හොරට කාලා පුරුද්දක් මට නෑ (ටිකක් හිනාවෙමු#

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    හොරට කාලා පුරුද්දක් මට නෑ (ටිකක් හිනාවෙමු#

    උගුරක්


    සෑම දිනෙකම බීමත්ව සිටින සොල්දාදුවකු දෙස බලා කණ්ඩායම භාර නිලධාරියා මෙසේ කීවේය.

    ‘ඇයි තමුසෙ මේ අරක්කු බීලම ජීවිතේ නැති කර ගන්ඩ හදන්නෙ. ඔය ජරා පුරුද්ද දැන්මම අතහැරියොත් තමුසෙට වැඩි දවසක් නොගොහින් කෝප්‍රල් කෙනෙක් හරි සාජන් කෙනෙක් හරි වෙන්ඩ පුළුවන්, ලේසියෙන්ම.’

    එය අසා සිටි සොල්දාදුවා ගොත ගසමින් මෙසේ පිළිතුරු දුන්නේය.

    ‘ඒත් සර් මේකෙන් උගුරක් ගැහැව්වාම මට දැනෙන්නේ මම මේ යුද්ධ හමුදාවේ කමාන්ඩර් කියල නෙ.’



    -------------------------------------------------------------------




    හොරට කාලා පුරුද්දක් මට නෑ



    එක ගමක ඉතා වෙහෙස මහන්සිවී පාඩුවේ වැඩ කටයුතු කරගෙන ඉන්න ගොවි මහත්තයෙක් හිටියා. දවසක් වැඩ කරකර ඉන්න අතරේ හේන අද්දරින් ගිය මගියෙක් ගමකට යන පාර ඇහුවා.

    ගොවිරාල - ඔය කියන ගම හුඟාක් දුරයි. ඇඳිරි වැටීගෙන එන මේ වෙලාවේ ඔය ඇත්තට එච්චර දුර යන්ඩ අමාරුයි. මේ ඉසව්ව පහුවුනහම මහා ඝණ කැලෑව නොවැ.
    අමුත්තා - අනේ මම උදේ ඉඳල එන්නේ. මේ ලඟ පාත අම්බලමක්වත් තියෙනවද රාලේ මට නවතින්න.
    ගොවිරාල - ම්හු ! ඔය ඇත්ත අමාරුවේ වැටිලා වගෙයි මට පේන්නේ. මමයි අපේ උන්දැයි විතරයි මයෙ පැල්කොටේ ඉන්නේ. ඔය ඇත්ත කැමතිනම් මගේ පැලේ ලැගල උදේ රැයින් යන්න ඇහැකි.
    අමුත්තා - අනේ රාලේ පිං සිද්ද වෙනවා.

    ඉතිං ඔහොම කිව්ව ගොවිරාල වැඩ අහවර කරලා, හේන අද්දර තමන්ගේ පාවිච්චියට මැද ගන්න කිතුලට ගොඩවෙලා රා මුටිටියත් බාගෙන. මඤ්ඥොක්කා පඳුරකුත් උදුරගෙන අමුත්තත් එක්ක පැල් කොටේට යන්න පිටත්වුනා. යන ගමන් දඩමස් වෙළඳාම්කරන ඇඩ්ඩිය හමුවෙලා වල් ඌරු මස් ගාතයක්ද ගත්තේ අමුත්තාට හොඳින් සංග්‍රහ කරන්න හිතාන. ඇඳිරි වැටීගෙන එන ආසන්නයේ දොලෙන් නාගෙන ගෙට ගොඩවූ මේ දෙන්නා .. දිහා බැලූ ගමරාලගේ තරුණ අඹුව මේ කඩවසම් හාදයා කව්දැයි අසන්නා මෙන් ගමරාලගේ මුහුණ බැලුව.

    ගමරාල - මේ ඇත්ත අතරමං වෙලා. ඕන එකක් කියලා මම ඇන්න ආවා. හෙට උදහැනැක්කේ යන්න බැරුවෑ. මේන්න මේ මඥ්ඥොක්ක ටික තම්බලා. මස්ටික මිරිසට උයහං!

    අනතුරුව දෙදෙනා පිල් කොටය උඩට වී ආගිය තොරතුරු දොඩමින් රා මුටිටිය හිස්කරන්නට පටන් ගති. පසුව ගමමහගේ උයා පිහා දුන් කෑම ගිලදැමූ දෙදෙනා කුඩා පැල්කොටයේ නිදන්නට සැරසුනි. නොබෝ වේලාවකින් ගමයා ගොරවමින් නිදන්නට වූ අතර, තරුණ අමුත්තාත්, ගම මහගේත් සුසුම් ලමින් එහාට මෙහාට ඇඹරෙමින් කාලය ගෙවන්නට විය. මේ බව දැනුණු අමුත්තා ... සිහින් හඩින්

    අමුත්තා - මේ ඇත්ති නිදි නැද්ද ?
    ගමමහගේ - ම්හු !
    අමුත්තා - අනේ මට මේ කරපු උදව්ව ගැන මම සිහිකොලේ. ගමරාල නොහිටින්න අද මට ගහක් යට තමයි තපින්න වෙන්නේ බඩගින්නෙම.
    ගම මහගේ - අපේ ගමරාල හිත හොඳ මිනිහා තමයි. ඒත්....

    අමුත්තා - ඇයි ඒත්.. කිව්වේ ? ඔය ඇත්ති රාලෙත් එක්ක අමනාපෙන්වත්ද ?
    ගම මහගේ - හැමදාම වෙන්නේ මේ සන්තෑසියම තමයි. හේනේ හැපිල හැපිල ඇවිල්ල කිතුල් රා බීල වැටුන ගමන් නිදි. ආයේ ඉතිං ඇහැරෙනව බොරු.

    බොහෝ වේලාවක් මෙසේ කාලය ගත කරන දෙන්නා ..

    ගම මහගේ - ඔය ඇත්තට නිදිමත නැතෙයි.
    අමුත්තා - නිදිමත නැතුවමත් නෙවෙයි, පැලට ආපු ඩිංගට මට තේරුනා ඔය ඇත්තිගේ හැඩ වගේම තමයි වැඩත් ඒකට මට හිතගියා. ඔය ඇත්ති මම මෙහෙම දොඩනඑක ගැන අමනාප වෙන්ඩ එපා. මමත් කෙලින් මිනිහා. හොරට කාලා පුරුද්දක් මට නෑ. ඒත් හිතේ තියාන ඉන්නත් බෑ. මම මේක ඔය ඇත්තිට කියන්නේ කොහොමද කියලා තමයි තටමන්නේ.
    ගම මහගේ - බය වෙන්න එපා ඇත්තෝ. මේ පැල්කොටේ තියෙන ඔක්කොම ඔය ඇත්තගෙ කියල හිතාගන්න.
    අමුත්තා - ඔය ඇත්තමයි? ඔය ඇත්ති ගමරාලට කියන්නේ නැතැයි ?
    ගම මහගේ - ඇත්තමයි. කන්දෙ දෙයියන් පල්ල.
    අමුත්තා - ගමරාල ඇහැ‍රුනොත්?
    ගම මහගේ - කොහෙද, ආයේ හෙට පාන්දර තමයි.

    ඊට පසු හීන් සීරුවේ ගම මහගේ වෙත ඇදුනු අමුත්තා ඇයට ලංවී යමක් දෙඩීය. එය අසා මතුවූ සිනාව ආයාසයෙන් මැඩ පවත්වාගත් ගත් තරුණිය ඔහුට පැදුරත් රැගෙන පිලට යන සේ කෙඳිරීය. නොයිවසිල්ලෙන් පිලේ සිටින අමුත්තා වෙත ගිය ඇය ....
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +


    මැටිකෝප්පය පිරෙන්නට බෙදාගත් ඉතුරුවී තිබූ ඌරු මස් ටික සහ මඤ්ඥොක්කා ටික ඔහුට සතුටු සිතින් පිළිගැන්වීය.උබලත් මේක නේද හිතුවේ




    මම එළකිරි එකේ යන විහිළු කථා යාළුවන්ට යවනවා.. ඔන්න මගේ යාලුවෙක් උබලට ටිකක් හිනා වෙන්න කතා 2ක් එවුවා... උබලත් බලලා අනිත් අයට බලන්න බුම්ප් එකක් දාගෙන යමල්ලා..
     
    Last edited:
    Sep 27, 2013
    89
    40
    0
    මැටිකෝප්පය පිරෙන්නට බෙදාගත් ඉතුරුවී තිබූ ඌරු මස් ටික සහ මඤ්ඥොක්කා ටික ඔහුට සතුටු සිතින්

    :( :(
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    පට්ටයි, ඔය කතාව වෙන විදියකට මන් කලින් අහල තියෙනවා,
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa




    yako mehemath un..


    ela kathawa
    ++++

    nodakin witarak



    :lol::lol::lol: එල එල rep + හොර bump ....:rolleyes::rolleyes:

    bump
    rep+


    පට්ටයි, ඔය කතාව වෙන විදියකට මන් කලින් අහල තියෙනවා,



    machan thousand thanx ban... mama me thread eka iye re daala nida gaththe negitiddi mehema reply godaak dekkahama hithata set...