හොර්ටන් තැන්නට චාරිකාවක්... A trip to Hortan Plains

akilios

Member
Jan 27, 2007
208
38
0
colombo
මම මේ කියන්න යන්නේ අපපේ ගොඩක් අය වැඩිය ගිහිල්ල නැති ඒත් ගිහිල්ලා ලබා ගන්නම ඕනේ ඇත්දැකීමක් ගැනයි...
කොහොමද නුවර එලිය..?? සීතලයි නේද..?? ඒ සීතලේ හොර්ටන් තැන්නේ කදවුරු
ගහගෙන ඉන්නකොට දැනෙන හැඟීම විදගන්න කැමතිද.?? ඒක හරිම අපූරු අත්දැකීමක්...

මම ටික කාලෙකට කලින් අපේ යාලුවෝ කීප දෙනක් එක්ක මේ ගමන ගියා.. ඒකෙ ලබපු
අත්දැකීම් සහ තව යන්න කැමති කෙනෙකුට අවශ්‍ය විස්තර මේ ත්‍රෙඩ් එකේ මම සටහන් කරනව..

අපි බලමු මේ ගමන කොච්චර සුන්දරද කියලා....


ඉස්සෙල්ලම කරන්න ඕනෙ මේ සදහා වනජීවී සංරක්ශණ දෙපාර්තුමෙන්තුවෙන් අවසර ගන්න
එක.ඒකට අපිට යනන් වෙනවා මාලබේ තියෙන වනජීවී සංරක්ශණ දෙපාර්තුමෙන්තුවට. මේක
තියෙන්නෙ කඩුවෙල කොල්ලුපිටිය 177 බස් මාර්ගයේ. බස් එකේ යනවා නම් ඒක ඉස්සරහම
බහින්න පුලුවන්.පාර අයිනෙමයි තියෙන්නේ. තවත් ලේසි වෙන්න මෙන්න google map
එක.


wildlife.jpg



හැබැයි අපිට නොමිලේ නම් මේ පහසුකම් ලැබෙන්නේ නෑ... මේකට අපි යම් කිසි ගෙවීමක්
කරන්න ඕනේ. එක රාත්‍රියකට වෙන්කිරීමේ ගාස්තුව රුපියල් 2500 ක් විතර වෙනවා. මේ
කාර්යාලයේ නම් ඉතාම මිත්‍රශීලී සේවක පිරිසක් ඉන්නේ. ඒක නිසා ඉක්මනටම තමන්ගේ කාර්‍යය
කරගෙන එන්න පුලුවන්.ආ... තව දෙයක්... අපි කඳවුරු බිම (camp site) එක වෙන් කරගන්නකොට එයාලා අහනවා site 01 ද.. site 02 .. ද ඔහොම කියලා... මම නම්
recommend කරන්නේ site 01 එක... එතන යන්න ලේසියි... ලේසියි කිව්වට
ඒක ටිකක් අමාරු ගමනක්. කදු 2ක් නැගලා බැහැලා යන්න ඕනේ. ඒත් එතන ගොඩක් පහසු
තැනක්. දැන් කට්ටිය බලයි හෝර්ටන් තැන්නේ කොහෙද කදු කියලා..?? මම මේ කියන්නේ
අපි හෝර්ටන් තැන්නේ සාමන්‍යයෙන් ඇවිදින පාර ගැන නෙමෙයි... අපිට සිද්ද වෙනවා පාරෙන්
පිට පැනලා වන උද්‍යානයේ ඇතුලට යන්න...

දැන් අපිට තියෙන්නේ ගමනට ඕන කරන දේවල් ලෑස්ති කරගන්න..
.

මෙන්න මේවා අනිවාර්යෙන් ඕන කරනවා...


* කූඩාරම (වතුරට ඔරොත්තු දෙන එකක් විය යුතුයි)
* ගෑස් ලිපක් ( අපිට වනෝද්‍යානයට දර අරන් යන්න තහනම්)
* අධික පින්නට ඔරොත්තු දෙන උනුසුම් ඇඳුම්. (බොහෝ වෙලාවට හෝර්ට්න් තැන්න ලාවට වැහි
පොද වගේ වැටෙන ප්‍රදේශයක්. අපි නිකමට රෙදි වලින් ඇඟ පෙරවන් ඉන්න ගියොත් ඉක්මනටම
තෙත බරිත වෙනවා)
* අත් මේස් (Glows - මේවා house of fashion එකෙන් ගන්න පුලුවන්.
කුට්ටමක් රුපියල් 575 - 850 විතර වෙනවා.)
* ලන්තෑරුම් හෝ ගෑස් ලාම්පුවක්.
* නිදාගන්න අවශ්‍ය කරන camp beds .
* වාඩිවෙන්න අකුලන පුටු කීපයක් ගන්න පුලුවන් නම් හොඳයි.
* අනිවාර්යෙන් කෝපි පැකට් එකක් ආරගෙන යන්න.
* කැමති අය ඇඟ රත් කරගන්න අනිත් දේවල් ගන්න. (හැබැයි මේවා අරන් යන් තහනම්.
මගදි පරික්ෂා කරලා බලනවා.. ඒත් ඉතාම සුහදව කතා කරොත් අරන් යන්න පුලුවන්.)



කූඩාරම , camp beds සහ බූමිතෙල් ලන්තෑරුම් අපිට හෝර්ටන් තැන්නේම පිහිටලා තියෙන
වනජීවී භාරයේ කාර්යාලයෙන් ගන්න පුලුවන්. ඒත් අපිට ඊට කලින් පිටකෝට්ටේ තියෙන වනජීවී
භාරයේ ප්‍රධාන කාර්යාලයෙන් ඒවාට මුදල් බැඳලා වෙන කරගන්න වෙනවා. වනජීවී භාරය පිහිටා
තියෙන්නේ පිටකෝට්ටේ cargills food city එක කිට්ටුව. 0112809891
අංකයෙන් අජිත් ව අමතලා මේ ගැන විස්තර දැනගන්න පුලුවන්. නමුත් මේකෙන් ලබා දෙන
කූඩාරම නම් බාල වර්ගයේ එකක්. ඒක නිසා කෝකටත් තමන්ම එකක් හොයාගෙන ගියා නම් තමයි හොඳ.

තව දෙයක්. camp site එක ලඟම වැසිකිලියක් තියෙනවා.. ඒක නිසා වැසිකිලි ප්‍රශ්නය ගැන බය වෙන්න ඕනේ නෑ..

කෑමට පුලුවන් තරම් අඩුවෙන් උයන්න ඕන දේවල් අරන් යන්න... sausages ,
noodles , meat balls වගේ දේවල්. මේවා ඔක්කොම නුවරඒලියෙ food
city එකෙන් ගන්න පුලුවන්. බොන දේවලුත් ඇතිවෙන්න තියෙනවා..


වනෝද්‍යනයේ කඳවුරු බිමට ඇතුල් වෙන්න පුලුවන් දවල් 12 ට. පිටවෙන්න ඕනේ පහුවෙනිදා 11 ට. නමුත් කඳවුරු බිමෙන් පිටවෙලා හෝර්ටන් තැන ඇතුලේ රෑඳී ඉන්න පුලුවන්. මම නම් අනුමත කරන්නේ දවස් දෙකක් ඒ කියන්නේ රෑ දෙකක් ඉන්න පුලුවන්නම් හොඳයි කියලා.. මොකද අපිට ඒ පරිසරයට හැඩගැහෙන්න පලවෙනි දවස යනවා.. දෙවෙනි දවසේ තමයි අපිට නියම විදිහට අපේ ගමන රසවිඳින්න පුලුවන් වෙන්නේ.

ඔන්න එහෙනම් ගමනේ විස්තර ඉවරයි. මෙන්න මම ඔයාලට බලාගන්න ගමනේ ඡායාරූප ටිකක්
දානවා...


මේ යන අතරමග Cent Claire දිය ඇල්ල.... බොහෝ විට ඉහල කොත්මලේ ව්‍යාපාරය නිසා මේ සුන්දරත්වය නැති වී යන්න ඉඩ තියෙනවා...

28012010359.jpg




මේ හෝර්ටන් තැන්නට යන අතරමගදී හමුවෙන තවත් සුන්දර ජලාශයක්. (මට නම නම් අමතකයි:baffled:)


29012010427.jpg


මේ අඹේවෙල ගොවිපලේ තණ බිම්...

29012010433.jpg


අපේ කට්ටිය බඩුමුට්ටු උස්සගෙන කඳවුරු බිමට යනවා...

dsc01651m.jpg



මෙන්න කඳවුරු බිමේ දර්ශන

30012010517.jpg


dsc01653pz.jpg


dsc01655l.jpg


s3500104.jpg


s3500106.jpg


s3500110.jpg


s3500112.jpg


s3500114.jpg


s3500137.jpg


s3500142.jpg


s3500186.jpg


dsc01657be.jpg



ආපහු එන ගමන්...


s3500194.jpg


s3500199.jpg


s3500211.jpg



බේකර්ස් ඇල්ල​

s3500227.jpg



(මෙම ඡායාරූප වල සිටින්නන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කර
ඇති බව කරුණාවෙන් සලකන්න)


මෙම විස්තර වල සහ ඡයාරූප වල සම්පූර්ණ අයිතිය මා සහ ElaKiri.com සතුය.උපුටා
වෙනත් වෙබ් අඩවි වල පලකිරීම තහනම්ය.


(මෙච්චර විස්තර කියපු එකේ බලලා නිකන් යන්න එපා.. comment එකක් දාලා කැමති නම්
rep එකකුත් දාලා යන්න :P:P:P)

sentclare... ara diya alle namaaaaa
 

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    Wow මචන් මැක්සා!!
    අනිවාර්යෙන්ම යන්න හිතෙනවා මේ ෆොටො දකිද්දි!!
    ලංකාවට ආවහම යන්න ඕනේ!!
    තෑන්ක්ස් මචන් විස්තර වලට ආවහම යමු එහෙනම් :D
    +
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Wow මචන් මැක්සා!!
    අනිවාර්යෙන්ම යන්න හිතෙනවා මේ ෆොටො දකිද්දි!!
    ලංකාවට ආවහම යන්න ඕනේ!!
    තෑන්ක්ස් මචන් විස්තර වලට ආවහම යමු එහෙනම් :D
    +

    අනිවා... යන්නම ඕනෙ තැනක්.. මාර ආතල් එකක් ගන්න පුලුවන්... :):):)