හොදම චිත්‍රපට ඔබට

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    Se7en (1995) | බිහිසුණු මරණ 7ක්..!

    මේ කියන්න යන චිත්‍රපටියේ කතාවට වඩා ඒකෙ කැරැට්ටුව කියන එක හොඳයි කියල හිතෙනව.. මොකද මේක ලොව ජනප්‍රිය චිත්‍රපට අතුරින් 24 වැනි ස්ථානයේ මේ වනවිට තිබෙන, IMDB රේටින්ස් වල 8.7/10 ක් ලබාගෙන තිබෙන චිත්‍රපටියක්.. එමෙන්ම ඔස්කාර් සම්මානයක නිර්දේශ වී ඇති අතර තවත් සම්මාන 19ක් දිනාගෙන තියෙනව.. මෙහි ප්‍රධාන චරිත තුනම රගපාන්නෙ සුපිරිම නළුවන් තිදෙනෙක්.. ඒ තමයි Brad Pitt, Morgan Freeman හා Kevin Spacey.. මෙයාලගෙ රඟපෑම ගැන මම අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ..

    දැන් මම කියන්නම්කො කතාවෙන් පොඩ්ඩකුත්.. පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බාරවෙනව මිනීමැරුමක් ගැන පරීක්ෂණ කරන්න.. මේ පරීක්ෂණ අතරතුර ඔවුන්ට දැනගන්න ලැබෙනව මේ මිනීමරුවා අසාමාන්‍ය බුද්ධිමතෙක් බව.. ඔහු කරන්නෙ පොලිස්සිය සමහ සෙල්ලමක්.. ඒ වගේම මේ පොලිස් නිලධාරීන් දෙදෙනාත් හොඳ බුද්ධිමතුන්.. මීට වඩා විස්තර කියල ඔයාලගෙ රසවින්ඳනයට බාදා කරන්න හිතෙන්නෙ නෑ මට…

    ඉහත විස්තරය කියෙව්වම හිතෙයි මේක සාමාන්‍ය කතාවක්නෙ කියල.. නෑ මේක එහෙම නෙවෙයි.. බැලුවම ඔයාලට ඒක තේරෙයි.. සුපිරිම චිත්‍රපටියක්.. අනික් අයගෙ සිත වැඩ කරන හැටි හොඳට දන්න මේ අපරාධ කාරයාගෙ වැඩ බලන්න ඕන නම් අනිවා බාගන්න Se7en.. කාලයක් හිතට වද දෙන මතකයක් ඉතුරු කරයි මේ චිත්‍රපටිය..

    සිංහල සබ් බයිස්කෝප් එකෙන් ගන්න:yes:

    බාගන්න 700MB බ්ලුරේ YIFY

    http://torcache.net/torrent/3D1ADE5...e=Se7en+(1995)+720p+BrRip+x264+-+700MB+-+YIFY

    Wbsnsf.jpg
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Se7en (1995) | බිහිසුණු මරණ 7ක්..!
    .
    .
    .
    .

    .
    Wbsnsf.jpg


    11.gif
    ඕකයි කලින් දාල තිබ්බ එකයි මන් ගාව දැන් අවුරුදු 2කක විතර ඉඳන් තියෙනව. තාම බැලුවෙනෑ. ලඟදිම බලන්න ඕනෙ. :yes:
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    අද ලක්බිම - වෙබ් අවකාශයේ සිනමාත්මක සිංහල භාවිතාව ~බයිස්කෝප් සිංහලෙන් ~

    http://lakbima.lk/oldpapers/ngenaration/2014.11.17.pdf


    9h1fer.jpg



    කියවලා බලන්න හොද නම් ලයික් එකක් දාගෙන යමු
    :yes:
     
    Last edited:

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    Memento (2000) | මතකයන් ඔබේ…

    මේ කියන්න යන්නේ තවත් සුපිරි බයිස්කෝප් එකක් ගැන. මේ කතාවට කොපි කරලා නිර්මාණය කල බයිස්කෝප් කිහිපයක්ම ඔයාල දැනටමත් බලලා ඇති. ඒ සේරම කතාවලට මුල් වුනේ මේ නිර්මාණය තමා. ඒකෙන්ම පේනවනේ මේ බයිස්කොප් එක කොච්චර ජනප්‍රිය වුනාද කියලා. ඔයාලා කලින් උපසිරැසි එක්කම බලපු Inception, The Prestige වගේ සුපිරි, තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණ නිර්මාණත්, එතරම්ම සංකීර්ණ නොවුනත් Insomnia වගේ නිර්මාණත් බිහිකල Christopher Nolan අධ්‍යක්ෂකගේම නිර්මාණයක් තමා මේකත්. මේ බයිස්කෝප් එක ලොව හොදම බයිස්කෝප් නාමකරණයේ 30 වෙනි තැන හිමි කරගෙන ශ්‍රේණිගත කිරීම් වල 8.7 ක් හා තවත් සම්මාන 42 කක් ලබා ගෙන තියෙනවා…ඒ වාගේම මෙහි ප්‍රධාන චරිතයට පන පොවන්නේ Guy Pearce විසින්…

    කතාව ගැන පොඩ්ඩක් විතර කතා කලොත් ඔයාලට කෙලින්ම මතක් කර ගන්න ගජිනි හින්දි චිත්‍රපටයේ ගජිනිගේ චරිතය. මේක තමයි ඒ බයිස්කොප් එක හදන්න මූලික වුන මුල් නිර්මාණය. ඒ කෙසේ වෙතත් මේකෙ කතාව අරට වඩා හාත්පසින්ම වෙනස්. තමන්ගේ බිරිද මැරූ මිනී මරුවන්ගෙන් මතකය අහිමි වුන පුද්ගලයකු පලිගන්නා අයුරු නිරූපනය වුනත් මේකෙ අභ්‍යන්තර කතාව ඉතා ගැඹුරට පැතිරී යනවා. මෙහි වෙන් වෙන් කොටස් වශයෙන් තමා මුලු කතාවම නිරූපණය වන්නේ. මෙහි කොටසක් යන්නෙන් කියලා මා හැදින්වූ දේ ඔබට බයිස්කෝප් එක නරඹන විට තේරුම් යාවි.

    මෙහි කතාව නම් විස්තර කරන්න අමාරුයි. ඒ මොකද මේ අධ්‍යක්ෂක විසින් කරන ලද නිර්මාණ සියල්ලේම මේ මම කියන අමුතු ගති ලක්ෂණය තියෙන නිසා. ඔබ මේ නිර්මාණය රස විදිනව නම් ඉතා සූක්ෂවම මොහුගේ ගති ලක්ෂණ, වගේම කතාව ගලාගෙන යන අයුරු නියමාකාරයෙන් බැලුවොත් තමයි කතාව හොදින් වැටහෙන්නේ. පොඩිම පොඩි උදව්වක් කරනවනම් මේකේ කතාව මුලුමනින්ම යන්නෙ ආපස්සට. කොහොම උනත් කියන්න තියෙන්නේ මේ සුපිරි බයිස්කෝප් එක නම් මගහැර ගන්න එපා. අනිවා බලන්න.:yes:

    Download

    https://kickasstorrent.link/memento-2000-dvdrip-eng-imacruel1-t767981.html

    සිංහල සබ් බයිස්කෝප් එකෙන් ගන්න

    a81f392188564d00a57fe4dd7cd8b4c7.jpg
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Memento (2000) | මතකයන් ඔබේ…
    .
    .
    .
    .
    .
    .

    a81f392188564d00a57fe4dd7cd8b4c7.jpg

    11.gif
    එළ මචෝ බලපු පට්ට ‍ෆිල්ම් එකක් තමයි. ඕක කොපිකරල වගෙ ගහපු ගජිනි ‍ෆිල්ම් 2ත් බලුව (දෙමළ & හින්දි) :yes:
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    The Prestige (2006) | ඔබ අවධානයෙන් බැලුවද…?

    මේ චිත්‍රපටය හරියාකාරවම විස්තර කරන්න පුළුවන් එකම එක විදියකටයි. ඒ තමා මුලු චිත්‍රපටයම මැජික් එකක් පෙන්නුවා වගේ. ඒ මොකද කියනවනම් අපි සාමාන්‍යයෙන් ඕනම චිත්‍රපටයක් අවසන් වේගෙන එද්දි අවසානය ගැන දළ අදහසක් හරි ගන්නවනේ. මමත් මේකේ අවසානය ගැන දළ අදහසක් අරගෙන ඉන්න කොට මෙන්න වෙනසක්. ආයේ ඒක හිතේ තියන් ඉන්න හම්බවෙන්නෙ නැහැ මෙන්න තවත් හැරවුමක්. ඔය වගේ දෙතුන් පාරක්ම වුණා. ඒ වුණත් හරියටම අවසානයට යනකම් අපිට හිතා ගන්න බැහැ මොකක්ද මේ සිද්ධ වුණේ කියලා. හැබැයි චිත්‍රපටය අවසාන වුණාම මෙන්න තේරෙනවා අපි හරියට බලලා නෑ කියලා. මොකද අවසානයේ එළිවෙන දේ ගැන ඉඟි කීපයක්ම චිත්‍රපටයේ මැද තිබිලා. ඒත් ඒවා ඇස්බැන්ඳුමක් එහෙම නැත්තම් මැජික් එකක් වගේ කරලා නිසා අපි රැවටිලා. මම මේකේ එක දෙබස් කාණ්ඩයකින් ලිපිය අවසන් කරන්නම්.

    හැම මායා ප්‍රයෝගයක්ම කොටස් හෝ රඟපෑම් තුනකින් සමන්විත වෙනවා. පළමු කොටසට කියන්නෙ “the pledge.” ඒ කියන්නේ මායාකරු ඔබට සාමාන්‍ය දෙයක් පෙන්වනවා. දෙවෙනි කොටසට කියන්නේ “the turn.” මායාකරු ඒ සාමාන්‍ය දේ රැගෙන ඒක අසාමාන්‍ය දෙයක් බවට හරවනවා. ඒත් ඔයාලා තාමත් අත්පුඩි ගසන්නේ නෑ. මොකද දෙයක් අතුරුදහන් කිරීම පමණක් ප්‍රමාණවත් නෑ. ඒක ආපහු ගේන්න ඕනා. දැන් ඔයාලා රහස හොයනවා. ඒත් ඔයාලට හොයා ගන්න බෑ, මොකද ඇත්ත වශයෙන්ම ඔයාල හරියට බලන්නේ නෑ. ඔයාලට ඇත්තෙන්ම ඒක හොයාගන්න අවශ්‍ය නෑ මොකද ඔයාලට අවශ්‍ය මෝඩයෝ වෙන්න.

    අනික් විශේෂම කාරණේ තමා, කට්ටියම බැලුවා නේද Inception (2010) ෆිල්ම් එක…. ආන්න ඒක අධ්‍යක්ශණය කල ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙම වැඩක් තමා මේකත්…. ඉතින් ආයේ මුකුත් විස්තර ඕනේ නෑ නේද…

    බලන්න ඔයාලත් මුල ඉඳන්ම මැජික් එකට අහු නොවී නුවණක්කාරයෝ වගේ උන්නාද කියලා. මට කමෙන්ට් එකක් දාලා කියන්න :yes:

    සිංහල සබ් බයිස්කෝප් එකෙන් ගන්න :rolleyes:

    Download
    http://torcache.net/torrent/EC372DAADD3D09476A27F6C74CC9C9D885550728.torrent?title=[katproxy.com]the.prestige.2006.dvdrip.eng.axxo


    234.jpg
     
    Last edited:
    • Like
    Reactions: waligamaya