හොද වැඩේ පොඩි සතාට

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,094
    11,969
    113
    ශ්‍රී ලංකාවේ 'සිරස ලක්ෂපති' ප්‍රශ්න විචාරක වැඩසටහනට ආභාසය ලද ඉන්දියාවේ KBC 'කෞන් බනේගා ක්‍රෝර්පති' (Kaun Banega Crorepati) ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන ඉදිරිපත් කරන්නේ 83 හැවිරිදි බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන්ය.ඔහු වසර ගණනාවක් තිස්සේ ගෙන එන මේ වැඩසටහනේ 17 වන අදියර මේ වනවිට විකාශය වන්නේ එකසේ ජනප්‍රියත්වයක් පෙන්වමිනි. එය කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ යනුවෙනි කාණ්ඩ දෙකකින් පැවැත්වේ.

    කෙසේ වෙතත් දැන් මේ වැඩසටහන ගැන ආන්දෝලනයක් මතුව ඇත්තේ නොහික්මුණු දරුවෙකු පසුගිය සතියේ සිදු කළ කලබගැනීයකිනි.
    මෙම ජනප්‍රිය ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේදී අමිතාබ් බච්චන් කාලයක් තිස්සේ සෑම වර්ගයකම තරඟකරුවන්ට මුහුණ දී ඇත. ඒ අතර බියට පත්, හැඟීම්බර සහ ඇතැම් විට තමන් සියල්ල දන්නා බව සිතන අධික ආත්ම විශ්වාසයෙන් යුත් තරඟකරුවන් ද විය.





    නමුත් පසුගිය බ්‍රහස්පතින්දා විකාශය වූ කනිෂ්ඨ KBC (Junior KBC) වැඩසටහනේ කොටස, නිවේදක අමිතාබ්ට සියල්ලන්ම මවිතයට පත් කළ අධික ආත්ම විශ්වාසයකින් යුත් තරඟකරුවෙකු හමු විය.

    ගුජරාටයේ, ගාන්ධිනගර් හි පදිංචි, 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඉෂිත් භාත් නම් මෙම තරඟකරු, වැඩසටහන අතරතුර අසාමාන්‍ය ලෙස නිර්භීත ආකල්පයක් ප්‍රදර්ශනය කළ අතර, වැඩිහිටියන් ඉදිරියේ තිබිය යුතු මූලික විනීතභාවය නොමැති වීම සම්බන්ධයෙන් ඔහු විවේචනයට ලක්වෙමින් පවතී.

    ඔහු උණුසුම් අසුනේ (hot seat) වාඩි වූ සැණින් 83 හැවිරිදි අමිතාබ්ට පැවසුවේ, "මට නීති රීති තේරෙනවා, ඔබ මට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ" ("Mujhe rules pata hain, aap mat samjhaaiye") යනුවෙනි. මෙම ප්‍රකාශයෙන් ප්‍රවීණ නිවේදකයා පුදුමයට පත්ව, එක් ඇහිබැමක් ඔසවා අවිශ්වාසයෙන් නළලත අත තබා ගත්තේය.
    තරඟය ආරම්භ වූ විට, ඉෂිත්, අමිතාබ්ට ප්‍රශ්න කියවා අවසන් කිරීමට ඉඩ නොදී, විකල්ප ලබා දීමටත් පෙර පිළිතුරු කෑගැසුවේය.

    "සර්, B පිළිතුර ලොක් කරන්න — බ්‍රෙක්ෆස්ට්!" ("Sir, B lock karo — breakfast!") යැයි ඔහු නැවත නැවතත් නිවේදකයාගේ කතාවට බාධා කරමින් ඉල්ලා සිටියේය. නමුත් රාමායණය පිළිබඳ ප්‍රශ්නයකින් ඔහු අසීරුතාවට පත් වූ විට, ඔහුගේ එම උද්දච්චකම වියැකී ගියේය.



    ඔහු ලැජ්ජාවෙන් මෙන් විකල්ප ඉල්ලා සිටි අතර, අමිතාබ් අවසානයේ ඒවා කියවූ විට, ඔහු නැවතත්, "අරේ ලොක් කරෝ!" ("Arre lock karo!") යැයි කෑගැසුවේය. මෙවර ඔහු තෝරාගත් පිළිතුර වැරදි වූ අතර, එක් රුපියලක්වත් නොමැතිව ගෙදර යාමට ඔහුට සිදු විය. එය දුටු ප්‍රේක්ෂකාගාරය සිනාසුණේ විනෝදයට වඩා අවිශ්වාසයෙනි.

    නමුත්, අන්තර්ජාලය නම් මෙයට සිනාසුණේ නැත. මෙම වැඩසටහනේ වීඩියෝ දර්ශන X (කලින් ට්විටර්) සමාජ ජාලය පුරා වේගයෙන් පැතිර ගිය අතර, එය දැඩි විරෝධයකට සහ විවාදයකට තුඩු දුන්නේය. බොහෝ දෙනෙක් මෙවන් පීඩනයක් හමුවේ අමිතාබ්ගේ සන්සුන් භාවය අගය කළහ.

    එක් පුද්ගලයෙකු මෙසේ පැවසීය: "දැන් KBC එකට එන්නේ මොන වගේ පරම්පරාවක්ද? මේ අධික ආත්ම විශ්වාසයේ සහ අශිෂ්ටකමේ දුර්ලභ සංකලනය බලන්න. එහි අමිතාබ් බච්චන් මහතා වාඩි වී සිටි නිසා පමණක් ඔහු මේ කුඩා පිරිමි ළමයාගේ මෙතරම් නොහික්මුණු හැසිරීමක් ඉවසා සිටියේය—වෙනත් ඕනෑම අයෙකු එක්කෝ දරුවා තරඟයෙන් නුසුදුස්සෙකු කරනු ඇත, නැතහොත් තමන්ම තරඟයෙන් ඉවත් වනු ඇත."

    එක් පරිශීලකයෙක් මෙසේ ලිවීය: "එවැනි නොහික්මුණු හැසිරීමක් මෙතරම් ගෞරවාන්විතව හැසිරවිය හැක්කේ අමිතාබ් බච්චන්ට පමණයි."

    බොහෝ දෙනෙක් තම දරුවන්ට ආචාර ධර්ම ඉගැන්වීම සම්බන්ධයෙන් දෙමාපියන් විවේචනය කරති. එක් පුද්ගලයෙකු මෙසේ අදහස් දැක්වීය: "ඒ දරුවා අශිෂ්ටයි, නමුත් සැබෑ අසාර්ථකත්වය ඇත්තේ දෙමව්පියන්ගේ ය. ආත්ම විශ්වාසය හොඳ දෙයක්, නමුත් උඩඟුකම නොවේ."




     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අගෞරවයක් මට පේන්නැ.
    ඔලුවේ ගූ තියන් බලද්දි, පේන්නෙත් ගූ.
    ගූ ඔලුවේ වැඩි තරමට පේන හැම දේකම ගු පේනවා.

    plus, නලුවෙක්ට/ වයසක කෙනෙක්ට ඇයි අමුතු ගෞරවයක් දක්වන්නේ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    අගෞරවයක් මට පේන්නැ.
    ඔලුවේ ගූ තියන් බලද්දි, පේන්නෙත් ගූ.
    ගූ ඔලුවේ වැඩි තරමට පේන හැම දේකම ගු පේනවා.

    plus, නලුවෙක්ට/ වයසක කෙනෙක්ට ඇයි අමුතු ගෞරවයක් දක්වන්නේ?
    එක බලලා පහළට එද්දී මෙන් පොඩි ඒකා මේකේ comment එකකුත් දාලා ගිහිං 🤦
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    ඉන්දියාවේ උන්ගේ ජාන වලින් එන්නේ ඔය ගොබ්බ ගතිය .
     
    • Like
    Reactions: Shamal3001

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ඉතින්?
    Happy Birthday Dog GIF
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,094
    11,969
    113
    අගෞරවයක් මට පේන්නැ.
    ඔලුවේ ගූ තියන් බලද්දි, පේන්නෙත් ගූ.
    ගූ ඔලුවේ වැඩි තරමට පේන හැම දේකම ගු පේනවා.

    plus, නලුවෙක්ට/ වයසක කෙනෙක්ට ඇයි අමුතු ගෞරවයක් දක්වන්නේ?
    නලුවෙක් වෙන්න ඕන නෑ..

    උඹව වාඩි කරලා තිබ්බත් මගේ පුතෙක් නම් උ උඹට රෙස්පෙක්ට් කරන්න ඕන. මිනිස්සුන්ට ගරුත්වය දුන්නම තමයි . ඒ ලමයාටත් ඒ ගරුත්වය උපයා ගන්න පුලුවන්.

    හිතපන් හැමෝම ඉස්සරහ උඹට කෙල තලියක් ගහලා..

    "පටන් ගනින් ප*යා ප්රෝග්රූම් එක...." කියලා කතා කලොත් .

    උඹට නෙමේ මිනිස්සු බනින්නේ. ඒ ලමයා වදාපු උන්ට....

    එහෙම චාරයක් නැති උන් අනන්තවත් දැකලා තියනවා මම..
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    හිතපන් හැමෝම ඉස්සරහ උඹට කෙල තලියක් ගහලා..
    පටන් ගනින් ප*යා ප්රෝග්රූම් එක කියලා කතා කලොත් .

    උඹට නෙමේ මිනිස්සු බනින්නේ. ඒ ලමයා වදාපු අම්මට.

    කෙල ගහන එක physical assault එකක්. ඔතන එහෙම දෙයක් වෙන්නැ. physical තියා verbally වත් එහෙම දෙයක්‍් ඔතන මන් දැක්කේ නැ.

    මිනිස්සු කාට බැන්නහම මොකද? එක එක මිනිස්සු එක එක විදිහේ.. ඉතින් එක එක අය එක එක දේවල් දැක්කහම බනිනවා/ අගය කරනවා.
    ඔයා මේකට බනිනවා. මන් බනින්නැ.. වගේ තමයි.

    people pleasing tendency එක පෞර්ෂ ආබාධයක්.

    උඹව වාඩි කරලා තිබ්බත් මගේ පුතෙක් නම් උ උඹට රෙස්පෙක්ට් කරන්න ඕන. මිනිස්සුන්ට ගරුත්වය දුන්නම තමයි . ඒ ලමයාටත් ඒ ගරුත්වය උපයා ගන්න පුලුවන්.

    ඒක ඉතින් ඔයා, ඔයාගේ පුතාව හදන විදිහ. ඒක ඔයාට කැමති විදිහකින් කරන්න පුලුවන්.

    ගරුත්වය දුන්නහම, ගරුත්වය ලැබෙනවා කියන්න බැහැ. මොකද ගරුත්වය කියන දේ පුද්ගල ගුණාංග මත හෝ හුදෙක්ම බලය මතම රදා පවතින්නත් පුලුවන්.

    ගරුත්වය බලාපොරොත්තුවෙන් අනවශ්‍ය ගෞරවයක් මවාපාන එක මොකක් හරි personality issue එකක්/ insecurity එකක්.

    ගරුත්වයක් බලාපොරොත්තු වෙන්නෙත් ඇයි? external validation එකක් නැත්තම් මුකුත් කරනණ බැහැ.. එහෙමද?

    What goes around ...what comes around

    යන්නේ මොනවද කියලා අපිට කියවන්න බැහැ. අපිට පෙන්නේම අපේ අභිසංස්කරණයේ ඵලය.. අපිම වවලා, හදලා, නෙලන ඒවා.
    ------ Post added on Oct 16, 2025 at 12:19 PM
     
    • Like
    Reactions: Shamal3001

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,641
    3,004
    113
    Thanks for postiing this, GenZ kattiyage attitude eka kohomada kiyala idea ekak labuna, What goes around.... comes around
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang