අපේ පැත්තේ රබර් ෂීට් වේලන දුම් ගෙවල් තියෙනවා.ආරංචියක් ආවා ගමේ දුම් ගෙවල් කිහිපයකට හොරු පැනලා කියලා..පහුගිය ටිකේම වත්තේ පුවක් ටික හොරු කැඩුවා.දැන් පුවක් සීසන් එක ඉවරයි.
අපේ දුම් ගෙටත් මුන් පනියි කියලා සැකයි.මෙච්චර කාලෙකට නම් එහෙම දෙයක් වෙලා නෑ.ඉස්සර වගේ නෙමෙයි දැන් බේබද්දෝ කුඩ්ඩෝ වැහි වැහලා ගම්වල..
දුම් ගේ හදලා තියෙන්නේ මැටිවලින්.පරණ තාලෙට .පොඩි උලුවස්සක් තමයි තියෙන්නේ ,එතනින් විතරයි ඇතුල් වෙන්න පුලුවන්.ලෑලි 3ක් දාලා දොර හදලා තියෙනේ.පරණ කඩ වල තියෙන්නේ ලෑල්ල ලෑල්ල අරින්න හදලා.අන්න ඒවගේ .
ලොක් දාලා නෑ ලෑලි දොරට.බැලුවේ හොරෙක් එහෙම රිංගන්න හැදුවොත් වර්නින් එකක් එන විදියේ ගැජට් එකක් සෙට් කරන්න කියලා.
හුගක් උන් කියන්නේ කරන්ට් එක අදින්න කියලා.ඕවා කරලා ගෙදර එකෙකුට කරුමෙට වැදුනොත්..
මේ වගේ දේකට අත්හදා බලලා හරි ගිය ගැජට් එහෙම තියෙනවා නම් කියපල්ලාකෝ.



