හොද දේ අගය කිරීම
මේ සටහන් පොඩ්ඩ කිසිම වෙළද ආයතනයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලියන ලද්දක් නොවෙයි. හොරණ ඇම්.ඩී.කේ ඉස්පිරිතාලෙ ඔසු සැලට ගොඩ වුනේ මිත්‍රයෙකුගෙ බෙහෙත් වට්ටෝරුවක් මිලදී ගන්ට. ඩිංගිත්තක් ඉන්දැද්දී භික්ෂූණීන් වහන්සේල දෙනමක් වැඩිය බෙහත් මිලදී ගන්ටම. අපි දන්නව නෙව ඉස්පිරිතාල වල තාල. නමුත් කියන්ට සන්තෝසයි මේ ඉස්පිරිතාලෙ කාර්ය මණ්ඩලයෙ මහත්තයෙක් ඇවිත් මේ භික්ෂුණීන් වහන්සේලා දෙපල දැනුම්වත් කළා පෝළිමේ නොඉද ඖෂධවේදීන්ට තමන්ගේ වට්ටෝරු ලබා දෙන්න කියල. එහෙම දීල විනාඩියක් ගතවෙද්දී තවත් කාමරේක ඉදල ආපි හෙදියක් ඉස්පිරිතාලෙ පුටු දෙකකට සුදු ඇතිරිල්ලක් එලල වැඩ සිටින ලෙස උන් වහන්සේලගෙන් ගෞරවයෙන් ඉල්ලා හිටිය.
හොද දේ හොදයි කියන්න ඕන නේ ආයිබොවන්ඩ. අපිට බටහිර වෛද්‍ය සාත්තරේ ගැන ගැටලු තියනව වෙන්ට පුළුවං. සාමාන්‍යයෙන් පුද්ගලික ඉස්පිරිතාල කියද්දී ඔපේට තිබුනට, කොරන්නෙ ලෙඩ්ඩුන්ගෙ ඉහමොල හූරගෙන කන එකයි කියල මතවාදයක් තියන බව හැබෑව. නමුත් එහෙවු සංස්කෘතියක් ඇතුලෙ මේ වගේ සමාජ වටිනාකම් අගයන, ගරුකරන පෞද්ගලික ආයතන තියනව කියල ඇස් ගෙඩි දෙකෙන්ට දැක ගන්ට ලැබීම පිණක්. සිංහලයො කියන්නෙ ළිං ගෙම්බො නෙවෙයි.කාලීන සමාජ ආර්ථික කරුණු එක්ක බොහෝම හොදින් නවීකරණය වෙන දියුනු මානව කොට්ටාසයක්. ඒ නවීකරණය ඇතුලෙ තමන්ගෙ සමාජ වටිනාකම් පවත්වා ගන්න නොපැකිළෙන ආයතන වලට අපි අපේ උත්තමාචාරය පිරීනමනව. පූජ්‍ය පූජක වෙනස නොදන්න, අපේ සංඝයා වහන්සේටත් මස් මරණ ලෙබ්බෙලටත් හිරිකිතයක් නැතිව සුදු ඇතිරිල්ල එලන දේශපාලන, පරිපාලන ගොබ්බසේනලට මේව හොද ආදුරුස නෙවෙන්නං. (නොදන්වා ගන්නා ලද ඡායාරූපයකි)
උපුටා ගැනීම https://www.facebook.com/photo.php?fbid=1661702527393835&set=a.1393240924239998.1073741830.100006623110345&type=1&theater