හොර ඒජන්සිකාරයෝ..
රට යන්න හිතං ඉන්නවනං (මිඩ්ල් ඊස්ට්) යන්න හොඳම නැති තැනක් ගැන කියන්න තමයි මම මේ නූල දැම්මෙ. මම වගේ අමාරුවෙ වැටෙන්නෙ නැතුව මේ මිනිහට, මේ වගේ එවුන්ට හෝ මේ වගේ ඒජන්සි වලට සල්ලි දීල..
පාස්පොර්ට් කන්තෝරුවත්, ආනන්ද විදුහලත් අතර පිහිටා ඇති මේ ඉක් රා ඒජන්සියට හවුස්මේඩ් ල ක්ලීනර්ස් ල (ගැහැනු, පිරිමි) දාන්නෙ තමන් ඒජන්සියක් කරනව කියල බියුරෝ එකේ අයි.ඩී එකක් තියං ඉන්න පහත්ගම, හංවැල්ල හරියෙ දේවාලයක් කරන කපුවෙක් (හොර කපුවා යන නමින් මම මෙතැන් සිට මොහු අමතමි.) මොහු නමින් උපුල් ඉන්දික දුනුසිංහ (උස අඩි 5ක් පමණ, මුහුණ පුරා රැවුල වවාගත්, දත් 3,4ක් යම්තම් ඉදිරියට නෙරා ඇති (ලොඹු කට.), දම්වැලක් වැනි ලොකු චේන් එකක්ද පලඳින අයෙකි). බොරැල්ල, මරදාන තියෙන හැම ඒජන්සි කාරයන්ටම මිනිසුන් සප්ල්යි කරන මේ හොර කපුවා, ඒ ඒජන්සි වලින් අම්බානෙක චාටර් වී ඇත. මිනිසුන් රට යවනවා යැයි කියමින් මිනිසුන්ගෙන් රුපියල් 50,000 සිට ලක්ශ 2 දක්වා මුදල් "ජොබ් එක හරි ගියෙ නැත්තං සති 2න් සල්ලි රිටර්න් කරනව" ලෙස පවසා වංචා සහගත ලෙස මුදල් ගන්නා මොහු වැඩේ හරි ගියේ නැති තැන එම මුදල් අනිවාර්යෙන් ඉක්මනින් දෙන බව පවසා කට්ටි පනී. දුරකථන විසන්ධි වෙයි. හදිසියේ ගමේ යයි, අසනීප වෙයි, තොවිල් බවිල් වැඩ දවල් කාලයේදිත් යෙදෙයි, නොසෑහෙන කරදර වෙයි.(පවු අසරණයා.) මෙලෙස බොරු පවසා අසරණ මිනිසුන්ගෙන් ගන්නා මුදල් එම ඒජන්සි වලට නොදී හොර ගැහැනුන් හෝ වෙනත් ක්‍රියා වලට එම මුදල් යොදා ගන්න බවට ආරංචි ලැබී ඇත. එම ඒජන්සි වලට මේ හොර කපුවා චාටර් වී ඇත්තේ ඒ ඒජන්සි වලට අත්තිකාරම් මුදල් නොගෙවා සිටින නිසා විය හැක.
මා මෙම හොර කපුවා හට මුදල් ලබාදුන්නේ පසුගිය අවුරුද්දේ 3වන කාර්තුවේ වන අතර, මොහුගේ ක්‍රියා කලාපයෙන් මා හට පෙනී ගියේ මොහු හුදෙක් රූකඩයක් පමනක් යන්නය. මාස 2ක් පමණ පසු වූ පසු මා හට කියන්නට බයිලාවෝ මොහුගේ පොකැට්ටුවේ නැති වෙන්නට ඇත. පසුව මා මොහුට දුන් මුදල් ආපසු ඉල්ලා සිටි අතර මොහු පවසා සිටියේ පසුග්හිය වසරේ අවසාන භාගයේ දිනෙක මහරගම ප්‍රදේශයට පැමිනෙන ලෙසයි. පැයකට පමන පසුව සුපුරුදු පරිදි මොහුගේ දුරකථනය විසන්ධි වී තිබිණි. පසු දිනක මොහු පවසා සිටියේ තම දුරකථනයේ බැටරිය සීඝ්රයෙන් අඩු වී යන බවයි. ලක්ශ ගනන් වලින් ගනුදෙනු කරන පුද්ගලයෙකුට බැටරියක් යනු කජ්ජකි, නොහොත් නව ජංගම දුරකථනයක් මිලදී ගැනීම යනු කජ්ජකි. පුදුමයට කාරණය නම් ඒ පිලිබඳ විමසූ විට මුදල් නොමැති කම යයි පවසා සිටී. ලොකු ටෝක් දුන්නාට හොරා පයින් යන බව මට හැඟුනි. මා හට අහවල් එකෙනුත් සිනා ය.
නොබෝ දිනකින්ම මා පාදුක්ක පොලිසියේ චෝදනාවක් මොහුට විරුද්ධව ගොනු කල පසුව මා හට දැනගන්නට ලැබුනේ මේ හොර කපුවාට විරුද්ධව පාදුක්ක පොලිසියේ පොත්වල පිටු පිරෙන්න චෝදනා ඇත කියාය. ඒ කිසිඳු චෝදනාවකට පොලීසියේ පෙනී නොසිටීමට මොහු වගබලා ගන්නේත් මොහුට විරුද්ධව ක්‍රියාමාර්ග නොගන්නේත් පොලීසියට කලට වෙලාවට කුට්ටිය මොහුගෙන් ලැබෙන නිසා විය හැක. නීතිය කාට වුවත් පොදුය යන්න හුදු වචනයක් පමණක් යන්න රටේ මේ දිනවල සිදුවන සිදුවීම් දෙස බැලූ කල මොනවට පැහැදිලි වේ. එය මෙම සිද්ධියට ද එසේමය.
මොහුගේ නවතම සංධිස්ථානය මේ ඉක් රා නම් ඒජන්සියයි. මේ ඒජන්සියේ සිටින මැනේජර් යැයි කියා ගන්නා ගැහැනියද අරාබි පොලුවලින් අම්බානෙක කා සිටින ගැහැනියක් බව කතාවෙන් පෙනීයයි. මැය නමින් නිරංජලා වන අතර අධ්යක්ෂ පොර සුරේන්ද්‍ර ප්‍රනාන්දු නම් (ජොන්ස්ටන් ප්‍රනාන්දු තම බාප්පා යැයි කියාගන්නා) පුද්ගලයෙකි. මෙම අධ්යක්ෂ පොර පවසන්නේ තමාට මිනිසුන් බොහෝ සප්ලයි කරන්නේ මේ ඉන්දික යැයි කියාය (එසේ පවසන්නේ මේසය මත තිබෙන යම් කාඩ්පත් මිටියක් පෙන්වා සහ පරිඝනකයේ එක්සෙල් ශීට් එකක් පෙන්වීමෙන්ය.). එම නිසා මේ හොර කපුවා ගත් මුදල් අහවල් දිනට පෙර තමා පුද්ගලිකව, අගතියට පත් පාර්ශවයට ගෙවන බව පවසා සිටී. මෙලෙස පවසන්නේ පොලීසියෙන් ඉහත සඳහන් කපුවාට ලිඛිත ලියවිල්ලකින් පොලීසියේ පෙනිසිටීමට පවසන නිසාත්, පොලීසියට යාමෙන් මොහුව අකමැත්තෙන් වුවද අත් අඩංගුවට ගැනීමට පොලීසියට සිදුවන නිසාත්, ඒසේ සිදුවීමෙන් අහවල් ඒජන්සියට ලැබෙන ලාභය මොහු සප්ලයි කරන මිනිසුන්ගෙන් නැතිවී යන නිසාත් ය. (කපුවා හට එක් පුද්ගලයෙන් රට පැටවීමෙන් පසු දින රුපියල් 30,000ක මුදලක් එම ඒජන්සියෙන් ගෙවයි.) එම මුදල් කපුවාට නොදී අගතියට පත් පාර්ශවයේ ගිණුමකට අහවල් දිනට මුදල් තැන්පත් කරන ලෙස අසල සිටිනා පුද්ගලයෙකුට පවසයි. මෙලෙස ගිණුම් අංකය සටහන් කරගත් පසුව තමාගේ කාඩ් එකක් දී, කපුවාට නොව තමාට කෙලින්ම කතා කරනා ලෙසත්, සියළු මුදල් කපුවා වෙනුවෙන් තමන් ගෙවන බව ලොකුවට පවසයි. මුදල් තැන්පත් කරනා දිනය පැමිනි පසු ලොක්කා දුරකථනය ආන්සර් නොකරන අතර හෙංචයියෝ ඔවුනට ආවේනික වූ සුපුරුදු බයිලාවෝ ටික වාදනය කරයි. අකවුන්ට් එක ජොයින්ට් එකක් නිසා බොස්ගෙ සයින් එකත් චෙක් එකට ඕන, අද එයා එන්නෙ නෑ ඔෆිස් එකට, සනීප නෑ යනුවෙන් පවසා ඊලඟ සතියේ දිනක අනිවාර්යෙන් මුදල් තැන්පත් කරනවා යැයි පවසමින් බාලගිරි දෝශය ක්‍රියාත්මක වෙයි.

මෙවන් පුද්ගලයන්ට දිය යුතු උපරිම දඩුවම කුමක්ද.? පොලීසියෙන් කට්ටි පනිනා මෙවන් හොරුන් හට කෙසේ නම් නීතිය ක්‍රියාත්මක වෙනවාද.?
නීතිය ගැන දන්නා පුද්ගලයෙක්ගේ විචාරයක් අවශ්‍යයි. 