හොර vip පෝලිමක් මාට්ටු

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    1000072212.jpg



    සිරි දළඳා දැක්මට සහභාගී වන දහස් ගණනක් ජනතාව පිටත සිටියදී, දළඳා දැක්ම ආරම්භ වන මොහොතේදී විශේෂ පෝළිමකින් දිනකට දෙදහසකට වැඩි පිරිසක් දළඳා වන්දනාවට සහභාගී කර ඇත. මෙය වත්මන් රජයේ මැදිහත්වීමෙන් සිදු කරන්නක් නොවන බවත්, වත්මන් දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර ඇතුළු පිරිසකගේ මැදිහත්වීමෙන් දළඳා මාළිගාවේ පාලනාධිකාරිය විසින් සිදු කරන්නක් බවත් whatnews වෙත වාර්තා වේ.

    අප්‍රේල් 18 වැනිදා දළඳා වන්දනාව ආරම්භ වූ දිනයේ ජනාධිපතිවරයා දහවල් 12.30ට නිල වශයෙන් දළඳා දැක්ම ආරම්භ කරන අවස්ථාවට සහභාගී වූ අතර, ජනාධිපතිවරයාගේ දැනුවත්වීමකින් තොරව ඒ අතරවාරයේ විශාල පිරිසක් පෝළිම්වලට සකස් කොට ඇත. දහවල් 3.30ට නිල දළඳා දැක්ම ආරම්භ වීමට පෙර ඔවුන්ට දළඳා වන්දනාවට අවස්ථාව ලබා දී ඇත. එදිනෙන් පසු සෑම දිනකම දහවල් 12.30ට නිල දැක්ම ආරම්භ වීමට පෙර පෝලිම් සකසා විශේෂිත පුද්ගලයන්ට දළඳා වන්දනාවට අවස්ථාව ලබා දී තිබේ.

    වාර්තාවන ආකාරයට මෙලෙස පැමිණෙන පුද්ගලයන් අතර රාජ්‍ය නිලධාරීන්, හමුදා සහ පොලිස් නිලධාරීන්, දේශපාලනඥයන් සහ වෙනත් බලවත් පුද්ගලයන් සිටී. එවැනි පුද්ගලයන්ගේ ඥාතීන් සහ පවුල්වල සාමාජිකයන්ද සිටී.

    මේ පිළිබඳ මහනුවර ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකු අප සමඟ මෙසේ කීය. ‘උදෑසන 11.30ට විෂ්ණු දේවාලයේ සිට ඇත්ගාල අසලින් ජාත්‍යන්තර කෞතුකාගාරය අසලින් මගුල් මඩුව අසල පිවිසුම් දොරින් නව බුදුමැදුර අසලට පැමිණෙනවා. එතැනින් ඇතුළු වී දළඳා වන්දනාව සිදු කරනවා. දිනකට දෙදහසක පමණ පිරිසකට මෙලෙස අවස්ථාව ලබා දෙනවා. අප දකින ආකාරයට මේ වෙද්දී මහනුවර දළඳා මාළිගයේ දියවඩන නිලමේ තනතුර සඳහා නිලවරණය වෙනුවෙන් මෙම අවස්ථාව අවභාවිත කිරිමට වත්මන් දියවඩන නිලමේවරයා කටයුතු කරනවා. සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන නිලවරණයට ඡන්දය භාවිත කිරීමට නියමිත ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පවුල්වල සාමාජිකයන් රැසක් මේ ක්‍රමයට දළඳා වන්දනා කර තිබෙනවා. පිටතින් එන අයව, එළියේ සිටින ජනතාව ඇතුළට පැමිණෙන මොහොතේ ඒ පෝළිමටම සම්බන්ධ කරනවා. මිනිස්සුන්ගේ පෝළීමට බාධාවක් වූ බවක් නොපෙනෙන විදියට. බොහෝ වෙලාවක් පිටත සිට එක්වර ඇතුළට පැමිණෙන ජනතාව භක්තිය නිසාම මේක අවබෝධ කරගන්නේත් නෑ.‘

    වාර්තා වන ආකාරයට දළඳා වන්දනාවට පැමිණෙන බැතිමතුන් පැය 12- 20 අතර කාලසීමාවක් පෝළිමේ සිටී.

    දළඳා මාළිගාවේ දියවඩන නිලමේ තනතුර සඳහා මේ වන විට ප්‍රබල පුද්ගලයන් තිදෙනෙකු ඉදිරිපත් වීමට නියමිතය. ඒ අතර වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මේ වන විට මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේවර එස්. බණ්ඩාරණායක ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබේ. මේ වන විට නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, කතරගම දේවාලයේ දමින්ද උඩුරාවල ඉදිරිපත් වීමට නියමිතය.

    අප කළ විමසීමකදී ආණ්ඩුවේ ප්‍රබල ප්‍රකාශකයෙකු පැවසුවේ, මෙම තත්වය පිළිබඳ වහා සොයා බලන බවත්, විශේෂිත පෝළිම් හෝ විශේෂිත අවස්ථා ලබා නොදිය යුතු බව ආණ්ඩුවේ දැඩි විශ්වාසයක් බවත්ය.

    https://whatnews.lk/2025/04/21/vipf...dUhhIaWv005IGSCUml_aem_2o4m3hOAKiAgvahLk8d9Bg
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    VIP සල්ලි දීලා ගියාම මාලිගාවට ආදායමක් එනවනෙ
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මාත් ඊයෙ ගියෙ ඕකෙන්. අදුරන පොලිස් කාරයෙක් හිටියත් ඕකට රිංගගන්න පුලුවන්.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    oya inne VIP nemeyi... IP aya mage hithee..

    VIP ne tahanam kalle.. IP, VVIP poolim awlak naa

    VVIP aya paala dorin athulata yanawaaa... IP aya dewale doren athulata yanawaa