අවුරුදු දහයකට වගේ කලින් මම කැන්සර් හොස්පිටල් එකේ හිටපු ලෙඩෙක්ට කැඳ අරන් ගියා සතියක් විතර තිස්සෙ. ඒ ලෙඩාට අල්ලපු ඇඳේ හිටියෙ පොඩි එකෙක්. එකෙක් නෙමෙයි එකියක්. මෙයාගෙ කොණ්ඩෙ තිබුනෙ නෑ. බෙහෙත් වලට ගිහිල්ල. කතා පෙට්ටියක්. හැබැයි අමාරුවෙන් තමයි කතා කරන්නෙ. ඉතින් මාත් එක්කත් කතා කරනව. මෙයා ළඟ A4 ෂීට් මිටියක් තිබුන. එකම දේ තමයි හැම එකකම ඇඳල තියෙන්නෙ. ඉර පායන හැටි තමයි හැම එකකම. මටත් ඉතින් කට තියන් ඉන්න බැරි නිසා ඇහුව ඇයි ඔයා එකම දේ අඳින්නෙ කියල. එයාගෙ බෙහෙත් පටන් ගත්ත දවසෙ ඉඳල හැම දවසකම ඉර පායන හැටි ජනේලෙන් බලල අඳිනවලු. කෙල්ලගෙ එකම බලාපොරොත්තුව ඊළඟ දවසෙ ඉර පායන එක බලන එකලු. එයාට ෂුවර් නෑලු ඒක බලන්න පණ පිටින් ඉඳියිද කියල.
අපි ජීවිතේ ලොකු දේවල් පස්සෙ දුවනකොට පොඩි පොඩි ලස්සන දේවල් මග ඇරෙන්න පුලුවන්. මම ඊට පස්සෙ පුලුවන් දවසට බලනව ඉර පායන හැටි.
අපි ජීවිතේ ලොකු දේවල් පස්සෙ දුවනකොට පොඩි පොඩි ලස්සන දේවල් මග ඇරෙන්න පුලුවන්. මම ඊට පස්සෙ පුලුවන් දවසට බලනව ඉර පායන හැටි.

