Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොයාගන්න උදව් කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Another similar case of a missing Engineer - Moratuwa Campus guy - Missing since last October.

http://divaina.com/sunday/index.php/visheshanga2/10466-2019-05-24-09-23-211

අමරනන්ද විජේසේකර - මහවැව

හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවිල ප්‍රදේශයේ වාහන සේවා ස්ථානයක් පවත්වාගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ අභිරහස් අතුරුදන් වීම් සම්බන්ධව කිසිම හෝඩුවාවක් මේ වන තෙක් ලැබී නොමැත. මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ නොයෙකුත් කටකතා මතිමතාන්තර පැතිර යමින් පවතී.

අභිරහස් ලෙස අතුරුදන් වී ඇත්තේ වීබැද්ද රාළගෙ සමන් විජේසිරි යන ව්‍යාපාරිකයාය. ඔහු හැට හතර හැවිරිදිය. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටි ඔහු ඉන්ජිනේරුවරයෙකි.

හලාවත සිට කොළඹ මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ ගිය පසුව ඔහුගේ ව්‍යාපාරික ස්ථානය පිහිටා ඇත. තෙමහල් ගොඩනැගිල්ලකින් සමන්විත ව්‍යාපාරික ස්ථානයේ පළමු මහලේ වාහන සේවා ස්ථානය පවත්වාගෙන ගිය අතර දෙවන මහලෙහි වාහන අමතර කොටස් ගබඩා කර තිබේ. තෙවන මහලේ ඔහු ජීවත් විය. ඔහු ජීවත් වූයේ තනිවමය. ඒ ඔහු විවාහ වී සිටි බිරිඳගෙන් වෙන්ව සිටි නිසාය.

කෝටිපති ව්‍යාපාරික සමන් විජේසිරිගේ අතුරුදන් වීම සම්බන්ධව හලාවත පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විමර්ශන කටයුතු සිදුකරන අතරතුර පුද්ගලයන් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කළේය. ඔවුන්ගෙන් එක් පුද්ගලයෙක් ජාඇල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර සෙසු දෙදෙනා හලාවත අවට පදිංචි අය වෙති. එම සැකකරුවන්ගෙන් දෙදෙනෙක් සමීපතම ඇසුරු කරන්නන් අතර අනෙකා ඥාති සම්බන්ධයක් ඇති අයෙකි.

මොවුන් සැකකරුවන් ලෙස පොලිස් අත්අඩංගුවට පත් වුවද අතුරුදන්වීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ හෝඩුවාවක් ඔවුන්ගෙන් ලබා ගැනීමට පොලිසියට නොහැකි වී තිබිණි. මේ නිසාවෙන් අතුරුදන් වීම තවමත් අභිරහසකි.

ව්‍යාපාරික සමන් විජේසිරිගේ උපන් ගම බිංගිරිය බෝවත්ත ප්රදේශයේය. සහෝදරියන් සිව් දෙනකුගෙන් සහ සහෝදරයන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බඩ පිස්සා සමන්ය. සමන් ඉගෙනීමට මෙන්ම වෙනත් බාහිර කටයුතුවලට එකසේ දස්කම් දක්වයි. කුඩා කල සිටම පොත්පත් ඇසුරු කිරීමට මහත් රුචියක් දැක්වූ ඔහුව කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා දෙමව්පියන් යොමු කරන්නේ ඔහුගේ අනාගතය ගැන හොඳ ඉවක් ඇති වූ නිසාය. මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ රැඳී සිටිමින් අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව සිදුකර මොරටුව ඉංජිනේරු පීඨයට ඇතුළු වීමට වරම් ලබන්නේ දෙමාපිය අපේක්ෂාවන්ට සාධාරණයක් ඉෂ්ට කරමිණි.

මොරටුව විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු හමාර කර ඉංජිනේරුවරයෙකු ලෙස පේරාදෙණිය කෘෂිකර්ම ආයතනයේ රැකියාවක නිරත වෙයි. බෲනායි රටේ රැකියාවක් සඳහා පිටත්ව යයි. පසුව ඔහු ඇෆ්ගනිස්තානය, සැම්බියාව ඔස්ටේ්රලියාව රටවල්වල ඉංජිනේරු වරයෙක් වශයෙන් සිය සේවාව ලබාදේ. ඔහුට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට වාසනාව උදාවේ. ඔහුට ඔස්ටේ්රලියා රජයෙන් නිකුත් කළ ලෝකයේ ඕනෑම රටකට ගමන් කළ හැකි විශේෂ වීසා බලපත්‍රයක් ඇති බව සඳහන් වේ. එමෙන්ම ඔස්ටේ්රලියාව සහ මෙරට ද්විත්ව පුරවැසි භාවය ද හිමිව තිබේ. මේ අතරතුර ඔහු ඔස්ටේ්රලියාවේ ගත කළ කාලය තුළ දැන හඳුන ගන්න එක්සත් ජාතින්ගේ සංවිධානයේ සේවයේ නියුතු ජපන් ජාතික කාන්තාවක් සමඟ විවාහ වේ.

මේ අතරතුර අවස්ථා කිහිපයකදීම ඔහු ලංකාවට පැමිණේ. ඇතැම් අවස්ථාවල ඔහුගේ විවාහක කාන්තාව සමගද පැමිණ තිබේ. පිටරට රැකියා කරන අතරතුර ඔහු පදිංචි ප්‍රදේශය වන බිංගිරිය ප්‍රදේශයෙන් අක්කර 50 ක ඉඩමක් මිලදී ගැනීමට කටයුතු කරයි. කාලය ගත වීමත් සමඟ පෞද්ගලික හේතුවක් මත සිය බිරිඳ සමග වෙන් වීමට තීරණය කරයි. එහෙත් ඇය ඔස්ටේ්රලියාවේ දෙදෙනාම පදිංචි වී සිටි නිවසේම ගත කරන බව සඳහන් වේ. ව්‍යාපාරිකයාට ඔස්ටේ්රලියාවේ ද දේපළ හිමි බව ඔවුන්ගේ ඥාතීන් පවසයි. ලංකාවට පැමිණි ඔහු මෙහි ගත කරන කාලයේදී ලෝක බැංකුවේ සහ පෞද්ගලික ආයතන කිහිපයක ද සේවය කර ඇති බවට සඳහන් වේ.

මිලදී ගන්නා ලද අක්කර 50 කින් යුතු ඉඩම බලා හදා ගැනීම සඳහා ඔහු හොඳින් දන්නා හඳුනන අයෙකු මුරකරු සේවයට යොදා ගනී. මුරකරු ඔහුගේ බිරිඳ සහ දරුවන් සමඟ ඉඩමේ නිවසක ජීවත් වේ.

එහි සේවය කළ මුරකරු ඔහුට ඉතා ළෙන්ගතුව විශ්වාසවන්තව කටයුතු කිරීම හේතුවෙන් කිසිදු සැකයකින් තොරව ඔහුගේ ව්‍යාපාරික කටයුතු පවත්වා ගැනීම සඳහා ඔහුගෙන් නන් අයුරෙන් සහාය ලබා ලබාගනී. අඳුනන අයෙකු නවතා ගැනීමට සහාය ලබාගනී. මීට වසර හයකට පමණ පෙර ඔහු සතු ඉඩම විකුණා හලාවත ඉනිගොඩවිල ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගෙන වාහන සේවා ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යෑමට කටයුතු කරයි. ඒ අතරතුර හලාවත නගරයේ ස්ථාන කීපයකින් ඉඩම් මිලදී ගැනීමට ද කටයුතු කළේය.

එවැනි තත්ත්වයක් තුළ කෝටිපති ව්‍යාපාරිකයාගේ හදිසි අතුරුදන් වීම පිළිබඳ වැදගත් තොරතුරු කිසිවක් සොයා ගැනීමට කිසිවෙක් සමත් වී නැත. රටවල් රැසක සංචාරය කිරීමේ ජාත්‍යන්තර වීසා බලපත්‍ර සහිත ඔහු හදිසියේ අතුරුදන් වන්නේ තමන්ගේම මවුබිමේ වීමත් එය තවමත් අභිරහසක්ව පැවතීමත් හේතුවෙන් බොහෝ දෙනෙක් තුළ මෙම අතුරුදන් වීම පිළිබඳ දැනට පවතින්නේ ප්‍රශ්නාර්ථයකි.

[QUOTE="imhotep, post: 24625912, member: 562115"] Another similar case of a missing Engineer - Moratuwa Campus guy - Missing since last October. [url]http://divaina.com/sunday/index.php/visheshanga2/10466-2019-05-24-09-23-211[/url] අමරනන්ද විජේසේකර - මහවැව හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවිල ප්‍රදේශයේ වාහන සේවා ස්ථානයක් පවත්වාගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ අභිරහස් අතුරුදන් වීම් සම්බන්ධව කිසිම හෝඩුවාවක් මේ වන තෙක් ලැබී නොමැත. මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ නොයෙකුත් කටකතා මතිමතාන්තර පැතිර යමින් පවතී. අභිරහස් ලෙස අතුරුදන් වී ඇත්තේ වීබැද්ද රාළගෙ සමන් විජේසිරි යන ව්‍යාපාරිකයාය. ඔහු හැට හතර හැවිරිදිය. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටි ඔහු ඉන්ජිනේරුවරයෙකි. හලාවත සිට කොළඹ මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ ගිය පසුව ඔහුගේ ව්‍යාපාරික ස්ථානය පිහිටා ඇත. තෙමහල් ගොඩනැගිල්ලකින් සමන්විත ව්‍යාපාරික ස්ථානයේ පළමු මහලේ වාහන සේවා ස්ථානය පවත්වාගෙන ගිය අතර දෙවන මහලෙහි වාහන අමතර කොටස් ගබඩා කර තිබේ. තෙවන මහලේ ඔහු ජීවත් විය. ඔහු ජීවත් වූයේ තනිවමය. ඒ ඔහු විවාහ වී සිටි බිරිඳගෙන් වෙන්ව සිටි නිසාය. කෝටිපති ව්‍යාපාරික සමන් විජේසිරිගේ අතුරුදන් වීම සම්බන්ධව හලාවත පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විමර්ශන කටයුතු සිදුකරන අතරතුර පුද්ගලයන් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කළේය. ඔවුන්ගෙන් එක් පුද්ගලයෙක් ජාඇල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර සෙසු දෙදෙනා හලාවත අවට පදිංචි අය වෙති. එම සැකකරුවන්ගෙන් දෙදෙනෙක් සමීපතම ඇසුරු කරන්නන් අතර අනෙකා ඥාති සම්බන්ධයක් ඇති අයෙකි. මොවුන් සැකකරුවන් ලෙස පොලිස් අත්අඩංගුවට පත් වුවද අතුරුදන්වීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ හෝඩුවාවක් ඔවුන්ගෙන් ලබා ගැනීමට පොලිසියට නොහැකි වී තිබිණි. මේ නිසාවෙන් අතුරුදන් වීම තවමත් අභිරහසකි. ව්‍යාපාරික සමන් විජේසිරිගේ උපන් ගම බිංගිරිය බෝවත්ත ප්රදේශයේය. සහෝදරියන් සිව් දෙනකුගෙන් සහ සහෝදරයන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බඩ පිස්සා සමන්ය. සමන් ඉගෙනීමට මෙන්ම වෙනත් බාහිර කටයුතුවලට එකසේ දස්කම් දක්වයි. කුඩා කල සිටම පොත්පත් ඇසුරු කිරීමට මහත් රුචියක් දැක්වූ ඔහුව කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා දෙමව්පියන් යොමු කරන්නේ ඔහුගේ අනාගතය ගැන හොඳ ඉවක් ඇති වූ නිසාය. මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ රැඳී සිටිමින් අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව සිදුකර මොරටුව ඉංජිනේරු පීඨයට ඇතුළු වීමට වරම් ලබන්නේ දෙමාපිය අපේක්ෂාවන්ට සාධාරණයක් ඉෂ්ට කරමිණි. මොරටුව විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු හමාර කර ඉංජිනේරුවරයෙකු ලෙස පේරාදෙණිය කෘෂිකර්ම ආයතනයේ රැකියාවක නිරත වෙයි. බෲනායි රටේ රැකියාවක් සඳහා පිටත්ව යයි. පසුව ඔහු ඇෆ්ගනිස්තානය, සැම්බියාව ඔස්ටේ්රලියාව රටවල්වල ඉංජිනේරු වරයෙක් වශයෙන් සිය සේවාව ලබාදේ. ඔහුට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට වාසනාව උදාවේ. ඔහුට ඔස්ටේ්රලියා රජයෙන් නිකුත් කළ ලෝකයේ ඕනෑම රටකට ගමන් කළ හැකි විශේෂ වීසා බලපත්‍රයක් ඇති බව සඳහන් වේ. එමෙන්ම ඔස්ටේ්රලියාව සහ මෙරට ද්විත්ව පුරවැසි භාවය ද හිමිව තිබේ. මේ අතරතුර ඔහු ඔස්ටේ්රලියාවේ ගත කළ කාලය තුළ දැන හඳුන ගන්න එක්සත් ජාතින්ගේ සංවිධානයේ සේවයේ නියුතු ජපන් ජාතික කාන්තාවක් සමඟ විවාහ වේ. මේ අතරතුර අවස්ථා කිහිපයකදීම ඔහු ලංකාවට පැමිණේ. ඇතැම් අවස්ථාවල ඔහුගේ විවාහක කාන්තාව සමගද පැමිණ තිබේ. පිටරට රැකියා කරන අතරතුර ඔහු පදිංචි ප්‍රදේශය වන බිංගිරිය ප්‍රදේශයෙන් අක්කර 50 ක ඉඩමක් මිලදී ගැනීමට කටයුතු කරයි. කාලය ගත වීමත් සමඟ පෞද්ගලික හේතුවක් මත සිය බිරිඳ සමග වෙන් වීමට තීරණය කරයි. එහෙත් ඇය ඔස්ටේ්රලියාවේ දෙදෙනාම පදිංචි වී සිටි නිවසේම ගත කරන බව සඳහන් වේ. ව්‍යාපාරිකයාට ඔස්ටේ්රලියාවේ ද දේපළ හිමි බව ඔවුන්ගේ ඥාතීන් පවසයි. ලංකාවට පැමිණි ඔහු මෙහි ගත කරන කාලයේදී ලෝක බැංකුවේ සහ පෞද්ගලික ආයතන කිහිපයක ද සේවය කර ඇති බවට සඳහන් වේ. මිලදී ගන්නා ලද අක්කර 50 කින් යුතු ඉඩම බලා හදා ගැනීම සඳහා ඔහු හොඳින් දන්නා හඳුනන අයෙකු මුරකරු සේවයට යොදා ගනී. මුරකරු ඔහුගේ බිරිඳ සහ දරුවන් සමඟ ඉඩමේ නිවසක ජීවත් වේ. එහි සේවය කළ මුරකරු ඔහුට ඉතා ළෙන්ගතුව විශ්වාසවන්තව කටයුතු කිරීම හේතුවෙන් කිසිදු සැකයකින් තොරව ඔහුගේ ව්‍යාපාරික කටයුතු පවත්වා ගැනීම සඳහා ඔහුගෙන් නන් අයුරෙන් සහාය ලබා ලබාගනී. අඳුනන අයෙකු නවතා ගැනීමට සහාය ලබාගනී. මීට වසර හයකට පමණ පෙර ඔහු සතු ඉඩම විකුණා හලාවත ඉනිගොඩවිල ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගෙන වාහන සේවා ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යෑමට කටයුතු කරයි. ඒ අතරතුර හලාවත නගරයේ ස්ථාන කීපයකින් ඉඩම් මිලදී ගැනීමට ද කටයුතු කළේය. එවැනි තත්ත්වයක් තුළ කෝටිපති ව්‍යාපාරිකයාගේ හදිසි අතුරුදන් වීම පිළිබඳ වැදගත් තොරතුරු කිසිවක් සොයා ගැනීමට කිසිවෙක් සමත් වී නැත. රටවල් රැසක සංචාරය කිරීමේ ජාත්‍යන්තර වීසා බලපත්‍ර සහිත ඔහු හදිසියේ අතුරුදන් වන්නේ තමන්ගේම මවුබිමේ වීමත් එය තවමත් අභිරහසක්ව පැවතීමත් හේතුවෙන් බොහෝ දෙනෙක් තුළ මෙම අතුරුදන් වීම පිළිබඳ දැනට පවතින්නේ ප්‍රශ්නාර්ථයකි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom