ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත් වී මාසයක කාලයක් හෝ ඉක්මවා ගොස් නැතත්, දශක ගණනාවක් බරැති විවේචන සහ අවලාද තොග ගණනින් ඔවුන් වෙත එල්ල කෙරෙමින් ඇති බව පෙනෙයි. සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් ජනමාධ්‍යයන් ද සෘජුවම යොදාගනිමින් රජය පිළිබඳව ජනතා විරෝධයක් නිර්මාණය කිරීමට එක්තරා කණ්ඩායමක් දිවා රෑ නොමැතිව වෙහෙසෙමින් සිටින බව පෙනෙයි. මෙරට බිහි වූ අසාර්ථකම පාලකයා වන නන්දසේන රාජපක්ෂ බලයෙන් පහ කර දැමුණු ජන අරගලයක් යළි කැඳවෙනු ඇතැයි ද , එමගින් මාලිමා ආණ්ඩුව ද බලයෙන් පහකර තමන්ට යළි බලය ඩැහැගැනීමට හැකිවනු ඇතැයි ද මේ මහත්වරුන් දවල් සිහින දකිමින් සිටින බව ද පෙනෙයි. පළමුවෙන්ම, ඒ මහත්වරුන්ට අපට කියන්නට ඇත්තේ "ඔයාලා පව්" බවය.
කණගාටුවට කරුණ නම්, රටක ජනතාව සඳහා ඇති මාධ්‍යය හෙවත් ජනමාධ්‍ය ක්ෂේත්රය නියෝජනය කරන මෙරට එක්තරා පිරිසකුත් මේ සරණාගත පිරිසට අයත්වීම ය. වෘත්තීය මාධ්‍යවේදියෙකු ලෙස උපයන සාධාරණ වැටුපට වඩා අයථා සහ අශිෂ්ට ක්‍රමවලින් මුදල් ඉපැයීමත්, ක්ෂේත්රයේ කැපී පෙනීමත් හුරු කළ පිරිසක් මේ අතර වෙති. දඩ කොළයක් ගෙවා ගැනීමට නොහැකිවීමේ "සුළු වරදකට" ඉල්ලුම් ගහ නියම වී සිටින සිය බාල මලයා බේරාගැනීම උදෙසා සහෝදර ප්‍රේමයෙන් යුතුව සටන් වැදී සිටින නාලිකා හිමිකාර අයියලා ද, ඊළඟ ජනාධිපතිවරයාවීමේ සිහිනයෙන් පෙළෙන නාලිකා හිමිකාර එඩිතර ව්‍යවසායකයෝ ද මෙම සටනට පූර්ණ අනුග්‍රහකත්වය ලබා දී සිටිති.
ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පෙන්නුම් කළ ද, මේ නඩය විසින් සැබවින්ම ප්‍රදර්ශනය කරමින් ඇත්තේ සිය වරදාන, වරප්‍රසාද සහ අවස්ථා අහිමිවීමේ කෝපයයි. තමන් ප්‍රතික්ෂේප කරනු පිණිස මෙරට ජනමතය පෙළගැස්ස වූ ජාජබ ආණ්ඩුව කෙරෙහි වෛරයයි ! මොවුන් විසින් ජනතාව නොමග යැවීම උදෙසා භාවිතා කරමින් සිටින්නේ ද මෙරට ප්‍රමුඛතම පොදු දේපලක් වන විකාශන බලපත්‍ර සහ සංඛ්යාතවීම ද සැලකිල්ලට ලක්විය යුතු කාරණයකි.
දේශපාලන සහ ආර්ථික කරුණුවලට අදාළව ඕනෑම අවස්ථාවක ආණ්ඩුව ප්‍රශ්න කිරීමට හෝ විවේචනය කිරීමට බාධාවක් නොමැති නමුත්, ජාතික ආරක්ෂාවට හානිදායක සහ රටේ අගතියට හේතු විය හැකි අසත්‍ය තොරතුරු වාර්තා නොකරන ලෙසට, ඉකුත් දා පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙරට මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් විවෘතව ඉල්ලා සිටින්නේ ද ඒ නිසා විය හැකිය.
සියල්ලට උඩින් ඉන්නා බව කියන මාධ්‍ය නාලිකා මොනවා කිව්වත්, මොනවා පෙන්නුවත්, මොන වොයිස් කට් එක දැම්මත් එක දෙයක් තවමත් පැහැදිලිය. ඒ අතිමහත් ජනතාවක් තවමත් මේ ආණ්ඩුව විශ්වාස කරන බවය. තමන් විසින් පත්කරගත් ආණ්ඩුව යම් දෙයක් කරනු ඇති බවට සුබවාදී බලාපොරොත්තු තබාගෙන ඇති බවය. විවේචනය කිරීමට පෙර යම් සාධාරණ කාලයක් ආණ්ඩුවට ලබාදීමට සූදානම් බවය. එබැවින්, ආණ්ඩු පෙරළියක් පිළිබඳව සිහින දකින මහත්වරුන්ට අවසන් වශයෙන්ද කීමට ඇත්තේ ඔබේ සිහින දැකීමට වේලාසන වැඩි බවය.
"පින්වන්ත" ජීවිත අහිමිව..
තමන් විසින් එතෙක් නඩත්තු කරගෙන ආ "පින්වන්ත" ජීවිත අහිමිව, සරණාගත තත්ත්වයට ඇද වැටුණු පිරිසකගේ එකතුවෙන් මෙම හවුල නිර්මාණය වී තිබේ. ඇමති, නියෝජ්‍ය ඇමති, මන්ත්‍රී, පුද්ගලික කාර්ය මණ්ඩල, නිලධාරි සහ ආධාරකරුවන් ආදී විවිධ ස්ථර මෙම සරණාගත කුලකයට ඇතුළත් වී සිටිති. සුඛෝපභෝගී යාන වාහන, සුවිසල් මන්දිර, කොමිස් සහ පගා, කප්පම්, මූල්‍යමය, දේපළ සහ ලිංගික අල්ලස්, පිං පඩි සහ දීමනා, ජඩකම් සහ මැරකම්, දේශපාලන බලපෑම් ආදී වරප්‍රසාද අහිමි වූ මුල් පෙළ නායකයෝත්, චිරාත් කාලයක් තිස්සේ උන්ට ගොටු අල්ලාගෙන "යස් සර්" කීම හරහා කඩා වඩා ගන්නා කීයෙන් හෝටල්වල සිය උදර පෝෂණය කිරීමට හුරු පුරුදු වී සිටි ගෝලබාල රැළකුත් මෙම හවුලේ සාමාජිකයෝ වෙති.කණගාටුවට කරුණ නම්, රටක ජනතාව සඳහා ඇති මාධ්‍යය හෙවත් ජනමාධ්‍ය ක්ෂේත්රය නියෝජනය කරන මෙරට එක්තරා පිරිසකුත් මේ සරණාගත පිරිසට අයත්වීම ය. වෘත්තීය මාධ්‍යවේදියෙකු ලෙස උපයන සාධාරණ වැටුපට වඩා අයථා සහ අශිෂ්ට ක්‍රමවලින් මුදල් ඉපැයීමත්, ක්ෂේත්රයේ කැපී පෙනීමත් හුරු කළ පිරිසක් මේ අතර වෙති. දඩ කොළයක් ගෙවා ගැනීමට නොහැකිවීමේ "සුළු වරදකට" ඉල්ලුම් ගහ නියම වී සිටින සිය බාල මලයා බේරාගැනීම උදෙසා සහෝදර ප්‍රේමයෙන් යුතුව සටන් වැදී සිටින නාලිකා හිමිකාර අයියලා ද, ඊළඟ ජනාධිපතිවරයාවීමේ සිහිනයෙන් පෙළෙන නාලිකා හිමිකාර එඩිතර ව්‍යවසායකයෝ ද මෙම සටනට පූර්ණ අනුග්‍රහකත්වය ලබා දී සිටිති.
ඔබේ සිහින දැකීමට වේලාසන වැඩියි..
මාසයෙන් පූදීන පොල් සහ වී යොදාගෙන හාල්, පොල් ප්‍රශ්න විසඳිය යුතු බව සිතීමට පාරිභෝගිකයා පෙළඹවීමත්, රුපියල් ලක්ෂ ගණනින් වගා හානි ඉල්ලීමට ගොවී ජනතාව පෙළඹවීමත්, ඉපැරණි සංරක්ෂිත දර්ශන පෙන්වා උතුරේ මහ විරු සැමරුම් ජයටම පැවැත්වෙතැයි දකුණේ ජනයා සිතන්නට පෙළඹවීමටත් මේ මහත්වරුන් සිය නාලිකා හරහා ගන්නා උත්සාහය සුළුපටු නොවේ.ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පෙන්නුම් කළ ද, මේ නඩය විසින් සැබවින්ම ප්‍රදර්ශනය කරමින් ඇත්තේ සිය වරදාන, වරප්‍රසාද සහ අවස්ථා අහිමිවීමේ කෝපයයි. තමන් ප්‍රතික්ෂේප කරනු පිණිස මෙරට ජනමතය පෙළගැස්ස වූ ජාජබ ආණ්ඩුව කෙරෙහි වෛරයයි ! මොවුන් විසින් ජනතාව නොමග යැවීම උදෙසා භාවිතා කරමින් සිටින්නේ ද මෙරට ප්‍රමුඛතම පොදු දේපලක් වන විකාශන බලපත්‍ර සහ සංඛ්යාතවීම ද සැලකිල්ලට ලක්විය යුතු කාරණයකි.