හෝමෝ සේපියානුවන් සහ නියැන්ඩර්තාල් දෙමුහුම (Hybridization of Sapiens and Neanderthals)

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    2002 වර්ශයේදි ගුහා පිළිබඳව අධ්යනය කරන විශේෂඥ කණ්ඩායමක් රොමේනියාවෙ ට්රන්සිල්වේනියවෙට දකුණු දෙසින් පිහිටි 'පෙශ්ටේරා කු ඕසේ' නමින් හඳුන්වන ගුහා සංකීර්ණය පර්යේෂණයට ලක්කරනවා. මේ ගුහා සංකීර්ණය තුලින් ප්රාග් ෛඑතිහාසික යුගයට අයත් (නිශ්චිතවම ප්ලයස්ටොසීන යුගයේ පසු අවධියට අයත්) ක්ශීරපායි ඇටසැකිලි විශාල ප්රමාණයක් ඔවුන්ට හමුවෙනවා.

    'පෙශ්ටේරා කු ඕසේ' කියන නාමයේ අර්ථය වෙන්නෙ ඇටසැකිලි ගුහාව යන අර්ථය.

    මේ අධ්යනය තුලදි විවිධ ක්ශිරපායින්ට අයත් අස්ථි අතරින් ඔවුන්ට හමුවෙනවා විශේශිත වු අස්ථි දෙකක්.
    ඉන් එකක් තමයි ප්රථමයෙන්ම සොයාගනු ලබන හෝමෝ සේපියන් යටි හනුව. ඕසේ 1 ලෙස මේ යටි හනුව නම් කරනවා.
    F8428DF7-1C47-4F07-AB5D-7FDCCF972787.png

    ඕසේ 1 යටිහනුව

    දෙවනියට ලැබෙන අස්ථිය තමයි හෝමෝ සේපියන් කපාලයක්. මෙය ඕසේ 2 ලෙස නම් කරනු ලබනවා.
    760BCCFA-0F96-4BE6-849E-50940A697EDB.png

    ඕසේ 2 කපාලය
    ඕසේ 1 සහ 2 රේඩියෝකාර්බන් විශ්ලේෂණය අනුව ලබා දෙන අගය වෙන්නෙ 37,800 Bp. ඒ කියන්නෙ අදාල අස්ථීන් මීට වසර 37,800 පැරණී.

    ඔබ මම සියල්ලන්ම අයිති වත්මන් හෝමෝ සේපියානුවන්ගෙ පැරණිතම යුරෝපීය පූර්වජයන්ගෙ සාධක තමයි ඕසේ 1 සහ ඕසේ 2. තවත් විධිහකින් කිව්වොත් යුරෝපය තුල හමුවන වත්මන් හෝමෝ සේපියානුවන්ගෙ පැරණිතම සාධක තමයි පෙරැකී ෆොසිල.

    යුරෝපය තුල හමුවන වත්මන් මිනිසුන් අයත් පැරණිම ෆොසිලයන් වීමට අමතරව තවත් විශේෂ ලක්ෂණ අදාල අස්ථීන් තුලින් විද්යාමාන වෙනවා. සාමාන්ය මනුශ්යකුට වඩා විශාල දන්ත සැකැස්ම, සාමාන්ය හෝමෝ සේපියානුවන්ට වඩා රළු හැඩයක් සහ ඝනත්වයෙන් යුත් යටි හනුව මේ ලක්ෂණ කිහිපයක්.

    ඒ කතාව එහෙම තියේද්දි වසර 40000 පමණ යුරෝපීය අතීතයට යනවිට හොමිනිඩ් වංශකතාවේ තවත් පුරුකක් යුරෝපියානු හිම බිම් තුලදි අපිට මුණගැසෙනවා. ඒ තමයි හෝමෝ නියැන්ඩර්තාල්වරු. සේපියානුවන්ගෙ ලඟම ඤාතියෙක් වුනාට සේපියානුවන්ගෙ පරිණාමික ගමන් මගෙන් අපගමනය වුන තවත් මනුශ්ය විශේෂයක්. ඔවුන් රළු අස්ථි සැකැස්මකින් යුත්, හිම බිම් තුල ජීවිතයට අනුවර්තනය වුන මනුශ්යන් කොටසක්. නමුත් පැහැදිලිවම වෙනත් විශේෂයකට අයත් මනුශ්ය වර්ගයක්.
    යුරෝපියානු බිම් තුලින් වසර හතලිස්දාහකට පමණ මත්තෙන් සේපියානුවන් සහ නියැන්ඩර්තාලයන් දඩබිම් තුල සැරිසැරූ බවට ඕසේ 1 සහ 2 කාලනීර්නයන් තුලින් පැහැදිලිව පෙනෙන කරුණක්.

    ඕසේ 1 සහ 2 DNA පරික්ෂාවකට ලක්කිරීමෙන් පසු ලැබෙන දත්ත වඩාත් ආකර්ශනීය වෙනවා. ඒ තමයි ඕසේ 1 DNA ජීනෝමයෙන් 6% - 9% අතර කොටසක් නියැන්ඩර්තාල් ජීනෝමය වීම. එයින් අදහස් වෙන්නෙ යුරෝපය තුලට පැමිණි වත්මන් හෝමෝ සේපියානුවන්ගෙ පූර්වජයන්ගෙන් කොටසක් යම් අවස්ථාවකදි නියැන්ඩර්තාල්වරුන් සමඟ මුහුම් වු බව. අදාල ජාන පර්යේෂණයට අනුව ඕසේ 1 යටිහනුව දැරූ පුද්ගලයාගෙ පූර්වජයන් පරම්පරා 6 කට පෙරදි නියැන්ඩර්තාල් මුහුම් වීමකට ලක්ව තිබෙනවා. ඕසේ 2 කපාලය පරික්ෂා කිරීමෙන් ලැබෙන දත්ත අනුවත් ඊට සමාන මුහුම් වීමක් දක්නට ලැබෙනවා.

    මානව විශේෂයන් අතර ඉතාමත් පැහැදිලි අන්තර් විශේෂ අභිජනනය දක්නට ලැබෙන සාධකයක් ලෙස ඕසේ 1 සහ ඕසේ 2 හඳුන්වන්න පුළුවන්. වත්මන් යූරෝපීයයන් නියැන්ඩර්තාල් DNA සුළු වශයෙන් ප්රවේණිය තුලින් ඉදිරියට රැගෙන ඒම පිලිබඳව පැහැදිලි කිරීමට පුළුවන් එක් අවස්ථාවක් තමයි ඕසේ 1 සහ ඕසේ 2.

    ඈත අතීතයේදි අප්රිකාවෙන් නික්මුණු සේපියානුවන් යුරේසියාව පුරා පැතිර යමින් සිටියදි යම් අවස්ථාවක යුරෝපය තුලදි ඔවුන්ට නියැන්ඩර්තාලයන් මුණ ගැසෙනවා. ඇතැම් විට ඔවුන් අතර සටන් ඇතිවන්නට ඇති නමුත් ලැබී තිබෙන සාක්ෂි අනුව පැහැදිලි වන්නෙ සටන් කිරීමකට වඩා ඔවුන් ලිංගිකව එක්ව ඇති බවයි.
    (ඡායාරූප සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
    Copied
    #DOE
    Source