හොල්මන් කතා.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
අපි අහලා තියෙනවා මේ හොල්මන් යක්කු ගැන. හොල්මන් කියලා ජාතියක් ඇත්තටම ඉන්නවද? බොහෝ ආගම් වලත් හොල්මන්, යක්කු, භූතයෝ ගැන සඳහන් වෙනවා. ඔයගොල්ලන් හොල්මන් ගැන අහලා තියෙන හා දැකපු සිද්ධීන් හොල්මන් කතා මෙතන කියන්න. ඡායාරූප තියෙනවනම් Upload කරන්න. ඒවා ගැන ඇත්ත නැත්ත අපි හොයා බලමු.


Brown_lady.jpg
 
Last edited:

aappjj

Banned
Jun 13, 2008
624
30
0
Colombo
ko nadda?

සමහර මිනිස්සු මැරිලා බූත ලෝකේට ආවහම ඕනිනම් අල්ලාට උන්ව ආපහු මේ ලෝකෙට ඒ වේශයෙන් හරි වෙනස් වේශයකින් හරි එවන්න පුලුවන්
 

saja

Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,801
    113
    Home Sweet Home
    ලංකාවේ හොල්මන් වලට සුප්‍රකට තැන්

    රාත්‍රියට ශබ්ද ඇහෙන හාලිඇල ඩීන්ස්ලන්ඩ් බංගලාව

    “ඔව් සර්, හොල්මන් ඉන්නවා. දවසක් මම දැක්කා ලොකු ඇඟක් තියෙන ගෑනියෙක් ලේ පෙරාගෙන එනවා. ඒ දැකලා බය උණ මම ක්ලාන්තය දාලා වැටුණා. ඊට පස්සේ ලෙඩ වෙලත් හිටියා.

    මම මේ ළඟම ගෙදරක ඉන්නේ. භීෂණ දවස්වල ඉඳලම බංගලාව ගැන දන්නවා. මේකේ වදකාගාරයක් තිබුණා. හැබැයි වෙඩි ශබ්ද ඇහුනේ නැහැ. කෑගහන ශබ්ද ඇහුනා. සමහර දාට ලේ සෝදන්න උණෙත් මට. මේ කාරණාවලින් පස්සේ තමයි හොල්මන් ඇති උණේ.”

    මේ විස්තර කියවෙන අතීතයේ පුද්ගලික තේ වත්තක් වුණු ඩීන්ස්ලන්ඩ් වතුයාය මේ වෙනකොට රජයට අයත් නිල නිවාවයක්. මේ පළාත භීෂණ සමයේදී විශාල වශයෙන් පිරිස් ඝාතනය වුණු පෙදෙසක් විදියටත් ප්‍රසිද්ධයි. කොහොම වුනත් පාළුවට ගිහින් තිබුණු මේ බංගලාවේ හොල්මන් සැරිසරන බව ප්‍රදේශවාසීන් අතර තිබුණු ප්‍රසිද්ධ රහසක්. සෙන්දිල් තොණ්ඩමාන් ඇමතිවරයා කුලී පදනමක් පිට මෙය නිල නිවස විදියට ගත්තට පස්සේ වුනත් රාත්‍රියට කෑ ගහන, මහ හඬින් හඬා වැටෙන ශබ්ද ඇහෙන බවයි කියවෙන්නේ.

    refer the link

    http://www.aniwa.lk/2016/09/14/1609144-haunted-sri-lanka/