Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ළමයිනං හදන්නෙපා බං.. ඒක කරුමයක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ළමයිනං හදන්නෙපා බං.. ඒක කරුමයක්..

අපට ඇත්තේ සීමිත කාලයකි. එය තුල මැරි මැරී ජීවත් වීම අපරාදයකි. කෙටි ජීවිත කාලය තුල අපි සිදුකරන මෝඩකම් අතිමහත්ය. ළමයි හැදීම මේ අතරින් අතිශය තීරණාත්මක මරි මෝඩකමකි. ළමයින් නැතුව අවුරුදු ගාණක් රටේ නැති වෙද්දුන් සොයාගෙන ගිය මා ලක්ෂ ගණනින් වියදම් කර කරගත් ගොං වැඩේ ගැන දැන්නම් දහස්වාරයක් පසුතැවෙමි. හේතුව මෙසේය.

ලෝකයේ ඇති ආදර හැඟීම් වලින් වැඩි වශයෙන්ම සංවේදී හැඟීම්බර වේදනාත්මක ආදරය කුමක්දැයි කෙනෙකු ඇසුවොත් මාහට ඇත්තේ එකම එක උත්තරයකි. දෙමව්පියන්ට ඇති ආදරය, ගර්ල් ෆ්රෙන්ට ඇති ආදරය, බිරිඳට ඇති ආදරය, ගුරුවරුන්ට ඇති ආදරය, සහෝදර ප්‍රේමය, යහලුවන් අතර ආදරය තනිකරම බොරුවකි. ඇත්තටම මව් සෙනෙහසටවත් හැරෙන්නටවත් නොහැකි තරම් තැනකට දරු සෙනෙහස සංවේදීය. ඒ ආදරයන් කොයිතරම් බොරුවක්දැයි දරුවෙක් ලැබුනු දවසක තේරුම්යනු ඇත.

දරුවාව නිදි කිරීම අපා දුකකි. කකුලෙ තියාගෙන නලවා, වඩාගෙන ඇවිදමින්, උඩ දමමින්, කරකවමින්, දහසක් නරි නාටක කරමින් නිදිකරවන්නට හැදුවත් උටනං නිදියන්නට වුවමනාවක් ඇත්තේම නැත. වෙලාව ගැනවත්, හෙට ඇති වැඩ ගැනවත් උට සතපහක ගාණක් නැත.

කතා කියවමින්, ඒවා රඟපාමින්, සිංදු කියමින්, නටමින් පැයකට අදික වේලාවක් නිදි කරමින් සිටි මගේ දරුවා හදිසියේම නිකරුනේ කෑ ගැසීමට පටන් ගත්තාය. ඒක ඈගේ ට්‍රික් එකක් බව මං දැනගතිමි. නින්දයාම වැලැක්වීමට මොකක්හෝ ගිණි විජ්ජුම්බරයක් කිරීම සාමාන්‍ය ගතියය. මට මල පැන්නේය. එහා ඇඳේ සිටින කුඩා දරුවා ඇහැරුනොත් මුලු රෑම ඇහැරන් සිටීමට සිදුවන බව වැටහුනු මා කෑගසන දරුවාට තදින් කියා සිටියේ කෑ ගැහුවොත් දොර ඇරල එලියට දාන බවයි.

මල්ලිව ඇහැරුවොත් එළිවෙනකල් එලියෙ ඉන්න වෙයි, කටවහගෙන නිදියනවා යැයි මා කීවේ කේන්තියෙනි. දියණිය හැඬීම නැවතීය. බලෙන්ම මෙන් නවතාගත් නිසාමදෝ තදින් හුස්ම ඉහළ පහල ගැනීමට පටන් ගත් ඈ කට ඇරගෙන එකදිගට වේගයෙන් හුස්ම ගැනීමටද ගත්තාය. ඇඬීමනං නතර වුවත් ඇය දැඩි ලෙස බිය වූ බව මට තේරුනි. මා ඇයව බදාගෙන හරි හරි එලියට දාන්නෑ දැං බය වෙන්නෙපා යැයි කීවද ඇය තාමත් පෙරසේම හුස්ම ගනිමින් ඉකිගසමින් කීවේ අනේ තාත්තෙ මාව වෙව්ලනවා යන්න පමණකි.

මට හීනාඩිය දැම්මේය. කරකියාගතහැකි දෙයක් නැතිව ගිය මා ඇයව තදින් බදාගෙන මුකුත් කරන්නෑ ඔයා කෑගහල අඬන්න මං මුකුත් කරන්නෑ කීවේ මගෙ පපුව හිරවෙන්න වගේ දැනුනු වේදනාව නැතිකරගැනීමටය. මේ දවස ගැන මට තවත් කීමට අපහසුය. එළිවෙනකල් නින්දක් නැතිව වරින් වර ඇයගේ පපුවට අතතබා හුස්ම ගන්නවාදැයි බලමින් රැය පහන් විය. එවැනි හැඟීමක් මා මේ ලොවේ තවත් අත්විඳ නැත. බූට් පිට බූට් කෑවත්, දෙමව්පියන් අත් උඩ අවසන් හුස්ම ගියත්, සහෝදරයන්ට කුමක් වුවත් මේ හැඟීමට කිට්ටු වීමටවත් බැරි බව එදා තේරුම්ගතිමි. එදා මං අසරණ වූ තරම කොතරම්ද යත් මා තවම ඇයට බනින්නට බය වෙමි.

හොඳම කාරණය. "ආ ඒක එයා ඔයාව බයකරන්න කරපු වැඩක්.. එයා ඔයාව රවට්ටල" යැයි බිරිඳ කී විට මට දශමයකවත් තරහක් ආවේ නැත. තවමත් රෑ කීය වෙනකල් වුවත් ඇයව නලවා ඇය නිදාගන්නා වෙලාවක නිදියෑමට හැර මා කිසිත් නොකියයි. ඒ හැඟීම කොතරම් වේදනාකාරීද යැයි තවමත් හිතාගැනීමටවත් නොහැක. උඹ කොතරම් සත්ව අවිහිංසාවාදියෙකු වුවත් තමන්ගේ දරුවාගෙ මුහුණේ මදුරුවකු වසා සිටිනු දුටු දාක ඒ අවිහිංසාවාදයට තිත තබනු ඇත.

ඇත්තටම මේකනං පට්ට දුකක්. දරුවන්නම් හදන්න එපා මචං. ඒක කරුමයක්..

[QUOTE="lankaq, post: 28475315, member: 462992"] [B]ළමයිනං හදන්නෙපා බං.. ඒක කරුමයක්.. අපට ඇත්තේ සීමිත කාලයකි. එය තුල මැරි මැරී ජීවත් වීම අපරාදයකි. කෙටි ජීවිත කාලය තුල අපි සිදුකරන මෝඩකම් අතිමහත්ය. ළමයි හැදීම මේ අතරින් අතිශය තීරණාත්මක මරි මෝඩකමකි. ළමයින් නැතුව අවුරුදු ගාණක් රටේ නැති වෙද්දුන් සොයාගෙන ගිය මා ලක්ෂ ගණනින් වියදම් කර කරගත් ගොං වැඩේ ගැන දැන්නම් දහස්වාරයක් පසුතැවෙමි. හේතුව මෙසේය. ලෝකයේ ඇති ආදර හැඟීම් වලින් වැඩි වශයෙන්ම සංවේදී හැඟීම්බර වේදනාත්මක ආදරය කුමක්දැයි කෙනෙකු ඇසුවොත් මාහට ඇත්තේ එකම එක උත්තරයකි. දෙමව්පියන්ට ඇති ආදරය, ගර්ල් ෆ්රෙන්ට ඇති ආදරය, බිරිඳට ඇති ආදරය, ගුරුවරුන්ට ඇති ආදරය, සහෝදර ප්‍රේමය, යහලුවන් අතර ආදරය තනිකරම බොරුවකි. ඇත්තටම මව් සෙනෙහසටවත් හැරෙන්නටවත් නොහැකි තරම් තැනකට දරු සෙනෙහස සංවේදීය. ඒ ආදරයන් කොයිතරම් බොරුවක්දැයි දරුවෙක් ලැබුනු දවසක තේරුම්යනු ඇත. දරුවාව නිදි කිරීම අපා දුකකි. කකුලෙ තියාගෙන නලවා, වඩාගෙන ඇවිදමින්, උඩ දමමින්, කරකවමින්, දහසක් නරි නාටක කරමින් නිදිකරවන්නට හැදුවත් උටනං නිදියන්නට වුවමනාවක් ඇත්තේම නැත. වෙලාව ගැනවත්, හෙට ඇති වැඩ ගැනවත් උට සතපහක ගාණක් නැත. කතා කියවමින්, ඒවා රඟපාමින්, සිංදු කියමින්, නටමින් පැයකට අදික වේලාවක් නිදි කරමින් සිටි මගේ දරුවා හදිසියේම නිකරුනේ කෑ ගැසීමට පටන් ගත්තාය. ඒක ඈගේ ට්‍රික් එකක් බව මං දැනගතිමි. නින්දයාම වැලැක්වීමට මොකක්හෝ ගිණි විජ්ජුම්බරයක් කිරීම සාමාන්‍ය ගතියය. මට මල පැන්නේය. එහා ඇඳේ සිටින කුඩා දරුවා ඇහැරුනොත් මුලු රෑම ඇහැරන් සිටීමට සිදුවන බව වැටහුනු මා කෑගසන දරුවාට තදින් කියා සිටියේ කෑ ගැහුවොත් දොර ඇරල එලියට දාන බවයි. මල්ලිව ඇහැරුවොත් එළිවෙනකල් එලියෙ ඉන්න වෙයි, කටවහගෙන නිදියනවා යැයි මා කීවේ කේන්තියෙනි. දියණිය හැඬීම නැවතීය. බලෙන්ම මෙන් නවතාගත් නිසාමදෝ තදින් හුස්ම ඉහළ පහල ගැනීමට පටන් ගත් ඈ කට ඇරගෙන එකදිගට වේගයෙන් හුස්ම ගැනීමටද ගත්තාය. ඇඬීමනං නතර වුවත් ඇය දැඩි ලෙස බිය වූ බව මට තේරුනි. මා ඇයව බදාගෙන හරි හරි එලියට දාන්නෑ දැං බය වෙන්නෙපා යැයි කීවද ඇය තාමත් පෙරසේම හුස්ම ගනිමින් ඉකිගසමින් කීවේ අනේ තාත්තෙ මාව වෙව්ලනවා යන්න පමණකි. මට හීනාඩිය දැම්මේය. කරකියාගතහැකි දෙයක් නැතිව ගිය මා ඇයව තදින් බදාගෙන මුකුත් කරන්නෑ ඔයා කෑගහල අඬන්න මං මුකුත් කරන්නෑ කීවේ මගෙ පපුව හිරවෙන්න වගේ දැනුනු වේදනාව නැතිකරගැනීමටය. මේ දවස ගැන මට තවත් කීමට අපහසුය. එළිවෙනකල් නින්දක් නැතිව වරින් වර ඇයගේ පපුවට අතතබා හුස්ම ගන්නවාදැයි බලමින් රැය පහන් විය. එවැනි හැඟීමක් මා මේ ලොවේ තවත් අත්විඳ නැත. බූට් පිට බූට් කෑවත්, දෙමව්පියන් අත් උඩ අවසන් හුස්ම ගියත්, සහෝදරයන්ට කුමක් වුවත් මේ හැඟීමට කිට්ටු වීමටවත් බැරි බව එදා තේරුම්ගතිමි. එදා මං අසරණ වූ තරම කොතරම්ද යත් මා තවම ඇයට බනින්නට බය වෙමි. හොඳම කාරණය. "ආ ඒක එයා ඔයාව බයකරන්න කරපු වැඩක්.. එයා ඔයාව රවට්ටල" යැයි බිරිඳ කී විට මට දශමයකවත් තරහක් ආවේ නැත. තවමත් රෑ කීය වෙනකල් වුවත් ඇයව නලවා ඇය නිදාගන්නා වෙලාවක නිදියෑමට හැර මා කිසිත් නොකියයි. ඒ හැඟීම කොතරම් වේදනාකාරීද යැයි තවමත් හිතාගැනීමටවත් නොහැක. උඹ කොතරම් සත්ව අවිහිංසාවාදියෙකු වුවත් තමන්ගේ දරුවාගෙ මුහුණේ මදුරුවකු වසා සිටිනු දුටු දාක ඒ අවිහිංසාවාදයට තිත තබනු ඇත. ඇත්තටම මේකනං පට්ට දුකක්. දරුවන්නම් හදන්න එපා මචං. ඒක කරුමයක්..[/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom