හෙළයේ මහා අභිරහස/ හෙලයන් බිහිකල පලස්තැන්න

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    1945 පමණ වනතුරු ලෝක බලවතා වූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා විසින් මුළු ලෝකයටම ලෝක ඉතිහාසය ලියා දී ඇත. ඒ 20 වන සිය වස මුලදීය. ඒ අනුව ලොව පැරණිම ශිෂ්ටාචාරය වන බැබිලෝනියාවේ ඉතිහාසය අවුරුදු 6000 ක් (ක්‍රි.පූ 4000) දක්වා පමණක් අතීතයට දිවයයි. 1950 න් පසු ලෝක බලවතා බවට පත් වූ එක්සත් ජනපදයේ ඉතිහාසඥයින්, පුරා විද්‍යාඥයින් හා මානව විද්‍යාඥයින් ඉන් ඈතට ලෝක ඉතිහාසය සොයා ගියහ. සංස්කෘත සාහිත්‍යට අයත් පුරාණ නමැති කතා ප්‍රවෘත්තිවලට ඔවුන්ගේ අවධානය යොමු විය. පුරාණ යන සංස්කෘත වඡයේ අර්ථය ඉතිහාසය යනුයි. එබැවින් කිසියම් රටක ඉතිහාසය එහි ඇතැයි අනුමානයෙන් ඒවා කියවූහ. දේව කතා හා මිනිස් කතා මිශ්‍රව ඇති අතර ඍෂිවරු ඒවයේ ඉතා වැදගත්ය. මිනිසුන් හා දෙවියන් අතර සිටින්නේ ඍෂිවරුන්ය. ඔවුහු අධිමානසික තත්ත්වයේ අය වෙති. අසුරයන් නැමැති මිනිස් කොටසක් ගැන කියවෙන නිසා පුරාණවල ඇසිරියන් ඉතිහාසය ඇතැයි ඔවුහු පළමුව සිතූහ. නමුත් භාරතයට දකුණු දෙසින් ඇති රටක අසුරයන් ගැන කියවේ. එබැවින් ඇමෙරිකන්කාරයාට පුරුදු ලෙස ඊට අසුර අධිරාජ්‍යය යයි නම තැබූහ. නමුත හෙළය, හෙළ දෙසථ හෙළයන්, හෙළ බිම යන නම් ද අසුරයන්ට සම්බන්ධය. ඒ නිසා එය හෙළ අසුර අධිරාජ්‍යයක් වීම වඩා උචිතය. නිවර්තනික කලාපය පුරා නැගෙනහිර සිට බටහිරට මෙය පැතැිරී තිබුණි. මෙය සංස්කෘතික අධිරාජ්‍යයක් මිස දේශපාලනික අධිරාජ්‍යයක් නොවේ. සමානතාව තිබුණේ ජීවන රටාවේ පමණි. එබැවින් එය අධිරාඩ්‍යයකට වඩා මහා සංස්කෘතික කලාපයකි.

    hela abirahas
    අපගේ ඉතිහාසඥයින් හා පුරා විද්‍යාඥයින් විසින් තම ස්වාමීන් වූ ඉංග්‍රීසින් අනුව යමින් ඉතිහාසගත රාවණා විහිළුවක් ලෙස ප්‍රතික්ෂේප කර ඇත එබැවින් ඇතැම් හින්දු (අන්තවාදී) ඉතිහාසඥයින් ඊට රාම අධිරාජ්‍යය නමැති මිත්‍යා නාමය පාවිච්චි කරති. ඒ නිසාම බටහිර අයද විකල්පයක් ලෙස එම නම භාවිතා කරති. ඉංග්‍රීසිකාරයා විසින් මහා වංශයම ලංදකා ඉතිහාසය බවට පත් කරමින් අප ඉතිහාසය අරඹන්නේ ක්‍රි.පු 543 වසරිනි. ඇමෙරිකන්කාරයාගේ සොයා ගැනීම අනුව අප ඉතිහාසය වසර 12 500 දක්වා (ක්‍රි.පූ. 10 500) දක්වා ඈතට දිවෙයි.

    හෙළ හවුල හා අරිසෙන් අහුබුදු පඩුවාට අනුව එය 28 200 ක් අතීතයට එනම් මහා සම්මත මනු දක්වා දිවෙයි. එම ගණන් බැලීම කරන ලද්දේ මහා වංශයේ හා රාජාවලියේ එන මාහා සම්මත මනුගේ පටන් බුදුන් වහන්සේ දක්වා එන ප්‍රධානින් (රජුන්) සහ ඔවුනගේ රාජ්‍ය කාලයන් එකට එකතු කිරීමෙනි . එහි ඇති නිරවද්‍යතාවය ගැන සහතික විය නොහැක. බටහිර ඉතිහාසඥයින්ගේ මිනුම් දඩු අනුව නම් මේ මිනිසා දඩයම් හා එඩේර යුග යුරෝපයේ කිසියම් කලාපයකට මිස මුළු ලෝකයට ආදේශ නොවේ.

    හෙළ හවුල හා අරිසෙන් අහුබුදු පඩුවාට අනුව එය 28 200 ක් අතීතයට එනම් මහා සම්මත මනු දක්වා දිවෙයි. එම ගණන් බැලීම කරන ලද්දේ මහා වංශයේ හා රාජාවලියේ එන මාහා සම්මත මනුගේ පටන් බුදුන් වහන්සේ දක්වා එන ප්‍රධානින් (රජුන්) සහ ඔවුනගේ රාජ්‍ය කාලයන් එකට එකතු කිරීමෙනි . එහි ඇති නිරවද්‍යතාවය ගැන සහතික විය නොහැක. බටහිර ඉතිහාසඥයින්ගේ මිනුම් දඩු අනුව නම් මේ මිනිසා දඩයම් හා එඩේර යුග යුරෝපයේ කිසියම් කලාපයකට මිස මුළු ලෝකයට ආදේශ නොවේ.

    මනු + නා + අරම = මන්නාරම මහා සම්මත මනුගේ මධ්‍යස්ථානය බව අහුබුදු සූරීහූ පවසති. දෙමළ බසින් ඊට #මන්නාර් යයි කියන නිසා ඉංග්‍රීසියෙන් ද එයට Mannar ලෙස ලියති. මන්නාරමට ඉර මුදුන්වෙන (වර්තමාන) අප්‍රේල් 14 එසේවෙන්නේ මන්නාරම, කනගරායන්කුලම්, නැදුන්කරනි හරහා වැටෙන අක්ෂාංශ රේඛාවටය. මෙම සම්බන්ධය කුමක් දැයි ගවේෂණය කළ යුතුව ඇත. බුදුන්වහන්සේ මෙම මනුගේ වංශයට අයත් බව මහා වංශය පවසති. කල්පාරම්භයේ මහා සම්මත රජුගේ පටන් පැවත ආ රජුන් 28 දෙනා භාරතයේ කුසාවති, රජගහ, මියළු යන පුරයන්හි රජ කළ බව මහා වංශය පැවසීමට සාවද්‍ය හේතුව නම් ඉන්දියානු ඉතිහාසයට අනුව ගංගානම් ගං නිම්නය ජනාවාස වී ජනපද ඇති වුණේ ක්‍රි.පූ 8 වැනි සියවසේදී පමණ වූ නිසායසතුන් පට්ටි තැනින් තැන දක්කගෙන යන එඩේර පිරිසක් වයඹ දිග කපොළුවලින් ඇතුළු වී පංජාබටය ආ වහාම #සෘග් වේදය වැනි අතිශය දාර්ශනික ග්‍රන්ථ සම්පාදනය කිරීමද ඉංග්‍රීසි ඉතිහාසඥ සිවිල් සේවකයන්ට වැරදුන තැනකි. ඒ වෙනුවට ඇමෙරිකන් මානව විද්‍යාඥයන්ට හමු වූ පුරාණ ග්‍රන්ථ අනුව #සෘග්වෛදය සම්පාදනය කළ යදු, පුරු, අනු, දායු, තුර්වාස (සංස්කෘත) යන පංච මානවයන් වනාහී නහුත රජුගේ දූවරුන් දෙදෙනාගේ දරුවන්ය. (මුණුපුරන්) එක සහ බිංදු 27 න් නහුතය නැමැති සංඛ්‍යාව දක්වා වැඩි කිරීමේ ගණිතය සම්පාදනය කළ නහුත රජුගේ සෙල්ලිපියක් ඇත්තේ ඉන්දියාවේ නොව ඉබ්බාගමුව සිට පොල්පිතිගමට යන මාර්ගය අසල රන්ගිරිමඩය. (1 C 959 බත නහුත සහකිත). නමුත් මෙය හොදින් වටහා ගත් මහාචාර්ය සෙනරත් පරණවිතාන ඔහුගේ Inscription Of Ceylon Volume 1 හි ලිපිය දක්වා ඇත්තේ බත උපතිය ලෙස විකෘත කිරීමෙනි. මෙය විජයට වඩා පැරණි නිසා එසේ සිදු වී ඇත. මහා වංශය දක්වන පරිදි කකුසද බුදුන් ලංකාවට වැඩි අවදියේ අඉය නගරය මෙරට අගනුවර විය. සෙල්ලිපිය දක්වන පරිදි #නහුත සහකිත රජු අබය නගරයේ විය. කකුසද බුදුන් මින් වසර 20 000 කට පෙර වැඩ සිටි බව බොද්ධ ගණන් බැලිමයි.

    අනුරාධපුර මහාවිහාරය බොද්ධ සාහිත්‍ය කෘතිවල දැක්වෙන විස්තර අනුව ලංකාවෙහි ස්ථාන, සිදුවීම් හා පුද්ගලයන් ආදිය ඉන්දියාවේ ස්ථාපිත කර තිබේ. දඹදිව යනු ලංකාවයි. අරාබි ලේඛකයන් පවසන පරිදි ලංකාවට දකුණින් මුහුදේ යාත්‍රා කරන විට විශාල දඹයක් (Cliff) නොහොත් හෙලක් (ප්‍රපාතයක්) මගින් උස් කදුකරය දකුණු දිග තැනිතලාවට මායිම් වේ. මේ හරහා ගලන ගංගා එවිට දිය ඇළි ඇති කිරීම තුළින් මේ බව පැහැදිලිය. මහා සම්මත මනුගෙන් පැවතෙන රජුන් මනුතා අරමෙහි මිස ඉන්දියාවේ කුසාවති, රජගහ හෝ මියුළු නුවරවල රජකම් කිරීමක් සිදු නොවේ. මෙම පැරණි යුග වලදී උතුරු ඉන්දියාවේ ගංගානම් ගං නිම්නය ජනාවාස වී නැත. මහා සම්මත වංශයේ රජුන් ලෙස මහා වංශයේ සදහන් වන කල්‍යාණ, මනදාතු, මුචලින්ද, සාගර, ප්‍රතාප, මහා ප්‍රතාප ආදින් සිටියේ අසුර රාජ්‍යයේ (ලංකාවේ) බව පුරාණ ග්‍රන්ථ සදහන්ය. එමෙන්ම රාමායණයේ සදහන් වන පරිදි රාම රාවණ යුද්ධයක් ඇතිවීම අසත්‍ය වේ. රාවණයන් මීට අවුරුදු 10 000 ට ඉහත සිටි බව 2002 දී මුහුදු පත්ලෙන් සොයා ගත් ජනස්ථාන් නටබුන් වලින් ඔප්පු වේ. රාමා විසුවේ යයි කියන අයෝධ්‍යා නුවර ජනාවාස වූයේ ක්‍රි.පූ. 7 සියවසේ බව ඉන්දියානු ඉතිහාසය පවසයි. රාමායණය ලියවුණේ ක්‍රි.පූ. 4 සියවෙස් වන අතර ඉන් සියවස් 2 ට පසුව ලියවුණ ජාතක අටුවාවේ එන #දශ රථ ජාතකයේ කියැවෙන්නේ දශරථ රජු විසින් රාම කුමරුන් 12 වසරක් වනයේ වාසය සදහා යැවූ බවය. ඔහු යන විට බාල සොයුරි සීතා හා සොයුරු ලක්ෂමනද රාමා සමග වනයට ගියහ.

    රාවණ කෙනෙකු හෝ සීතා පැහැරගෙන යාමක් හෝ රාම-රාවණ යුද්ධයක් දසරථ ජාතකයේ නැත. මේ අනුව රාමායනය මහා කාව්‍යයකට අඩංගු ලක්ෂණ නිර්මාණය කර ඇත්තේ රාවණා කෙනෙකු කතාවට පටලවා ගනිමිනි. ඉන් පෙර ලිපියක දැක්වූ වසර 6000 කට පෙර හෙළයන් බැබිලෝනියාවට ගුවනින් යාමද පුරාවිද්‍යාත්මකව සනාථ විය. ග්‍රික ජාතික ප්ලේටෝගේ අත්ලාන්තිස් පුරවරය නමැති පරමාදර්ශී රාජ්‍ය රාමායණයේ එන හනුමා දුටු ලංකාපුරය බව ඔප්පු වූයේ 1999 දීය. 1905 දී රයිටි සහොදරයන් සෑදූ ගුවන් යානය අවුරුදු දහස් ගණනකට උඩ දී ලංකාවේ තිබීම මිත්‍යාවක් ලෙස සැලකුවද 1986 පිරමීඩ දේවාලයේ ඇඹිම් නිසා එය ද ඔප්පු විය. මීට පෙර ලිපියක දැක්වූ පරිදි දඬුමොණරයේ වූ මර්කරි වෝටෙක්ස් එන්ජිම අදත් ලොව ඇති වැඩිම වේගයෙන් යුතු අභ්‍යවකාශ එන්ජිමයි.

    ඊශ්‍රායලයේ ඇති ජනප්‍රවාදයක් වන්නේ හබරගමුවෙන් ආ (සබරගමුව) යුදා සහ පිරිස නිසා පලස්තැන්න (පළස්තීනය) ජනාවාස වූ බවයි. හබර බස හීබෘ ලෙස හැදින්වේ. යුද ඇදහීම යුදෙව් ආගමයි. තෝරා ගත් කරුණු ඇති ආගමික ග්‍රන්ථය තෝරා (ටෝරා) නම් වේ. හිරන් කසුබ් රාජ්‍යය වූ කොකේසස් කදුකරය අසල ඇති ඇතුළු මුහුද කාශ්‍යප මුහුද (කැස්පියන් සී) ලෙස අදත් හැදින්වේ.

    කුඹුක්කන් කුමරු සමග කුඹුක්කන් ඔයේ ගල් අමුණ (මෝයෙන් කි.මී. 34 ක් ඉහළ) සාදා ජල සම්පාදනයට හවුල් වූ දනුබ් කුමරු දකුණු යුරෝපයට ගොස් විශාල ගගත් ආශ්‍රිතව ගංගා නිම්න ශිෂ්ටාචාරයක් ඇති කළේ #රමණීය නමැති රට සිතියම් පොතේ # රොමනියා ලෙස සදහන්ය. ප්‍රලද රජුගේ පුත් වීර චන්න (චීරවන) දකුණු ඇමෙරිකවේ අන්දීස් කදු මුදුනට ගොස් #පාතල ශිෂ්ටාචාරය ඇති කළේය. ලංකාවේ අපගේ පාද තලය යට සෘජු ලෙස ලෝක ගොලයේ අනිත් පය පිහිටි නිසා ඊට පාද + තලය + යට (පාතාල ) යයි කියති. පසුව එය ඉන්කා ශිෂ්ටාචාරය ලෙස හැදින්වුණි. අක්කර 6 ක් පුරා විසිරුණු චීරචන දේවාලයේ නටඹුන් හා චීරචන කුමරුගේ සෙල් පිළමය අදත් යමෙකුට දැකිය හැකිය. මෙබදු දුසිම් ගණනක් ඇති සාක්ෂි වලින් පැහැදිලි වන්නේ විජයාගමනයට ඉතා පූර්වයෙහි සිට දියුණු ශිෂ්ටාචාරයක් හා ඉතිහාසයක් අපට තිබු බවය. හෙළ නමැති මෙම ඹිෂ්ටාචාරයේ නමට සුදු හුණු ගා ඒ මත එහි සංස්කෘත පරිවර්තනය වන $සිංහල නාමය ලියුවේ අනුරාධපුර මහා විහාරය විසිනි.

    මාහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් සංස්කරණය කරන ලද ලංකා ශිලා ලිපි සංග්‍රහය 1 වෙළුම පොතේ බ්‍රාහ්මී අක්ෂර ලිපි 1234 ක් ඇත. ඉන් 16 ක් විජයාගමනයට පෙර ස්ථාන නාම හා පුද්ගල නාම දක්වයි. එම 16 ඉදිරියට ගොස් බැලූ විට සමහර ලිපිවල අකුරු අඩු වී ඡායාස්ථිත දක්නට පළුවන. තවත් සමහරක් නිවැරදිව කියවා ඒවායේ අර්ථ දැක්වීම වැරදියි. තවත් ඡායාරූපයක වචනයක් අඩුවෙන් ඡායාරූප ගත කර ඇත. මේ වුවමනාවෙන් සිදු කළ පුරාවිද්‍යා විකෘති කිරීමකි. එමෙන්ම පදේශයේ දඩයක්කාරයින් මොනරගල පොලිසියේ පොලිස් නිළධාරීන් යාල වනෝද්‍යානයේ මඟ පෙන්වන්නන් හොදින් දන්නා කුඹුක්කන් ඔය ගල් අමුණ (1818 දී බවුනරිග් විසින් වෙඩි දමා පුපුරවන ලද) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තවමත් සොයා ගෙන නැත. මීට කිලෝ මීටර 6ක් දුරින් ආරක්ෂක පොලිස් ආරක්ෂක මුර පොළක් ද ඇ. එමෙන්ම ගුවන් යානා සංකේතය සහිත #දුතක යන වචනය ද ඇති සෙල්ලිපි දෙකක් මහ ඔය අසල හා කොත්මලේ අසල ඇත. මේවාද පුරාවිද්‍යාව මගින් වුවමනාවෙන් සොයා නොගනෙ සිටී.

    ලංකාවේ පුරාවිද්‍යාව, ඉතිහාසය, සංස්කෘතිය හා අධ්‍යාපනය හසුරුවන යුනෙස්කෝවේ අනුග්‍රහය ලබන සිසා ඉතිහසඥයන් හා පුරාවිද්‍යාඥයන් අපගේ අතීතය ගැන නොසවෙීම ගැන යුනෙස්කෝවේ ප්‍රශංසාවට ලක්වේ. නැතිවී ගිය මෙසපොතේමියානු, ඊජිප්තු, පර්සියන් වැනි ශිෂ්ටාචාරවල නටබුන් හැදින්වෙන්නේ ස්මාරක නොහොත් සිහිවටන නමිනි. මෙසේ නැති වී ගිය ශීෂ්ටාචාරයන් හි ඇති නටබුන් ස්ථානයන් අද යුනෙස්කෝව විසින් ආරක්ෂා කර නඩත්තු කරන්නේ ලෝක උරුම බිමි කඩවල් නමිනි. නමුත් සිංහල බොද්ධයා විසින් ගොඩනංවා ගත් රුවන් මැලි, ජේතවනාරාම, අභයගිරි වැනි චෛත්‍යන්ද දඹුල්ල වැනි ලෙන් විහාරයන් ද සීගිරිය වැනි පර්වත මාළිගාවන්ද කිසිවෙකු විසින් ඇති නොකළ ස්වාභාව සිඹී සිංහරාජ වනාන්තරයද, ගාලු කොටුව, දළදා මාළිගාව, ශ්‍රී මහා බෝධිය යනාදිය දැන් මෙරට සිංහල බොද්ධයන්ට අයත් නැත. එහි තීරණ ගැනීමේ අයිතිය යුනෙස්කෝව සතුය. යුනෙස්කෝවේ ලෝක උරුම බිම් කඩවල් නැමැති ව්‍යාපෘතිය සතුය. උරුමක්කාරයන් පසෙකට වී සිටිය යුතුය. දැන් උරුමක්කාරයා 1955 උපන් යුනේස්කෝවයි. නොහොත් ඇමෙරිකා එක්සත් ජනපදයේ හැසිරවීමට යටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. තමන්ගේ උරුමයන් පාවා දුන් ඡන්දයෙන් බලයට පත් වූ මෙබදු ආණ්ඩු ඇත්තේ සිරි ලංකාවේ පමණී. මේ අතරතුර ඇමෙරිකන් මානව විද්‍යාඥයන් හා පුරා විද්‍යාඥයන් විසින් අප ඉතිහාසය (හෙළ) අවුරුදු 12 800 අතීතයට ගෙන ගිය ද්විත්ව රංගනය තෙරුම් ගැණීම අපහසුය. ලංකා ඉතිහාසයට එරෙහි ලංකා ලෝක මාහා මෙහෙයුමේ සම්බන්ධීකාරක වන්නේ ඉංග්‍රීසිකාරයාය. රටක උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව උගත් මධ්‍යම පන්තියට උගැන්වීම පළෙමුව සිදු කෙරීණ. අනතුරුව 1948 සොල්බරි ව්‍යවස්ථාවේ 29 වගන්තියෙන් කියවුණේ දෙමළ හා මුල්ලිම් අයට නැති අයිතියක් සිංහලයාට නැති බවයි. යටත් විජිත වැසියන් පුරවැසියන් බවට පත් කරමින් එම පුරවැසියා මෙරට මහා පොදු සාධකය බවට පත් කළේය 1972 ව්‍යවස්ථාවෙන් දින 3ට පසුව දේශපාලඥයාත් ජනමාධ්‍යයත් ශ්‍රී ලාංකික නමැති නාමයත් භාවිත කරමින් එය මෙරට ජාතිය බව කියන්නට විය. ඒ සදහා යෙදුණේ ඉතා සරල උපක්‍රමයකි. එනම් රටේ නම ශ්‍රී ලංකාව කිරීමය. එවිට එම රටේ ජාතිය ශ්‍රී ලාංකික බවට තර්ක කරමින් තර්කානුකූල ජාතියක් මෙරටට බිහි කළේය.
     
    • Haha
    Reactions: Hankook

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    නමුත් මෙම තර්කය ඉතා දුර්වලය. එම ශ්‍රී ලාංකික ජාතිය වහරන ශ්‍රී ලාංකික භාෂාව කුමක්ද? ඔහුගේ පොදු ආහාරය මස් ද? මාළු ද? එළවළු ද? ඔහුගේ ආගම කුමක්ද? ඔහුගේ සංස්කෘතිය කුමක්ද ඇසූ විට දීමට පිළිතුරක් නැත. සිංහ කොඩියට විරුදධව රජය (පොලිසිය) විසින් පවරන ලද නඩු දෙකක් කොළඹ හා මහනුවර අධිකරණවල ඇත. එම නඩු අසන්නෙද නැත. සිංහල යන වචනය සංහිදියාවට විරුද්ධ නිසා එය පාවිච්චි නොකළ යුතුය. හෙළ යනු සිංහලයා බව නිලධාරීන් තවමත් නොදන්නා නිසා එම නොදැනුවත් බව මත හෙළයාට ආරක්ෂාව ඇත. ඓළ යනු මිත්‍යාවක් මහාචාර්ය පරණවිතාන පැවසීය. අද දින සිටින ඔහුගේ අනුගාමික ආචාර්ය මහාචාර්ය ගෝල බාලයන් ද එයම ගිරාවාදිව උච්චාරණය කරති. විජයාගමණයෙන් සිංහලයා ඇති වුණේ මහා වංශයට අනුව ක්‍රි.පූ. 543 වැනි මෑත කාලයකදීය. දැන් මෙම අදහස් ප්‍රතික්ෂේප වී ඇති බව ස්වීඩන්, ඩෙන්මාර්ක් හා නෙදරලන්ත විශවවිද්‍යාලයන් දනී. ඒ නිසා ඊට වඩා පැරණි හෙළයා බිම දැමිය යුතුය. එහිදී යොදා ගෙන ඇති රංගන ශිල්පියෙකු ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරන බවද සැලකිය යුතුය.



    පැරණි ජාතීන් පැරණි ශිෂ්ටාචාර ඇති විට එම ජාතියේ නම රටට භාවිත විය. නමුත් 19 හා 20 සියවස් වලදී යුරොපයෙන් ගොස් මිනිසුන් ශිෂ්ට සම්පන්න කළ අප්‍රිකාවේ හා ලතින් ඇමෙරිකාවේ රටේ නම ජාතියට යෙදේ. අප්‍රිකාවේදී නයිජීරියාවේ නයිජීරියන්, උගන්ඩාවේදී අගන්ඩියන්, කෙන්යාවේදී කෙන්යන්, සුඩාන්හිදී සුඩානියන්, සෝමාලියවේදී සෝමාලියන් නිදසුන්ය. ලතින් ඇමෙරිකාවේ ගෝතමාලා ගෝතමාලින්, පැනමා පැනමියන් නිකරගුවා නිකරගුවන්, ක්‍යුබා ක්‍යුබන් ආදී ලෙසිනි. නමුත් ජාතීන් හා ශිෂ්ඨාචාර වලදී චීනුන්ගේ රට චීනයයි. ජපනුන්ගේ රට ජපානයයි. තායිවරුන්ගේ රට තායිලන්තයයි. ප්‍රංශයින්ගේ රට ප්‍රංශයයි. ජර්මන්වරුන්ගේ රට 1920 දී ජර්මනිය විය. දැන් ලංකාව දමා ඇත්තේ (රජය විසින්) 19 හා 20 වැනි සියවස් වලදී ඉංග්‍රීසින් අතින් ශිෂ්ටාචාර සම්පන්න වු රටවල් ගොඩටය. මහාචාර්ය ලෙස්ලි ග්‍රණවර්ධන (ඉතිහාසය) ප්‍රකාශ කළේ සිංහල ජාතිකත්වය ඇතිවුණේ 1884 න් පසු අනගාරික ධර්මපාල ක්‍රියාවලීය නිසා බවය.



    ලංකා ඉතිහාසහයේ හෙළ යුගයට විරුද්ධව කෙරෙන සටන් මෙහෙයුම් තත්ත්වය මේ අනුව තේරුම් ගත යුතුය. ඊට හෙතුව නම් අවුරුදු 6000 ට වඩා පැරණී ශිෂ්ටාචාර සෙවීමේදී පළමු තැන ඉන්නේ හෙළයා නිසාය.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,446
    1
    62,163
    113
    Mother Earth
    images

    හෑලි පීපල්ස්