හොඳ එළවළු මෙහෙම තෝරමු

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
හොඳ එළවළු මෙහෙම තෝරමු

Life_New-2585680457.jpg


අතීතයේදී අපට එදිනෙදා ඕන කරන එළවළු ගෙවත්තෙම වවා ගත්තට දැන් නම් හැමෝම වගේ පුරුදුවෙලා ඉන්නේ වෙළඳපලෙන් මිළදී ගන්න. ගෙවත්තෙන් ලැබෙන්නේ නැවුම් එළවළු වුනාට වෙළඳපලෙන් මිලදී ගනිද්දි එළවළු වල තියෙන ප්‍රමිතිය ගැන අවධානය හොඳින්ම යොමු කරන්න ඕන. ඉතිං එළවළු මිලදි ගනිද්දි මෙන්න මේ දේවල් ගැන හොඳින්ම හිතන්න ඕන.

වෙළඳපලේදි වෙළෙන්දෝ එළවළු නැවුම් කියලා කිව්වට ඒ එළවළු වල තත්ත්වය ගැන හොඳින්ම බලන එක අනිවාර්යයි. මොකද කොච්චර නැවුම් වුනත් තැලුණු, පළුදු වුන, කැපුම් පාරවල් තියෙන එළවළු වලින් වැඩක් නැති නිසා. මේ එළවළු හරි ඉක්මනට නරක් වෙන්න බලනවා.

ඒ වගේම තමා එළවළු වල තියෙන නැවුම් බවින් හා පෝෂණ ගුණයෙන් යුතුවම ආහාරයට ගන්න අවශ්‍ය නම් මිලදි ගන්න ඕන සතියකට ප්‍රමාණවත් එළවළු පමණයි. පළා වර්ග තොරා ගනිද්දි එහි පෙනුම ගැන හොඳින්ම අවධානය යොමු කරන්න ඕන. කොළ පැහැයෙන් යුතු නොතැළුනු පලා වර්ග පමණක්ම මිලදී ගන්න ඕන.

ඒ වගේම තමයි එළවළු මිලදී ගන්න යන්න ඕන කලබලයෙන් නෙමෙයි. හොඳින් තෝරලා බේරලා එළවළු මිලදි ගන්න කාල වේළාව වෙන් කරගෙන තමයි වෙළඳපලට යන්න ඕන. එතකොට හොඳ එළවළු මිලදි ගන්න පුළුවන්.

REp++++++++++++