හොරකමේ ගිය කෝටිපතියා අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    sure ekatama daara pohottu baiyek wenna ona

    හොරකමේ ගිය කෝටිපතියා අත්අඩංගුවට

    ලිහිසි තෙල් කෑන් එකක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව ගොඩගම කෝටිපති ව්‍යාපාරිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ බටවල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන කෝටිපති ව්‍යාපාරිකයෙකි.

    ඔහු සිය ව්‍යාපාරික ස්ථානය ආසන්නයේ පිහිටි වාහන සේවා සපයන ආයතනයකින් රුපියල් 12,000ක් වටිනා ලිහිසි තෙල් කෑන් එකක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

    එම ව්‍යාපාරිකයා විසින් ලිහිසි තෙල් කෑන් එක සොරකම් කර රැගෙන ගිය බවට පැවසෙන සුඛෝපභෝගී රථයද මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇත.

    මෙම සොරකම සඳහා සහාය දී ඇති බව පැවසෙන එම වාහන සේවා සපයන ආයතනයේ සේවකයෙකු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

    වාහන සේවා සපයන ආයතනයේ හිමිකරු පොලීසිය වෙත පවසා ඇත්තේ මීට පෙරද මේ අයුරින් අදාළ ව්‍යාපාරිකයා ලිහිසි තෙල් කෑන් සොරකම් කර ඇති බවය.

    අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා සහ සුඛෝපභෝගී රථය හොමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
     
    Last edited: