හොස්ටල් ජීවිතය

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    හොස්ටල් ජීවිතය








    රස මුසු මතක තෙල් විසිවෙන ගැටවු වියේ
    මදහස නැගෙයි සිහිවෙන විට තවම ළයේ
    මොන පවකටද මන්දා මගෙ සිතට නොයේ
    කාලය ගෙවෙද්දී අපහට වයස ගියේ



    නිදහස පිරුණු ඒ හොස්ටල් ජීවිතය
    යාබද බාලිකාවට දුර සීමිතය
    රෑ පය ගැටෙන කොටබිත්තිය පීඩිතය
    පොලු නැති ජනෙල් ඇතුළෙයි ලොව මීවිතය



    අපි හය දෙනෙක් භය නැති හොඳ පොරවල්ය
    වොචරය බීඩි මිටියට හරි හුරතල්ය
    වර්ඩන් නැගිට්ටොත් වැඩ ටික කුරුවල්ය
    කොට්ටා පඹය ඇඳ උඩ අපි එන කල්ය



    ලීඩෝ එකේ රෑ ෂෝ එක බලන්නට
    අල්ලා ඔට්ටු ශත පණහක් දිනන්නට
    තුනකින් මහල් ගොස් පහළට පනින්නට
    කෑවා පිනාගෙන් වේවැල කැඩෙන්නට



    හොල්මන් වලට භය නැති උන් තෝරන්ඩ
    තිබ්බා තරගයක් රුපියල ජය ගන්ඩ
    තනියම කනත්තට රෑ මැද වෙයි යන්ඩ
    ගොරකා ගහේ ඇණයක් ගහලා එන්ඩ



    හැම දෙන පස්ස ගැහුවත් භය වසාගෙන
    මම ඉදිරියට ආවෙමි ජය පතාගෙන
    හිත වෙව්ලුවත් හිස රෙද්දක් පෙරෝගෙන
    පය තැබුවෙමිය ඉතිපීසෝ කියාගෙන



    ගොරකා ගසට ලංවී මම ඇණය ගසා
    හැරුණා එන්ට ගැහෙනා භය ඉතිං නසා
    ඇද්දා කව්ද රෙද්දෙන් හිස තිබුණ වසා
    හූ තිය තියා දිව්වා රෙදි දමාගසා



    වේව්ලා හැදී ඒ මුුළු රෑ ගැහෙන උණේ
    ගියවිට වොචරෙ හා සොහොනට එළඹි දිනේ
    කන්නට සිතුණි මට බඩවැල කඩං අනේ
    "ගහලා තිබුණෙ රෙද්දත් අල්ලලා ඇණේ"








    කර්තෘ -
    Santha Rajapaksa

     
    • Like
    Reactions: ravsfm

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    පට්ට බන්



    11.gif
    11.gif
    11.gif
    11.gif