දඹුල්ල, හබරණ, සීගිරිය හා පොලොන්නරුව ප්‍රදේශවල සංචාරක හෝටල් කර්මාන්තයට විදේශිකයන්ගේ පැමිණීම අඩුවීම නිසා ඉදිරියට උත්සව සමයේ කාමර වෙන්කර තැබීමේ අඩුවක්වී ඇතැයි සංස්කෘතික ත්‍රිකෝණ හෝටල් සංගමයේ සභාපති සාලිය දයානන්ද මහතා ප්‍රකාශ කළේය.
සංචාරක ව්‍යාපාරයෙන් ජීවනෝපාය සරි කරගන්නා පවුල් සංඛ්‍යාව ලක්ෂ ගණනකි. මහා පරිමාණ හෝටල් සංකීර්ණවල සිට නිවාස ලැගුම්හල් බවට පත් කර කුලියට දෙන පිරිස් දක්වා ද අති සුඛෝපභෝගී කුලී රථ සිට ත්‍රීරෝද රිය දක්වා ද සංචාරක මඟ පෙන්වන්නන්ගේ සිට මඟ දෙපස වෙළඳාම් කරන්නන් දක්වා ද අති විශාල පිරිසක් සංචාරක ව්‍යාපාරය සමඟ බද්ධ වී සිටිති. ඒ ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයා ජීවත්වන්නේ ඍජුවම එම සංචාරක ව්‍යාපාරයත් සමඟය.
උත්සව සමය “සීසන්” ලෙස හැඳින්වේ. “සීසන්” හැමදාම එන්නේ නැත. අප්‍රේල් හා දෙසැම්බරය ප්‍රධාන වශයෙන්ම සීසන් සමයට අයත්ය. සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ ලක්ෂ ගණනක් ජනී ජනයාගේ ජීවිතවලට සොම්නස ගලා එන්නේ ඒ “සීසන්” සමයේදීය. අනෙකුත් දිනවල දී බඩට නොකා ඒ ජනයා ජීවත් වන්නේ “සීසන්” එකේදී “ඇරියස් කවර්” කරන බවට ඒකාන්ත විශ්වාසයෙනි.
වෙනත් වසරවල ජනවාරි, පෙබරවාරි හා මාර්තු ආදී මාසවල මේ වනවිටත් විශාල වශයෙන් සංචාරකයන්ට හෝටල් කාමර වෙන් කරන බවත් එහෙත් දැනට වෙන් කර ඇති කාමර පවා අවලංගු කිරීම නිසා සංචාරක ව්‍යාපාරයේ හෙට දවස බෙහෙවින් අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතු බවත් සංස්කෘතික ත්‍රිකෝණ හෝටල් සංගමයේ සභාපතිවරයා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.
සංචාරක ව්‍යාපාරයට මෙම අභාග්‍ය සම්පන්න ඉරණම පැමිණ තිබෙන්නේ රට හමුවේ සුනාමි උවදුරක් ඇති හෙයින් නොවේ. ගංවතුර හෝ නියඟයක් නිසා නොවේ. වෙනත් ස්වාභාවික විපතක් නිසා නොවේ. මෙම තත්ත්වය නිර්මාණය වී තිබෙන්නේ රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුද සුළිය නිසාය.
Source :- LankaDeepa