හෙළයන් ජපන් ගිහින් අනාතයි

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,107
    2,343
    113
    ප්‍රකට බ්‍රසීලියානු සමාජ මාධ්‍ය බලපෑම්කාරිනියක වන 30 හැවිරිදි අමන්දා බෝර්ගස් ද සිල්වා (Amanda Borges da Silva) යන අයගේ මරණයට සැකපිට රැකියා විරහිත 31 හැවිරිදි ශ්‍රී ලාංකික පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

    එම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ, අදාළ ලාංකිකයා මෙම මරණය සිදුව ඇති ස්ථානයේ සිට පලා ගොස් ඇති බවට වන මූලික චෝදනාව මතයි.

    පසුගියදා (මැයි 1) අවසන් ගමන් ගිය අමන්දා බෝර්ගස් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා තිබුණේ සිය ජපන් සංචාරයක් අතරතුරයි.

    ඈ එම ගමනට පෙර, තමා ජපානයට බෙහෙවින් ආදරය කරන බවත් එරට තුළ තමාට සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බවක් දැනෙන බවත් සිය මවට පවසා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

    ඇය ටෝකියෝවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල නරිටා හි කුලියට ගත් මහල් නිවාසයක ඇති වූ ගින්නකින් පසු දුම ආශ්වාස වීම හේතුවෙන් මියගිය බවයි මූලික විමර්ශනවලින් අනාවරණයව ඇත්තේ.

    ඒ අනුව ඇගේ මරණය සම්බන්ධ‍යෙන් ක්‍රියාත්මක අපරාධ පරීක්ෂණයේදී එම ස්ථානයෙන් පලාගිය බව කියන 31 හැවිරිදි උදයංග නම් ලාංකිකයාව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මරණයෙන් දින තුනකට පසුවයි.

    එහිදී ඔහුට එල්ලව ඇති මූලිකම චෝදනාව ගින්න නිවා දැමීමට උත්සාහ නොකර ඔහු මහල් නිවාසයෙන් පිටව යාම බව සඳහන්.

    එමෙන්ම මියගිය අමන්දා බෝර්ගස්ගේ පෞද්ගලික භාණ්ඩ කිහිපයක් ද අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

    ජංගම දුරකථනයක්, ස්වර්ණාභරණ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ කිහිපයක් ඒ අතරට අයත්.

    බ්‍රසීල මාධ්‍ය වාර්තාවන්ට අනුව, මරණයට පත්වන අවස්ථාවේදී ඇය මත්ද්‍රව්‍ය ලබාගෙන සිට ඇති බවට වන සැකය මත, ඇයට මත්ද්‍රව්‍ය ලබාදුන්නා ද යන්න පිළිබඳවත් විමර්ශන කෙරෙන බව සඳහන්.

    ඒ අනුව මෙම සිදුවීමට පෙර අමන්දා බෝර්ගස් හට මත්ද්‍රව්‍ය ලබා දුන්නේද, ගින්න නිවා දැමීමට උත්සාහ නොකර අදාළ ලාංකිකයා මහල් නිවාසයෙන් පලා ගියේ මන්ද යන්න පිළිබඳව ප්‍රශ්න කෙරෙන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    මියගිය අමන්දා බෝර්ගස් Formula One සුපිරි රසිකාවියක් ලෙස ප්‍රකටය. ඇය ජපානයට පැමිණ ඇත්තේද, Grand Prix නැරඹීම සඳහායි.

    ඇගේ මරණය සම්බන්ධයෙන් බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මේ වන විට කැළඹී ඇති අතර ඔවුන් චෝදනා කරන්නේ විදේශිකයින් විසින් ජපානයේ ආරක්ෂාව සඳහා වන කීර්ති නාමයට හානි කරන බවටයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හෙළයා රකියවිරහිතව නිවාස සන්ක්රිනයක ජිවත් උනේ කෙසේද ? ජපානේ වැනි රටක
     
    • Haha
    Reactions: kolavari

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,155
    6,610
    113
    East Blue (Goa Kingdom)
    ජපානේ පොලිසිය කියන්නේ සැක කාරයෙක් ඇල්ලුවොත් ඌව වැරදි කාරයා කරන්න ඕනෑම දෙයක් කරන උන් ටිකක් .
    උන්ටම හරියන උසාවියක් තියෙන්නේ අනිවාර්යෙන් අල්ලන එකාව වැරදි කාරයා කරනවා ඇත්ත බොරුව අදාළ නැහැ .

    උන්ට ඕන case එක විසඳුනා කියල පෙන්නන්න .

    මූ පිට රටක එකෙක් නිසා තවත් ගොඩක් වැඩි chance එක මූව බොරුවට වැරදි කාරය කරන .
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඒ අනුව ඇගේ මරණය සම්බන්ධ‍යෙන් ක්‍රියාත්මක අපරාධ පරීක්ෂණයේදී එම ස්ථානයෙන් පලාගිය බව කියන 31 හැවිරිදි උදයංග නම් ලාංකිකයාව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මරණයෙන් දින තුනකට පසුවයි.

    එහිදී ඔහුට එල්ලව ඇති මූලිකම චෝදනාව ගින්න නිවා දැමීමට උත්සාහ නොකර ඔහු මහල් නිවාසයෙන් පිටව යාම බව සඳහන්.

    එමෙන්ම මියගිය අමන්දා බෝර්ගස්ගේ පෞද්ගලික භාණ්ඩ කිහිපයක් ද අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

    ජංගම දුරකථනයක්, ස්වර්ණාභරණ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ කිහිපයක් ඒ අතරට අයත්.

    බ්‍රසීල මාධ්‍ය වාර්තාවන්ට අනුව, මරණයට පත්වන අවස්ථාවේදී ඇය මත්ද්‍රව්‍ය ලබාගෙන සිට ඇති බවට වන සැකය මත, ඇයට මත්ද්‍රව්‍ය ලබාදුන්නා ද යන්න පිළිබඳවත් විමර්ශන කෙරෙන බව සඳහන්.

    ඒ අනුව මෙම සිදුවීමට පෙර අමන්දා බෝර්ගස් හට මත්ද්‍රව්‍ය ලබා දුන්නේද, ගින්න නිවා දැමීමට උත්සාහ නොකර අදාළ ලාංකිකයා මහල් නිවාසයෙන් පලා ගියේ මන්ද යන්න පිළිබඳව ප්‍රශ්න කෙරෙන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
    කොල්ලා ගාව නැති උනා කියන බඩු තිබිල අහු වුනොත් සොරිම තමයි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,145
    46,856
    113
    අනිවා ලංකාවේ ඵකා ඕකට සම්බන්ද අැති..උෟ වැරදි නැත්නම් දිව්වේ මොකෝ අඩු ගානේ කෑගහල අනිත් අයට හරි ඔය සිද්දිය ගැන කියන්න තිබ්බනේ..
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    294
    1,093
    93
    ජපන්නු කියන්නේ උන්ගේ පැත්තට වැරැද්ද එන එක නවත්තන්න ඕනේ දෙයක් කරන වේ...ගේ පුතාලා සෙට් එකක්. උන් හොඳ මිනිස්සු කියලා ලෝකෙට පෙන්නන්න මාර ගේමක් දෙන්නේ. අනිවා ලංකාවේ එකා ඔය චාටර් එක කන්න ප්‍රධාන හේතුව ඌට දුඹුරු හමක් තියෙන එක. කැ.. racist රටක් ඕක. ඕකව නිකං හරි පටලවලා හිරේ දාන්න බැරි නෑ...
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,155
    6,610
    113
    East Blue (Goa Kingdom)
    ජපන්නු කියන්නේ උන්ගේ පැත්තට වැරැද්ද එන එක නවත්තන්න ඕනේ දෙයක් කරන වේ...ගේ පුතාලා සෙට් එකක්. උන් හොඳ මිනිස්සු කියලා ලෝකෙට පෙන්නන්න මාර ගේමක් දෙන්නේ. අනිවා ලංකාවේ එකා ඔය චාටර් එක කන්න ප්‍රධාන හේතුව ඌට දුඹුරු හමක් තියෙන එක. කැ.. racist රටක් ඕක. ඕකව නිකං හරි පටලවලා හිරේ දාන්න බැරි නෑ...
    muta mun death penalty eka dewi,
    japane kiyanne loketa boruwata honda moona pennanna mini maranna ready un tikak .
    japane wena rapes etc godak report wenne naha, unge rape wela report karoth unge 2.50 samaje kapilla enne report karapu rape una kenata,.
    ehema 2.50 bahuthara samajayak thieyena ratak japane.