හොඳ කතාවක්

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඇත්තටම මොකක්ද සමාජවාදී /මාක්ස්වාදී කියන්නෙ? අනිවාර්යයෙන්ම සමාජවාදී රටක තියෙන්න ඕන මොනවද?

    අකමැති උනාට මාත් 100% දන්නෙ නෑ ඒක ගැන.බයියො ගැන තත්ත්වය තේරෙනවනෙ එතකොට 🤦‍♂️

    මගේ සත පහ එකතු කරන්නම්!

    කොමියුනිස්ට් ආණ්ඩුවක් තියෙන රටවල ඡන්ද තිබුනත් ඒවා බොහෝ දුරට ඒකපාක්ෂික රටවල්.
    ඒ වගේ රටවල ඡන්ද තියන්නේ නියෝජිතයින් තෝරන්න මිසක් පක්ෂ අතර නෙමෙයි.
    ප්‍රධාන පක්ෂය හැටියට තියෙන්නේ කොමියුනිස්ට් පක්ෂයක්.
    තව පක්ෂ තියෝරෙටිකලි තිබුනත් ඒ ඔක්කොම අර ප්‍රධාන පක්ෂයට යටයි.
    ඇත්තටම ඒ වගේ රටක ආණ්ඩුව නිල වශයෙන් කොමියුනිස්ට් නිසා
    පක්ෂ ක්‍රමය තියෙන්නේ නාමිකව විතරයි.
    ගොඩක් පක්ෂ තිබුනත් වැඩක් නැහැ, මොකද ආණ්ඩුව නිල වශයෙන්ම කොමියුනිස්ට් නිසා.
    ඒ රටවල ආණ්ඩුව පමණක් නෙවෙයි, රාජ්‍යයත් පක්ෂය විසින් මෙහෙයවනු ලබන එකක්.
    ප්‍රජාතන්ත්‍රවාදී රටවල ආණ්ඩුව විසින් රාජ්‍යයේ ප්‍රතිපත්ති තීරණය කළාට
    කොමියුනිස්ට් රටක තරම්ම ආණ්ඩුව සහ රාජ්‍යය එකක් වෙන්නේ නැහැ!

    අනික ආර්-ථිකය කියන එක කොමියුනිස්ට් රටවල
    මධ්‍යගතව ආණ්ඩුව විසින් මෙහෙයවුන කාලයක් තිබුනා.
    සෝවියට් රුසියාවේ, මහජන චීනයේ, කියුබාවේ හෙම එහම තමයි තිබුනේ.
    හැබැයි දැන් ගොඩක් ඒ තත්වය ඒ රටවල නැහැ.
    විශේෂයෙන් රුසියාවේ, මහජන චීනයේ හෙම දැන් තියෙන්නේ නිදහස් වෙළඳපල ආර්-ථිකයක්.
    (සම්පූර්-න නිදහස වෙළඳපල ආර්-ථික කියල ජාතියක් ලෝකයේ නැහැ.
    ඒක ෆැන්ටසි අදහසක් විතරයි.
    රජයකට ප්‍රයෝගිකව සිද්ධ වෙනවා, වෙළඳපල නියාමනය කරන්න.)
    කියුබාවත් දැන් පොඩ්ඩක් කලින් තිබිච්ච රෙගුලාසි ලිහිල් කරගෙන යනවා.

    හැබැයි නූතන ලෝකයේ වාමාංශික මතවාද, ලිබරල් මතවාද එක්ක එකට යන ගමනක් තියෙන්නේ.
    ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය හොඳ උදාහරණයක්.
    අනික නිදහස් වෙළඳපල ක්‍රමය ශක්තිමත් කරන ගමන්,
    රාජ්‍යය විසින් සමාජ අසාධාරණය පාලනය කරන්න මැදිහත් වෙන
    සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම තමයි, හොඳම පාලන ක්‍රම හැටියට සමහරු (මමත්) පිළිගන්නේ.
    ස්වීඩනය, නෝර්-වේ, ෆින්ලන්තය, ඩෙන්මාර්-කය, ස්විට්සර්-ලන්තය,
    ජර්-මනිය වගේ රටවල් උදාහරණ!
    මම NPP එකට ඡන්දෙ දෙන්නෙත් ඒ වගේ බලාපොරොත්තුවක් ඇතුව! බලමු!
     
    • Like
    Reactions: u_make_me_sick_