Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මං හරකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරුණ දොස්තර මහතා යාන්තමින් සිනාසුණා පමණි.

“මහත්තයා , මේ පැත්තට අමුත්තෙක් වගෙයි....? ”

“ ඔවු අමුත්තෙක් නම් තමයි....”

“මහත්තයා කලබල වෙන්න එපා. කරත්තකාරයා කෝච්චියට අහුවුණේ ගියමාසේ, මිනිහා මැරුණා. බේරගන්න බැරිවුණා. හරකත් මැරුණා, ඌ හාම්පුතාට බොහෝම හිතවත් හරකෙක්.., හරකා හාමුපුතාව බේරගන්න ඇවිදගෙන ඇවිත් තිබුණා සෑහෙන දුරක්... මෙතෙන්ටත් ආවා.ලොකු කළු හරකෙක්.”

’‘ එහෙම වෙන්නේ කොහොමද ඩොක්ටර්, මම මේ දැන් දැක්කනේ ඒ මිනිහා අතන වැටිලා ඉන්නවා, මම හරකවත් දැක්කා.....”

වෛද්‍යවරයා නැවතත් යාන්තමින් සිනාසුණේය.

“ මහත්තයා..., දැන් මාසෙක ඉදන් කෝච්චි වැඩකරන්නේ නෑ. උඩහ කරත්තකාරයෝ ඔක්කොම රේල්පාරේ වාඩිවෙලා ලොකු උපවාසයක් කරනවා, කරත්තකාරයාව හිතාමතාම හැප්පුවයි කියලා...., කෝච්චි ඩ්‍රයිවර්වත් කරත්තකාරයෝ එකතුවෙලා මරලා දැම්මා...”

මා තවමත් අවිශ්වාසයෙන් මෙන් තරුණ දොස්තර දෙස බලා සිටියේය.

“ මේක දැන් වුණා නම් මහත්තයාට ත් ඇහෙන්න ඕනේ මේ කෝච්චියේ සද්දේ, මහත්තයත් ඉන්න ඇත්තේ මේ අහල පහළමනේ....මීට කලිනුත් ඔය හරකවයි, නාකි මනුස්සවයි කීප දෙනෙක්ම දැකලා තිබුණා..”

දොස්තර ගේ හිසෙහි ගැටගසා තිබුණු බැන්ඩේජය රුධිරයෙන් තෙත් වෙන්නට පටන්ගෙන තිබුණි. නමුත් මා සිටියේ ඒ ගැන අවධානය යොමු කරන්නට හැකි මානසික මට්ටමක නොවේ.

මම සිටියේ දෙලොවක් අතරය.දොස්තර පවසන්නේ ඇත්තය. දැන් එවැනි අනතුරක් වූවා නම් කෝච්චියේ හඩ හෝ මට ඇසෙන්නට තිබුණා නොවේදැයි මම ද සිතුවෙමි. එසේනම් මෙතෙක් වේලා මා දුටුවේ මොනවාද...? දැන් මා කලාන්ත වන තරම් ය. මා දෙස බලා සිටි කළු හරකාගේ ඇස් වල අවිහිංසක දීප්තිය මට නැවත නැවතත් මැවී පෙණුනේ ය.මගෙන් පිහිටක් ඉල්ලා සිටි මහලු මිනිසා.....? ඩිස්පෙන්සරියෙන් එළියට බැස්සේ කෙසේදැයි මට මතක නොතිබිණි.

එක්වරම මගේ දුරකතනය නාද වෙන්නට විය. මා සැනසුම් සුසුමක් හෙලූයේ දුරකතන තිරයේ මිතුරාගේ නම සටහන් වෙද්දීය. මගේ මිතුරු අමල් ජෝදා ඇමතුමේ අනෙක් කෙළවරේ වූයේය.

“ හෙලෝ....”

මගේ කටහඩ වෙවුළුම් කෑවේය.

“ බණ්ඩාර, උඹ කොහෙද ඉන්නේ, මං කීපාරක් කොල් ගන්න බැලුවද....?”

වසර ගණනාවකට පසුව වුවද මිතුරාගේ දයාබරත්වය නොවෙනස්ව තිබීම මට මහා අස්වැසිල්ලක් වූවේය. මා සිටින්නේ දොස්තර රාජ් පටෙල් ගේ ඩිස්පැන්සරිය සමීපයේ බැව් මම අමල් ට පැවසූවෙමි.

“ මොකක් , දොස්තර රාජ් පටෙල් ළග....? එහෙ මොනවද උඹ කරන්නේ . හරි හරි උඹ ඔතනින් ඉක්මණට ඉස්සරහට වරෙන්, මම බයික් එකේ එනගමන් ඉන්නේ ” යතුරු පැදිය පදවන අතරේ සුළගේ පාවයන අමල්ගේ වචන මට ඇසුණේ ඈත ලෝකයකින් පාව එන හඩක් මෙනි.

මම සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදුණෙමි. පළාතම අඳුරේය. මිතුරු අමල් ජෝදා පැවසූ ලෙසින්ම මිනිත්තු කිහිපයක් යද්දී පැමිණියේය. මා ඔහුව දකින්නේ වසර ගණනාවකට පසුවය.

“ නැගපන් නැගපන්....”

අමල් තම සුපුරුදු සිනහවෙන් මුව සරසාගෙන සිටියේය.

“ කොහෙද යෝදයෝ මෙහෙ ආවේ...?” අමල් අමනාපයෙන් මෙන් කීවේය. මා සිදුවූ සියල්ල ඔහුට පැවසුවෙමි. සියල්ල සාවධානව අසා සිටි අමල් කතා කරන්නට පටන්ගත්තේය. ස්කූටරය පදවන අතරේම කතා කළේය.

“ දොස්තර කීව ඔක්කොම ඇත්ත. ඔය කරත්තකාරයගේ සිද්ධිය හරි කලබලයක් කළා මේ පැත්ත. ඒ වගේම දොස්තර උඹට කියන්නම ඕනේ කතාව කියලා නෑ...”

අමල් ගේ හඩ සුළගේ පාවී යයි.

“ ඒ මොකද්ද...? ” මා අසන්නේ කුතුහලයෙනි.

“ ඇත්තටම දැන් ඔතන ඔය දොස්තරත් නෑ, ඩිස්පෙන්සරියත් නෑ, එදා අර කළු හරකා ඇවිත් තියෙන්නේ ඔතෙන්ට. දොස්තර ඌව පන්නගන්න හදනකොට හරකා දොස්තරට ඇනලා. ඔළුවටමයි ඇනලා තියෙන්නේ...දොස්තරත් එතැනම මළා....”

“ මොනවා.....?? ” මගේ කටහඩ පිට නොවීය. කතා කරන්නට උත්සාහ කළ නමුත් වචන පිට නොවීය. මෙතෙක් වේලා අමල් ගේ උරහිසට අත් තබාගෙන සමබරතාවය රැකගෙන සිටි මම කුඩා දරුවෙක් මෙන් අමල්ව බදාගත්තෙමි. අමල් කිසිවක් නොකිවේය. අමල්ගේ සිරුර සීතලය. මා දෑස පියාගත්තෙමි. දැන් මට ඇසෙන්නේ සුළග කපාගෙන යන ස්කූටරයේ පුටු පුටු හඩ පමණි.

මා දිගටම එසේ උන්නෙමි.

විනාඩි කිහිපයකට පමණ පසුව ස්කුටරය නැවතුණි. මා දෑස් හැරියේය.

හැමතැනම කළුවරය. තට්ටු නිවාස ගොඩනැගිල්ලක් ඉදිරියේ අප දැන් නතරවී සිටියි. මේ අමල් ගේ නිවෙස පිහිටි මහල් නිවාසසයි. නොදියුණු නගරයක වූ නොදියුණු මේ මහල් නිවාසයට ඉන්දියාවේ නතර වී අධ්‍යාපනයේ යෙදුණු කාලයේ කිහිපවතාවක් මා පැමිණ තිබෙයි.

“ අර ලයිට් එක දාලා තියෙන්නේ අපේ ගෙදර, උඩට පලයන් අම්මා ඉන්නවා... මම මේ බයික් එක දාලා එන්නම්..”

විදුලි සෝපානය ක්‍රියා නොකරයි. නිවාදමා තිබූ තරප්පු පෙළවල වූ විදුලි පහන් මා විසින්ම දල්වා ගනිමින් තෙවැනි මහලේ වූ අමල්ගේ නිවෙසට මා ඇවිද ගියේය. දොර සීනුව දෙවරක් නාද වූ පසු දොර විවෘත වූයේය. අමල්ගේ අම්මා පැමිණ දොර විවෘත කළාය.

“කවුද....? ”

අමල්ගේ අම්මා වැහැරී ගොසිනි.

“ අම්මේ මම බණ්ඩාර. ලංකාවේ බණ්ඩාර....”

එසැණින් ඇය මා හදුනාගෙන නිවෙසට ගත්තාය. මගෙන් සැප දුක් අසන්නටවත් ප්‍රමාද නොවූ ඈ හඩන්නට ගත්තාය.

“ අනේ පුතේ බලන්න අමල් ට වෙච්ච දේ...” කියමින් වැළපෙන්නට වූ අමල්ගේ මව බිත්තියේ එල්ලා තිබූ පින්තූරයක් පෙන්වමින් නැවත හඩන්නට වූවාය. සුදු මල්මාලයක් දැමූ අමල්ගේ උඩුකය පින්තූරයක් රාමු කර බිත්තියේ එල්ලා තිබුණේය. මගේ කොදුඇට පෙළ හිරිවැටුණේ වාඩි වී සිටි තැනින් නැගිට ගන්නට නොහැකි ලෙසිනි. අමල්ගේ අම්මාගේ වැළපුම තවමත් ඇසෙයි.

“ අනේ පුතේ , උන් එයාලව මැරුවා කරත්තකාරයෙක් හැප්පුවයි කියලා.. අයියෝ බලන්න වෙච්ච දේ...අනේ මගේ පුතා...”

තමන් දුමරිය රියදුරෙක් වශයෙන් රැකියාව ලබන්නට පුහුණුවන බව අවසන් කාලයේ දවසක අමල් මට දන්වා එවාතිබූ බව මට එක්වරම සිහිවූයේය. තවමත් මා දොර දෙස බලා සිටියේ මගේ මිතුරු අමල් ජෝදා කොයි මොහොතක හෝ දොරෙන් මතුවේ යැයි යන බලාපොරොත්තුවෙනි. එහෙත් සුදු මල්මාලයක් පළදා බිත්තියේ එල්ලා තිබෙන අමල් ගේ පින්තූරය මට සත්‍යය පසක් කළේය.

මා හොදහැටි හෙම්බත් වී සිටි නමුත් මෙතැන රැදී නොසිටිය යුතු යැයි මගේ සිත මට කීවේය. මා අමල්ගේ අම්මා ගේ වැළපුම මැද්දේම තරප්පු පෙළ බැසගෙන දිව ආවේය. මාර්ගයට පිවිසි මා දිගටම දිව්වේය. දිසාවක් නොදැන උමතුවෙන් මෙන් දිව යන්නට වූයේය. කලූ හරකාත්, මහලු මිනිසාත්, දොස්තර රාජ් පටෙලුත් මගේ දයාබර මිතුරා වූ අමල් ජෝදා ත් මා පසුපසින් යැයි සිතමින් දිව්වෙය. මගේ සිහිය විකල් ව තිබෙන්නට ඇත.

මගේ දිවීම නතර වූයේ මා ඉදිරියට පැමිණි විශාල ආලෝකයක් මගේ ඇස් නිලංකාරකල පසුවය.

එතැනින් පසු මට පියවි සිහිය ලැබුණේ චක්ලාගාන්දි පොලිස් ස්ථානයේදදීය.

මගේ කතාවට සාවධානව කන්දී සිටි ස්ථානාධිපති වරයා මෙසේ පැවසීිය.

“ මහත්තයා එදා අපේ ජීප් එකට නොහැප්පී බේරුණේ වාසනාවකට .

ඇත්තටම බණ්ඩාර මහත්තයා. මෙහෙ චක්ලාගාන්දි වල රාජ්පුරම් කියලා ටවුමක් දැන් නැහැ. ඒක නිකං අතහැරලා දාපු සොහොන් පිට්ටනියක් වගේ. කරත්තකාරයාගේ සිද්ධියෙන් පස්සේ ලොකු කලබලයක් ඇතිවුණා ඒ පැත්තේ. කරත්තකාරයාගේ කුලේ මිනිස්සු මුළු ටවුමම ගිනි තිබ්බා. කෝච්චි ඩ්‍රැයිවර් ව මරලා දැම්මේ බයික් එකේ ගෙදර යනකොට.

මහත්තයා ඔය කියන කෝච්චි ඩ්‍රයිවර්ගේ අම්මත් ඔය කලබල වලින් මැරුණා. මිනිස්සු හැමෝම ටවුම අතෑරලා ගියා. දැන් එහෙ කවුරුත් නෑ. මහ ආණ්ඩුව ලෑස්ති වෙන්නේ ටවුම කඩලා ක්‍රිකට් පිට්ටනියක් හදන්න...”

මේ සිදුවීම සිදුවී දැන් අවුරැදු බොහෝ ගණනක් ගතවී ඇති අතර විජයපුරම් මතින් ගොඩනැගුණු සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩාංගනයක දිවා රාත්‍රී තරග පැවැත්වෙයි. සුප්‍රකට IPLතරඟ පැවැත්වෙයි. ප්‍රේකෂකයන්ගේ විජයග්‍රාහී ඝෝෂා මතින් මට මා පසුපසින් පැමිණි කළු හරකාගේ අහිංසක ආයාචනාකාරී බැල්මත්, මහලු මිනිසාගේ ජීවිතය ඉල්ලා යදින කෙදිරියත්, තරුණ දොස්තර රාජ් පටෙල් ගේ නිහඩකාරී ස්වරූපයත් මාගේ ආදරණිය මිතුරාත් සිහියට නැගෙයි.

- චින්තක ටිකිරිබණ්ඩාර

[QUOTE="maxtalker, post: 26876350, member: 52708"] තරුණ දොස්තර මහතා යාන්තමින් සිනාසුණා පමණි. “මහත්තයා , මේ පැත්තට අමුත්තෙක් වගෙයි....? ” “ ඔවු අමුත්තෙක් නම් තමයි....” “මහත්තයා කලබල වෙන්න එපා. කරත්තකාරයා කෝච්චියට අහුවුණේ ගියමාසේ, මිනිහා මැරුණා. බේරගන්න බැරිවුණා. හරකත් මැරුණා, ඌ හාම්පුතාට බොහෝම හිතවත් හරකෙක්.., හරකා හාමුපුතාව බේරගන්න ඇවිදගෙන ඇවිත් තිබුණා සෑහෙන දුරක්... මෙතෙන්ටත් ආවා.ලොකු කළු හරකෙක්.” ’‘ එහෙම වෙන්නේ කොහොමද ඩොක්ටර්, මම මේ දැන් දැක්කනේ ඒ මිනිහා අතන වැටිලා ඉන්නවා, මම හරකවත් දැක්කා.....” වෛද්‍යවරයා නැවතත් යාන්තමින් සිනාසුණේය. “ මහත්තයා..., දැන් මාසෙක ඉදන් කෝච්චි වැඩකරන්නේ නෑ. උඩහ කරත්තකාරයෝ ඔක්කොම රේල්පාරේ වාඩිවෙලා ලොකු උපවාසයක් කරනවා, කරත්තකාරයාව හිතාමතාම හැප්පුවයි කියලා...., කෝච්චි ඩ්‍රයිවර්වත් කරත්තකාරයෝ එකතුවෙලා මරලා දැම්මා...” මා තවමත් අවිශ්වාසයෙන් මෙන් තරුණ දොස්තර දෙස බලා සිටියේය. “ මේක දැන් වුණා නම් මහත්තයාට ත් ඇහෙන්න ඕනේ මේ කෝච්චියේ සද්දේ, මහත්තයත් ඉන්න ඇත්තේ මේ අහල පහළමනේ....මීට කලිනුත් ඔය හරකවයි, නාකි මනුස්සවයි කීප දෙනෙක්ම දැකලා තිබුණා..” දොස්තර ගේ හිසෙහි ගැටගසා තිබුණු බැන්ඩේජය රුධිරයෙන් තෙත් වෙන්නට පටන්ගෙන තිබුණි. නමුත් මා සිටියේ ඒ ගැන අවධානය යොමු කරන්නට හැකි මානසික මට්ටමක නොවේ. මම සිටියේ දෙලොවක් අතරය.දොස්තර පවසන්නේ ඇත්තය. දැන් එවැනි අනතුරක් වූවා නම් කෝච්චියේ හඩ හෝ මට ඇසෙන්නට තිබුණා නොවේදැයි මම ද සිතුවෙමි. එසේනම් මෙතෙක් වේලා මා දුටුවේ මොනවාද...? දැන් මා කලාන්ත වන තරම් ය. මා දෙස බලා සිටි කළු හරකාගේ ඇස් වල අවිහිංසක දීප්තිය මට නැවත නැවතත් මැවී පෙණුනේ ය.මගෙන් පිහිටක් ඉල්ලා සිටි මහලු මිනිසා.....? ඩිස්පෙන්සරියෙන් එළියට බැස්සේ කෙසේදැයි මට මතක නොතිබිණි. එක්වරම මගේ දුරකතනය නාද වෙන්නට විය. මා සැනසුම් සුසුමක් හෙලූයේ දුරකතන තිරයේ මිතුරාගේ නම සටහන් වෙද්දීය. මගේ මිතුරු අමල් ජෝදා ඇමතුමේ අනෙක් කෙළවරේ වූයේය. “ හෙලෝ....” මගේ කටහඩ වෙවුළුම් කෑවේය. “ බණ්ඩාර, උඹ කොහෙද ඉන්නේ, මං කීපාරක් කොල් ගන්න බැලුවද....?” වසර ගණනාවකට පසුව වුවද මිතුරාගේ දයාබරත්වය නොවෙනස්ව තිබීම මට මහා අස්වැසිල්ලක් වූවේය. මා සිටින්නේ දොස්තර රාජ් පටෙල් ගේ ඩිස්පැන්සරිය සමීපයේ බැව් මම අමල් ට පැවසූවෙමි. “ මොකක් , දොස්තර රාජ් පටෙල් ළග....? එහෙ මොනවද උඹ කරන්නේ . හරි හරි උඹ ඔතනින් ඉක්මණට ඉස්සරහට වරෙන්, මම බයික් එකේ එනගමන් ඉන්නේ ” යතුරු පැදිය පදවන අතරේ සුළගේ පාවයන අමල්ගේ වචන මට ඇසුණේ ඈත ලෝකයකින් පාව එන හඩක් මෙනි. මම සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදුණෙමි. පළාතම අඳුරේය. මිතුරු අමල් ජෝදා පැවසූ ලෙසින්ම මිනිත්තු කිහිපයක් යද්දී පැමිණියේය. මා ඔහුව දකින්නේ වසර ගණනාවකට පසුවය. “ නැගපන් නැගපන්....” අමල් තම සුපුරුදු සිනහවෙන් මුව සරසාගෙන සිටියේය. “ කොහෙද යෝදයෝ මෙහෙ ආවේ...?” අමල් අමනාපයෙන් මෙන් කීවේය. මා සිදුවූ සියල්ල ඔහුට පැවසුවෙමි. සියල්ල සාවධානව අසා සිටි අමල් කතා කරන්නට පටන්ගත්තේය. ස්කූටරය පදවන අතරේම කතා කළේය. “ දොස්තර කීව ඔක්කොම ඇත්ත. ඔය කරත්තකාරයගේ සිද්ධිය හරි කලබලයක් කළා මේ පැත්ත. ඒ වගේම දොස්තර උඹට කියන්නම ඕනේ කතාව කියලා නෑ...” අමල් ගේ හඩ සුළගේ පාවී යයි. “ ඒ මොකද්ද...? ” මා අසන්නේ කුතුහලයෙනි. “ ඇත්තටම දැන් ඔතන ඔය දොස්තරත් නෑ, ඩිස්පෙන්සරියත් නෑ, එදා අර කළු හරකා ඇවිත් තියෙන්නේ ඔතෙන්ට. දොස්තර ඌව පන්නගන්න හදනකොට හරකා දොස්තරට ඇනලා. ඔළුවටමයි ඇනලා තියෙන්නේ...දොස්තරත් එතැනම මළා....” “ මොනවා.....?? ” මගේ කටහඩ පිට නොවීය. කතා කරන්නට උත්සාහ කළ නමුත් වචන පිට නොවීය. මෙතෙක් වේලා අමල් ගේ උරහිසට අත් තබාගෙන සමබරතාවය රැකගෙන සිටි මම කුඩා දරුවෙක් මෙන් අමල්ව බදාගත්තෙමි. අමල් කිසිවක් නොකිවේය. අමල්ගේ සිරුර සීතලය. මා දෑස පියාගත්තෙමි. දැන් මට ඇසෙන්නේ සුළග කපාගෙන යන ස්කූටරයේ පුටු පුටු හඩ පමණි. මා දිගටම එසේ උන්නෙමි. විනාඩි කිහිපයකට පමණ පසුව ස්කුටරය නැවතුණි. මා දෑස් හැරියේය. හැමතැනම කළුවරය. තට්ටු නිවාස ගොඩනැගිල්ලක් ඉදිරියේ අප දැන් නතරවී සිටියි. මේ අමල් ගේ නිවෙස පිහිටි මහල් නිවාසසයි. නොදියුණු නගරයක වූ නොදියුණු මේ මහල් නිවාසයට ඉන්දියාවේ නතර වී අධ්‍යාපනයේ යෙදුණු කාලයේ කිහිපවතාවක් මා පැමිණ තිබෙයි. “ අර ලයිට් එක දාලා තියෙන්නේ අපේ ගෙදර, උඩට පලයන් අම්මා ඉන්නවා... මම මේ බයික් එක දාලා එන්නම්..” විදුලි සෝපානය ක්‍රියා නොකරයි. නිවාදමා තිබූ තරප්පු පෙළවල වූ විදුලි පහන් මා විසින්ම දල්වා ගනිමින් තෙවැනි මහලේ වූ අමල්ගේ නිවෙසට මා ඇවිද ගියේය. දොර සීනුව දෙවරක් නාද වූ පසු දොර විවෘත වූයේය. අමල්ගේ අම්මා පැමිණ දොර විවෘත කළාය. “කවුද....? ” අමල්ගේ අම්මා වැහැරී ගොසිනි. “ අම්මේ මම බණ්ඩාර. ලංකාවේ බණ්ඩාර....” එසැණින් ඇය මා හදුනාගෙන නිවෙසට ගත්තාය. මගෙන් සැප දුක් අසන්නටවත් ප්‍රමාද නොවූ ඈ හඩන්නට ගත්තාය. “ අනේ පුතේ බලන්න අමල් ට වෙච්ච දේ...” කියමින් වැළපෙන්නට වූ අමල්ගේ මව බිත්තියේ එල්ලා තිබූ පින්තූරයක් පෙන්වමින් නැවත හඩන්නට වූවාය. සුදු මල්මාලයක් දැමූ අමල්ගේ උඩුකය පින්තූරයක් රාමු කර බිත්තියේ එල්ලා තිබුණේය. මගේ කොදුඇට පෙළ හිරිවැටුණේ වාඩි වී සිටි තැනින් නැගිට ගන්නට නොහැකි ලෙසිනි. අමල්ගේ අම්මාගේ වැළපුම තවමත් ඇසෙයි. “ අනේ පුතේ , උන් එයාලව මැරුවා කරත්තකාරයෙක් හැප්පුවයි කියලා.. අයියෝ බලන්න වෙච්ච දේ...අනේ මගේ පුතා...” තමන් දුමරිය රියදුරෙක් වශයෙන් රැකියාව ලබන්නට පුහුණුවන බව අවසන් කාලයේ දවසක අමල් මට දන්වා එවාතිබූ බව මට එක්වරම සිහිවූයේය. තවමත් මා දොර දෙස බලා සිටියේ මගේ මිතුරු අමල් ජෝදා කොයි මොහොතක හෝ දොරෙන් මතුවේ යැයි යන බලාපොරොත්තුවෙනි. එහෙත් සුදු මල්මාලයක් පළදා බිත්තියේ එල්ලා තිබෙන අමල් ගේ පින්තූරය මට සත්‍යය පසක් කළේය. මා හොදහැටි හෙම්බත් වී සිටි නමුත් මෙතැන රැදී නොසිටිය යුතු යැයි මගේ සිත මට කීවේය. මා අමල්ගේ අම්මා ගේ වැළපුම මැද්දේම තරප්පු පෙළ බැසගෙන දිව ආවේය. මාර්ගයට පිවිසි මා දිගටම දිව්වේය. දිසාවක් නොදැන උමතුවෙන් මෙන් දිව යන්නට වූයේය. කලූ හරකාත්, මහලු මිනිසාත්, දොස්තර රාජ් පටෙලුත් මගේ දයාබර මිතුරා වූ අමල් ජෝදා ත් මා පසුපසින් යැයි සිතමින් දිව්වෙය. මගේ සිහිය විකල් ව තිබෙන්නට ඇත. මගේ දිවීම නතර වූයේ මා ඉදිරියට පැමිණි විශාල ආලෝකයක් මගේ ඇස් නිලංකාරකල පසුවය. එතැනින් පසු මට පියවි සිහිය ලැබුණේ චක්ලාගාන්දි පොලිස් ස්ථානයේදදීය. මගේ කතාවට සාවධානව කන්දී සිටි ස්ථානාධිපති වරයා මෙසේ පැවසීිය. “ මහත්තයා එදා අපේ ජීප් එකට නොහැප්පී බේරුණේ වාසනාවකට . ඇත්තටම බණ්ඩාර මහත්තයා. මෙහෙ චක්ලාගාන්දි වල රාජ්පුරම් කියලා ටවුමක් දැන් නැහැ. ඒක නිකං අතහැරලා දාපු සොහොන් පිට්ටනියක් වගේ. කරත්තකාරයාගේ සිද්ධියෙන් පස්සේ ලොකු කලබලයක් ඇතිවුණා ඒ පැත්තේ. කරත්තකාරයාගේ කුලේ මිනිස්සු මුළු ටවුමම ගිනි තිබ්බා. කෝච්චි ඩ්‍රැයිවර් ව මරලා දැම්මේ බයික් එකේ ගෙදර යනකොට. මහත්තයා ඔය කියන කෝච්චි ඩ්‍රයිවර්ගේ අම්මත් ඔය කලබල වලින් මැරුණා. මිනිස්සු හැමෝම ටවුම අතෑරලා ගියා. දැන් එහෙ කවුරුත් නෑ. මහ ආණ්ඩුව ලෑස්ති වෙන්නේ ටවුම කඩලා ක්‍රිකට් පිට්ටනියක් හදන්න...” මේ සිදුවීම සිදුවී දැන් අවුරැදු බොහෝ ගණනක් ගතවී ඇති අතර විජයපුරම් මතින් ගොඩනැගුණු සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩාංගනයක දිවා රාත්‍රී තරග පැවැත්වෙයි. සුප්‍රකට IPLතරඟ පැවැත්වෙයි. ප්‍රේකෂකයන්ගේ විජයග්‍රාහී ඝෝෂා මතින් මට මා පසුපසින් පැමිණි කළු හරකාගේ අහිංසක ආයාචනාකාරී බැල්මත්, මහලු මිනිසාගේ ජීවිතය ඉල්ලා යදින කෙදිරියත්, තරුණ දොස්තර රාජ් පටෙල් ගේ නිහඩකාරී ස්වරූපයත් මාගේ ආදරණිය මිතුරාත් සිහියට නැගෙයි. - චින්තක ටිකිරිබණ්ඩාර [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom