හේමන්තයේ දී... | Hemanthayedhi...
හේමන්තයේ දී...
Hemanthaye Dee...
වසන්තේ නිදා වුන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ දී...
වසන්තේ ළපල්ලෙන් වැසී වුන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේ දී...
විලාපෙන් විඩා වී රැඳී මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං මුලාවේ
වළාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
ඔබෙන් නෙත් ලැබූයේ හේමන්ත කාලේ...
සුසුම් ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ
එපා වි සියල්ලන් පළා ආ වෙලාවේ
තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සැදූයේ හේමන්ත කාලේ...
හඬ: නන්දා මාලිනී
පද: සුනිල් ආරියරත්න
නද: ස්ටැන්ලී පීරිස්
නිදහසක් තියෙන වෙලාවට ගිහින් බලන්න...
Hemanthaye Dee...
වසන්තේ නිදා වුන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ දී...
වසන්තේ ළපල්ලෙන් වැසී වුන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේ දී...
විලාපෙන් විඩා වී රැඳී මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං මුලාවේ
වළාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
ඔබෙන් නෙත් ලැබූයේ හේමන්ත කාලේ...
සුසුම් ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ
එපා වි සියල්ලන් පළා ආ වෙලාවේ
තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සැදූයේ හේමන්ත කාලේ...
හඬ: නන්දා මාලිනී
පද: සුනිල් ආරියරත්න
නද: ස්ටැන්ලී පීරිස්
නිදහසක් තියෙන වෙලාවට ගිහින් බලන්න...
