හොරණ ත්‍රීරෝද රියැදුරා මරා දැමූ ඝාතකයන් &#3484

EpicTrue

Member
Jul 3, 2013
5
1
0
හොරණ ත්‍රීරෝද රියැදුරා මරා දැමූ ඝාතකයන් &#3484

හොරණ ඉලිඹ ප්‍රදේශයේදී ත්‍රීරෝද රියැදුරකුට වෙඩි තබා ඝාතනය කර තවත් ත්‍රීරෝද රථ රියැදුරකුගේ නිවෙසට මෙන්ම ත්‍රීරෝද රථයට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් සම්බන්ධයෙන් හා ඝාතනයට යොදාගත් ගිනි අවිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් විමර්ශනවලදී හෙළි වී ඇතැයි උසස් පොලිස්
නිලධාරියකු පැවැසීය.

ඝාතකයන් හොරණ ඉලිඹ කොස්වත්ත පාරේ පදිංචිව සිටි 32 හැවිරිදි වන්නිගේ හේමන්ත චතුරංග නමැති ත්‍රීරෝද රියැදුරුට වෙඩි තබා ඝාතනය කර තිබූ අතර, ඉලිඹ කන්දේකඩේ ප්‍රදේශයේ පදිංචි අනුර රණසිංහ නමැති ත්‍රිරෝද රියැදුරුගේ නිවස ඉදිරිපිටට ගොස් ඔහුගේ ද නම පවසා අඬගසා ඔහු පිටතට නොපැමිණි බැවින් වෙඩි ප්‍රහාර රැසක් එල්ලකර පලාගොස් තිබූ බව පොලිසිය කියයි.


මීට මාස දෙකකට පමණ පෙරත් එම ප්‍රදේශයේ වැටලීමක් කළ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් තියුණු ආයුධ රැගෙන යතුරුපැදිවලින් ගමන් කරමින් ප්‍රදේශවාසීන් බිය වද්දමින් සැරීසැරූ කල්ලියක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබිණි.

එම පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායට ඔත්තු ලබාදුන් බවට සැකයෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට මේ වන විට සිදුකළ පරීක්ෂණ වලදී තහවුරු වී ඇතැයි පොලිස් නිලධාරියා පැවැසීය.

ඒ සඳහා එම කණ්ඩායමේ කිහිපදෙනකු සහභාගී වී ඇතැයිද ගිනි අවිය සපයාගෙන ඇත්තේ මේ වනවිට මත්කුඩු චෝදනාවකට සිරගතව සිටින අන්ධ පුද්ගලයකු හරහා යැයිද තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය.


දිවි බේරාගත් ත්‍රීරෝද රථ රියැදුරුට දින කිහිපයකට පෙරදී ලද බව කියන තර්ජනාත්මක දුරකථන ඇමතුම හා මේ වන විට සිදු කර තිබෙන විමර්ශනවලදී ලද තොරතුරු අනුව තවදින කිහිපයක් තුළදී ඝාතනයට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව බොහෝ දුරට තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

ඝාතනයට ලක්වූ රියැදුරුට වෙඩි තැබීමෙන් පසු ඔහු නිශ්චිත ලෙස ඝාතනය වී ඇත්දැයි දැන ගැනීම සඳහා වෙඩි තැබීමට පැමිණි පුද්ගලයකු යතුරුපැදියකින් එම ස්ථානයට පැමිණ තොරතුරු සොයා පිටව ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලීසියට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසයද පරීක්ෂණ පවත්වයි.

-එම්.සී.පෙරේරා-
 

EpicTrue

Member
Jul 3, 2013
5
1
0
මෙම සැකකරුවන් කලින් සිදුකල වැරදි වලදී නිදහස් කරගෙන තියන්නෙ විදුර වික්‍රමනායක..
ගන්ජා අයිස් ගැන ඔත්තුව දුන්නා කියලා තමයි මේ අහිංසකයා මරලා තියන්නෙ..පොලිස්සියෙ සක්කිලි බල්ලොත් ඉන්නෙ ඔත්තු දෙන අය පාවලා දෙන...