හොදම චිත්‍රපට ඔබට

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    හොදම චිත්‍රපට ඔබට

    මම බැලූ හොදම චිත්‍රපට යන මාතෘකාව යටතේ මේ මුලින්ම ඔබට ලබා දෙන්නේ,මට කෙදිනක වත් අමතක කරලන්නට නොහැකි වූ ඒ මනස කැලබූ බයිස්කෝප් එකයි

    1954 දී Reginald Rose ගේ පිටපතකින් කළ එළි බැස්ස Twelve Angry Men කියන රූපවාහිනී නාට්‍යය ඇසුරින් නිර්මාණය කල අපූරු ගණයේ සිනමා සිත්තමක් තමයි 12 Angry Men කියන්නේ. මෙය චිත්‍රපටියක් ලෙස එළිදකින්න කලින් 1955 දී වේදිකා නාට්‍යයක් බවටත් පත්වෙනවා. එය 328 වාරයක් වේදිකාගත වෙලා තියනවා. භාෂා විශාල ගණනකට පරිවර්ථනය සහ අනුවර්ථනය වී ඇති මෙය මේවන විට ලාංකීය වේදිකාවටත් ගොඩවී තිබෙනවා අනුවර්ථනයක් විදියට “දොලහක්” යන නමින්. තවමත් මටනම් එය නරඹන්න උනේ නෑ. ඒත් ලොකු ආසාවක් තියනවා එයත් නැරඹීමට.

    මේවන විට මෙම චිත්‍රපටය ලක්ෂ දෙකකට ආසාන්න ප්‍රේක්ශක සංඛ්‍යාවකගේ ඇගයීම මත IMDb හි 8.9ක අගයක් අරන් තියනවා. ඒ වගේම එහි හොඳම 250 අතරින් 6 වන තැන මේ වනවිට රැඳී තිබෙනවා. හිතාගන්න පුළුවන්නේ කොහොමද කියලා..

    තමන්ගේ තාත්තා පිහියකින් ඇන මැරුවේ යැයි සැක කරන පුතෙකුට විරුද්ධව අසමින් පවතින නඩුවක ඉන්නා ජූරී සභිකයින් 12 දෙනෙක් වටා තමා කතාව ගලා යන්නේ. නඩුවේ සාක්ෂි විමසීමෙන් අනතුරුව විනිසිරු විසින් ජූරියට බාරදෙනවා සාකච්ඡා කරලා ඒ අයගේ තීරණය දැනුම් දෙන්න කියල. හැබැයි ඒ තීරණය ඒකමතික තීරණයක් විය යුතු බවත් කියා සිටිනවා. ඉතින් කවුරුත් කාමරයක තියන මේසයක් වටා රැස්වෙලා මේ මිනී මැරුම සහ ඒ හා සම්බන්ධ සාක්ෂි පිළිබඳව කතාබහ ආරම්භ කරනවා. මුලින්ම කරන්නේ වැරදිකරුද නිවැරදිකරුද කියලා කට්ටියගේ ඡන්දය විමසන එක. එහිදී 12 දෙනාගෙන් 11 දෙනෙක්ම පුතා වැරදිකරු බව කියා සිටිනවා. නමුත් එක් ජූරි සභිකයෙක් පමණක් නිවැරදිකරු බව කියනව. විනිසුරු වෙත ගෙන යා යුත්තේ ඒකමතික තිරණයක් නිසා මේ සාකඡාව ඉක්මනින් ඉවර කරන්න හිතාගෙන හිටියත් මේ ඇති උන තත්වය උඩ නිවැරදිකරු බව කී ජූරි සභිකයාගෙන් එහෙම තීරණය කරන්නට හේතු වූ කරුණු අනෙක් අය විමසනවා. ඔන්න ඔතන ඉඳන් තමා කතාව පටන් ගන්නේ හරියටම. මෙතනින් එහාට කියන්න යන්නෙත් නෑ මුකුත්ම කතාව ගැන.. ඔබම බැලිය යුතුයි මොකද වෙන්නේ කියල.

    මේ චිත්‍රපටයේ තියන තවත් විශේෂ දෙයක් තමයි චිත්‍රපටියේ කාලයෙන් 95% පමණ තියෙන්නේ එකම පසුතලයක. එහෙම කියපුවාම හිතෙන්නෙ නම් මේක මහ බෝරින් එකක්නේ කියලා නේද.. මටත් එහෙම හිතුනා. නමුත් බලාගෙන යනකොට ඔබටම තේරෙන්නේ නෑ චිත්‍රපටය ඉවරයි නේද කියන එක. :D අනෙක් කරුණ චිත්‍රපටය පුරාවටම මේ එකදු චරිතයකවත් නමක් සඳහන් වෙන්නේ නෑ. චිත්‍රපටය අවසානයේ දී පමණයි දෙදෙනෙක් තම තමන්ව හඳුනාගන්නේ.

    අනිවා බලන්න පරණ කියලා අහක දාන්න එපා , ඒ තරම්ම හොද ෆිල්ම් එකක් මේක,අනික රහස් පරීක්ෂණ කතා බලන කට්ටියට නම් බලන්න ඕනේ නියමම කතාවක්



    බාගන්න

    300 mb 480p
    http://torcache.net/torrent/ABFFF7A...2+Angry+Men+(1957)+480p+BRRip+x264+AAC-ChameE

    600 720p yify
    http://bit.ly/PgM8MD


    මේකේ දෙබස් ප්‍රමාණය වැඩි ඉංග්‍රීසි දැනුම අඩු නම් තේරුම් ගන්න අමාරු වෙයි එහෙම කෙනෙක් ඉන්නවා නම් බයිස්කෝප් එකේ සිංහල සබ් දීලාම තියෙන්නේ අරගෙන බලන්න

    හොද නම් රෙප් :rolleyes:දිගෙනම යන්න :yes:

    12+Angry+Men.jpg


    ජය!


    මේ ත්‍රෙඩ් එක දිගටම ගෙනියන්න බම්ප් එකක් දාගෙන යමුනේ හැමෝම :yes:

    ඒ වගේම දිගටම කියවගෙන යන්න, මේකෙම තමා අනිත් ෆිල්ම්ස් දාන්නේ ඒ නිසා පේජ් එකෙන් පේජ් එක යන්න :yes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචෝ..
    අඩේ උඹද බයිස්කෝප් එකේ විකියා..
    උඹගෙ සබ් එල..
    සුභපැතුම්!

    ගාල්ලෙ කොල්ලෙක් නේ.. සංතෝසයි..:love:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    You must spread some Reputation around before giving it to wiki again.:(

    මචන් ටීවී එකෙන් සබ් බලන්න පුලුවන් විදිහට හදා ගන්න තියෙන සොෆ්ට්වෙයා එකක් බා ගන්න ලින්ක් එකක් දීහන්කෝ...උබලගේ සයිට් එකේ තියෙන ලින්ක් එක වැඩ නෑ..:(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අම්මට සිරි මේ බයිස්කෝප් සිංහලෙන් එකේ විකීය ද...

    මම අදනේ දන්නේ උඹත් මේකේ ඉන්නව කියල..

    සුපිරි වැඩක් මචෝ..

    මේ ත්‍රෙඩ් එක ඇදන් යන්න..

    අපිත් පුලුවන් සප් එකක් දෙන්නම්..

    TFS 9+
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    තෑන්ක්ස් මචෝ..
    අඩේ උඹද බයිස්කෝප් එකේ විකියා..
    උඹගෙ සබ් එල..
    සුභපැතුම්!

    ගාල්ලෙ කොල්ලෙක් නේ.. සංතෝසයි..:love:

    අහ ඔවු මචං ගාල්ල තමා තුති!
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    You must spread some Reputation around before giving it to wiki again.:(

    මචන් ටීවී එකෙන් සබ් බලන්න පුලුවන් විදිහට හදා ගන්න තියෙන සොෆ්ට්වෙයා එකක් බා ගන්න ලින්ක් එකක් දීහන්කෝ...උබලගේ සයිට් එකේ තියෙන ලින්ක් එක වැඩ නෑ..:(

    http://www.elakiri.com/forum/showthread.php?t=1643119

    idx ඒවා හදලා බලන හැටි මෙතන ඇති

    කන්වර්ට් කරන සොෆ්ට් එක මෙතනින් ගන්න https://kickass.to/winavi-all-in-one-converter-v1-7-0-4734-incl-crack-tordigger-t7273463.html
    :yes:
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    අම්මට සිරි මේ බයිස්කෝප් සිංහලෙන් එකේ විකීය ද...

    මම අදනේ දන්නේ උඹත් මේකේ ඉන්නව කියල..

    සුපිරි වැඩක් මචෝ..

    මේ ත්‍රෙඩ් එක ඇදන් යන්න..

    අපිත් පුලුවන් සප් එකක් දෙන්නම්..

    TFS 9+

    අහ එල මචන්

    ජය!
     
    • Like
    Reactions: SIC

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ වැඩේ නියමයි බන්... :yes:
    හොඳ movies ආවම එළකිරියේ දාපන්කෝ... :)
    TFS (+5)
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මම බැලූ හොදම චිත්‍රපට යන මාතෘකාව යටතේ මේ මුලින්ම ඔබට ලබා දෙන්නේ,මට කෙදිනක වත් අමතක කරලන්නට නොහැකි වූ ඒ මනස කැලබූ බයිස්කෝප් එකයි
    .
    .
    .
    .
    .
    .

    12+Angry+Men.jpg


    ජය!

    ඕක පට්ට ‍ෆිල්ම් එක. YIFY release එක ආපු ගමන් බැලුව. :yes:



    You must spread some Reputation around before giving it to wiki again.