හොර ඡන්ද දාන්න ආවොත් ඔළුවටම තියන්න

neonz

Member
Mar 31, 2008
1,349
55
0
හොර ඡන්ද දාන්න ආවොත් ඔළුවටම තියන්න



ඡන්දය යනු කෙනෙකුගේ කැමැත්ත බවත් කැමැත්ත බලෙන් හෝ හොරෙන් ගත නොහැකි බවත් කී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හොර ඡන්දය දමන අයගේ ඔළුවට ම වෙඩි තබන්නැයි පොලිිසයට කියා ඇතැයි ද පැවසුවේය. කොමසාරිස්වරයා මේ බව කියා සිටියේ අද කොලඹ මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ය.
ඡන්ද පොළ ආරක්ෂාව පිළිබඳ අදහස් දැක්වූ කොමසාරිස්වරයා කියා සිටියේ පොලිසියට තම බලය යෙදවීමට හැකියාව පවතින බවයි.
මාධ්‍යවේදියකු මේ අවස්ථාවේ දී විමසා සිටියේ පොලිසියට අවම බලය භාවිතා කිරීමට උපදෙස් දී ඇති බැවින් කලබල ඇතිකිරීමට උත්සාහ ගන්නේ නම් දණහිසෙන් පහළට වෙඩි තැබීමට ඔවුන්ට අවසර ලැබෙන්නේ ද යන්නයි. එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා මෙසේ කීවේය.
‘‘ අවම බලය කියලා දෙයක් දැන් නැහැ. දැන් තියෙන්නේ අවශ්‍ය බලය. දණ හිසෙන් පහළට වෙඩි තියන්නේ මොකට ද ? ඡන්දය බලෙන් දාන්න හරි කලබල කරන්න හරි ආවොත් දණ හිසෙන් පහළට වෙඩි තියලා වැඩක් නැහැ ඔළුවටම වෙඩි තියන්න ඕනේ. “
 

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    attachment.php