හොර පාරෙන් ඉන්දියාවට

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
හොර පාරෙන් ඉන්දියාවට

හොර පාරෙන් ඉන්දියාවට පැන්න සිව්දෙනෙක් මාට්ටු

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැන ගිය සිව්දෙනෙකු තමිල්නාඩුවේ දනුස්කෝඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් යාපනය සහ වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇතැයි කියුබ්‍රාන්ච් පොලීසිය ඉන්දීය මාධ්‍යයට පවසා ඇත.

ශාන්ති,මලර්,සබේස්,සුබ්බයියා නමින් හඳුන්වන සිව්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවත්, ඔවුන් මේවන විට මණ්ඩපම් ප්‍රදේශයේ සරණාගත කඳවුරක රඳවා ඇති බවත් කියුබ්‍රාන්ච් පොලීසියේ පොලිස් පරීක්ෂක කෙනඩි සඳහන් කරයි.

ලංකාවේ අනාරාක්ෂිත බව හා බඩුමිල ඉහළයාම නිසා ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බැවින් මිනිස් ජාවාරම් සිදුකරන අයෙකුට රු.20,000 ක මුදලක් ලබාදීමෙන් මුහුදු මාර්ගය ඔස්සේ තමන් තමිල්නාඩුවට පැමිණි බව සැකකරුවන් පවසා ඇතැයි පොලීසිය අනාවරණය කරයි.

කෙසේ වෙතත් මොවුන් ආගමන විගමන නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කියුබ්‍රාන්ච් පොලීසිය දැනුම්දී තිබේ.


අද‍දෙරන