හොර සිම් යොදාගෙන පිළිකා රෝගීන්ගේ ගිණුම්වලින් මුදල් ගසා කාලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම්වලට මහජනතාව විසින් පරිත්‍යාග කරන ලද මුදල් වංචනික ලෙස ලබාගත් බවට චෝදනා ලැබූ සැකකරුවන් දෙදෙනෙකු මාර්තු 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් ඊයේ (8 වැනිදා) නියෝග කරන ලදී.


    කඩුවෙල ප්‍රදේශයේ පදිංචි ඥාතීන් දෙදෙනෙකු වන රසිකා දමයන්ති සහ මලිත් භාෂණ යන අය මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මෙම සැකකරුවන් දෙදෙනා, නෙල්ලෝපිටිය ප්‍රදේශයේ පදිංචි තනූජා මල්කාන්ති නමැති කාන්තාවක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ අංශය වෙත කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබේ.



    අධිකරණයේදී විමර්ශන නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව, පිළිකා රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් සමහරක් තම රෝගී තත්ත්වය සුව කර ගැනීම සඳහා ආධාර ඉල්ලා පුවත්පත්වල දැන්වීම් පළ කර ඇත. සැක කරන පුද්ගලයන් මෙම දැන්වීම්වල සඳහන් දුරකථන අංකවලට ඇමතුම් ගෙන, එම රෝගීන්ට මුදල් පරිත්‍යාග කිරීමේ අරමුණින් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් පත්‍රිකාවක් මෙන්ම බැංකු ගිණුම් අංක ද ලබාගෙන ඇති බව අධිකරණයට දන්වා ඇත.

    පැමිණිලිකරු නියෝජනය කරන විමර්ශන නිලධාරීන් තවදුරටත් අධිකරණයට දැනුම් දුන්නේ, සැකකරුවන් එම ලියකියවිලි භාවිතා කරමින් රෝගීන්ගේ නමින් පෞද්ගලික දුරකථන සමාගම්වලින් සිම් කාඩ්පත් ලබාගෙන ඇති බවයි. මෙම සිම් කාඩ්පත්වල දත්ත භාවිතා කරමින් අදාළ පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම්වලට ඇතුළු වී එම ගිණුම්වල තිබූ මුදල් වංචනික ලෙස ලබාගෙන ඇති බව පැවසේ.

    විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ, සැකකරුවන් විශාල ප්‍රමාණයක ජංගම දුරකථන සහ සිම්පත් භාවිතා කරමින් මෙම වංචනික ක්‍රියාව සිදු කර ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් ජංගම දුරකථන, සිම්පත්, බැංකු කාඩ්පත් ඇතුළු ලියකියවිලි රැසක් පරිගණක විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    පිළිකා වැනි දරුණු රෝගයකින් පීඩා විඳින රෝගීන්ගේ අසරණභාවය මුදල් ඉපැයීමේ අරමුණෙන් අයුතු ලෙස යොදා ගැනීම පිළිබඳව රටේ ජනතාව තුළ විශාල කෝපයක් ඇති වී තිබේ. මෙවැනි ක්‍රියා නිසා සත්‍ය ලෙස ආධාර අවශ්‍ය රෝගීන්ට ලැබෙන ආධාර ප්‍රමාණය ද අඩු වීමේ අවදානමක් පවතින බව සමාජ ක්‍රියාකාරිකයින් පෙන්වා දෙයි.

    අධිකරණය මෙම සිද්ධිය පිළිබඳව බරපතල ලෙස සලකා සැකකරුවන් දෙදෙනා මාර්තු මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    සැකකරුවන් එම ලියකියවිලි භාවිතා කරමින් රෝගීන්ගේ නමින් පෞද්ගලික දුරකථන සමාගම්වලින් සිම් කාඩ්පත් ලබාගෙන ඇති බවයි.
    නීතිය බල්ලට ගිය, බල්ලා පාර්ලිමේන්තු ගිය රටේ නිතර සිද්ධ වෙන සාමාන්‍ය දෙයක් මේක

    මෙම සිම් කාඩ්පත්වල දත්ත භාවිතා කරමින් අදාළ පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම්වලට ඇතුළු වී එම ගිණුම්වල තිබූ මුදල් වංචනික ලෙස ලබාගෙන ඇති බව පැවසේ.
    මේ කිනම් කුණුහරපයක්ද සහෘදයනි?

    අධිකරණය මෙම සිද්ධිය පිළිබඳව බරපතල ලෙස සලකා සැකකරුවන් දෙදෙනා මාර්තු මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.
    ඉස්සරහට ඔය දේවල් සිද්ධ නොවෙන තැනට ක්‍රියාමාර්ග නම් ගන්නෑ ඉතිං .
     

    Similar threads