මම රාජකාරී කරමින් සිටි ආයතනයේ රාජකාරී කටයුත්තකට ඉන්දියාවට පැමිණි මට මෙයට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක මා සමඟින් අධ්‍යාපනය ලබමින් සිටි අමල් ජෝදා නම් මගේ මිතුරෙකුගෙන් අදිසි දුරකථන ඇමතුමක් ලැබිණි. අමල් ජෝදා ඒ සමයේ මගේ සමීපතම මිතුරා වූ අතර කිහිපවරක්ම මා එදවස ඔහුගේ නිවෙසට ගොස් අමල් ජෝදා ගේ අම්මාගේ රසවත් ඉන්දියානු ආහාර රසවිඳ තිබිණි. ඒ දිනවල ආන්ද්‍රා ප්‍රදේශය පුරා මුස්ලිම් සහ හින්දු ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ඇදිරිනීතිය පනවා තිබූ නමුත්, මගේ රාජකාරී හැදුනුම්පත භාවිතා කරමින් මා අමල් ගේ නිවෙස පිහිටි විජයපුරම් වෙත ගියේ ආයතනයේ රියදුරෙක් විජයපුරම් වෙත යන්නට අනියමින් කැමති කරවාගෙනය.
සවස 5 පමණ වන විට මා විජයපුරම් වෙත ඇරලූ ආයතනයේ රියදුරා මා දුන් සන්තෝසම ද ගෙන පිටව ගියේය.
මිනිසුන්ගෙන් ශූන්‍ය නගරය ඇඳිරිය වැටෙන විට කුමක්දෝ වචනයෙන් කිව නොහැකි පාළුවකින් පිරී ගොස් තිබුණේය. නගරය සම්පූර්ණයෙන්ම හිස් ය. එකම එක මිනිස් පුළුටක් සොයමින් මගේ ඇස් හාත්පස දිවගිය මුත් මනුශ්‍යය සෙයියාවක්වත් දකින්නට නොවීය. අමල් පවසා තිබුණේ මා රැගෙන යන්නට බස් නැවතුමට එන බව යි.
අදුරු බස්නැවතුමේ කෙළවරක සිට අන්ධකාර සෙවණැල්ලක් මා සමීපයට ළං වෙමින් සිටියේය. හදවතේ නැගුණු අදිසි ගැස්ම එසේම තිබියදීත් මා දෑස් පිසදාගෙන තවත් වරක් වඩාත් හොඳින් ඒ දෙසට දෑස් යොමුකළේය. දැවැන්ත කළු හරකෙක් මගේ සමීපයේම නැවතී , උගේ විශාල ඇස් මා වෙත හයාගෙන සිටියේය.
“මූ මොකද මං දිහා බලාගෙන කන්න වගේ ” මගේ සිතුවිලි කතා කරයි.
ඌ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැවැන්ත කාල වර්ණ වෘෂභරාජයෙක් විය. ඇත්ත වශයෙන්ම මේ කාලවර්ණ ජීවියා සජීවි ලෝකයේ සත්වවයෙක්ද, නැතහොත් මගේ අදුරු මනෝලෝකයේ මැවුණු විකාර රූපයයක්ද යන්න තීරණය කරගත නොහැකිව මා තවත් මොහොතක් ශෛලමය ඉරියව්වෙන් බලා සිටියේය. ඒත් ඒ මොහොතේම අදුරත් සමග එන මැසි මඳුරු කරදරයෙන් ගැලවීමට වෘෂභරාජයා නොහොත් කළු හරකා නැට්ට උස්සා තම ශරීරයටම පහරදෙන ‘චටස්’ හඩින් මා පියවි සිහියට පිවිසියේය. හදවතේ ගැස්ම ක්‍රමයෙන් අඩුවී ගිය නමුත්, කොහේදෝ යන හරකෙක් මගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව මා සෙල්පිළිමයක් ව සිටියේය. තත්පර කිහිපයක් මා දෙස තම තිරිසන් දෑසින් ( නමුත් ඒ දෑස්වල අහිංසක දීප්තීයක් පමණි මා දුටුවේ ) බලාසිටි කලු හරකා නැවත හැරී තමන් පැමිණි අහුමුල්ලටම යන්නට පටන් ගත්තේය. මගේ සිත සැහැල්ලු වූයේ, මේ කොහෙන්දෝ කඩාපාත් වූ හරක් කරදරයෙන් නිදහස් වීමේ අස්වැසුම් සහගත සිතුවිල්ල නිසා ය.
නමුත් මද දුරක් ගිය හරකා නැවතී , හිස හරවා මා දෙස බැලුවේ “ ඇයි එන්නේ නැත්තේ ” වැනි සෙයියාවකිනි. මා තුෂ්නිම්භූතව බලා සිටියේය. දැන් හරකා මහ හඩින් මොරදුන්නේ මා දෙස හරවා ගත් බැල්ම එසේම තිබියදීය. තවත් මොහොතකින් පෙරට වඩා තරමක් මොලොක් හඩින් හරකා කෑගැසුවේය. නමුත් ඒ සෝකාලාපයක් වන් ඒ හඬ පාළුවට ගිය නගරයේ ගොඩනැගිලිවල වැදී නැවත නැවතත් මගේ සවන්පත් මත දෝංකාර දුන්නේය. දැන් දැන් මෙතන රැදී සිටීම නුවණට හුරු නැතැයි මගේ සිත කීවේය.
සාක්කුවට අත යවා ජංගම දුරකතනය අතට ගත් මා , අමල්ගේ අංකය තෝරාගෙන එයට ඇමතුමක් ගත්තේය. අන්ධකාරය මැද ඩිජිටල් තිරයේ නිල් පැහැති නියෝන් එළිය නිවී දැල්වුණා පමණි.
“ඔබ අමතන අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත”
“දැන් මොකද කරන්නේ ......?” මා මගෙන්ම අසාගත්තේ ය.
මට කිසිත් සිතාගත නොහැකි විය. දැන් අර කාලවර්ණ වෘෂ්භරාජයා මා වෙත නැවත ඇවිද එමින් සිටින්නේය. නගර වීදියේ පටු මුල්ලකට සහ තාප්පයකට සිරවී සිටි මට පිටව යාහැකි එකම ක්‍රමය වූයේ නැවත , දැන් මා වෙත ඇවිද එන කළු හරකා ඉදිරියටම ගමන් කිරීම පමණි. නමුත් දැවැන්ත කාල වර්ණ තිරිසනෙක් ඉදිරියට ඇවිද යාමට තරම් ධෛර්්‍යයක් මා තුළ නොතිබුණේය.නැත්නම් ඒ මොහොතේ ඒ වටපිටාවේ ගුප්ත බව මා හිරිවට්ටා තිබුණේය. මම හුන් තැනම ගල් ගැසුණෙමි.
කළු හරකා නැවතත් මා දෙස දෑස් හයාගෙන සිටියි. උගේ දෑස්වල ඇත්තේ කිසියම් ආයාචනයක් යැයි මට සිතුණි. තත්පර කිහිපයක් එසේ බලා සිටි හරකා තරමක පහත් ස්වරයකින් , තම හිස අනෙත් දෙසට හරවාගෙන හඬගෑවේය. හරකාට උවමනා වී ඇත්තේ ඌ සමඟින් මා කැටුව යාමට බව මට තේරුම්ගියේය. මා එල්ලාගෙන සිටින පැති බෑගය ට හොම්බ දිගු කර කළු හරකා එය තම කටින් අල්ලාගන්නට කිහිප වරක් උත්සාහ කළේය. දැන් නම් මට හරකාගේ උවමනාව තදින්ම පැහැදිලි වූයේය.
අවසානයේදී මා කළු හරකා පිටුපසින් ගාටන්නට පටන්ගෙන තිබිණි. මට වඩා අඩි කිහිපයක් ඉදිරියෙන් ඇවිද යමින් සිටි කළු හරකා කකුලක් නොන්ඩි ගසමින් ඇවිදින බව මට පෙණුනි. බැස යන හිරුගේ අවසන් රැස්දහරවල් නගරයේ ගොඩනැගිලි අතරින් , ඉඩකඩ තිබෙන අහුමුළු වලින් පෙරී එද්දී හරකාගේ සිරුරේ තැනින් තැන තැවරුණු රතුපැහැ රුධිර පැල්ලම් මට පෙණුනි. ඒවා මේ දැන් සිදුවූ තුවාලයක රුධිර පැල්ලම් බව වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. මගේ හදගැස්ම නිතැතින්ම වැඩි වන්නට වූයේය. කළු හරකා ඉදිරියට ඇවිද යන අතරේ වරින් වර නැවතී මා පිටුපසින් එනවාදැයි බැලුවේය.
නගරය පසුකර ලෑලි නිවෙස් පේළියක් මැදින් වැටුණු පටු පාරවල් කිහිපයක් ඔස්සේ කළු හරකා ඇවිද යන්නේ ය. මා ඌ පිටුපසිනි. මා උන්මත්තකයෙක් මෙන් කොහේදෝ යන හරකෙකු පිටුපසින් ඇවිද යන්නේ අහවල් එහෙකටදැයි හැගීමක් මගේ සිතට පිවිසි නමුත්, දැන් මේ හරකාගේ හැසිරීම මගේ කුතුහලය අවුළුවා තිබිණි.
මේ නගරයේ නිසොල්මන මා උමතු කරවන තරම් විය. ප්‍රාන්තය පුරාම ඇඳිරිනීතිය පනවා තිබූ නමුත්, මෙවන් නගරයක මිනිස් පුළුටක්වත් දකින්නට නොවීම මා කුතුහලයට පත්කළේය. ලෑලි නිවෙස් පේළිය අවසන් වූවත් ඒ ඔස්සේ ඇදී ගිය කුණු ඇල තවමත් ඉදිරියට ඇදෙයි. කළු හරකා ඉදිරියට ඇවිද යන්නේ කුණු ඇල ඉවුර මතිනි. කුණු ඇලක් වූවත් ඉන්දියාවේ වෙනත් නගරයක දකින්නට හැකි කුණු ඇලක් තරම් අපිරිසිදු කමක් මේ කුණු ඇලේ නැති හැටියකි. කුණු ඇල ඉවුර දිගේ ඇවිද ආ මම හරකාගේ මගපෙන්වීමෙන් තරමක උස් කණ්ඩියකට පිවිස සිටියෙමි.
එපිටින් ඈතට විහිදුණු තැනිතලාවකි. තැනිතලාවේ ඔබ්බෙන් වූ සිතිජයේ ඉරු ගිලී ගොසිනි. හරකා මා දෙස බලා හඩගෑවේය. එය මහා මූසල හඩගෑමකි. දැන් රේල්පාර ඔස්සේ තවත් දුරක් ඇවිද ගිය හරකා එක්වරම ඇද වැටුණේ ය. මා උන් තැනම ගල් ගැසුණි. හරකා නැවතත් වේදනාත්ම ස්වරයෙන් කෑ ගැසූ අතර අපහසුවෙන් මා දෙස හිස ඔසවා බලන්නට උත්සාහ දැරීය. හරකා නිසා උපන් වේදනාවකින් මගේ පපුව හීන් හිරියකින් රිදුම් දුන්නේය.
මා හරකා සමීපයට දිව ගියේය.
කළු හරකා රුධිරයෙන් නැහැවී සිටියේය.
“ උඹ ආවාද........?”
ඔබ්බෙන් දුර්වල මිනිස් හඬක් මතුවූවේය. මා වෙවුළා ගියේය. හරකා ට මදක් නුදුරින් යාන්තමින් සෙලවෙන මිනිස් සිරුරක් මට පෙනෙයි. මා තවත් වරක් වෙවුළීය. බිය මගේ මුළු සිරුරම දහඩියෙන් නහවා තිබිණි.
මහළු මිනිසෙක් හරකාට එපිටින් බිම වැතිරී සිටියේය. ඇත්තටම එතැන වූයේ මිනිසෙක් නොව එක මිනිස් හපයක් බැවු මට පැහැදිලි විය.
හරකා වරින් වර ඒ මිනිස් හපය තම දිවෙන් පිරිසිදු කළේ ය. ඒ සෑම වාරයක් පාසාම ඒ මිනිසා සැනසුම්දායී වේදනාවෙන් කෙඳිරි ගෑවේය. මහලු මිනිසා මා එතැනට පැමිණ සිටින බව දැක තිබුණි.
“කෝච්චියේ වැදුණා මහත්තයෝ...., අර තියෙන්නේ මගේ කරත්තේ....”
කැබලි වී ගිය කරත්තයක කොටස් සහ රෝදයක් ඔහු සමීපයේම තිබිණි.මිනිසා සිටින්නේ මරණාසන්නවය. මා කුමක් කළ යුතුදැයි නිච්චියක් මට නොවීය.
“මහත්තයෝ ඔය රේල්පාර කෙළවරේම ඩිස්පැන්සරියක් තියෙනවා , ඉක්මණට එතෙන්ට ගිහින් දොස්තර මහත්තයාව එක්ක එන්ට ”
තවත් මොහොතක්වත් පමා නොවූ මා රේල්පාර දිගේ මහලු මිනිසා පෙන්වූ දෙසට දිව යන්නට වූයේය. මා බොහෝ දුරක් දිව එන්නට ඇත. රේල්පාර කණ්ඩියේ සිටින මට තරමක් දුරින් දැල්වෙන විදුලි පහනක් පෙණුනේය. එතැනට යන්නට රේල් පාරේ සිට හරිහමන් පාරක් නොවූ මුත් මා ගල් කැබලි සහ කුඩා පඳුරෙන් යුක්ත අඩි පාරක ඇවිදගෙන විදුලි පහන සමීපයට පැමිණියේය.
දෙවියන්ට පින්සිදු වන්නට ඒ ඩිස්පැන්සරියයි. කුඩා කඩකාමරයක් වූ එතැන වීදුරුවේ රතුපැහැ කුරුසයක් ඇඳ තිබිණි. රතු කුරුසයට යටින් දොස්තර ‘රාජ් පටෙල් MBBS ” ලෙසින් ඉංග්‍රීසි අක්ෂරයෙන් පින්තාරු කර තිබුණේය. නමුත් අනෙක් පස වීදුරුව එහෙම පිටින්ම බිදී ගොස් තිබුණේය. බිදීගිය වීදුරු කැබලි බිම විසිරී තිබුණේ ය. බිදීගිය වීදුරුව අතරින් ඩිස්පන්සරියේ තම මේසයේ සිටිනා දොස්තර මහතාව මට පෙණුනි. කිසිවෙක් බෙහෙත් ගන්නට පැමිණි නොසිටි අතර මම කෙළින්ම පැති දොර විවෘත කරගෙන දොස්තර මහතා සමීපයට ගියේය.
දොස්තර රාජ් පටෙල් යාන්තමින් මා දෙස බැලුවා පමණි. ඔහුගේ නළල පළල් බැන්ඩේජ් පටියකින් ඔතා තිබිණි.
“ ඩොක්ටර්....”
“ඩොක්ටර්..., ඩොක්ටර්.....” මා තරමක් උස් හඩින් කතා කළවිට වෛද්‍යවරයා මා දෙස හිස ඔසොවා බැලීය.
“ලොකු හදිස්සියක් ඩොක්ටර්, අතන රේල් පාර ගාව කරත්තකාරයෙක් කෝච්චියට අහුවෙලා හොඳටම තුවාලයි....ඉක්මණට යමු...තව හරකෙකුත් ඉන්නවා බිම වැටිලා.......”