ඔබට හිතෙනව ද ඇයි මේ රැළි එන්නේ කියලා?
එකක් පිට එකක්. කේන්තියෙන් පිරුණු, වෛරයෙන් වැපුරුන ඒවා!
තනි තනියෙන් ගත්තහම උගත්, විනයක් ඇති, කරුණාවන්ත හොඳ පුරවැසියෝ උනත් සමහර කරුණු වලට ගෲප් වලට එකතු උනාම, පොදු මතයක් දරණ කොට ඒ පොදු මතය නිසා කණ්ඩායමක් විදියට අතාර්කික තැනකට තල්ලු වෙලා, ඒ මතය වෙනුවෙන් බොහොම පහත් මට්ටමට වැටිලා, ගහ මරා ගන්න සූදානම් , කුණු හරුප කියාගෙන තත්ත්වය බාල්දු කර ගන්න උනත් සූදානම් වෙන්නේ ඇයි කියලා හිතිලා තියෙනවා ද ?
අපි මේක අත් වින්දා ගෝඨා ගේ ඡන්ද කැම්පේන් එකේ. ඊට පස්සේ අත් වින්දා ජවිපේ හදපු රැල්ලෙදි. මේක ඇතුලේ තියෙන්නේ සරළ මානසික විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන් තත්ත්වයක්. ඒක ලෝකයේ කරපු ප්‍රසිද්ධ විද්‍යාත්මක පර්යේෂණ තුනකින් පැහැදිලි කරන්න පුළුවන්. ඒවා මේ වගේ.
1. පළවෙනි එක 1950 දී කරන්නේ Solomon Asch කියන විද්‍යාඥ්‍යා. ඔහු මිනිසුන් 8 බැගීන් කණ්ඩායම් අරගෙන එක රූපයක ඇති මහත ඉරක් පෙන්නනවා. අනෙක් රූපයේ තියෙන්නේ අර වගේම මහත ඉරි තුනක්, හැබැයි උසින් වෙනස්. ඒවාට A, B, C කියලා නම් තියෙනවා. පර්යේෂකයා අහනවා පළවෙනි තනි ඉර පෙන්නලා, දෙවැනි එකෙන් ඒකට සමාන උස තියෙන ඉර A ද, Bද, Cද කියලා. උත්තරේ සරළයි. මේ අටේ කණ්ඩායම් වලට පර්යේෂකයා විසින් එයාගේ කෙනෙක් හොරෙන් දානවා. එයාට රඟපාන්න තියෙන්නේ හරි නොවන උත්තරයක් කියලා.
ඉතිං මේකේ ආයේ ආයේ පරීක්ෂණය පැවත්වෙන කොට අර හොරට දාපු එක්කෙනාකියන බොරුව අනිත් අය පිළිගන්නවා. කණ්ඩායමම ඒක කියන්න පෙළඹෙනවා. ඒ අවස්ථාව 37% ක් තරම් උනා. කතාව තව දිගයි, ඔබම කියවලා බලන්න විකිපිඩීයා තියෙනවා, ඒක youtube එකෙත් තියෙනවා.
2. Stanley Milgram ගේ 1963 කරන පරීක්ෂණයෙන් ඔප්පු වෙනවා මිනිස්සුන්ට යම් ආකාරයක උපදේශයක් දුන්නොත්, ඔවුන් ඒක ක්‍රියාත්මක කරන්න පෙළඹෙන බව, එම ක්‍රියාවෙන් කාටහරි හානියක් උනත්. ඒ හානිය වෙන බව දැන දැනත් ඒක වැරැද්දක් බව දැන දැනත්, නොනවත්වා කරනවා. ඒ ඔවුන්ට උපදෙස් දෙන තැන ගැන තියෙන විශ්වාසය නිසා ඔවුන් ක්‍රියාත්මක වෙනවා.
3. Philip Zimbardo 1971 දී සිදු කරන ප්‍රසිද්ධ බන්ධනාගාර පර්යේෂණයත් ඉතා වැදගත් එකක්. මිනිස්සුන්ට බලයක් දීලා, ඒක ක්‍රියාත්මක කරන්න කියලා කිව්වම, ඒ බලය ඔවුන් අභ්‍යන්තරය තුල සිටින නරකම කෙනාව එළියට ගන්නවා. තමා තුල ඉන්න සතෙක් එලියට එනවා ඔවුන් නොදැනම.
මේ පර්යේෂණ ගැන තොරතුරු ලේසියෙන් බලා ගන්න ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒ නිසා දීර්ඝව ලියන්නේ නෑ. ඔබට හොයලා බලන්න පුළුවන්.
මේවායින් දෙන පණිවිඩය තමයි ලංකාවේ මින්ස්සු තනි තනියෙන් ගත්තම හොඳ මිනිස්සු. අපිව පොඩි කාලේ ඉඳලා හදලා තියෙන්නේ බයෙන් ඉන්න. නැගිටින්න, ආචාර කරන්න, ඉස්කෝලේ යුනිෆෝම් එකේ, කොණ්ඩේ, සපත්තුවේ ඉඳලා එක විදියකට ඉන්න. ගුරුවරුන්ට , විදුහල්පති ලට , හාමුදුරුවන්ට බයෙන් ඉන්න. විශ්වවිද්‍යාලයේ ගිහිල්ලත් ආචාර්යවරුන්ට, මහාචාර්යවරුන් ට බයෙන් ඉන්න. අපි හැමෝගෙම කොන්ද කඩලා තියෙන්නේ. සිස්ටම් එකට අනුගත වෙන්න අපේ කොඳු කඩලා පෞරුෂත්වය හීන කරපු පිරිසක් බවට පත් කරලා. ඒ නිසා අපි තනියෙන් දෙයක් කරන්න පෙලඹෙනවා අඩුයි.
හැබැයි දැන් සමාජ මාධ්‍ය ඔස්සේ අපිට ගෲප් තියෙනවා. ඒවා ඔස්සේ අපිට ලැබෙනවා කණ්ඩායමක්. අපිට එනවා ඒකට ඇතුළු වීමේ වුවමනාවක්. එක වගේ සිටීමේ වුවමනාවක්. එක වගේ සිතිමේ බලකිරිමක්. නැත්නම් එතන ඉන්න බෑ. විසි වෙන්න වෙනවා.
මේක සාමාන්‍ය ඕන තැනක වෙනවා. බලන්න ඉන්දියන් ක්‍රිකට් ටීම් එක දිහා. හැමෝම එක වගේ රැවුල් කොණ්ඩ වවන්න ගත්තා කෝලි එක්කම. එක වගේ ෆිට්නස් හැදුවා. ගෲප් thinking එකකට එනවා. ඒවා හොඳ ඒවා. ඒත් ඔබ අවුල් ගෲප් වලට වැටුනොත් එතනින් නරකක් වෙන්න පුළුවන්. අපි යම් අලුත් තැනක වැඩට ගියත්, අලුත් ඉස්කෝලෙක ගියත්, අලුත් ගමක පදිංචියට ගියත් ඔය වැඩේ වෙනවා. අපි බලනවා අපිත් ඒකේ කොටසක් වෙන්න.
හැම තිස්සෙම බනින, විවේචනය කරන, බොරු වපුරන , වෛරය වපුරන තැනක හිටියොත් නිකම්ම ඔබ තුලත් ඒ වෙනස් කම ඇති වෙනවා. ඒ වගේ ඉන්නනම් ඔබටත් ඒ විදියට කතා කරන්න, බනින්න, වැරදි හොයන්න, වෛර කරන්න සිතෙනවා. මොකද ඔබට කැමත්ත ලැබෙන්නේ එහෙම කළොත් විතරයි. ඔබත් ඔවුන්ගේ කෙනෙක් වෙන්න ට්‍රයි කරනවා. ඒකට ගෲප් එක ඇතුලෙන් බල කිරීමක් ලැබෙනවා. ඔබ ඔබට සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුන බලය ඒ වෙනුවෙන් අවභාවිතා කරනවා. ඔබට නොදැනිම ඔබ තුල සතෙක් එළියට එන්න ගන්නවා. ඔබට තේරෙන කොට ප්‍රමාද වැඩියි.
මේ වෙලාවේ සමාජ මාධ්‍ය වල මේ තත්ත්වය දකින්න තියෙනවා. මේ වෙලාවේ ඇතැම් දේශපාලන පක්ෂ වලට සහය දක්වන්නන් මේ වගේ.
2007 දී Nicholas Christakis සහ James Fowler විසින් හඳුන්වා දුන් Three Degrees of Influence Rule එකට අනුව ඔබ සමාජ මාධ්‍ය තුල වෛරය වැපිරූ විට ඔබගේ මිතුරන්, මිතුරන්ගේ මිතුරන් සහ මිතුරන්ගේ මිතුරන්ගේ මිතුරන් දක්වා එය ව්‍යාප්ත වෙනවා. ඔබට සතුට, ධනාත්මක භාවය වගේ දේවල් උනත් එහෙම වපුරන්න පුළුවන්. හැබැයි ඔබ ඉන්න ගෲප් එකේ ඉන්න නම් ඔබට වපුරන්න වෙන්නේ වෛරය නම්, වැරදි අදහස් නම්, ඔබ සමාජයේ බොහෝ පිරිසකට ඒක පතුරනවා. සමාජය එයින් කැළඹෙනවා. සුවපත් කරන්න අමාරු තැනකට යනවා. ඒ ඔස්සේ හිංසාවාදයට අවස්ථාව ලැබෙනවා.
ඉතිං පොඩ්ඩක් නැවතිලා ඔළුව සුද්ද කර ගෙන ආයේ හැරිලා බලන්න. ඔබත් මේ Radicalisation Process එකට අහුවෙලා තියෙන්න පුළුවන්. ඔබෙන් සමාජයට යහපතක් වෙන්න හිතනවා නම්, ආයේ හිතන්න. ලේසි වෙන එකක් නෑ. හැබැයි බැරි නෑ. ඔබට පුළුවන්.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස්