සිදු කරන ලද පාඩුව, 2015 දී රුපියල් බිලියන 285 ක්‌ද, 2016 වසරේ ජනවාරි සිට ජූලි මාසය වන තෙක්‌ රුපියල් බිලියන 141 ක්‌ද වූ බව, මහ බැංකු නිල වාර්තාවලින් දැනටමත් පැහැදිළිව හෙළිවී ඇත.

    5. ශ්‍රී ලංකා එයාර් ලයින්ස්‌ සමාගම විසින් පසුගිය රජයේ නිල කාලයේදී ඇණවුම් කරන ලද නව අහස්‌ යානා කීපයක්‌ම, වර්තමාන රජය විසින් පදනම් රහිතව අත්හිටුවීම හරහා, එම අහස්‌ යානා සපයන ආයතනයට ඇ.ඩො. මිලියන 98 හෝ රුපියල් බිලියන 15 වන්දියක්‌ (claim for damages) ගෙවීමට රජයට සිදුවී ඇත.

    6. කොළඹ -පෝර්ට්‌ සිටි ව්‍යාපෘතිය පදනම් රහිතව අත්හිටුවීම ඔස්‌සේ, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම විසින් රජයට විරුද්ධව ගොනු කරන ලද වන්දි ඉල්ලීම (claim for compensation) වන ඇ.ඩො. මිලියන 143, එනම් රුපියල් බිලියන 21 සමථයකට පත් කිරීම සඳහා, ඉදිරියේදී ගොඩ කරන භූමියෙන් වැඩිපුර අක්‌කර 5 ක්‌ පමණ වටිනා ඉඩමක්‌ චීන පාර්ශවයට ලබා දෙන්නට රජය එකඟවීමෙන්, එම වන්දි ඉල්ලීම දැනටමත් වක්‍රාකාරව පියවා ඇත.

    ඉහත කී පාඩු, අලාභ සහ වන්දි ඔස්‌සේ වර්තමාන යහපාලන රජය විසින් පළමු වැනි වසර දෙකක කාලය තුළදී පමණක්‌, රටට සිදු කර ඇති පාඩුව රුපියල් බිලියන 674 කි. එම මුදල, කොළඹ - ගාල්ල අධිවේගී මාර්ග 10 ක්‌ පමණ ඉදිකළ හැකි මුදලක්‌ බව හැඳින්විය හැකි අතර, එම මුදල, හෙජින් ගනුදෙනුවලින් සිදුවූ පාඩුව මෙන් 56 ගුණයක්‌ ලෙසද විදහා දැක්‌විය හැක.

    දිවයින -2017/04/02
     
    • Like
    Reactions: Lejayange

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අනේ මන්ද ඕව නං තේරෙන්නේ නෑ බන් අපිට. කොහොම උනත් දෙගොල්ලොම එන එන සැරේට අපිට කෙළවෙන බව නං දැනෙනව.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo
    අනේ මන්ද ඕව නං තේරෙන්නේ නෑ බන් අපිට. කොහොම උනත් දෙගොල්ලොම එන එන සැරේට අපිට කෙළවෙන බව නං දැනෙනව.
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    පිස්සුද බන් දිවයින කොච්චර ඇත්ත කථා කලත් ඒක වෙල්ගම පවුලේ හිිතවත් පත්තරයක් කියල හංවඩු ගහලයි තියෙන්නෙ ... දැන් සමහර උන් කියන්නෙ මහින්ද එහෙම කලා නම් මුන්ට පොඩ්ඩක් බැරිද කියල .... ඔන්න යහපාලන විශ්වාස !!!!
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    avatar469265_5.gif
    avatar469265_5.gif
    avatar469265_5.gif
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    පිස්සුද බන් දිවයින කොච්චර ඇත්ත කථා කලත් ඒක වෙල්ගම පවුලේ හිිතවත් පත්තරයක් කියල හංවඩු ගහලයි තියෙන්නෙ ... දැන් සමහර උන් කියන්නෙ මහින්ද එහෙම කලා නම් මුන්ට පොඩ්ඩක් බැරිද කියල .... ඔන්න යහපාලන විශ්වාස !!!!

    මහින්ද එහෙම කලා නම් මුන්ට පොඩ්ඩක් බැරිද කියල .... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    "ඒ කාලේ අපි පාඩු කලේ මෙච්චරයි, දැන් ඉන්න ආණ්ඩුව ඒ වගේ අහවල් ගුනයක් පාඩු කලා"
    අපේ පාලකයින්ට කඩේ යන්න වෙලා තියෙන්නෙ මේ විදියටනේ.
    රටට ලාබයක් කරගන්න පුලුවන් හරි හමන් පාලකයො අපිට් නැති හැටි හැබැවටම​