හෙළ හවුල (නෝටි)

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    ඔන්න පිංවතුනි උඹලා ‍අහලා තියෙන පරණ කථාවක් මං කවියෙන් කියනවා. අහගනිල්ලා...

    ඇත්ත කතාවකි මේ පිං බිමේ සිදුවුණ
    අවසර දෙනුමැන මහතුනි මට පවසන්න
    විරිදු සුරල් නගන්න.... කතාව දැං අහගන්න...
    ට්රං පං පං... ට්රං පං පං (රබං සද්දෙ ඈ)

    හෙළ හවුලට බැඳී සිහල බස රැක ගන්න
    වෙහෙසුණු මහතෙක් සිටියා කවුරුත් දන්න
    "විලී" නමින් පරසිදු - මහතා සිතින් පිරිසිදු...

    දිනක් විලී හමුවන්නට මිතුරෙක් එන්නේ
    "විලී හු ඇත්දැයි" නෝනාගෙනි විමසන්නේ..

    විලී කෑම කමිනුයි ගේ තුළ සිට ඇත්තේ
    පිරිසිදු හෙළ බසිනුයි එය පැවසිය යුත්තේ
    එහෙම නොකලොත් හේම - කැත වෙන්නේ විලී නම

    නෝනා දුන් උත්තරයට හදවත ගැස්සේ
    "පිරිසක් හා විලී හු කති" ගේ අස්සේ

    "බිරිය මෙතැන ඇතිවිට විලී හු කන්නේ
    කා සමගින් දැයි" මිතුරා විමසන්නේ
    විපිළිසරවූ මිතුරා - අසයි හෙමින් කොඳුරලා

    අද උදයේ පටන් අපේ ගෙදර විත් ඇතී
    මිතුරන් පිරිසක් සමගින් "විලී හු කතී"
     
    Last edited: