ළමයිනං හදන්නෙපා බං.. ඒක කරුමයක්..

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    ළමයිනං හදන්නෙපා බං.. ඒක කරුමයක්..

    අපට ඇත්තේ සීමිත කාලයකි. එය තුල මැරි මැරී ජීවත් වීම අපරාදයකි. කෙටි ජීවිත කාලය තුල අපි සිදුකරන මෝඩකම් අතිමහත්ය. ළමයි හැදීම මේ අතරින් අතිශය තීරණාත්මක මරි මෝඩකමකි. ළමයින් නැතුව අවුරුදු ගාණක් රටේ නැති වෙද්දුන් සොයාගෙන ගිය මා ලක්ෂ ගණනින් වියදම් කර කරගත් ගොං වැඩේ ගැන දැන්නම් දහස්වාරයක් පසුතැවෙමි. හේතුව මෙසේය.

    ලෝකයේ ඇති ආදර හැඟීම් වලින් වැඩි වශයෙන්ම සංවේදී හැඟීම්බර වේදනාත්මක ආදරය කුමක්දැයි කෙනෙකු ඇසුවොත් මාහට ඇත්තේ එකම එක උත්තරයකි. දෙමව්පියන්ට ඇති ආදරය, ගර්ල් ෆ්‍රෙන්ට ඇති ආදරය, බිරිඳට ඇති ආදරය, ගුරුවරුන්ට ඇති ආදරය, සහෝදර ප්‍රේමය, යහලුවන් අතර ආදරය තනිකරම බොරුවකි. ඇත්තටම මව් සෙනෙහසටවත් හැරෙන්නටවත් නොහැකි තරම් තැනකට දරු සෙනෙහස සංවේදීය. ඒ ආදරයන් කොයිතරම් බොරුවක්දැයි දරුවෙක් ලැබුනු දවසක තේරුම්යනු ඇත.

    දරුවාව නිදි කිරීම අපා දුකකි. කකුලෙ තියාගෙන නලවා, වඩාගෙන ඇවිදමින්, උඩ දමමින්, කරකවමින්, දහසක් නරි නාටක කරමින් නිදිකරවන්නට හැදුවත් උටනං නිදියන්නට වුවමනාවක් ඇත්තේම නැත. වෙලාව ගැනවත්, හෙට ඇති වැඩ ගැනවත් උට සතපහක ගාණක් නැත.

    කතා කියවමින්, ඒවා රඟපාමින්, සිංදු කියමින්, නටමින් පැයකට අදික වේලාවක් නිදි කරමින් සිටි මගේ දරුවා හදිසියේම නිකරුනේ කෑ ගැසීමට පටන් ගත්තාය. ඒක ඈගේ ට්‍රික් එකක් බව මං දැනගතිමි. නින්දයාම වැලැක්වීමට මොකක්හෝ ගිණි විජ්ජුම්බරයක් කිරීම සාමාන්‍ය ගතියය. මට මල පැන්නේය. එහා ඇඳේ සිටින කුඩා දරුවා ඇහැරුනොත් මුලු රෑම ඇහැරන් සිටීමට සිදුවන බව වැටහුනු මා කෑගසන දරුවාට තදින් කියා සිටියේ කෑ ගැහුවොත් දොර ඇරල එලියට දාන බවයි.

    මල්ලිව ඇහැරුවොත් එළිවෙනකල් එලියෙ ඉන්න වෙයි, කටවහගෙන නිදියනවා යැයි මා කීවේ කේන්තියෙනි. දියණිය හැඬීම නැවතීය. බලෙන්ම මෙන් නවතාගත් නිසාමදෝ තදින් හුස්ම ඉහළ පහල ගැනීමට පටන් ගත් ඈ කට ඇරගෙන එකදිගට වේගයෙන් හුස්ම ගැනීමටද ගත්තාය. ඇඬීමනං නතර වුවත් ඇය දැඩි ලෙස බිය වූ බව මට තේරුනි. මා ඇයව බදාගෙන හරි හරි එලියට දාන්නෑ දැං බය වෙන්නෙපා යැයි කීවද ඇය තාමත් පෙරසේම හුස්ම ගනිමින් ඉකිගසමින් කීවේ අනේ තාත්තෙ මාව වෙව්ලනවා යන්න පමණකි.

    මට හීනාඩිය දැම්මේය. කරකියාගතහැකි දෙයක් නැතිව ගිය මා ඇයව තදින් බදාගෙන මුකුත් කරන්නෑ ඔයා කෑගහල අඬන්න මං මුකුත් කරන්නෑ කීවේ මගෙ පපුව හිරවෙන්න වගේ දැනුනු වේදනාව නැතිකරගැනීමටය. මේ දවස ගැන මට තවත් කීමට අපහසුය. එළිවෙනකල් නින්දක් නැතිව වරින් වර ඇයගේ පපුවට අතතබා හුස්ම ගන්නවාදැයි බලමින් රැය පහන් විය. එවැනි හැඟීමක් මා මේ ලොවේ තවත් අත්විඳ නැත. බූට් පිට බූට් කෑවත්, දෙමව්පියන් අත් උඩ අවසන් හුස්ම ගියත්, සහෝදරයන්ට කුමක් වුවත් මේ හැඟීමට කිට්ටු වීමටවත් බැරි බව එදා තේරුම්ගතිමි. එදා මං අසරණ වූ තරම කොතරම්ද යත් මා තවම ඇයට බනින්නට බය වෙමි.

    හොඳම කාරණය. "ආ ඒක එයා ඔයාව බයකරන්න කරපු වැඩක්.. එයා ඔයාව රවට්ටල" යැයි බිරිඳ කී විට මට දශමයකවත් තරහක් ආවේ නැත. තවමත් රෑ කීය වෙනකල් වුවත් ඇයව නලවා ඇය නිදාගන්නා වෙලාවක නිදියෑමට හැර මා කිසිත් නොකියයි. ඒ හැඟීම කොතරම් වේදනාකාරීද යැයි තවමත් හිතාගැනීමටවත් නොහැක. උඹ කොතරම් සත්ව අවිහිංසාවාදියෙකු වුවත් තමන්ගේ දරුවාගෙ මුහුණේ මදුරුවකු වසා සිටිනු දුටු දාක ඒ අවිහිංසාවාදයට තිත තබනු ඇත.

    ඇත්තටම මේකනං පට්ට දුකක්. දරුවන්නම් හදන්න එපා මචං. ඒක කරුමයක්..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පොඩි උන් ලොකු වෙන හැටි බලන එකත් එක සැටිස්ෆැක්ශන් එකක් තමයි
    අනික පොඩි උන්ගෙ ඔය වයස තමයි ටිකක් අපිටත් ආස හිතෙන වයස තව ටිකක් ලොකු උනාම අපාරාදෙ කියලා හිතේවි ඒ කාලෙ ලමයි එක්ක හිටියෙ නැහැ කියලා
    පොඩිම කාලෙ නං පොඩ්ඩක් කරදරයි ඊට පස්සෙ ඔය තරං කරදරයක් නැහැ, පොඩි උන්ට වේලාසන කවලා පොවලා රෑට ලයිට් ඕෆ් කරාම උන් නිදා ගන්නවා. ලොකු වෙනකල්ම කකුලෙ දාල හොල්ලන්න පුරුදු උනොත් ඉතින් උනුත් ඒවටම පුරුදු වෙනවා
    අපේ ලොකු එකාට අවුරුදු හතරයි දැන් අපි ටික ටික වෙනම රූම් එකක තනියම ඉන්න පුරුදු කරනවා, මිනිහත් දැන් කැමතියි එයාටම තනියම රූම් එකක් තියනවා කියන එකට
    ගොඩක් වෙලාවට ලමයි හදන්න අමාරුයි කියන අයගෙ තියෙන්නෙ අම්මලා තාත්තලාම ලමයට මොනා හරි වැරදි දෙයක් පුරුදු කරපු එකක්
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ලමයි හදපන් තමන් සහ තමන්ගෙ පවුල යම් තැනකට ඇවිත්. සල්ලි, වත්කම්, ආදායම්, යාන වාහන වගේ දේවල් වලින්. තමන්ටත් ජීවත් වෙන්න ආසා දෙයක් ගන්න අතේ සතේ නැතුව ළමයිනුත් හදනවා කියන්නෙ තනිකර අපායක් වෙනවා. දුකෙනුත් දුකට වැටෙනවා. විශේෂයෙන්ම ලංකාවේ.
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    'එහා ඇඳේ සිටින කුඩා දරුවා ඇහැරුනොත් මුලු රෑම ඇහැරන් සිටීමට සිදුවන බව වැටහුනු මා කෑගසන දරුවාට තදින් කියා සිටියේ කෑ ගැහුවොත් දොර ඇරල එලියට දාන බවයි."
    Lost me there, bad parenting.
     
    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    salli tiyenawanam kala bila trip ekak gihilla sape inna eka tamai hodama de..

    Duka dimata ganu saha lamai nadattu kiriam mari moda thakathiru kriyawaki.

    (Lamayekta dukak wedanawak asarakamak wena eka ammek thattekta balan inna bari deyak....)
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ළමයිනං හදන්නෙපා බං.. ඒක කරුමයක්..

    අපට ඇත්තේ සීමිත කාලයකි. එය තුල මැරි මැරී ජීවත් වීම අපරාදයකි. කෙටි ජීවිත කාලය තුල අපි සිදුකරන මෝඩකම් අතිමහත්ය. ළමයි හැදීම මේ අතරින් අතිශය තීරණාත්මක මරි මෝඩකමකි. ළමයින් නැතුව අවුරුදු ගාණක් රටේ නැති වෙද්දුන් සොයාගෙන ගිය මා ලක්ෂ ගණනින් වියදම් කර කරගත් ගොං වැඩේ ගැන දැන්නම් දහස්වාරයක් පසුතැවෙමි. හේතුව මෙසේය.

    ලෝකයේ ඇති ආදර හැඟීම් වලින් වැඩි වශයෙන්ම සංවේදී හැඟීම්බර වේදනාත්මක ආදරය කුමක්දැයි කෙනෙකු ඇසුවොත් මාහට ඇත්තේ එකම එක උත්තරයකි. දෙමව්පියන්ට ඇති ආදරය, ගර්ල් ෆ්‍රෙන්ට ඇති ආදරය, බිරිඳට ඇති ආදරය, ගුරුවරුන්ට ඇති ආදරය, සහෝදර ප්‍රේමය, යහලුවන් අතර ආදරය තනිකරම බොරුවකි. ඇත්තටම මව් සෙනෙහසටවත් හැරෙන්නටවත් නොහැකි තරම් තැනකට දරු සෙනෙහස සංවේදීය. ඒ ආදරයන් කොයිතරම් බොරුවක්දැයි දරුවෙක් ලැබුනු දවසක තේරුම්යනු ඇත.

    දරුවාව නිදි කිරීම අපා දුකකි. කකුලෙ තියාගෙන නලවා, වඩාගෙන ඇවිදමින්, උඩ දමමින්, කරකවමින්, දහසක් නරි නාටක කරමින් නිදිකරවන්නට හැදුවත් උටනං නිදියන්නට වුවමනාවක් ඇත්තේම නැත. වෙලාව ගැනවත්, හෙට ඇති වැඩ ගැනවත් උට සතපහක ගාණක් නැත.

    කතා කියවමින්, ඒවා රඟපාමින්, සිංදු කියමින්, නටමින් පැයකට අදික වේලාවක් නිදි කරමින් සිටි මගේ දරුවා හදිසියේම නිකරුනේ කෑ ගැසීමට පටන් ගත්තාය. ඒක ඈගේ ට්‍රික් එකක් බව මං දැනගතිමි. නින්දයාම වැලැක්වීමට මොකක්හෝ ගිණි විජ්ජුම්බරයක් කිරීම සාමාන්‍ය ගතියය. මට මල පැන්නේය. එහා ඇඳේ සිටින කුඩා දරුවා ඇහැරුනොත් මුලු රෑම ඇහැරන් සිටීමට සිදුවන බව වැටහුනු මා කෑගසන දරුවාට තදින් කියා සිටියේ කෑ ගැහුවොත් දොර ඇරල එලියට දාන බවයි.

    මල්ලිව ඇහැරුවොත් එළිවෙනකල් එලියෙ ඉන්න වෙයි, කටවහගෙන නිදියනවා යැයි මා කීවේ කේන්තියෙනි. දියණිය හැඬීම නැවතීය. බලෙන්ම මෙන් නවතාගත් නිසාමදෝ තදින් හුස්ම ඉහළ පහල ගැනීමට පටන් ගත් ඈ කට ඇරගෙන එකදිගට වේගයෙන් හුස්ම ගැනීමටද ගත්තාය. ඇඬීමනං නතර වුවත් ඇය දැඩි ලෙස බිය වූ බව මට තේරුනි. මා ඇයව බදාගෙන හරි හරි එලියට දාන්නෑ දැං බය වෙන්නෙපා යැයි කීවද ඇය තාමත් පෙරසේම හුස්ම ගනිමින් ඉකිගසමින් කීවේ අනේ තාත්තෙ මාව වෙව්ලනවා යන්න පමණකි.

    මට හීනාඩිය දැම්මේය. කරකියාගතහැකි දෙයක් නැතිව ගිය මා ඇයව තදින් බදාගෙන මුකුත් කරන්නෑ ඔයා කෑගහල අඬන්න මං මුකුත් කරන්නෑ කීවේ මගෙ පපුව හිරවෙන්න වගේ දැනුනු වේදනාව නැතිකරගැනීමටය. මේ දවස ගැන මට තවත් කීමට අපහසුය. එළිවෙනකල් නින්දක් නැතිව වරින් වර ඇයගේ පපුවට අතතබා හුස්ම ගන්නවාදැයි බලමින් රැය පහන් විය. එවැනි හැඟීමක් මා මේ ලොවේ තවත් අත්විඳ නැත. බූට් පිට බූට් කෑවත්, දෙමව්පියන් අත් උඩ අවසන් හුස්ම ගියත්, සහෝදරයන්ට කුමක් වුවත් මේ හැඟීමට කිට්ටු වීමටවත් බැරි බව එදා තේරුම්ගතිමි. එදා මං අසරණ වූ තරම කොතරම්ද යත් මා තවම ඇයට බනින්නට බය වෙමි.

    හොඳම කාරණය. "ආ ඒක එයා ඔයාව බයකරන්න කරපු වැඩක්.. එයා ඔයාව රවට්ටල" යැයි බිරිඳ කී විට මට දශමයකවත් තරහක් ආවේ නැත. තවමත් රෑ කීය වෙනකල් වුවත් ඇයව නලවා ඇය නිදාගන්නා වෙලාවක නිදියෑමට හැර මා කිසිත් නොකියයි. ඒ හැඟීම කොතරම් වේදනාකාරීද යැයි තවමත් හිතාගැනීමටවත් නොහැක. උඹ කොතරම් සත්ව අවිහිංසාවාදියෙකු වුවත් තමන්ගේ දරුවාගෙ මුහුණේ මදුරුවකු වසා සිටිනු දුටු දාක ඒ අවිහිංසාවාදයට තිත තබනු ඇත.

    ඇත්තටම මේකනං පට්ට දුකක්. දරුවන්නම් හදන්න එපා මචං. ඒක කරුමයක්..
    හම්බ පොස්ට්. අහුවෙන්න එපා ✋
     
    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    මගේ ජීවිතයේ ආදරය ලබා ඇත්තේ අල්ප වශයෙන්ය. නමුත් දැන් මට ආදරය උතුරන්නට ලැබේ. ඒ් මගේ දුව නිසාය. ඇය හැර වෙනත් දෙයක් මට මෙලොව නැත. තාත්තී ... එසේ අමතන සෑම විටකම මා හුස්ම ගන්නා බව දැනේ. මම ජීවත්වන්නේ ඇය නිසාවෙනි. ඇය නැතිනම් මා මෙලොවින් ගොස් ගොඩක් කල්ය.. දරුවන් කරුමයක් නොවේ. සාංසාරික උරුමයකි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සල්‍ලි තියෙන උන් කොච්චර ළමයි හැදුවත් කමක් නෑ.නැත්නම් ඒ දේපල මොකාටද දෙන්නේ...ඒත් ඵදා වේලවත් කන්න නැති,හරියට ගෙයක් නැති,කුලියට ඉන්න අය නම් ළමයි හදන ඵක තේරුමක් නැති වැඩක්.ඒ ළමයිනුත් දුක් විඳිනවා..ඒක අැත්තටම ලොකු පවක්..වෙන අාගම් වල අයට නම් පල්ලි වලින්, charity වලින් උදව් කරනවා..අපේ පන්සල් වලින් ඵහෙම උදව්වක් කරන්නේ කලාතුරකින් නේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,923
    28,843
    113
    සල්‍ලි තියෙන උන් කොච්චර ළමයි හැදුවත් කමක් නෑ.නැත්නම් ඒ දේපල මොකාටද දෙන්නේ.ඒත් ඵදා වේලවත් කන්න නැති,හරියට ගෙයක් නැති,කුලියට ඉන්න අය නම් ළමයි හදන ඵක තේරුමක් නැති වැඩක්.
    Keri katha kiyanna epa oi..
    Kuliyata minussu kochchara innewada 😂
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    ළමයිනං හදන්නෙපා බං.. ඒක කරුමයක්..

    අපට ඇත්තේ සීමිත කාලයකි. එය තුල මැරි මැරී ජීවත් වීම අපරාදයකි. කෙටි ජීවිත කාලය තුල අපි සිදුකරන මෝඩකම් අතිමහත්ය. ළමයි හැදීම මේ අතරින් අතිශය තීරණාත්මක මරි මෝඩකමකි. ළමයින් නැතුව අවුරුදු ගාණක් රටේ නැති වෙද්දුන් සොයාගෙන ගිය මා ලක්ෂ ගණනින් වියදම් කර කරගත් ගොං වැඩේ ගැන දැන්නම් දහස්වාරයක් පසුතැවෙමි. හේතුව මෙසේය.

    ලෝකයේ ඇති ආදර හැඟීම් වලින් වැඩි වශයෙන්ම සංවේදී හැඟීම්බර වේදනාත්මක ආදරය කුමක්දැයි කෙනෙකු ඇසුවොත් මාහට ඇත්තේ එකම එක උත්තරයකි. දෙමව්පියන්ට ඇති ආදරය, ගර්ල් ෆ්‍රෙන්ට ඇති ආදරය, බිරිඳට ඇති ආදරය, ගුරුවරුන්ට ඇති ආදරය, සහෝදර ප්‍රේමය, යහලුවන් අතර ආදරය තනිකරම බොරුවකි. ඇත්තටම මව් සෙනෙහසටවත් හැරෙන්නටවත් නොහැකි තරම් තැනකට දරු සෙනෙහස සංවේදීය. ඒ ආදරයන් කොයිතරම් බොරුවක්දැයි දරුවෙක් ලැබුනු දවසක තේරුම්යනු ඇත.

    දරුවාව නිදි කිරීම අපා දුකකි. කකුලෙ තියාගෙන නලවා, වඩාගෙන ඇවිදමින්, උඩ දමමින්, කරකවමින්, දහසක් නරි නාටක කරමින් නිදිකරවන්නට හැදුවත් උටනං නිදියන්නට වුවමනාවක් ඇත්තේම නැත. වෙලාව ගැනවත්, හෙට ඇති වැඩ ගැනවත් උට සතපහක ගාණක් නැත.

    කතා කියවමින්, ඒවා රඟපාමින්, සිංදු කියමින්, නටමින් පැයකට අදික වේලාවක් නිදි කරමින් සිටි මගේ දරුවා හදිසියේම නිකරුනේ කෑ ගැසීමට පටන් ගත්තාය. ඒක ඈගේ ට්‍රික් එකක් බව මං දැනගතිමි. නින්දයාම වැලැක්වීමට මොකක්හෝ ගිණි විජ්ජුම්බරයක් කිරීම සාමාන්‍ය ගතියය. මට මල පැන්නේය. එහා ඇඳේ සිටින කුඩා දරුවා ඇහැරුනොත් මුලු රෑම ඇහැරන් සිටීමට සිදුවන බව වැටහුනු මා කෑගසන දරුවාට තදින් කියා සිටියේ කෑ ගැහුවොත් දොර ඇරල එලියට දාන බවයි.

    මල්ලිව ඇහැරුවොත් එළිවෙනකල් එලියෙ ඉන්න වෙයි, කටවහගෙන නිදියනවා යැයි මා කීවේ කේන්තියෙනි. දියණිය හැඬීම නැවතීය. බලෙන්ම මෙන් නවතාගත් නිසාමදෝ තදින් හුස්ම ඉහළ පහල ගැනීමට පටන් ගත් ඈ කට ඇරගෙන එකදිගට වේගයෙන් හුස්ම ගැනීමටද ගත්තාය. ඇඬීමනං නතර වුවත් ඇය දැඩි ලෙස බිය වූ බව මට තේරුනි. මා ඇයව බදාගෙන හරි හරි එලියට දාන්නෑ දැං බය වෙන්නෙපා යැයි කීවද ඇය තාමත් පෙරසේම හුස්ම ගනිමින් ඉකිගසමින් කීවේ අනේ තාත්තෙ මාව වෙව්ලනවා යන්න පමණකි.

    මට හීනාඩිය දැම්මේය. කරකියාගතහැකි දෙයක් නැතිව ගිය මා ඇයව තදින් බදාගෙන මුකුත් කරන්නෑ ඔයා කෑගහල අඬන්න මං මුකුත් කරන්නෑ කීවේ මගෙ පපුව හිරවෙන්න වගේ දැනුනු වේදනාව නැතිකරගැනීමටය. මේ දවස ගැන මට තවත් කීමට අපහසුය. එළිවෙනකල් නින්දක් නැතිව වරින් වර ඇයගේ පපුවට අතතබා හුස්ම ගන්නවාදැයි බලමින් රැය පහන් විය. එවැනි හැඟීමක් මා මේ ලොවේ තවත් අත්විඳ නැත. බූට් පිට බූට් කෑවත්, දෙමව්පියන් අත් උඩ අවසන් හුස්ම ගියත්, සහෝදරයන්ට කුමක් වුවත් මේ හැඟීමට කිට්ටු වීමටවත් බැරි බව එදා තේරුම්ගතිමි. එදා මං අසරණ වූ තරම කොතරම්ද යත් මා තවම ඇයට බනින්නට බය වෙමි.

    හොඳම කාරණය. "ආ ඒක එයා ඔයාව බයකරන්න කරපු වැඩක්.. එයා ඔයාව රවට්ටල" යැයි බිරිඳ කී විට මට දශමයකවත් තරහක් ආවේ නැත. තවමත් රෑ කීය වෙනකල් වුවත් ඇයව නලවා ඇය නිදාගන්නා වෙලාවක නිදියෑමට හැර මා කිසිත් නොකියයි. ඒ හැඟීම කොතරම් වේදනාකාරීද යැයි තවමත් හිතාගැනීමටවත් නොහැක. උඹ කොතරම් සත්ව අවිහිංසාවාදියෙකු වුවත් තමන්ගේ දරුවාගෙ මුහුණේ මදුරුවකු වසා සිටිනු දුටු දාක ඒ අවිහිංසාවාදයට තිත තබනු ඇත.

    ඇත්තටම මේකනං පට්ට දුකක්. දරුවන්නම් හදන්න එපා මචං. ඒක කරුමයක්..
    අපරාදේ උබගේ අම්මාත් ඔය විදිහට හිතුවනන් ගොන් ආතල් දෙන්න උබ වගේ එකෙක් නෑනේ