Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොයියා හෝයියා...මා දැල් අදිමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොයියා හෝයියා...මා දැල් අදිමු.

බටහිර වෙරළේ කන්ද තොඩුවාවේ පාරම්පරික මාදැල් රස්සාවේ වර්තමාන වතගොත.

ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට.

කියවීම මිනිසා සම්පුර්ණ කරයි කියල අපි කොයි කවුරුත් අහල තියෙනවා....සංචාරය කියන්නෙත් ඒ කිට්ටුවෙන්ම යන දෙයක්.

මනුෂ්‍ය වර්ගයා බිහිවීම පටන් ගත්තු දා සිට අපි අනවරත සංචාරයක නියැළෙනවා.ඒ තුලින් අපි දකින දේ, අපි අහන දේ,අපිට දැනෙන දේ, අපි ඉගෙන ගන්න දේ බොහෝමයි.

ඒ නිසා මම විශ්වාස කරනවා සංචාරයත් එක් ආකාරයක කියවීමක්.

හැබැයි ඒ තුලින් අපි කොයිතරමක් දේවල් එකතු කරගන්නවද කියන කාරණය එක එක්කෙනාගෙන් වෙනස්.

ඉතින් අද මම කතා කරන්න යන මාතෘකාවත් තරමක් වෙනස් වගේම ගොඩක් මිනිසුන් අතර අප්‍රසාදයට ලක් වුනු දෙයක්.

ඒ තුළ මම දැකපු හොඳ , නරක දෙකම තියෙනවා. ඒ නිසා ඒ පිලිබඳ සාධාරණ කියවීමක් දෙන්න මම උත්සහයක් ගන්නවා.

1978 ලෙනින් මොරායස් විසින් අධ්‍යක්ෂණය කල ''හිතමිතුරා '' චිත්‍රපටය බලපු කවුද ඉන්නේ ?

ටෝනි රණසිංහ, ශ්‍රියානි අමරසේන, ගාමිණි ෆොන්සේකා, රෙක්ස් කොඩිප්පිලි රංගනයෙන් දායක වුනු, පුත්තලමේ කන්ද තොඩුවාව - උඩප්පුව වෙරළ ආශ්‍රිතව ධීවර ජන ජීවිතය ඇසුරෙන් නිර්මාණය වුනු කතාවක්.

චිත්‍රපටයේ බොහොම ප්‍රසිද්ධ සිංදුවක් එහෙමත් තියෙන්නේ ජෝතිපාල මහත්තයා ගායනාකරන '' උසී උසී නෝනේ '' කියල.

ඔය උඩප්පුව ,තොඩුවාව ඇතුළු බටහිර වෙරළේ සිද්ද වෙන පාරම්පරික මාදැල් රස්සාව ගැන මම ලබාපු අත්දැකීමක් තමා අද මම වචන කරන්නේ.

ධීවර ජනසමාජය කියන්නේ එක්තරා උප සංස්කෘතියක්.ලංකාවේ හරිම අඩුවෙන් සාකාඡාවට බඳුන් වෙන, ගවේෂණය වෙන, කලාවට හසුවෙන උප සංස්කෘතියක් කිව්වොත් මම නිවැරදියි.

ඒ වගේම බහුතර සමාජයේ පහත්, අප්‍රසාදයට ලක් වුනු වෘත්තියක්.

නමුත් ධීවරයා කියන්නේ අපිට අත්‍යවශ්‍ය චරිතයක්.මොකද ලංකාව වටේම පිහිටි සාගරයේ දහසකුත් අස්වැන්න නෙලාගෙන අපිට ගෙනත් දෙන්නේ ධීවරයා.

මම නම් පෞද්ගලිකව ධීවරයාට ගරු කරනවා.

නමුත් ධීවර උප සංස්කෘතිය, කුලය සහ පොදු ජන සමාජය අතර නොගැලපීම් රාශියක් තියෙන බවත්, අන්න ඒ නිසාම ධීවරයා සාපේක්ෂව කුලෑටි චරිතයක් වෙලා තියෙන බව මගේ මතය.

මාදැල් පන්නය කියන්නේ අතීතයේ ඉඳලම පැවත එන පාරම්පරික ධීවර රැකියා පන්නයක්.මාදැල් රස්සාවට ලොකු මුදලක් යට කරන්නට ඕනේ.

ඒ නිසා මාදැල් හිමිකාරයෙක් කියන්නේ ධීවර පන්න ක්‍රම අතරින් විශාල , ලොකු ලාභයක් අපේක්ෂා කරන රැකියා පන්නයක්.

කාලෙකට උඩදී මම උතුරු පළාතේ මායිමේ තියෙන කෝකිලායි කියන ධීවර ගම්මානයේ මාස ගණනාවක් ජීවත් උනා.

ඒ නිසා ධීවර කටයුතු, ධීවර ජනසමාජය ගැන පුංචි අවබෝධයක් මට තියෙනවා.

කෝකිලායි කියන්නේ දශක හත අටකට උඩදී බටහිර වෙරළේ සිට සංක්‍රමණය වුනු සිංහල කතෝලික ධීවර ප්රජාවකින් සැදුම්ලත් කලපුවත්, මුහුදත් අසල මෝය කට ආශ්‍රිතව

තියෙන පුංචි ධීවර ගම්මානයක්.

බහුතරයක් දෙනාගේ මුල් ගම්බිම් වෙන්නේ පුත්තලමේ ඉඳල මීගමුවේ දූව වෙනකන් තියෙන වෙරළබඩ ගම්මාන.

ඒ නිසා උතුරු නැගෙනහිර කෝකිලායි ප්‍රජාව කියන්නේ බටහිර වෙරළේ ධීවරයන්ගේම පුරුකක්.

අදටත් මේ සමහර ධීවරයන් අවුරුද්දේ එක කාලයක් කෝකිලායි නැගෙනහිර මුහුදේත්, අනිත් කාලේ බටහිර මුහුදේත් රස්සා කරනවා.

මාදැල් රස්සාවත් සිද්ධ වෙන්නේ මේ පිළිවෙලට.

නිරිත දිග මෝසමත් එක්ක සන්සුන් වෙන නැගෙනහිර මුහුදේ එක කාලෙකත්,ඊසාන දිග මෝසම වෙද්දී බටහිර මුහුදටත් ලෙස මේ සංක්‍රමණය සිද්ධ වෙනවා.

ඒ අනුව අවුරුද්දේ මැද කාලය ( මාර්තු අප්‍රේල් ඉඳල සැප්තැම්බර් විතර වෙනකම් ) නැගෙනහිර මුහුදේ මාදැල් රස්සාව සිද්ධ වෙන අතර,

ඊසානදිග මෝසම සක්‍රිය වෙන්න පටන් කොට ඔවුන් මාදැල් සේරම පටවගෙන බටහිරට සංක්‍රමණය වෙනවා.

ඔක්තෝම්බර් නොවැම්බර් විතර බටහිර වෙරළේ පටන් ගන්න රස්සාව පෙබරවාරි වෙනකම් සිද්ධ වෙනවා.

දකුණේ සිද්ධ වෙන මාදැල් රස්සාවෙන් වෙනස් වෙන්නේ මේ කියන කාරණාව නිසා.මේ ධීවරයෝ මුළු අවුරුද්දේ වැඩි කාලයක් රස්සාවේ නිරත වෙනවා.

කෝකිලායි වලදී හඳුනාගත්තු මිතුරන් මාර්ගයෙන් මාස කිහිපයකට උඩදී ( පහුගිය ජනවාරියේ ) මම ගියා බටහිර වෙරළේ මාදැල් රස්සාව සිද්ධ වෙන විදිහ බලන්නත්, දවසක් දෙකක් නැවතිලා ඒ මිනිස්සු එක්ක කතාබහ කරන්නත්.

කෝකිලායි මාදැල් රස්සාව කියන්නේ මම දැකපු අසික්කිතම රැකියාවන්ගෙන් එකක්.

ඉතින් ඒ පිලිවෙලමයි උඩප්පුව තොඩුවාවේ මාදැල් වලත් තියෙන්නේ.

මම උඩින් කියල තියෙන්නා වගේ මාදැල් රස්සාව කියන්නේ ලොකු මුදලක් යට කලයුතු, ඒ වගේම විශාල අදායම් ලබන රැකියා පන්නයක්.

ඒ නිසා හැමෝටම මාදැල් කරන්න බැහැ වගේම පවත්වා ගෙන යන්නත් බැහැ. සරලවම කිව්වොත් හොඳ සල්ලිකාරයෙක් වෙන්න ඕනේ.

මාදැල් රස්සාවේ ස්වභාවය ගැන කෙටියෙන් කියන්නම්,

මාදැල් කුට්ටම ප්‍රමාණයෙන් ඉතා විශාලයි.මුහුදේ ගොඩබිම සිට දියඹේ කිලෝමීටර් 3,4 ඉඳල ඊටත් වඩා දුරට දැල් එලන අවස්ථා තියෙනවා.

ඒ වෙනුවෙන්ම විශේෂ කඹ තියෙනවා.මාදැල ගොඩට අදින්නේ මිනිසුන් විසින්.ඒ සඳහා මිනිස්සු 30,40 ඉඳල ඊට වැඩි ප්‍රමාණයක් වෙනකම් යොදා ගන්නවා.

වර්තමානයේ මේ වෙනුවෙන් ට්‍රැක්ටර් යොදා ගන්නවා.

මාදැලේ අයිතිකාරයට අමතරව දැලේ ප්‍රධානියා මණ්ඩරාල ( මන්වඩි රාල කියලත් ව්‍යවහාර වෙනවා ). දෙවෙනියා හැටියට සලකන්නේ ලියන මහත්තයා.

ඉතිරි ධීවරයෝ ජෙය්ෂ්ඨත්වය අනුව සලකනවා.

ඒ වගේම දැල් කුට්ටම් බාරව වෙනම පුද්ගලයෙකුත්, අවර මන්ද (කඹ) / ඇනිය මන්ද බාරව වෙන පුද්ගලයෙකුත් ඉන්නවා.

මාදැලේ උයන පිහන වැඩ වලට වෙනම කෙනෙක් ඉන්නවා. ( බොහෝ විට වයසක ගෑනු කෙනෙක් )

කෑම කියල ඉතින් මහ දේවල් නැහැ. උදේට මලු තැම්බුම් හොද්දයි, ගාපු පොල් එක්ක බත්.දවල්ට මාළු කිරි හොද්ද එක්ක බත්.රෑටත් එව්වමයි.ඉඳල හිටලා මිරිස් කරලක් බැදලා, පරිප්පුවක් හෝ එළවළුවක් උයනවා.

උත්සව දවසකට වගේ නම් මස් ටිකක් උයනවා.

මාදැල් සේවකයෝ නැවතිලා ඉන්නේ මාදැල් වාඩියේ.

එදා දවසේ සුළඟ හමන දිශාව, දියකඩ වේගය (සුළඟ හමන දිශාව අනුව මුහුද යටින් ජලය ගලන දිසාව ) සැලකිල්ලට ගෙන දැල වට කලයුතු ආකාරය මෙහෙය වන්නේ මන්ඩරාළ විසින්.

නිසංසල මුහුදක් නම් උදේ පාන්දරින්ම දැල වටකරන අතර අස්වැන්න අනුව සවස් යාමයේත් නැවත දැල් එළනු ලබනවා.

මේ හඳුන්වන්නේ පාඩු බැලීම ලෙස.

මාදැල පටවාගෙන යන බෝට්ටුව හඳුන්වන්නේ වල්ලම ලෙස ( වල්ලම් බෝට්ටුව ).මේක පළලින් අඩු දිගින් වැඩි ඔරුවක්.අතීතයේ නම් ලොකු හබල් වලින් තමා පැදෙව්වේ.

නමුත් වර්තමානයේ මේකේ එන්ජිමක් සවි කරලා තියෙන්නේ.

ඒ වගේම තව බෝට්ටු දෙකක් භාවිතා වෙනවා. ඒ අවර බෝට්ටුව සහ ඇණිය බෝට්ටුව.ඒ දෙකේ තමයි අවර මන්ද, ඇණිය මන්ද පටවාගෙන යන්නේ.

මේ දෙකට මඩි ඔරු කියලත් කියනවා.

මාදැලේ මැද තියෙන්නේ මඩි දැල. මේකට තමා මාළු එකතු වෙන්නේ. මඩි දැලේ විශාලත්වය සහ ස්වභාවය අනුව ඊට එකතුවෙන මාළු වෙනස් සහ ප්‍රමාණය වෙනස් වෙනවා.

මඩි දැල වශයෙන් විවිධ දැල් පාවිච්චි වෙනවා. සාල දැල්, හාල්මැස්සන් දැල්,මඩු දැල් වශයෙන්.

මේවායේ දැලේ සිදුරු ( දැලේ ඇස් ) වල විශාලත්වය අනුව මේවායේ රැඳෙන මාළු වෙනස් වෙනවා. හාල්මැස්සන් දැලේ ඇස් ඉතා කුඩා නිසා ඕනෑම වර්ගයක මාලුවෙක් මඩියේ එකතු වෙනවා.

මඩි දැලේ ප්‍රමාණය අනුව වරකට මාළු කිලෝ 100,200 සිට කිලෝ 10 000 දක්වා උනත් මාළු අල්ලා ගැනීමේ හැකියාව තියෙනවා.

ඒ වගේම කුඩා ප්රමාණවල සිට විශාල ප්‍රමාන වෙනකම් මඩි දැල් කිහිපයක්ම මාදැල් හිමිකරුවන් සතුයි.

දැල් ගොඩට ගැනීමෙන් පසු මුලින්ම මාළු වෙන් කරනවා. ඒ සඳහා මාදැලේ සේවකයන්ට අමතරව අසල්වාසීන්,කුලියට පැමිණෙන සේවකයන් සිටිනවා.

බොහෝ විට ඒ ගමේ ගැහැණු පිරිස.එය හඳුන්වන්නේ ඉලිප්පුවේ මාළු තෝරනවා කියා.

ඔවුන්ගේ ගතමනාව ලෙස මාළු වලින් කොටසක් වෙන් කරනවා.

ඊට පසු මාළු තෝරා දවසේ අහාරයට ( හොද්දට මාළු වෙන් කරනවා ) මාළු අයින් කර ඉතිරි මාළු බර කිරා විකිනීමට යවනවා.

මාදැල් මාළු සෑමවිටම ඉතාම පිරිසිඳු, පණැති නැවුම් මාළු සහ තැලීම් පොඩිවීම් වලට ලක් නොවුණු නිසා මිලට ගැනීමට ගැනුම්කරුවන් ඉතාම කැමතියි.

අතිරික්ත මාළු කරවල වාඩි වලට අඩුමිලට විකුණනු ලබනවා.

ඔය පිළිවෙලට තමා මාදැලක කටයුතු සිද්ධ වෙන්නේ.

මාදැලක සාමාන්‍යයෙන් සේවකයන් 25 ඉඳල 40, 50 විතර වෙනකම් ඉන්නවා. සේවකයන් ගණන තීරණය වෙන්නේ මාදැලේ ප්‍රමාණය, හිමිකරුගේ වත්කම් සහ මුහුදේ ස්වභාවය අනුව.

මේ මාදැල් රස්සා පොළවල් හඳුන්වන්න හරි අමුතු නම් තියෙන්නේ.....

බඩයා දැල, තම්බි දැල, උඩප්පු දැල, කොන්ඩ දැල ......ඔය වගේ අපිට නුහුරු නම් වලින් තමා හඳුන්වන්නේ.

මේ පළාත් වල මාදැල් රස්සාවේ අප්‍රසන්නම කොටස වන්නේ මාදැල් සංස්කෘතිය.ඒක බොහොම විට අපිරිසිඳු, අපිළිවෙල, යම් තරමක අසාධාරණ සහ අමානුෂීය රැකියා පන්නයක්.

ඒ ගැන විස්තරයක් ලියන්න කලින් මාදැල් රස්සාවේ ගිහින් මම ගනිපු පින්තුරු ටිකක් විස්තර සමගින් ඉදිරිපත් කරන්නම්.

ඒ ටික බලල අවබෝධයක් ලබා ගන්න හැකි වෙයි කියල මම හිතනවා.

උදෑසනින්ම රස්සාවට පිටත් වෙන වල්ලම් බෝට්ටුව.මමත් ගියේ වල්ලම් බෝට්ටුවේ.මාදැල පටවන් යන්නේ මේකේ.

මාදැල

ඇණිය කඹ පටවගත්තු බෝට්ටුව

ඔය බෝට්ටුවේ හිටගෙන ඉන්නේ මණ්ඩරාල.

ඔය වතුරේ පාවෙන්නේ දැලේ උඩු මන්දේ තියෙන රිජිෆෝම් කාවි. ( බෝය කියලත් කියනවා ) දැල අඳුර ගන්නේ මේ බෝය වලින්.

නැගෙනහිර ගොඩබිමින් ඉරු උදාව හරි ලස්සනට පේනවා..

මේ කොට කලිසමක් ඇඳගෙන ඉන්නේ මාදැලේ අයිතිකාරයා. කෝකිලායි වල මම හඳුනා ගනිපු මිත්‍රයෙක්.මෙයා තමයි දැල් කුට්ටම මුහුදට දාන රාජකාරිය කරන්නේ.

හැබැයි හැම මුදලාලි කෙනෙක්ම මුහුදේ රස්සාවට යන්නේ නම් නැහැ.

ඔය පිටිපස්සෙන් එන්නේ අවර කඹ බෝට්ටුව.

අවර කඹේ දැලට අමුණලා ඉවරයි. දැන් එලන්නේ දැලේ අවසන් බාගය.

දැන් නම් ඉර පායලා ඉවරයි.වලාකුලකින් වැහුනම අමුතුම ලස්සනක් තියෙන්නේ.

මුහුදේ එලා ඇති තවත් දැලක් නිසා පැටලුම් ලිහීම සඳහා දියට බැසි ධීවරයෙක්.

ඔහුට ඒ පැටලුම සම්පුර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා පැයක පමණ කාලයක් ගතවිය...

පුත්තලමේ යද්දී වෙරල තීරයේ දකින්න ලැබෙන සුළං මෝල්

මුහුදු ලිහිණියෝ වටවුණු මුහුද

දැලේ අවසන් කඹ කිහිපය.

මැරිලා මුහුදේ පාවෙන කැස්බෑවෙක්

වල්ලම් බෝට්ටුව රස්සාවේ ගිහින් නැවත ගොඩට ආවා.

ඔන්න දැන් තමා ට්‍රැක්ටර් රාජකාරිය පටන් ගන්නේ.

මාදැල් වාඩි

වාඩියේ අතිරික්ත කඹ.මේ කඹ නැව් වලින් අයින් කරන එව්වා නැවත එකට එක අඹරලා නිර්මාණය කර ගත්තුවා.

දැලේ පැටලුම් තියෙනවද කියල පරික්ෂා කරන්න බෝට්ටුවක් පිටත් වුනා.

අවර මන්දටත්, ඇණිය මන්දටත් වශයෙන් වෙන වෙනම ට්‍රැක්ටර් දෙකක් මගින් දැල ගොඩට අදිනවා.

වෙරල කොච්චර හෑරිලාද කියල පේනවා නේ.ඔය බිම ගොඩගහල තියෙන්නේ කඹ ටික.

එදා දියකඩ පාර උතුරු දෙසට තමා ගමන් කලේ. ඒ නිසා දැල එන්න එන්න උතුරු දෙසට ගහගෙන යනවා. වාඩියේ ඉඳල කිලෝමීටරයක් දෙකක් විතර පුත්තලම පැත්තට කිට්ටුවෙන් තමා දැල ගොඩ ගත්තේ.

ගිනි කාස්ටක අව්වේ දැලක ඉරුම් මහන ධීවරයෙක්.

දැල ගොඩට අදින අවස්තාව. දැලේ විශාල ප්‍රමාණයක් ට්‍රැක්ටරෙන් ඇද්දට පස්සේ අන්තිම ටික අදින්නේ මිනිස්සු එකතු වෙලා. ඒ වෙලාවට ඉලිප්පුවේ මාළු තෝරන්න ආපු ගැහැණුත් එකතු වෙනවා දැල ගොඩට අදින්න.

ඒ දවස් කිහිපයේම බොහොම දුර්වල මාළු අස්වැන්නක් තිබුනේ. ඒ නිසා පොඩි මඩි දැලක් තමා භාවිතා කරලා තිබ්බේ.මාළු කිලෝ 300 වත් තිබුනේ නැහැ.

ඉලිප්පුවටයි, හොද්දටයි අයින් කලාම බොහොම පොඩ්ඩයි විකුනන්න ඉතුරු වුනේ.

අවාසනාවන්ත දවසක්.

දැලට අහුවුන කැස්බෑවෙක් නැවත වතුරට බේරලා දැම්මා

පේනවනේ අපි මුහුදට කරලා තියෙන දේ.

ඉලිප්පුවේ මාළු තෝරනවා....

මාළු තෝරලා වෙන් කරලා කිරල විකුනන්න යන අවස්තාව.

[QUOTE="Dodo Mahaththaya, post: 24889110, member: 563080"] [b]හොයියා හෝයියා...මා දැල් අදිමු.[/b] [CENTER][B][SIZE="3"][COLOR="Purple"][COLOR="DarkOrchid"][SIZE="4"]බටහිර වෙරළේ කන්ද තොඩුවාවේ පාරම්පරික මාදැල් රස්සාවේ වර්තමාන වතගොත.[/SIZE][/COLOR] ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට. කියවීම මිනිසා සම්පුර්ණ කරයි කියල අපි කොයි කවුරුත් අහල තියෙනවා....සංචාරය කියන්නෙත් ඒ කිට්ටුවෙන්ම යන දෙයක්. මනුෂ්‍ය වර්ගයා බිහිවීම පටන් ගත්තු දා සිට අපි අනවරත සංචාරයක නියැළෙනවා.ඒ තුලින් අපි දකින දේ, අපි අහන දේ,අපිට දැනෙන දේ, අපි ඉගෙන ගන්න දේ බොහෝමයි. ඒ නිසා මම විශ්වාස කරනවා සංචාරයත් එක් ආකාරයක කියවීමක්. හැබැයි ඒ තුලින් අපි කොයිතරමක් දේවල් එකතු කරගන්නවද කියන කාරණය එක එක්කෙනාගෙන් වෙනස්. ඉතින් අද මම කතා කරන්න යන මාතෘකාවත් තරමක් වෙනස් වගේම ගොඩක් මිනිසුන් අතර අප්‍රසාදයට ලක් වුනු දෙයක්. ඒ තුළ මම දැකපු හොඳ , නරක දෙකම තියෙනවා. ඒ නිසා ඒ පිලිබඳ සාධාරණ කියවීමක් දෙන්න මම උත්සහයක් ගන්නවා. 1978 ලෙනින් මොරායස් විසින් අධ්‍යක්ෂණය කල ''හිතමිතුරා '' චිත්‍රපටය බලපු කවුද ඉන්නේ ? ටෝනි රණසිංහ, ශ්‍රියානි අමරසේන, ගාමිණි ෆොන්සේකා, රෙක්ස් කොඩිප්පිලි රංගනයෙන් දායක වුනු, පුත්තලමේ කන්ද තොඩුවාව - උඩප්පුව වෙරළ ආශ්‍රිතව ධීවර ජන ජීවිතය ඇසුරෙන් නිර්මාණය වුනු කතාවක්. චිත්‍රපටයේ බොහොම ප්‍රසිද්ධ සිංදුවක් එහෙමත් තියෙන්නේ ජෝතිපාල මහත්තයා ගායනාකරන '' උසී උසී නෝනේ '' කියල. ඔය උඩප්පුව ,තොඩුවාව ඇතුළු බටහිර වෙරළේ සිද්ද වෙන පාරම්පරික මාදැල් රස්සාව ගැන මම ලබාපු අත්දැකීමක් තමා අද මම වචන කරන්නේ. ධීවර ජනසමාජය කියන්නේ එක්තරා උප සංස්කෘතියක්.ලංකාවේ හරිම අඩුවෙන් සාකාඡාවට බඳුන් වෙන, ගවේෂණය වෙන, කලාවට හසුවෙන උප සංස්කෘතියක් කිව්වොත් මම නිවැරදියි. ඒ වගේම බහුතර සමාජයේ පහත්, අප්‍රසාදයට ලක් වුනු වෘත්තියක්. නමුත් ධීවරයා කියන්නේ අපිට අත්‍යවශ්‍ය චරිතයක්.මොකද ලංකාව වටේම පිහිටි සාගරයේ දහසකුත් අස්වැන්න නෙලාගෙන අපිට ගෙනත් දෙන්නේ ධීවරයා. මම නම් පෞද්ගලිකව ධීවරයාට ගරු කරනවා. නමුත් ධීවර උප සංස්කෘතිය, කුලය සහ පොදු ජන සමාජය අතර නොගැලපීම් රාශියක් තියෙන බවත්, අන්න ඒ නිසාම ධීවරයා සාපේක්ෂව කුලෑටි චරිතයක් වෙලා තියෙන බව මගේ මතය. මාදැල් පන්නය කියන්නේ අතීතයේ ඉඳලම පැවත එන පාරම්පරික ධීවර රැකියා පන්නයක්.මාදැල් රස්සාවට ලොකු මුදලක් යට කරන්නට ඕනේ. ඒ නිසා මාදැල් හිමිකාරයෙක් කියන්නේ ධීවර පන්න ක්‍රම අතරින් විශාල , ලොකු ලාභයක් අපේක්ෂා කරන රැකියා පන්නයක්. කාලෙකට උඩදී මම උතුරු පළාතේ මායිමේ තියෙන කෝකිලායි කියන ධීවර ගම්මානයේ මාස ගණනාවක් ජීවත් උනා. ඒ නිසා ධීවර කටයුතු, ධීවර ජනසමාජය ගැන පුංචි අවබෝධයක් මට තියෙනවා. කෝකිලායි කියන්නේ දශක හත අටකට උඩදී බටහිර වෙරළේ සිට සංක්‍රමණය වුනු සිංහල කතෝලික ධීවර ප්රජාවකින් සැදුම්ලත් කලපුවත්, මුහුදත් අසල මෝය කට ආශ්‍රිතව තියෙන පුංචි ධීවර ගම්මානයක්. බහුතරයක් දෙනාගේ මුල් ගම්බිම් වෙන්නේ පුත්තලමේ ඉඳල මීගමුවේ දූව වෙනකන් තියෙන වෙරළබඩ ගම්මාන. ඒ නිසා උතුරු නැගෙනහිර කෝකිලායි ප්‍රජාව කියන්නේ බටහිර වෙරළේ ධීවරයන්ගේම පුරුකක්. අදටත් මේ සමහර ධීවරයන් අවුරුද්දේ එක කාලයක් කෝකිලායි නැගෙනහිර මුහුදේත්, අනිත් කාලේ බටහිර මුහුදේත් රස්සා කරනවා. මාදැල් රස්සාවත් සිද්ධ වෙන්නේ මේ පිළිවෙලට. නිරිත දිග මෝසමත් එක්ක සන්සුන් වෙන නැගෙනහිර මුහුදේ එක කාලෙකත්,ඊසාන දිග මෝසම වෙද්දී බටහිර මුහුදටත් ලෙස මේ සංක්‍රමණය සිද්ධ වෙනවා. ඒ අනුව අවුරුද්දේ මැද කාලය ( මාර්තු අප්‍රේල් ඉඳල සැප්තැම්බර් විතර වෙනකම් ) නැගෙනහිර මුහුදේ මාදැල් රස්සාව සිද්ධ වෙන අතර, ඊසානදිග මෝසම සක්‍රිය වෙන්න පටන් කොට ඔවුන් මාදැල් සේරම පටවගෙන බටහිරට සංක්‍රමණය වෙනවා. ඔක්තෝම්බර් නොවැම්බර් විතර බටහිර වෙරළේ පටන් ගන්න රස්සාව පෙබරවාරි වෙනකම් සිද්ධ වෙනවා. දකුණේ සිද්ධ වෙන මාදැල් රස්සාවෙන් වෙනස් වෙන්නේ මේ කියන කාරණාව නිසා.මේ ධීවරයෝ මුළු අවුරුද්දේ වැඩි කාලයක් රස්සාවේ නිරත වෙනවා. කෝකිලායි වලදී හඳුනාගත්තු මිතුරන් මාර්ගයෙන් මාස කිහිපයකට උඩදී ( පහුගිය ජනවාරියේ ) මම ගියා බටහිර වෙරළේ මාදැල් රස්සාව සිද්ධ වෙන විදිහ බලන්නත්, දවසක් දෙකක් නැවතිලා ඒ මිනිස්සු එක්ක කතාබහ කරන්නත්. කෝකිලායි මාදැල් රස්සාව කියන්නේ මම දැකපු අසික්කිතම රැකියාවන්ගෙන් එකක්. ඉතින් ඒ පිලිවෙලමයි උඩප්පුව තොඩුවාවේ මාදැල් වලත් තියෙන්නේ. මම උඩින් කියල තියෙන්නා වගේ මාදැල් රස්සාව කියන්නේ ලොකු මුදලක් යට කලයුතු, ඒ වගේම විශාල අදායම් ලබන රැකියා පන්නයක්. ඒ නිසා හැමෝටම මාදැල් කරන්න බැහැ වගේම පවත්වා ගෙන යන්නත් බැහැ. සරලවම කිව්වොත් හොඳ සල්ලිකාරයෙක් වෙන්න ඕනේ. මාදැල් රස්සාවේ ස්වභාවය ගැන කෙටියෙන් කියන්නම්, .....//..... මාදැල් කුට්ටම ප්‍රමාණයෙන් ඉතා විශාලයි.මුහුදේ ගොඩබිම සිට දියඹේ කිලෝමීටර් 3,4 ඉඳල ඊටත් වඩා දුරට දැල් එලන අවස්ථා තියෙනවා. ඒ වෙනුවෙන්ම විශේෂ කඹ තියෙනවා.මාදැල ගොඩට අදින්නේ මිනිසුන් විසින්.ඒ සඳහා මිනිස්සු 30,40 ඉඳල ඊට වැඩි ප්‍රමාණයක් වෙනකම් යොදා ගන්නවා. වර්තමානයේ මේ වෙනුවෙන් ට්‍රැක්ටර් යොදා ගන්නවා. මාදැලේ අයිතිකාරයට අමතරව දැලේ ප්‍රධානියා මණ්ඩරාල ( මන්වඩි රාල කියලත් ව්‍යවහාර වෙනවා ). දෙවෙනියා හැටියට සලකන්නේ ලියන මහත්තයා. ඉතිරි ධීවරයෝ ජෙය්ෂ්ඨත්වය අනුව සලකනවා. ඒ වගේම දැල් කුට්ටම් බාරව වෙනම පුද්ගලයෙකුත්, අවර මන්ද (කඹ) / ඇනිය මන්ද බාරව වෙන පුද්ගලයෙකුත් ඉන්නවා. මාදැලේ උයන පිහන වැඩ වලට වෙනම කෙනෙක් ඉන්නවා. ( බොහෝ විට වයසක ගෑනු කෙනෙක් ) කෑම කියල ඉතින් මහ දේවල් නැහැ. උදේට මලු තැම්බුම් හොද්දයි, ගාපු පොල් එක්ක බත්.දවල්ට මාළු කිරි හොද්ද එක්ක බත්.රෑටත් එව්වමයි.ඉඳල හිටලා මිරිස් කරලක් බැදලා, පරිප්පුවක් හෝ එළවළුවක් උයනවා. උත්සව දවසකට වගේ නම් මස් ටිකක් උයනවා. මාදැල් සේවකයෝ නැවතිලා ඉන්නේ මාදැල් වාඩියේ. එදා දවසේ සුළඟ හමන දිශාව, දියකඩ වේගය (සුළඟ හමන දිශාව අනුව මුහුද යටින් ජලය ගලන දිසාව ) සැලකිල්ලට ගෙන දැල වට කලයුතු ආකාරය මෙහෙය වන්නේ මන්ඩරාළ විසින්. නිසංසල මුහුදක් නම් උදේ පාන්දරින්ම දැල වටකරන අතර අස්වැන්න අනුව සවස් යාමයේත් නැවත දැල් එළනු ලබනවා. මේ හඳුන්වන්නේ පාඩු බැලීම ලෙස. මාදැල පටවාගෙන යන බෝට්ටුව හඳුන්වන්නේ වල්ලම ලෙස ( වල්ලම් බෝට්ටුව ).මේක පළලින් අඩු දිගින් වැඩි ඔරුවක්.අතීතයේ නම් ලොකු හබල් වලින් තමා පැදෙව්වේ. නමුත් වර්තමානයේ මේකේ එන්ජිමක් සවි කරලා තියෙන්නේ. ඒ වගේම තව බෝට්ටු දෙකක් භාවිතා වෙනවා. ඒ අවර බෝට්ටුව සහ ඇණිය බෝට්ටුව.ඒ දෙකේ තමයි අවර මන්ද, ඇණිය මන්ද පටවාගෙන යන්නේ. මේ දෙකට මඩි ඔරු කියලත් කියනවා. මාදැලේ මැද තියෙන්නේ මඩි දැල. මේකට තමා මාළු එකතු වෙන්නේ. මඩි දැලේ විශාලත්වය සහ ස්වභාවය අනුව ඊට එකතුවෙන මාළු වෙනස් සහ ප්‍රමාණය වෙනස් වෙනවා. මඩි දැල වශයෙන් විවිධ දැල් පාවිච්චි වෙනවා. සාල දැල්, හාල්මැස්සන් දැල්,මඩු දැල් වශයෙන්. මේවායේ දැලේ සිදුරු ( දැලේ ඇස් ) වල විශාලත්වය අනුව මේවායේ රැඳෙන මාළු වෙනස් වෙනවා. හාල්මැස්සන් දැලේ ඇස් ඉතා කුඩා නිසා ඕනෑම වර්ගයක මාලුවෙක් මඩියේ එකතු වෙනවා. මඩි දැලේ ප්‍රමාණය අනුව වරකට මාළු කිලෝ 100,200 සිට කිලෝ 10 000 දක්වා උනත් මාළු අල්ලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කුඩා ප්රමාණවල සිට විශාල ප්‍රමාන වෙනකම් මඩි දැල් කිහිපයක්ම මාදැල් හිමිකරුවන් සතුයි. දැල් ගොඩට ගැනීමෙන් පසු මුලින්ම මාළු වෙන් කරනවා. ඒ සඳහා මාදැලේ සේවකයන්ට අමතරව අසල්වාසීන්,කුලියට පැමිණෙන සේවකයන් සිටිනවා. බොහෝ විට ඒ ගමේ ගැහැණු පිරිස.එය හඳුන්වන්නේ ඉලිප්පුවේ මාළු තෝරනවා කියා. ඔවුන්ගේ ගතමනාව ලෙස මාළු වලින් කොටසක් වෙන් කරනවා. ඊට පසු මාළු තෝරා දවසේ අහාරයට ( හොද්දට මාළු වෙන් කරනවා ) මාළු අයින් කර ඉතිරි මාළු බර කිරා විකිනීමට යවනවා. මාදැල් මාළු සෑමවිටම ඉතාම පිරිසිඳු, පණැති නැවුම් මාළු සහ තැලීම් පොඩිවීම් වලට ලක් නොවුණු නිසා මිලට ගැනීමට ගැනුම්කරුවන් ඉතාම කැමතියි. අතිරික්ත මාළු කරවල වාඩි වලට අඩුමිලට විකුණනු ලබනවා. .....//..... ඔය පිළිවෙලට තමා මාදැලක කටයුතු සිද්ධ වෙන්නේ. මාදැලක සාමාන්‍යයෙන් සේවකයන් 25 ඉඳල 40, 50 විතර වෙනකම් ඉන්නවා. සේවකයන් ගණන තීරණය වෙන්නේ මාදැලේ ප්‍රමාණය, හිමිකරුගේ වත්කම් සහ මුහුදේ ස්වභාවය අනුව. මේ මාදැල් රස්සා පොළවල් හඳුන්වන්න හරි අමුතු නම් තියෙන්නේ..... බඩයා දැල, තම්බි දැල, උඩප්පු දැල, කොන්ඩ දැල ......ඔය වගේ අපිට නුහුරු නම් වලින් තමා හඳුන්වන්නේ. මේ පළාත් වල මාදැල් රස්සාවේ අප්‍රසන්නම කොටස වන්නේ මාදැල් සංස්කෘතිය.ඒක බොහොම විට අපිරිසිඳු, අපිළිවෙල, යම් තරමක අසාධාරණ සහ අමානුෂීය රැකියා පන්නයක්. ඒ ගැන විස්තරයක් ලියන්න කලින් මාදැල් රස්සාවේ ගිහින් මම ගනිපු පින්තුරු ටිකක් විස්තර සමගින් ඉදිරිපත් කරන්නම්. ඒ ටික බලල අවබෝධයක් ලබා ගන්න හැකි වෙයි කියල මම හිතනවා. [IMG]https://i.imgur.com/h0xP97h.jpg[/IMG] [COLOR="Red"]උදෑසනින්ම රස්සාවට පිටත් වෙන වල්ලම් බෝට්ටුව.මමත් ගියේ වල්ලම් බෝට්ටුවේ.මාදැල පටවන් යන්නේ මේකේ.[/COLOR] [IMG]https://i.imgur.com/HL9mLMT.jpg[/IMG] [IMG]https://i.imgur.com/tsUqX4J.jpg[/IMG] [COLOR="red"]මාදැල[/COLOR] [IMG]https://i.imgur.com/W501uxQ.jpg[/IMG] [COLOR="red"]ඇණිය කඹ පටවගත්තු බෝට්ටුව [/COLOR] [IMG]https://i.imgur.com/Ip4MLZU.jpg[/IMG] [COLOR="red"]ඔය බෝට්ටුවේ හිටගෙන ඉන්නේ මණ්ඩරාල.[/COLOR] [IMG]https://i.imgur.com/FJiX5KK.jpg[/IMG] [IMG]https://i.imgur.com/wYHruX0.jpg[/IMG] [IMG]https://i.imgur.com/n4nRgyU.jpg[/IMG] [COLOR="red"]ඔය වතුරේ පාවෙන්නේ දැලේ උඩු මන්දේ තියෙන රිජිෆෝම් කාවි. ( බෝය කියලත් කියනවා ) දැල අඳුර ගන්නේ මේ බෝය වලින්. [/COLOR] [IMG]https://i.imgur.com/rAZODMJ.jpg[/IMG] [COLOR="red"]නැගෙනහිර ගොඩබිමින් ඉරු උදාව හරි ලස්සනට පේනවා..[/COLOR] [IMG]https://i.imgur.com/LhZFJEL.jpg[/IMG] [COLOR="red"]මේ කොට කලිසමක් ඇඳගෙන ඉන්නේ මාදැලේ අයිතිකාරයා. කෝකිලායි වල මම හඳුනා ගනිපු මිත්‍රයෙක්.මෙයා තමයි දැල් කුට්ටම මුහුදට දාන රාජකාරිය කරන්නේ. හැබැයි හැම මුදලාලි කෙනෙක්ම මුහුදේ රස්සාවට යන්නේ නම් නැහැ.[/COLOR] [IMG]https://i.imgur.com/OHeVeTa.jpg[/IMG] [COLOR="red"]ඔය පිටිපස්සෙන් එන්නේ අවර කඹ බෝට්ටුව.[/COLOR] [IMG]https://i.imgur.com/ZcnhGRe.jpg[/IMG] [IMG]https://i.imgur.com/vLiRa6C.jpg[/IMG] [COLOR="red"]අවර කඹේ දැලට අමුණලා ඉවරයි. දැන් එලන්නේ දැලේ අවසන් බාගය.[/COLOR] [IMG]https://i.imgur.com/dkmVMjm.jpg[/IMG] [IMG]https://i.imgur.com/upeAzuF.jpg[/IMG] [COLOR="red"]දැන් නම් ඉර පායලා ඉවරයි.වලාකුලකින් වැහුනම අමුතුම ලස්සනක් තියෙන්නේ.[/COLOR] [IMG]https://i.imgur.com/SWkcKXG.jpg[/IMG] [IMG]https://i.imgur.com/gc0J0ot.jpg[/IMG] [COLOR="red"]මුහුදේ එලා ඇති තවත් දැලක් නිසා පැටලුම් ලිහීම සඳහා දියට බැසි ධීවරයෙක්. ඔහුට ඒ පැටලුම සම්පුර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා පැයක පමණ කාලයක් ගතවිය... [/COLOR] [IMG]https://i.imgur.com/KlrimPK.jpg[/IMG] [COLOR="red"]පුත්තලමේ යද්දී වෙරල තීරයේ දකින්න ලැබෙන සුළං මෝල් [/COLOR] [IMG]https://i.imgur.com/07WSliO.jpg[/IMG] [IMG]https://i.imgur.com/5BkDrxs.jpg[/IMG] [COLOR="red"]මුහුදු ලිහිණියෝ වටවුණු මුහුද [/COLOR] [IMG]https://i.imgur.com/aulaURs.jpg[/IMG] [COLOR="red"]දැලේ අවසන් කඹ කිහිපය.[/COLOR] [IMG]https://i.imgur.com/6ZFORWa.jpg[/IMG] [COLOR="red"]මැරිලා මුහුදේ පාවෙන කැස්බෑවෙක් [/COLOR] [IMG]https://i.imgur.com/5jwVi4Z.jpg[/IMG] [IMG]https://i.imgur.com/sks67bH.jpg[/IMG] [COLOR="red"]වල්ලම් බෝට්ටුව රස්සාවේ ගිහින් නැවත ගොඩට ආවා.[/COLOR] [IMG]https://i.imgur.com/Gf4ZeJ7.jpg[/IMG] [COLOR="red"]ඔන්න දැන් තමා ට්‍රැක්ටර් රාජකාරිය පටන් ගන්නේ.[/COLOR] [IMG]https://i.imgur.com/70QJSwl.jpg[/IMG] [COLOR="red"]මාදැල් වාඩි [/COLOR] [IMG]https://i.imgur.com/akWrm7j.jpg[/IMG] [COLOR="red"]වාඩියේ අතිරික්ත කඹ.මේ කඹ නැව් වලින් අයින් කරන එව්වා නැවත එකට එක අඹරලා නිර්මාණය කර ගත්තුවා. [/COLOR] [IMG]https://i.imgur.com/CWqaFcW.jpg[/IMG] [IMG]https://i.imgur.com/10TE8ML.jpg[/IMG] [IMG]https://i.imgur.com/qtJlD2x.jpg[/IMG] [COLOR="red"]දැලේ පැටලුම් තියෙනවද කියල පරික්ෂා කරන්න බෝට්ටුවක් පිටත් වුනා.[/COLOR] [IMG]https://i.imgur.com/jo9PZ1W.jpg[/IMG] [IMG]https://i.imgur.com/lhNjlK1.jpg[/IMG] [COLOR="red"]අවර මන්දටත්, ඇණිය මන්දටත් වශයෙන් වෙන වෙනම ට්‍රැක්ටර් දෙකක් මගින් දැල ගොඩට අදිනවා. වෙරල කොච්චර හෑරිලාද කියල පේනවා නේ.ඔය බිම ගොඩගහල තියෙන්නේ කඹ ටික. [/COLOR] [IMG]https://i.imgur.com/3VF8cQS.jpg[/IMG] [COLOR="red"] එදා දියකඩ පාර උතුරු දෙසට තමා ගමන් කලේ. ඒ නිසා දැල එන්න එන්න උතුරු දෙසට ගහගෙන යනවා. වාඩියේ ඉඳල කිලෝමීටරයක් දෙකක් විතර පුත්තලම පැත්තට කිට්ටුවෙන් තමා දැල ගොඩ ගත්තේ. [/COLOR] [IMG]https://i.imgur.com/JbJD3Pg.jpg[/IMG] [COLOR="red"]ගිනි කාස්ටක අව්වේ දැලක ඉරුම් මහන ධීවරයෙක්.[/COLOR] [IMG]https://i.imgur.com/CcQlHOE.jpg[/IMG] [IMG]https://i.imgur.com/Xngx3sN.jpg[/IMG] [IMG]https://i.imgur.com/Q9jMfeD.jpg[/IMG] [IMG]https://i.imgur.com/PpZ2585.jpg[/IMG] [IMG]https://i.imgur.com/hyRvEg5.jpg[/IMG] [COLOR="red"]දැල ගොඩට අදින අවස්තාව. දැලේ විශාල ප්‍රමාණයක් ට්‍රැක්ටරෙන් ඇද්දට පස්සේ අන්තිම ටික අදින්නේ මිනිස්සු එකතු වෙලා. ඒ වෙලාවට ඉලිප්පුවේ මාළු තෝරන්න ආපු ගැහැණුත් එකතු වෙනවා දැල ගොඩට අදින්න.[/COLOR] [IMG]https://i.imgur.com/9WNQRQb.jpg[/IMG] [IMG]https://i.imgur.com/ZbdkFtP.jpg[/IMG] [IMG]https://i.imgur.com/ayJext7.jpg[/IMG] [IMG]https://i.imgur.com/6D2RgyV.jpg[/IMG] [COLOR="red"]ඒ දවස් කිහිපයේම බොහොම දුර්වල මාළු අස්වැන්නක් තිබුනේ. ඒ නිසා පොඩි මඩි දැලක් තමා භාවිතා කරලා තිබ්බේ.මාළු කිලෝ 300 වත් තිබුනේ නැහැ. ඉලිප්පුවටයි, හොද්දටයි අයින් කලාම බොහොම පොඩ්ඩයි විකුනන්න ඉතුරු වුනේ. අවාසනාවන්ත දවසක්.[/COLOR] [IMG]https://i.imgur.com/gNFOJDG.jpg[/IMG] [IMG]https://i.imgur.com/XvwsM2c.jpg[/IMG] [COLOR="red"]දැලට අහුවුන කැස්බෑවෙක් නැවත වතුරට බේරලා දැම්මා [/COLOR] [IMG]https://i.imgur.com/N147m8a.jpg[/IMG] [IMG]https://i.imgur.com/jjgUWMV.jpg[/IMG] [COLOR="red"]පේනවනේ අපි මුහුදට කරලා තියෙන දේ. [/COLOR] [IMG]https://i.imgur.com/bBozGrb.jpg[/IMG] [COLOR="red"]ඉලිප්පුවේ මාළු තෝරනවා....[/COLOR] [IMG]https://i.imgur.com/q4NYJFj.jpg[/IMG] [IMG]https://i.imgur.com/iHuAkQD.jpg[/IMG] [IMG]https://i.imgur.com/dSeqoJp.jpg[/IMG] [COLOR="red"]මාළු තෝරලා වෙන් කරලා කිරල විකුනන්න යන අවස්තාව.[/COLOR] [/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom