හොද ගුණාංග

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හොද ගුණාංග
    හදීස්-1

    අනස් රලියල්ලාහු අන්හු තුමා දන්වයි. රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණෝ මිනිසුන් අතර යහපත් ගුණාංග වලින් යුක්ත වූහ.(ග්‍රන්ථ:-බුඃහාරි ,මුස්ලිම්)

    හදීස්-2

    අනස් රලියල්ලාහු අන්හු තුමා දන්වයි.මම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ගේ අත්වලට වඩා සිනිදූ පට රෙද්දක් හෝ පට වර්ගයක් ම අත ගෑවේ නැත. නබි තුමාණන්ගෙන් පිටවන සුවඳට වඩා සුවඳක් කිසි දිනක විඳ නැත.මම එතුමාණන්ට අවුරුදු දහයක් සත්කාර කෙරුවෙමි.ඒ කාලය තුල මා දෙස බලා ‘චී’ යන වචනය පවා නොපැවසූහ.මා යම් ක්‍රියාවකට “මෙය නොකළේ මන්ද” යැයි නොඇසූහ.(ග්‍රන්ථ:-බුඃහාරි ,මුස්ලිම්)