හොරගොල්ලේ පොල්ගහ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    හොරගොල්ලේ පොල්ගහ


    Horagolla_Walauwa%252C_Atthanagalla%252C_Sri_Lanka.jpg



    බණ්ඩාරනායක මහතා හොරගොල්ල වලව්වේ ඉදිරිපස එහාට මෙහාට සක්මන් කළේ අසහනනයෙන් සහ කේන්තියෙනි . එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා තමන් වුවත් ඩි . එස්. සේනානායකගෙන් පසු පක්ෂයේ නායකයා බවට ඩඩ්ලි සේනානායක පත් කිරීමට රහසිගත කුමන්ත්‍රණයක් දියත් කොට ඇති බව බණ්ඩාරනායක මහතා දැන ගත්තේ හෝරා දෙකකට කලිනි. කිසිවෙකු තමන්ගේ හිසට පිස්තොලකින් වෙඩි තැබුවාක් මෙන් ඔහුට දැනිණ. බොහෝ වෙලාවක් සක්මනේ යෙදුණු ඔහු කීප දෙනෙකු සමග දුරකතනයෙන් කතා කොට අවසන් නිගමනයකට පැමිණියේය.

    " You fucking bastards ! I'll teach you a fucking lesson " කියා හොරගොල්ල වත්තේ සිට මහපාරට ඇසෙන්නට කැ ගැසූ බණ්ඩාරනායක මහතා පසුදා සිට පන්සල් චාරිකාවක් අරඹා අලුතෙන් ආරම්භ කරන පක්ෂයට භික්ෂුන් වහන්සේලාගේ සහයෝගය ලබා ගත යුතු යැයි තීරණය කළේය.
    චාරිකාව අරඹා තුන්වන දිනයේ කැලණිය රජමහා විහාරයටද ගොඩවිය . එහි අධිපතියාවූ බුද්ධරක්ඛිත ඔහු සාදරයෙන් පිළිගෙන විස්කි සංග්‍රහයක්ද කළ අතර තමන් අභිනවයෙන් පිහිටුවීමට යන දේශපාලන පක්ෂයට සම්බන්ධවන ලෙස බුද්ධරක්ඛිත උන්නාන්සේට ආරාධනා කළේය. එයට එක පයින් කැමතිවු බුද්ධරක්ඛිත තෙර හෝරාවක් තිස්සේ කළ දේශපාලන සාකච්චාවකින් ඉක්බිතිව කහපාට රෙදි කැබැල්ලකින් මනා ලෙස ඔතන ලද වෙලුණු පොල් ගෙඩියක් බණ්ඩාරනායක මහතා වෙත පිළිගන්වමින් එය දුටුගැමුණු රජ්ජුරුවන්ගේ උයනේ පොල්ගසක පරම්පරාවට අයත් ඉහල පලදාවකින් යුතු අවුරුදු 5න් පීදෙන හිංගල වර්ගයට අයත් පොල් ගෙඩියක් බව සඳහන් කරමින් එය හොරගොල්ල වලව් වත්තේ සිටුවන ලෙස අනුශාසනා කළේය රාජ්‍ය බලය ලබා ගැනීමට හිංගල පොල් මහෝපකාරී වන බව මහාවංශ ග්‍රන්ථ රත්නයේ සඳහන් වන බව හේ තවදුරටත් කියා සිටියේය...



    කණ්ඨක මානික්‍ය රත්නය ලැබුනා සේ මහත් ප්‍රීතියට පත් බණ්ඩාරනායක මහතා පසු දින එළඹී අස්විද නැකතෙන් එම පොල්ගෙඩිය හොරගොල්ල වත්තේ සිටවූ අතර නිරන්තරයෙන් සාත්තු කළ හෙයින් ඉක්මනින් වැඩී අවුරුදු 5 ලබන්නට පෙරම පල දරන්නට පටන් ගත්තේය.



    1956 මහා මැතිවරණය ප්‍රකාශයට පත් කල වහාම බුද්ධරක්ඛිත උන්නාන්සේගේ උපදෙස් අනුව යමින් බණ්ඩා මහතා සිංහල පොල් ගසෙන් පොල්වල්ලක් කප්පවා වලව්වේ සේවකයන් ලවා පොල්තෙල් බෝතල් තුනක් සිඳුවා ගත් අතර නාම යෝජනා ඉදිරිපත් කල දිනයේ පටන් සෑම මැතිවරණ රැස්වීමකටම ගියේ පෙර සිඳුවා ගන්න ලද හිංගල පොල්තෙල් ස්වල්පයක් හිසේ සහ නළලේ ආලේප කරගෙනය . හිංගල පොල් තෙලේ ආනුභාවය කොතරම් වීද යත් 1956 මහා මැතිවරණයෙන් බණ්ඩාරනායක මහතා ජයගෙන ආණ්ඩුවක් පිහිටුවා අගමැති ධුරය හිමි කර ගත්තේය .



    ජේ ආර් ජයවර්ධන මහතාටද මේ ගැන ආරංචි වී දිනක් රාත්‍රියේ හොරගොල්ල වත්තට රහසිගතව ඇතුළුවී පොල් ගසට නැග පොල් ගෙඩියක් හනික කඩා කටින් එල්ලා ගෙන බැස කම්බි වැට අසල නවතා තිබු මෝටර් රථයට නැග ඉතා වේගයෙන් වෝඩ් පෙදෙසට පැමිණ එදින රාත්‍රියේම තම වත්තේ පසු පස පෙදෙසේ පොල්ගෙඩිය සිටුවීය. ඇමරිකානු තානාපති කාර්යාලයෙන් වරින් වර ලැබුණු පොහොර වර්ගයක් එයට යෙදු බැවින් ඉක්මනින් පොල්පැලය වැඩී උස් මහත්වී ගෙඩි සියගණනින් යුතු පොල්වලු එල්ලෙන්නට විය 1977 ජේ.ආර්. ජයවර්ධන මහතාට බලය ලබා ගැනීමට හැකි වුයේ එම පොල්ගසේ පලදාවෙන් සිඳින ලද තෙල් හිසේ ආලේප කොට නාම යෝජනා දීමට ගිය නිසා බව ඔහුගේ භාර්යාව ඇමරිකානු තානාපතිවරයා සමග කළ සාකච්චාවකදී ප්‍රකාශ කල බව තානාපතිවරයා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යැවූ ලිපියක සඳහා කොට තිබේ. මෙය wiki leaks වෙබ් අඩවිය විසින්ද සනාථ කර ඇත..
    JR%2Bswearing.jpg

    1971 කැරැල්ල නිසා සිරබත් කමින් සිටි රෝහණ විජේවීර මහතාටද හොරගොල්ල වත්තේ තිබෙන හිංගල පොල්ගසේ ආනුභාවය ගැන දැන ගන්නට ලැබිණ .එම පොල්ගසෙන් පොල් ගෙඩියක් හොරකම් කොට තංගල්ලේ කෝට්ටෙගොඩ වත්තේ සිටුවාගත හොත් කඩිනමින් රාජ්‍ය බලය ලබා ගැනීමට එය මහෝපාකාරී වෙනු ඇතැයි කල්පනා කළේය .


    1977 සිර ගෙදරින් එලියට පැමිණි විජේවීර මහතා ඉක්මනින්ම දේශපාලන මණ්ඩලයේ රැස්වීමක් කැඳවා හොරගොල්ල වත්තේ තිබෙන දුටුගැමුණු පරම්පාරාවේ හිංගල පොල්ගසින් පොල්ගෙඩියක් හොරකම් කොට රහසිගත ස්ථානයක සිටුවීමට යෝජනා කළේය. සෝමවංශ අමරසිංහ මහතා හැර අන් සියල්ලෝම එයට විරුද්ධ වුයෙන් විජේවීර මහතා තම යෝජනාව තාවකාලිකව හකුලා ගත්තේය. ලයනල් බෝපගේ සහ කෙලි සේනානායක යන දේශපාලන මණ්ඩල සභිකයෝ ප්‍රතිව්රුද්ධ යෝජනවක් ඉදිරිපත් කරමින් තල් පැල සියයක් සිටවුවහොත් බලය ලබා ගැනීමට වඩා මහෝපකාරී වනු ඇතැයි කියා සිටියෝය. එම යෝජනාව ඇසු විජේවීර මහතාට 84000 ට කේන්ති ගොස් යකා නටන්නට වුයෙන් බෝපගේ සහ කෙලි සේනානායක ප්‍රතිවිරුද්ධ යෝජනව ඉල්ලා අස්කර ගත්හ.


    1983 ජවිපෙ තහනම් කළ විට තමා මරන්නට ජේ. ආර්. කුමන්ත්‍රනයක් දියත් කොට ඇතැයි වෙවුලා ගිය විජේවීර මහතා දකුණේ මහා ඝන කැළවක සැගවුණු විජේවීර මහතා තුන් මසක් ඇවෑමෙන් තරමක් බිය පහව ගිය පසු සෝමවංශ මහතාට රහසිගත පණිවිඩයක් යවා ඝන වනාන්තරය තුළට ගෙන්වා ගත්තේය.


    කිසිවෙකුට හෙළි නොකරන බවට සෝමවංශ මහතාව ගිවිසුවා ගත් විජේවීර මහතා හොරගොල්ල වත්තේ තිබෙන හිංගල පොල්ගස මහා බලසම්පන්න බවත් එය 1956 දී ද 1960 දීද ඔප්පු වී ඇති බැවින්ද ජේ ආර්.ජයවර්ධන ද එම පොල්ගසේ ගෙඩිවලින් සිඳින ලද පොල්තෙල් බෝතලයක් හොරගොල්ල වලව්වෙන් පන්නා ගත් බැවින් 1977 ජයග්‍රහණය කිරීමට හේතුභූත වී ඇති බැවින්ද එම පොල්ගසෙන් පොල් ගෙඩියක් හොරකම් කිරීම සඳහා රහසිගත ක්රියාන්විතයක් දියත් කළ යුතුයැයි කියා සිටියේය.එයට එක හෙලා කැමතිවු සෝමවංශ අමරසිංහ මහතා පොල් ගෙඩියක් වෙනුවට පොල්ගසම උස්සමු යැයි යෝජනා කළේය. එය ක්‍රියාත්මක කළහොත් ජේ ආර් ජයවර්ධන ජනාධිපති තුමා ලංකා හමුදාව පමණක් නොව ඉන්දියානු හමුදාවද ඇමරිකානු හමුදාවද යොදවා ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පීරා පොල්ගස පමණක් නොව අපවද අල්ලගෙන යනු ඇතැයි විජේවීර මහතා දහදිය දමමින් කියා සිටියේය. එය පරම සත්‍යයක් බව වැටහීමට සෝමවංශ මහතාට වැඩිවෙලාවක් ගත වුයේ නැත. .


    පොල්ගෙඩියේ ක්‍රියාන්විතය අකුරටම ක්‍රියාත්මක කිරීමට පොරොන්දුවූ සෝමවංශ මහතා ආපසු හිනිඳුම බලා ගොස් ගමනායක සහ සමන් පියසිරි ප්‍රනාන්දු යන මහතුන්ට පණිවිඩ යවා ගෙන්වා ගත්තේය. විජේවීර මහතාගේ නියෝගය ඔවුන්ට දැනුම් දුන් අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා දිනයක්ද වේලාවක්ද යොදාගත්හ. නියමිත දින රාත්‍රී 11.35ට පමණ හොරගොල්ල වත්තේ කටුකම්බි වැට ළඟදී මුණගැසුණු ඔවුහු අඬුවකින් කටුකම්බි කපා දමා වත්තට ඇතුළු වුහ. එදින මාස පෝය දිනයක් වූ බැවින් බැලු බැලු අත කට්ට කරුවල විය . හොරගොල්ල වත්තේ මුරකරුවෙකු ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී හමුදාවට බඳවා ගෙන සිටි බැවින් නියමිත පොල්ගස සොයා ගැනීම ඉතා පහසු විය. පැලකිරීමට සුදුසු පොල්ගෙඩියක් කඩා ගැනීම ඉතා වැදගත් වුයෙන් සෝමවංශ මහතාම පොල්ගසට නැග්ගේය . සුදුසු පොල්ගෙඩියක් තෝරන අතර තුර ජීප් රථයක හඬක් ඇසුනෙන් පිරිස මහත් සේ කලබල වුහ. පුරුෂ වීර්ය කැඳවා ගත් සෝමවංශ මහතා පොල්ගෙඩියක් කඩා කටින් එල්ලා ගෙන වේගයෙන් පහලට බැස්ස විගසම සියලු දෙනාම මීටර 500 ක් පමණ දුව ගොස් ලඳු කැලයක සැඟවුනාහ. පැයක පමණ කාලයක් සැඟවී සිටින විට ජීප් රථය ආපසු යනු ඇසුණු බැවින් සෙමින් සෙමින් වැට අසලට වුත් සඟවා තිබු රැලේ බයිසිකල්වල නැගී පැයට සැතපුම් 40 වේගයෙන් එක හුස්මට පැද ගොස් රහසිගත ස්ථානයකට පැමිණියහ.


    ඉන් දින දෙකකට පසු විජේවීර මහතා හමුවීමට ඝන කැලෑවට ගිය සෝමවංශ මහතා සිංහල පොල් ගෙඩිය ආඩම්බරයෙන් යුතුව විජේවීර මහතාට පිලිගන්වා සැලියුට් කර සිටියේය. මහත් සේ ප්‍රීතිප්‍රමෝදයට පත්වූ විජේවීර මහතා රාජ්‍ය බලය ලබා ගත් විගස අගමැති තනතුර සෝමවංශ මහතාට ලබා දෙන බව කණට කර කියා සිටියේය.


    ජේ ආර ජයවර්ධන මහතාට ජවිපෙ රහසිගත ක්‍රියාන්විතය පිලිබඳ තොරතුරු රහත් ඔත්තු සේවා විසින් ඉදිරිපත් කළ විට ඔහු බක බක ගා බොහෝ වෙලාවක් යන තුරු සිනා සුනේය. එයට හේතු වූ රහස දැන හිටියේ ඔහුත් ගාමිණි දිසානායක මහතාත් සිරිල් මැතිව් මහතාත් පමණි. 1977 මහා මැතිවරණයෙන් ඉක්බිති පොලීසියට සතියක පමණ නිවාඩු කාලයක් ජේ ආර් ජයවර්ධන සිරිමතාණන් විසින් ලබා දී තිබු බැවින් සියගණන් යුඑන්පී කාරයන් හොරගොල්ල වත්තට පැන මුරකරුවන්ට පහර දී වත්තේ තිබු පොල් පමණක් නොව කුරුම්බාද කඩාගෙන ගියහ වලව්වේ මුරකාරයන් ඇතුළු සියල්ලෝම පැන ගොස් තිබුණු බැවින් ජේ ආර ජයවර්ධන මහතා සිරිල් මැතිව් සහ ගාමිණි දිසානායක යොදවා හොරගොල්ල වලව් වත්තේ තිබු හිංගල පොල්ගස ගලවා ඉවත් කොට එම උස මහත ප්‍රමාණයේම වෙනත් පොල්ගසක් එම ස්ථානයේම සිටුවීමට බලයට පත්වී හයවන දිනයේදී කටයුතු කරැ තිබුනේ බල්ලෙකුටවත් දැන ගැනීමට නොහැකි වන ලෙසය.


    විජේවීර මහතා එකී පොල් ගෙඩිය ඔහු සැඟවී සිටි වනාන්තරයේ රහසිගත ස්ථානයක ඔහුගේ සහකරුවා ලවා සිටවූ අතර උතුරු කොරියාවේ නිපදවන ලද පොහොර සහ කියුබාවේ නිපදවන ලද පොහොරද මාරුවෙන් මාරුවට දැමු බැවින් වසර තුනක් යනවිට උස් ගසක් බවට පත්ව පළ දරන්නට පටන් ගත්තේය .තවත් වසර දෙකක් ගතවන විට එකී පොල්ගසේ ගෙඩි වලින් නිෂ්පාදනය කරන ලද පොල්තෙල් ප්‍රමාණය තෙල් බෝතල් 500 ඉක්මවා තිබුනේය . උතුර සහ නැගෙනහිර හැර අන් සියලුම පළාත් වෙත එකී පොල්තෙල් බෙදා හැරී අතර දේශප්‍රේමී සන්නද්ධ බලකායේ සියලුම භටයන් සටනට යාමට පෙර එම පොල්තෙල් ස්වල්පයක් හිසේ තවරාගෙන යා යුතු බවට විජේවීර මහතා නියෝගයක් නිකුත් කළේය .

    coconut%2Btree%2Bin%2Bthe%2B%2Bjungle.jpg

    ( ප.ලි සෝමවංශ මහතා එම පොල්ගසෙන් පොල්ගෙඩියක් රහසිගතව කඩාගෙන ගියට බව ජේ ආර් ජයවර්ධන මහතාට වාර්තා කිරීමට රාජ්‍ය ඔත්තු සේවාවන්ට හැකි වුයේ ජවිපෙ දේශප්‍රේමී සංවිධානයේ සාමාජිකයෙකු වූ මුර කරුවා ආණ්ඩුවේ රහස් ඔත්තු සේවයටද ඔත්තු සැපයු නිසාය ).
    source http://sudukukula.blogspot.com/2017/03/blog-post_30.html
     
    • Like
    Reactions: somalal and RiFTeR

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ජේ ආර් ද පොල්ගස් නැග්ගේ මේකේ තියෙන විදියට නම් එහෙමයි
    :rolleyes::rolleyes::rolleyes:

    සෝමවංශ අමරසිංහ මහතා පොල් ගෙඩියක් වෙනුවට පොල්ගසම උස්සමු යැයි යෝජනා කළේය.

    :lol::lol::lol::lol:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මොකක්ද බන් මේ හරුපය , තේරෙන්නේ නෑ නේ මට :angry::angry:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    මොකක්ද බන් මේ හරුපය , තේරෙන්නේ නෑ නේ මට :angry::angry:

    හිංගල පොල් ගෙඩියෙන් බණ්ඩාරනායක සහ එතෙක් එතෙක් හැම එකම ගොඩ ගිය විදිහ තමයි තියෙන්නේ
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ජේ ආර් ද පොල්ගස් නැග්ගේ මේකේ තියෙන විදියට නම් එහෙමයි
    :rolleyes::rolleyes::rolleyes:

    සෝමවංශ අමරසිංහ මහතා පොල් ගෙඩියක් වෙනුවට පොල්ගසම උස්සමු යැයි යෝජනා කළේය.

    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විජේවීරගෙන් නවත්තල නෙ, මම හිතුව මයිත්‍රී ජනවාරි 8 දින්නෙත් පොල්තෙල් ගාල කියල. :D
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    විජේවීරගෙන් නවත්තල නෙ, මම හිතුව මයිත්‍රී ජනවාරි 8 දින්නෙත් පොල්තෙල් ගාල කියල. :D

    නැ ජනවාරි අට පොල්තෙල් බලේට චන්ද ලැබුනේ ලක්ෂ 58 නේද ?
    මහින්ද සීයා බොදු බලෙත් එකකේ එකතු වෙලා පොල් කඩන්න ගිහින්නේ කෙලව ගත්තේ
    විජේවිරගෙන් පස්සේ කීදෙනෙක් ඕක පාවිච්චි කරද ?
     

    Similar threads